නව රජයේ රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දිව්රුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.
රාජ්‍ය ඇමැතිවරු

01.චමල් රාජපක්ෂ - රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති

02.වාසුදේව නානයක්කාර - ජල සම්පාදන පහසුකම් රාජ්‍ය ඇමැති

03.ගාමිණි ලොකුගේ - නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති

04.මහින්ද යාපා අබේවර්ධන - වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය ඇමැති

05.එස් බී දිසානායක - ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය ඇමැති

06.ජෝන් සෙනෙවිරත්න - ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය ඇමැති

07.මහින්ද සමරසිංහ - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති

08.සී.බි.රත්නායක - දුම්රිය සේවා රාජ්‍ය ඇමැති

09.ලක්ෂ්මන් යාපා අබේවර්ධන - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති

10.සුසන්ත පුංචිනිලමේ - කුඩා හා මධ්‍ය පරිපාන ව්‍යවසාය රාජ්‍ය ඇමැති

11.අනුර ප්‍රියදර්ශන යාපා - අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුබසාධන රාජ්‍ය ඇමැති

12.සුසිල් ප්‍රේමජයන්ත - ඡාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය ඇමැති

13.ප්‍රියංකර ජයරත්න - දේශිය වෛද්‍ය සේවා රාජ්‍ය ඇමැති

14.රංජිත් සියඹලාපිටිය - අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති

15.මහින්දානන්ද අලුත්ගමගේ - විදුලිබල රාජ්‍ය ඇමැති

16.දුමින්ද දිසානායක - තරුණ කටයුතු රාජ්‍ය ඇමැති

17.රෝහිත අබේගුණවර්ධන - බලශක්ති රාජ්‍ය ඇමැති

18.දයාසිරි ජයසේකර - කර්මාන්ත රාජ්‍ය ඇමැති

19.ලසන්ත අලගියවන්න - රාජ්‍ය කළමනාකරණ ගිණුම් කටයුතු රාජ්‍ය ඇමැති

20.කෙහෙළිය රඹුක්වැල්ල - ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති

21.අරුන්දික ප්‍රනාන්දු - සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති

22.තිලංග සුමතිපාල - තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය ඇමැති

23.මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති

24.විජිත බේරුගොඩ - කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති

25.රොෂාන් රණසිංහ - මහවැලි සංවර්ධන හා රාජ්‍ය ඇමැති

26.ජානක වක්කුඹුර - අපනයන කෘෂිකර්ම රාජ්‍ය ඇමැති

27.විදුර වික්‍රමනායක - කෘෂිකර්ම රාජ්‍ය ඇමැති

28.ෂෙහාන් සේමසිංහ - සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය ඇමැති

29. කණක හේරත් - වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය ඇමැති

30.දිලුම් අමුණුගම - ප්‍රවාහන හා සේවා කළමනාකරණ රාජ්‍ය ඇමැති

31. ලොහාන් රත්වත්තේ - මහාමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති

32. විමලවීර දිසානායක - වනජීවි සම්පත් රාජ්‍ය ඇමැති

33.ජයන්ත සමරවීර - පරිසර රාජ්‍ය ඇමැති

34.සනත් නිශාන්ත පෙරේරා - ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති

35.තාරක බාලසුරිය - සමාජ ආරක්ෂණ රාජ්‍ය ඇමැති
නියෝජ්‍ය ඇමැතිවරු

01.නිමල් ලන්සා - ප්‍රජා සවිබලගැන්වීම් නියෝජ්‍ය ඇමැති

02.කංචන විජේසේකර - ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති

03.ඉන්දික අනුරුද්ධ - රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය ඇමැති




( ඡායාරූප චතුර එස් කොඩිකාර)
COMMENTS
හොරු සමග ආශ්චර්යය වෙනුවෙන් පෙරට...
මෙතන මේ ඇමතිවරු 27ක්, කැබිනට් 15 යි බැලුවම 42 යි. පරණ සෙල්ලම තමයි.
මේ ගොල්ලන් ව රවට්ටන්නයි ඇමතිකම් දෙන්නේ. මහ ඡන්දෙ ට වැඩි හරියකට නාම යෝජනා දෙන්නේ නැහැ. මේ අය තේරෙන්නෙත් නැහැ. කලබල නොවී ඉඳිමු. උගත්තු, අවංක අය විතරයි පත් වෙන්නේ. ඡන්දය දෙමු හොඳේ.
මේ රට හදන්න බෑ................
සාලියද නැත්නම් ආණ්ඩුව කරන හැමදේම, ඕනෑම දෙයක් සාක්ෂාත් කරන තවත් බයියෙක්ද?
දමිල හා මුස්ලිම් රාජ්‍ය ඇමතිවරු නොසිටීම මහමැතිවරණයේ යම් අවාසි තත්වයක් රජයට ගෙනදිය හැක.
බුදු අම්මෝ ! මේකද මේ කියපු අලුත් දේ ? අපරාදේ මගේ ඡන්දේ.
අමාරුවෙන් දුවන රටක භාරකාර ආණ්ඩුවකට දෙන ඇමතිදුර ප්‍රමාණය දැක්කම සංවර්ධිත රටක් නම් කොහොම තියේවිද? හිටපු සහ ඉන්න ඔක්කම එකයි. කුඩා රටකට ඔරොත්තු නොදෙන විදිහට අපේ ලේ උරා බොනවා. දුෂණය පිරිච්ච රටක් වෙලත් ඉන්දියාව කොච්චර හොදද?
මේ අය හිතන් ඉන්නේ මේ අයගේ හොඳ නිසා මේවා ලැබෙනවා කියලා. ඒ උනාට ඇත්ත කතාව නම් හිටපු අයගේ නරක නිසා මුන්ට මේවා ලැබෙන බව නේද?
ගොඨා වැඩ කරන්නෙත් මහින්දට ඕන විදිහට. පරණ තැටියක් තමයි.
දැන් ගිය අයට කන්න බොන්ඩ අපේ මුදල් හොදහැටි වියදම් කරා වගේ මේ අයටත් දෙන්නකෝ දැන්.
ප්‍රසන්න රණවීරට ඇමතිකමක් නැති එක ගැන මට දුකායි.
මේ තියෙන්නේ සුන්දර වෙනසක්. පුදුම සතුටක්. අපි කියලත් ලේසිද ඉතින් ? ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු. තව එන්න කියන්න. අපිට පුළුවන් තව ගොඩක් බදු ගෙවන්න. අපි ඉපදිලා ඉන්නෙත් බදු ගෙවන්නනේ. මේ අය ඡන්දෙ දුන්න අය හොයා ගන්නත් බැරි වෙයි තව ටික දවසක් යද්දී. ඇයි දෙයියනේ භාරකාර රජයකට මොකටද රාජ්‍ය නොවෙන ඇමතිවරු ? දැන් මෙහෙම නම් රජයක් පත් වුන දවසට ආණ්ඩු පක්ෂේ ඉන්න හැම කෙනාටම අමාත්‍යංශයක් හදලා දෙයිනේ.
එය පත් කිරීම ඉතා ඉහළයි. තිබුන විදියෙන් රට යන්තමට හොද පැත්තට හැරුනා. අපි දැන් වෙලාව දෙමු. මේ ගමන නටන්න හම්බ වෙන්නේ නැහැ අපේ ජනාධිපතිතුමත් එක්ක. පරණ තිබුන වැරදි හදාගෙන රට ඉදිරියට අරන් යනවා. ඒක අනිවාර්යයි. එයාලා රටේ ජනතාවට පොරොන්දුව දුන්නා. ඒ පොරොන්දු අපිට විශ්වාසයි.
ලන්සට ප්‍රජා සවිබල ගැන්වීම............
අවබෝධයක් නැතිව කමෙන්ට් කරන එක තේරුමක් නැත. පෙර පැවති ඇමති තනතුරු වෙනස් කරන්න පුලුවන් වෙන්නේ බහුතරයකින් පාර්ලිමෙන්තු පනතකින් වෙනස් කළොත් පමණයි. අලුත් රජයට තවම ඒ අවස්ථාව ලැබිල නෑ. එතෙක් ඉවසන්න.
සිස්ටම් එක නියමෙට වෙනස් වෙයි. හූ... බයියන්ට හොඳ වැඩේ
මේ ඉතින් රටට වගකියන හැටි තමයි. පොරොන්දුවත් ඒකමනේ.
කොමෙට් වලින් පෙන්නේ තාම රට පර ගැතින්ට බිලිදෙන්න වලිකන අය අඩු නැති වගයි.
වසන්ත සේනානායක තුමාට මොකුත්ම නැතිද?
කොමෙන්ට් කරන අය හුඟක් පරාජිතයෝ වගේ පව් දුක තුනී කරන්න හින්ද කමක් නෑ කිසිම හොඳ වැඩක් දකින්නේ නෑ
අපිට කොත්තමල්ලි වත් අඩු කරලා දුන්නේ නැහැනේ? ඒ ගොල්ල බෙදා ගන්නෝ.
මොනවා කියන්නද? බලාගෙන ඉම්මු.
අනේ මේ අයගේ ආණ්ඩුව හොර නූගත් අයයි, කුඩු කාරයන්, බුකී කාරයන්, කසිප්පු කාරයන්...
මේ දෙන්නේ ජොබ්. රටට කෙසේවෙතත් පටන්ගත්ත දවසේ ඉඳලා සල්ලි හොයන්නේ කොහොමද කියලා බලයි සාක්කුවට දාගන්න...
හෙට සිට රට ඉස්සරහට යාවි. කෝච්චියට අල්ලගන්නත් බැරිවයි ඒක නිසාම වෙන්න ඇති දුම්රියට විතරක් වෙනම ඇමති කෙනෙක් ...
ප්‍රජා සවිබලගැන්වීම් නියෝජ්‍ය ඇමැති? අනේ මන්දා...... හරිම විද්‍යානුකූල පත් කිරීමක්.
හැබෑටම වෙන කවුරුවත්ම හිටියේ නැද්ද? ඇමතිකම් දෙන්න... අපරාදේ, අර ඉතුරු ටිකදෙනාටත් මොනවා හරි ඇමතිකම් දෙන්නනේ තිබුණේ. අඩු ගානේ ඒ අයගේවත් හිතට සතුටුයිනේ.. රටට කෙලවෙලා ගියත්. ඇමතිකම්වලට පොරකන මේ වගේ ආත්මාර්ථකාමී ගොබ්බයින් රැලක් එක්ක මේ රටට ඉදිරි ගමනක් නෑ කවුරු ජනාධිපති වුණත්... මොවුන්ට තුනෙන් දෙකේ බලය දුන්නොත් 225දෙනාටම ඇමතිකම් ලැබෙන විදියට ව්‍යවස්ථාව වෙනස්කරයි.
විදුලි බලේට එකෙක්..., බල ශක්තියට තව එකෙක්... ගොන් පාර්ට් උපරිමයි..