(++ නාලක සංජීව දහනායක)
පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන රජයට අයත් ගොඩනැගිලිවලට ගෙනයාමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.
පෞද්ගලික ගොඩනැගිලිවල රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑම සඳහා රජයට දැරීමට සිදුවී ඇති අධික වියදම අවම කිරිමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ.
අමාත්‍යාංශ මෙන්ම ඒවායේ විවිධ අංශ ද තවත් රාජ්‍ය ආයතන ගණනාවක් මේ වන විට පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අතර එවැනි ආයතන සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම මේ වන විට ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි.
ඇත්තටම ගොඩක්ම හොද තීරණයක් අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදුසල්ලි වලින් මේ වගේ කුලියට ගත්තු ගොඩනැගිලි වලට මොනතරම් මුදලක් ගෙවනවද. නිකම් කොහෙවත් ඉන්න මුදලාලිලා පොහොසත් කරන්නේ නැතුව මේ රටේ ප්‍රයෝජනයක් නොගෙන අතහැරලා දාලා තියන ගොඩනැගිලි තියනවා ඒවායේ අමාත්‍යංශ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඇත්තටම ගෝඨාභය මහත්තයා ඉතාමත්ම හොද නායකයෙක් කියන එක දැන් මුළු ලෝකෙම තේරුම් අරගෙන තියෙන්නේ අපි එතුමාට මල් තියලා වදින්න ඕනා මේ විදියටම මේ රටේ ඇමතිවරු හොරකම් කරන එකත් නවත්වන්න පුළුවන් වුනොත් මේ රට දියුණු කරන එක එච්චර අසීරු වෙන එකක් නැහැ.
මම දුන්න ඡන්දෙකින් මෙච්චර වැඩ වෙනකොට මට කොච්චර සතුටුද! ඡන්දෙ නුදුන්නා කියලා දුක්වෙන්න ඕනෙ නැහැ. සතුටු වෙන්න...
ඉතාමත් හොද දෙයක් .ලාබ ලබන්න නම් මේවගේ දේවල් අනිවාර්යයි
එතකොට ඔය කියන පෞද්ගලික ආයතන රජයට අවශ්‍ය පරිදි සකස් කිරීමට අති විශාල මුදලක් වැය වුනා එම පාඩුව පියව ගන්නේ කොහොමද..??
කෘෂිකර්මේ සබීතාගේ ගොඩනැගිල්ලට ගෙනිහිල්ලා කෝටි ගනං වංචා කරපු එක වරදක් නොවෙයි නේද ??
නිකන් මොට්ට කතා කියන්න එපා. අවශ්‍ය පරිදි සකස් කරන්නේ ගත්ත ආයතනයෙන් , ඒ ආයතනයේ වියදමින් . කොහොමටත් ආණ්ඩුවට කුලියට දෙන්නේ ගිනි කන ගණන් වලටනේ. ඒක නිසා කෙරුවම නම් ඒ සල්ලි වලින් පියවගන්න කියන්න.
ඉතාම හොඳ වැඩක්. මේක මහා මැතිවරණෙන් පස්සෙත් මෙහෙමම වෙනවා නම් තමයි අපි කැමති. උපාලි, ඔයා හිතන්නේ මේ මුදලාලිලා, මුදලාලි හාමිනේලා එයාලගේ ගොඩනැගිලි වල අමතර වෙනස්කම් කලේ පිනට කියලද? ඒ වියදමුත් රජයෙන් පියව ගත්ත විතරක් නෙමෙයි අඩුපාඩු නැතුව ලොකු ලාභ කුට්ටියකුත් අරගත්තා. බිස්නස්කාරයෝ කියන්නේ දන්සල් දාන්න ඉන්න අය නෙමෙයි.. හොදට අවබෝධ කරගන්න ..
ඉතාමත් හොද තීරණයක්
අනවශ්‍ය ලෙස ගෙවූ මුදල් නැවත අයකරගැනීමට විදියක් නැත්ද?
හොඳ අදහසක්... යස අදහසක්.. මෙවැනි දේවල් කළ යුතුව තිබුනේ අවුරුදු ගණනකට ඉස්සර... සේවා අවශ්‍යතාවයන් වර්ධනය වනවිට තියන ගොඩනැගිලි අවශ්‍ය පරිදි සකස්කර හෝ අලුතින් කොටස් එකතු කරගන්නවා වෙනුවට කලේ යම්යම් අයගේ පෞද්ගලික අවශ්‍යතාවයන් අනුව යමින් කුලියට ගොඩනැගිලි ගැනීම නොවේද? බොහෝ අවස්ථාවලදී පැරණි ගෘහ භාණ්ඩ (පුටු,මේස ,කබඩ්) ඉවත්කර අලුත් නවීන ගෘහ භාණ්ඩ ගැනීමෙන් පමණක් මෙය කරගත හැකිව තිබුණා. බොහොමයක් පැරණි මේස ඉතා විශාලයි.
අර නිළියගේ ගොඩනැගිල්ලට කෘෂිකර්මයෙන් කෝටි ගණන් මාස කුලිය දීපු ගිය ආණ්ඩුවේ මැති ඇමැති අයට දඬුවම් නැද්ද?
කරන්න පුලුවන් නම් ලොකු දෙයක් ජනපතිතුමනි... බොහෝමයක් ඔය ගොඩනැගිලි එකක් එක දේශපාලන හිතවතුන්ට අයිති ඒවා සහ කොමිස් කුට්ටි ඇති අතරමැදියන්ට. අර කෘෂිකර්මාන්න ගොඩනැගිල්ල හොඳම උදාහරණයක්. අයින් කරන්න එහෙම බැරිවුණොත් එම ගොඩනැගිලි රජයට පවරාගන්න.
උපාලි, අර ඉහිරුණු එකතු කර ගත්ත විදියටම ගිය වියදම් නැවත ලබාගන්න පුළුවන්... මේ සැරේවත් කිරි මුට්ටිය හලාගන්නේ නැතිව ඉන්න උත්සාහ කරන එකද හොඳ? ඉහිරුණු කිරි ගැන දුක්වෙන එකද?
අැත්තෙන්ම අප මෙම තීරණය අගය කරන්නෙමු. හැකි ඉක්මණින් මෙය ක්‍රියාත්මක කරන්නේ නම් එය වඩාත් යෝග්‍ය නොවන්නේද?
අර අලුත් ක්‍රීඩා ඇමතිතුමාට ඕකටත් උත්තරයක් තියෙයි. අපි මේ බලාගෙන ඉන්නේ ඒ කාලේ වුණු වැරදිවලට දඬුවම් දෙන ආකාරය ගැනයි.
අැත්තෙන්ම හොඳ වැඩපිළිවෙලක්.., බොහොමයක් තැපැල් කන්තෝරු සහ රාජ්‍ය බැංකු ඒ අතර වේ. ඒවා ස්ථිර රජයේ ගොඩනැගිලි බවට පත්කර, රාජ්‍ය ලාංඡනය සහිත විද්‍යුත් ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකළොත් වඩාත් වැදගත් වේ.
වැඩේ නම් හොඳයි... එහෙනම් අර කොටුවේ තියෙනවා ලංකා බැංකුවේ ගොඩනැගිල්ලත් (පිට්ටු බම්බුව) හිටපු මුදල් ඇමති කෙනෙක්ගේ.... තාමත් කුලී ගෙවනවා.
පාඨලී චම්පික මහත්තයාට නම් නීතිය ගිඩිගිඩියේ ක්‍රියාත්මක වේගෙන එනවා වගේ පෙනෙනවා...
ඉතාම හොඳ තීරණයක්. පුද්ගලික අංශයෙන් කුලියට ගන්නවා කියලා කලේම කොමිස් කුට්ටි කඩාගැනීම බව හිතන්න ඕනෑතරම් උදාහරණ තියෙනවා. එ්ත් පුද්ගලික ගොඩනැගිලි මුළුමනින්ම බැහැර කළ නොහැකිවන අවස්ථා තියෙන්න පුළුවන්. කවුරුහරි ලොක්කෙක් රජයේ ගොඩනැගිලි ඉඩ නෑ කියලා කියන කොට පරීක්ෂා කරන්න රජයේ තක්සේරුකරු, විගණන නිලධාරීන් ඇතුළු මණ්ඩලයකට බාරදෙන්න...
අතහැරලා දාපු සතොස ගොඩනැගිලි එහෙමත් තියෙන්නේ... එව්වට මොනවා හරි පිළියමක් කරනවා නම් තමයි හොඳ...
හැම ආණ්ඩුවම ආවම ඕව කරනවා .කල් යනකොට වල් වෙනවා .අයි පරණ විදියටම යනවා
තීරණය බොහොම හොඳයි. ප්‍රශ්නේ මේවා කොච්චර කලකට පවතීද යන්නයි. අනවශ්‍ය වියදම් කපා හරිනවා නම් මෙන්න මෙව්වයි කළ යුත්තේ...
මෙන්න වැඩ...