(ඩයනා උදයංගනී)
තමන්ගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරය අහෝසි කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් තීරණයට එරෙහිව අනිවාර්යයෙන්ම අධිකරණය හමුවට යන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා අද (3) පැවසීය.
තමන් වසර 44ක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයකු ලෙස මෙන්ම දිගු කලක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් හා ඇමතිවරයෙක් ලෙසත් කටයුතු කරළ බව කී මන්ත‍්‍රීවරයා පක්‍ෂ සාමාජික ගාස්තු ද මේ දක්වා අඛණ්ඩව ගෙවා තිබෙන බව ස`දහන් කළේය.
මන්ත‍්‍රීධූරයෙන් තමා ඉවත්කිරීමට පක්‍ෂය උත්සාහ කරන්නේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට යාම සදහා නම් ඒ වෙනුවෙන් තමාගෙන් ඉල්ලීමක් කරන්නට තිබූ බව ද ෆවුසි මහතා කීවේය.
අසාධාරණ ලෙස පක්‍ෂයෙන් ඉවත් නොකර එවැනි ඉල්ලීමක් කළේ නම් මන්ත‍්‍රීධූරය අත්හැරයාමට තමන් දෙවරක් නොසිතන බව ද මන්ත‍්‍රීවරයා කීවේය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මේ බව පැවසුවේ ඔහු පක්‍ෂයෙන් ඉවත්කිරීමට කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු ලබාදෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් ගෙදර නතර වෙන්න කාලය හරි.
අනේ....අධිකරණයට නොව ගෙදර යාමට කාලය හරි. අර හිටපු ජනාධිපතිතුමා වගේ නැවත දේශපාලනයේ උපදින්න එපා. මතක තබා ගන්න පරණ වෙන්න වෙන්න මේ ලෝකේ තියෙන හොඳ වෙන එකම දේ චීස් විතරක් බව.
ඇදගෙන නාන්නේ නැතුව ආණ්ඩුවට හේත්තු වෙන්න.
පක්ෂෙන් විතරක් නෙවෙයි රටිනුත් එලවන්න ඕන. සහරාන් නමැති ත්‍රස්තවාදියා සමග අත් වැල් බැඳගෙන සිටි රිෂාඩ් බදුර්දින්ට ඇමති දුරයෙන් අස්වෙන්න කිව්වම මොහුත් අස්වෙලා රිෂාඩ්ට සහයෝගය පල කලා. මොහු පහුගිය කාලය පුරාම ඇමතිකම් කරන කාලෙ 99% ම වැඩ කලේ මුස්ලිම් ජනතාවට පමණයි.
යන්න එපා. නඩු කියන්න.
අපට නම් මෛත්‍රී හිටියත් මෙයා හිටියත් දෙන්නම හිටියත් වෙනසක් නෑ. දෙන්නම නැත්නම් ඔන්න වෙනසක් තියෙනවා.
නියමයි ෆවුසි
ඉතින් ගිහිල්ලා බලන්න
පරණ වෙන්න පරණ වෙන්න හොඳ වෙන්නේ චීස් විතරයි ෆවුසි මහත්තයෝ. එනිසා ඔබගේ පරණකම හොඳම සුදුසුකමක් ඔබට දැන් ගෙදර නැවතීමට.
තනි සිංහල ඡන්ද වලින් ජනාධිපති පත්වුන නිසා මින් පස්සේ මුස්ලිම් මන්ත්‍රීවරු අවශ්‍ය වෙන්නේ නෑ .
දැන්වත් ගෙදර යන්න.
ආණ්ඩුවෙන් අහලා තීරණය දෙයි.