(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 57 දෙනෙකු අත්සන් කළ ලිපියක් පෙර කතානායකවරයාට භාර දී තිබේ.
එම ලිපියේ පිටපතක් කතානායකවරයා විසින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයාගේ අවධානය සදහා යොමු කර තිබෙන බව කතානායක කාර්යාලය පවසයි.
එම මන්ත‍්‍රීවරු 57 දෙනාගේ ඉල්ලීම පිළිබඳවද අවධානය යොමුකර විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නිල වශයෙන් තමා වෙත දැනුම් දෙන ලෙසද කතානායකවරයා එම පක්‍ෂ මහලේකම්වරයාට දැනුම් දී ඇති බව කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මේ වන විට විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව ඇති බැවින් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණ ගනු ලබන තීරණය තමා වෙත නිල වශයෙන් දැනුම් දුන් පසුව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී විපක්‍ෂනායකවරයා කවුරුන්ද යන්න නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන බව ද කතානායකවරයා දැනුම් දී තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා නායකත්වයට සුදුසු නැත. අත්දැකීම් අඩු කෙනෙක්... මෙතුමා තමන්ගේ ආසනයත් පරදියි.
තවත් ඉහළම ප්‍රතිචාර ලැබෙන නිව්ස් එකක්. මගේ අදහසේ හැටියට රනිල් සහ සජිත් දෙදෙනාම මෙම තනතුරට සුදුසු නැත. වැල යන පැත්තට මැස්ස ගහන්න යන්නේ නැතුව රටට වැඩදායි සුදුසු පුද්ගලයෙක් තේරුවොත් හොඳයි.
රනිල් මහත්තයා ඇතුලු කිහිප දෙනෙක් එක්සත් ජාතික පාක්ෂිකයාගේ අදහස් ගරු කරන්නේ නෑ. තවතව පක්ෂය අගාධයට යවනවා. බහුතරයට හිසනමලා සජිත් මහත්තයාව පත් කරන්න. නැත්නම් පක්ෂය ඉවරයි. අන්තිමට ජනාධිපතිවරණයේදි වගේ කොන්දේසි දාලා මැතිවරණය කිට්ටු කරලා දිලා වැඩක් නෑ.
පාක්ෂිකයින්ට ලැජ්ජාකරන්න එපා.. එක්සත් ජාතික පෙරමුණේ සියලුම පාර්ලිමේන්තු මන්තිවරු රැස්වී තීරණයක් ගන්න. ක්‍රම සහ විධි තිබියදී බබ්බු වගේ හැසිරෙන්නේ ඇයි? සජිත් පක්ෂයේ උප නායකකමෙනුත් අස්වුණා කීවා නේද?
මෙය විය යුත්තක්... ඒ වගේම සජිත් එජාප නායකයා විය යුතුයි. ඇත්ත කතාකරමු. රනිල් කියන්නේ පලපුරුදු තීක්ෂණ බුද්ධියක් ඇති කෙනෙක්... ඒත් නායකයෙක් ලෙස ඉතා දුර්වලයි. විපක්ෂයට කතාකරන්න දේවල් මවලා දෙන්නේ එතුමා සහ ගෝලයෝ. ජනතාව අතර රනිල් ජනප්‍රිය නැහැ. එජාපය ගොඩගත හැක්කේ සජිත්ට විතරමයි. මේ යථාර්ථය තේරුම්ගත යුතුයි. සජිත් නායකයා කළොත් ඊළඟ මහමැතිවරණයේදී ලොකු වෙනසක් කළ හැකියි.
අර ජනාධිපතිවරණයේදී වගේ ආතල් දෙන්න ගත්තොත් කොහොම හිටීද...?
දෙන්නම හරියන්නේ නැහැ.. උගත් කෙනෙකුට පක්ෂය බාරදීලා ගෙදර යන්න.
එදා පොදු විපක්ෂ කට්ටිය බහුතරයක් හිටියට කරු දුන්නේ සම්බන්ධන්ට. අතීතය මතක නැද්ද?
අදාළම නැත... ප්‍රතිපත්තියක් නැති පක්‍ෂයකට රටක ප්‍රතිපත්ති සම්පාදනය කරන්නේ කොහොමද? මොවුන්ට බලය ලබුණුදා සිටම තිබුණේ බලකාමයම පමණයි. අද මොවුන්ගේ කරුමවලට අපට වන්දි ගෙවීමට සිදුවී ඇත. ඇමෙරිකාව විසින් බලහත්කාරයෙන් අපේ ඇගේ ගසන්නට යන එම්.සී.සී ගිවිසුම, ලංකාවේ යුද අපරාධ වූ බවට මංගල විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී පිළිගැනීම, බැඳුම්කර ව්‍යවසනය වැනි මේ රටට දරාගැනීමට නොහැකි අපරාධ කළ ඔය පක්ෂය ඉවත් කළ යුතුමයි.
සජිත්ට වැඩිය රනිල්ට ආත්ම ශක්තිය තියනවා.
පතෝල ගතිපැවැතුම් ඇති උදවියත් නායකත්වයට සුදුසු වූ රටක මෙවැනි පෞරුෂයක් තියෙන අඩුවයසේ කෙනෙක් සුදුසු නැතැයි කියන්නේ කොහොමද? අඩු වයස, හැදියාව, කල්ක්‍රියාව, අරමුණ, මේ ආදි කාරණා රාශියක් සලකලා බලලා දැන් ඉඳන්ම සජිත් වගේ කෙනකු අනාගතය සඳහා සූදානම් කිරීමයි සුදුසු... රනිල් වැනි කෘතහස්ත, ජාත්‍යන්තර පුද්ගලයින්ටත් පක්ෂයේ වැදගත් භූමිකාවක් පවතින විදිහට පක්ෂය තුළ අවශ්‍ය නීතිරීති සකසා ගත යුතුයි...
රනිල් මහතා 2025 මැතිවරණය අවසාන වන තෙක් විපක්ෂ නායකත්වයේ සිට 2030 අවසානයේ විශ්‍රාම ගත යුතුයි. මෙතරම් අත්දැකීම් අැති විපක්ෂ නායකයකු එජාපයේ නැත..
මෙවැනි පොරයක් ඇතිවෙන බව අපි දැන සිටියේ මැතිවරණයටත් කලින්...
එකමුතු වී, නව රජයේ අඩුපාඩු ගැන ජනතාව දැනුවත් කිරීමයි යුතුකම. සජිත් තම සතුරා ලෙස ගන්නේ රනිල්වයි. කවුරු මේ මොහොතේ ඔය පට්ටම ගත්තාට වැඩක් නැහැ... රජය විවේචනය කරන්න කොන්දක් නැත්නම්. දක්ෂ උගතෙකුට තැන දී දෙන්නාම පසු බැසිය යුතුයි.
පක්ෂය විනාශ කරන්න අාපු කෙනෙක් නායකත්වය ගන්න ඉස්සෙල්ලා තමාගේ ආසනය ජයගන්න.
ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වනු ඇති බව අපි විශ්වාස කරමු.
ඇත් පොරයට අපි යවමු. දෙන්නම තකට තකයි. බල තණ්හාවෙන් මත් වුණු දෙන්නෙක්....
මගේ ආච්චි කියනවා මේක මාර "බලු පොරයක්" වගේ කියලා. උන්දැ වැරදි නැහැ කියා සීයා ඒකට අගුල්පත් තබනවා..! සජිත් අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් ජනපති තරගයෙන් විසිවී ගියා. ඔහු ඉන් පසුව කරු, රනිල් සමග තිබුණු රැස්විමටවත් ආවේ නැහැ, පරාජයේ ලැජ්ජාව නිසා වෙන්න ඇති එහෙම වුනේ. ඔහු කෙලින් අදහස් ප්‍රකාශ නොකරන කෙනෙක් බව මැතිවරණ වේදිකාවලත්, ඊට පෙර හිටපු ජනපතිට කත් ඇදපු, කඩේ ගියපු චරිතයක් හැටියටත් එජාප සාමාජිකයන් මෙන්ම සමස්ත රටවැසියනුත් අවිවාදයෙන් පිළිගන්නා කරුණක් බව ඔහුට තවම තේරී නැහැ වගෙයි ! ඔහුම කිවූ පරිදි දැන් දිවියන් ගැන සොයමින්, රට ගැනත්, විපක්ෂ නායකත්වය ගැනත් වසර කිහිපයකට අමතක කර කැලෑ වදින එක හොඳයි කියන එක අපේ මතයයි...
මොකටද අපේ රටට විපක්ෂයක්. නිකම් බොරුවට ජනතාව කුල්මත් කරන්න දෙපැත්තට බෙදිලා බැන ගන්නවා නරඹන්නද? එදා රජවරු මේ රට පාලනය කළ යුගයේ විපක්ෂ තිබුණද? සුද්දන්ගේ ඔය කසිකබල් ප්‍රජාතන්ත්‍ර වාදයෙන් මිදී, එදා පැවැති රාජාණ්ඩු පාලන ක්‍රමය මේ රටේ නැවත ස්ථාපිත කළ යුතුයි. ඒ තුළින් බුදු දහමත් රැකෙනවා. අපිට ඊට වඩා කිසිවක් අවශ්‍ය නැත.
පැරදුණු එකේ දැන්වත් රනිල් මහතා සමග සමගියෙන් ඊළඟට පක්ෂයේ අනාගතය ගැන කටයුතු කිරීම නේද වැදහත්...? ඔබ පැරදුණු බව ඔබ නොදන්නා නමුත් සියල්ලන්ම දනිති. එහෙත් ඔබ එ් අයගේ උසිගැන්වීම මත බලයට පොරකන්න එපා. අපිට ලැජ්ජයි...
බඩේ අමාරුව හොඳයිද?
සජිත් යනු නායකත්ව ලක්‍ෂන හෝ සුදුසුකම් නැති, දුෂ්කර අවස්ථාවක රට මෙහෙයවිය නොහැකි, දක්‍ෂ පුද්ගලයෙකු නොවේ. ඔහු අනුගාමිකයෙකි. ඒ බව ජනාධිපතිවරනයේදී තහවුරු විය. කාගේ වුවමනාවට ඔහු සහ ඔහුගේ අපාය සහාය මිත්‍රයින් පක්‍ෂය තුළ ප්‍රශ්න ඇති කරන්නේද යන්න ප්‍රශ්නයකි. නායකත්වයට ගෙන ආ යුත්තේ චම්පික වැනි පුද්ගලයෙකු මිස ජෝකරයෙක් නොවේ.
සජිත්ට හොඳ එන්ජිමක් තියෙනවලු... එ් වුණාට පිස්ටන් එක හිරවෙලා වැඩ කරන්නේ නැතිලු... ඒක නිසා හොඳට වැඩකරන එන්ජිමක් තියෙන කාවහරි හොයා ගනිමු. එහෙම නැති වුණොත් ඉවරයි තමයි.
පව් අනේ පිටිපස්සේ අාසනෙක ඉඳගන්න ලැජ්ජා ඇතිනේ? අන්තිම කාලේ සම්මන්ත්‍රණයක් තියලා කමිටුවල් දාලා, ඉස්සරහ පෙලේ ඉඳගෙන ඉන්න දෙන්න...
මේ වගේ වෙන බව දන්නා නිසානේ කල් ඇතිව දුර දිග බලලා බටයාව මහලේකම් කමට දාගත්තේ.... ප්‍රජතන්ත්‍රවාදේ පියා කියනවා නේද? බලමු පක්ෂයේ මහලේකම් කමට හරි, පක්ෂ නායකත්වයට හරි, සුදුස්සෙක්ව පත් කරන්න පක්ෂ සාමාජිකයින්ගේ කැමැත්ත විමසයිද කියලා? ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවා නම්, පක්ෂ නායකත්වයට සහ පක්ෂයේ ඉහළ තනතුරුවලට සුදුස්සන් තොරා ගැනීමට පක්ෂයේ සාමාජිකයින්ට අඩු තරමින් වසරක් තුළවත් ප්‍රාථමික මැතිවරණ පැවැත්වූ පක්ෂවලට පමණක් හැකිවන පරිදි සංශෝධන ඇතුළත් කිරීමටත් ජනමතය විමසිය යුතු වනවා. ඒ වගේම යටිකූට්ටු ලෙස විධායක බලය පවරා ගැනීමට නොහැකි වන පරිදි සෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසකටම ජනමතය විමසීම අනිවාර්ය වන සංශෝධනද ඇතුළත් කළයුතු වෙනවා. එසේ නොමැතිව ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් මැතිවරණයෙන් ලැබෙන්නේ නැහැ. එමගින් ජනමතයට නැතිනම් පක්ෂ සාමාජික මතයට පිටුප පක්ෂ නායකත්වයේ එල්ලී සිටින කූඩැල්ලන්ට තවත් එ්කාධිපතියන් ලෙස පක්ෂ තුළ හැසිරීමට නොහැකි වෙනවා. එම ප්‍රාථමික මැතිවරණ ඇමෙරිකාවේ මෙන් මැතිවරණ කොමිසම හරහා රට පුරා පැවැත්විය යුතු වෙනවා.
සබන් වතුර හරි ලුණු වතුර හරි දැම්මොත් නම් කූඩැල්ලෝ හැලෙනවා කියලා මම අහලා තියෙනවා.
සජිත් අසාර්ථකයි. ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රචාරක කටයුතු මෙහෙයවු සියළුම දිස්ත්‍රික්කවලින් එජාපය පැරදුනා! රනිල් මෙහෙයවපු උතුරු නැගෙනහිරින් දිනුවා! රට නංවන තාත්වික ආර්ථික යෝජනා ඉදිරිපත් කිරීමට සජිත් අසමත් වුනා!! ඡන්ද රැස්වීම් වලදී සජිත් විසින් ගැලරියට ආමාන්ත්‍රණය කිරීමෙන් ප්‍රතිපලයක් නැති බව මනාව පෙන්නුම් කලා. අධ්‍යාපන සුදුසුකම් ගත්තහම සජිත්ට, රනිල්ගේ අසලකින්වත් සිටිය නොහැක. රනිල්ගේ දේශපාලන උපායශීලීත්වය ප්‍රගුණ කිරීමට සජිත්ට තව වසර ගණනාවක් යාවි. විපක්ෂ නායක දූධූරයට පත් කල යුත්තේ දක්ෂිණ ආසියානු හා සංවර්ධිත බටහිර රාජ්‍යයන්ගේ හැසීරීම් රටාවන් පිළිබඳ මනාවබෝධයකින් යුතු කෘත හස්ත දේශපාලනඥයෙකුයි. එහෙයින් සජිත්ව මෙම තනතුර සඳහා පත් කලහොත් එය දෙවන ජනාධිපතිවරණ පරාජයක් වේවි!!