(නිමල කොඩිතුවක්කු)
19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කළ යුතු වෙනස්කම් පිළිබද රජය සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදි අද(02) පැවැසීය.
පක්ෂයේ අනුමැතියට යටත්ව එම වෙනස්කම් සිදුකිරීමට බලාපොරොත්තු වෙන බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද කීය.
“දැන් ආණ්ඩුවෙන් කියනවා 19 වන සංශෝධනය අවහිරයක් කියලා. මේ සංශෝධනයේ මොනවද වෙනස් කරන්න තියෙන්නේ කියලා අපි රජයෙන් අහනවා.
ඒ වගේම මොනවද වෙනස් කරන්න ඕන කියලා අපි රජයත් එක්ක සාකච්ඡා කරන්න සූදානම්. අපිට එක හෙළා කියන්න බැහැ මේක අහෝසි කරන්න සහයෝගය දෙනවා කියලා. අපිට පෙනුනොත් යම්කිසි අඩුපාඩුවක් තියෙනවා කියලා අපි එයට අවධානය යොමුකරලා අපේ පක්ෂයේ අනුමැතියට යටත්ව අපි ක‍්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාහෙටත් උඩින් වතුර ගියාම යූඇන්පී කාරයින්ට මොළේ පෑදිලා... අපේ සර්ලාගේ මතේ හරි කියලා ආයෙත් ඔප්පු වුණා...!
19 යනු රටේ ඉදිරි ගමන බකල් කරන තිරිංගයක්... පහුගිය අවුරුදු 5 පුරා අප අත්වින්දේ එයයි. හිටපු ජනාධිපති මෛත්‍රී පවා කීපවරක් ඒ බව සඳහන් කළා. පොලිස්පති ඉවත් කිරීමට නොහැකි රාජ්‍ය නායකයෙක් බිහිවූයේත්, මැතිවරණවලට එරෙහි සාමාජිකයින් සිටින මැතිවරණ කොමිසම් අපට ලැබුණෙත්, මෙම එක පවුලක් ඉලක්ක කොට පමණක් සකස් කළ ව්‍යවස්ථා උප්පරවැට්ටිය නිසා. එසේම, රටට හතුරු NGO පසුබිමක් සහිත නීතීඥවරුන් විසින් සකස් කළ මෙම ලියැවිල්ල රටේ යහපත් අය වෙනුවෙන් ඉවත් කළ යුතුමයි. දේශපාලඥයකු නොවන වෘත්තීයවේදියකු වන වර්තමාන ජනාධිපතිවරයාට රට නිවැරදි මාවතට ගැනීම අරබයා නිසි වැඩපිළිවෙලක් ඇති බව පෙනුණත්, ඊට අවශ්‍ය බලය නිසි ලෙස නොමැති වන්නේත් මෙම 19 නමැති උගුල නිසාය. ස්වාධීන කොමිසම් සභා යනු බොරු මවාපෑම් පමණි. මැතිවරණ කොමිසමක් තිබුණාට, ඕනෑවටත් වඩා පමාවෙමින් පැවතී මැතිවරණ නිසිකලට පවත්වන්නට ඊට නොහැකි වීමත් "ස්වාධීන" මිථ්‍යාව අපට පසක් කරයි.
අනේ අම්මපා.. අද කාලේ "ඕන ගොනෙකුට" ඕනෑදෙයක් "කරන්න", කියන්න පුළුවන්නේ හැබෑටම...
පක්ෂය ඔය වැඩේට අකමැති වුණොත් කොටසක් කැඩිලා ආණ්ඩුවට එකතු වෙන්න පුළුවනි. අැයි දෙයියනේ, කතා කළොත් කියන්නේ අරක කලොත් නැත්නම් මේක නොකළොත් අපි සජිත් එක්ක යනවා. වෙනම පක්ෂ පිහිටවනවා. කඩාගෙන යනවා වගේ වචනනේ... කුට්ටිය ලැබෙන හැටියට වැඩ සිද්ද වෙයි කියලයි අපට හිතෙන්නේ...
රවීන්ද්‍ර මහතා වෙත, මා සිතන විදිහට ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් යනුවෙන් කිරිඇල්ල මහතා වරෙක කළ ප්‍රකාශය ඔබ නැවත නැවත උපහාසයට ගෙන ඇතැයි සිතමි. නමුත් එම කතාවේ යථාර්ථය ඔබ වැනි අයට නොතේරෙන ඔබගේ පාට කණ්ණාඩිය නිසා බව සිතමි. ඔබට අසල්වැසියා සමග ඕනෙම වෙලාවක රණ්ඩු විය හැක. නමුත් අමනාප වූ අයකු හිතවත් කර ගැනීම කොතරම් අපහසු කාරණයක්ද යන්න මඳකට සිතාබලන්න. එය මෝඩයින්ට කළ නොහැක.
"ඕන ගොනෙකුට" ඕනෑදෙයක් "කරන්න", කියන්න 19 වැනි සංශෝධනය යළි වෙනස් කිරීමට කිසිවකු කැමති නොවනු ඇත. 19 වැනි සංශෝධනය යනු ලංකාවේ පුරවැසියාට නැතිව තිබූ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඇති කරනු ලැබූවකි... 19 වැනි සංශෝධනය අහෝසි කිරීම යනු අධිකරණයේ, පොලිසියේ, මැතිවරණ කොමිසමේ සහ රාජ්‍ය සේවයේ තීන්දු තීරණ රජගෙදර සිට එක දුරකථන ඇමතුමකින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිට බලය යලි ලබාදීමය. එවිට මහාධිකරණ විනිසුරුවන් පවා පැය 24න් ගෙදර යැවීමට හැකියාව ලැබේ. ජනතාවගේ පරමාධිපත්‍ය ජනතාවට තබාගැනීම සහ ජනතාව ශක්තිමත් කිරීම 19 වැනි සංශෝධනයේ ඇති ප්‍රධානතම, වටිනාම සහ වැදගත්ම කරුණයි. 19 වැනි සංශෝධනය නැති කිරීම යනු ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලබාදී නැවත නිකමුන් වනවාට වඩා ජනතාවගේ ශක්තිය ඔවුත් සතුව තබාගැනීමට 19වැනි සංශෝධනය තබාගත යුතුමයි. 19 වැනි සංශෝධනය මගින් ජනතාව ලබා ඇති ජයග්‍රහණය නැති කර නොගන්න.
මේ රට හදන්න නම් ගෝඨා එක දිගට අවුරුදු 25ක් වත් ජනාධිපති වෙලා ඉන්න ඕනෑ. එ්කට මොනවා හරි බාධා තියනවා නම් දැන්ම අයින් කරගන්න.. එ්ක හොඳයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන අවුල් මොනවද කියලා අහන මෝඩ මිනිස්සු ඉන්න රටක්... ඒකට කමක් නැහැ.. ඒ අවුල් මොනවද කියලා දන්නේ නැතුව අත උස්සපු අය ඉන්දෙද්දී... එකක් දෙකක් පැහැදිලි කරන්නම්... අගමැතිගේ නිර්දේශය මත ජනාධිපති විසින් පත්කිරීම් සිදු කිරීම. මේ දේ කරන්න ඕනේ නම් ඡන්දයක් තියලා ජනාධිපති කෙනෙක් පත් කරන්න ඕනේ නෑනේ.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේම ඡන්දෙන් ජනාධිපතිව පත්කරගෙන අගමැතිට ඕන පත්වීම් ටික කරගත්තම ලේසියිනේ... මේ මගුලෙන් වෙන්නේ අගමැති එක පක්ෂයකින් ඇවිත් ජනාධිපති වෙන පක්ෂෙකින් ආවම දෙන්න දෙපැත්තට ඇදලා රටට කෙලවන එකයි... ඒක ගිය ආණ්ඩුවම මනා ලෙසම ඔප්පු කරා.. ජනාධිපතිට අගමැති පත් කිරීමේ බලය තිබුණාට ඉවත් කරන්නට බලය නොතිබීම. නීතියේ මූලධර්මවලම තියෙන දෙයක් පත්කිරීමේ අයිතිය ලද්දාට ඉවත් කිරීමේ අයිතියද තිබෙන බව.. ඒක නැති කිරීම හරියට නිකන් ජනාධිපතිට බලය දෙනවා වගේ තමන් පඹයා කරගන්න කෙනාව තමන්ම පත් කරගන්න. විධායක ජනාධිපති ක්‍රමය කියන එක ඩිගෝල් විසින් ප්‍රංශයේ මුලින් ඇති කරේම ව්‍යවස්ථාවේ බලය තියෙන කොට නිරන්තරයෙන් ආණ්ඩු අස්ථාවර වෙන නිසා...19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බලතල නිසා ඒක වෙන හැටි නිරන්තරයෙන්ම දකින්න..
විධායක ජනාධිපති ක්‍රමය කියන එක ඩිගෝල් විසින් ප්‍රංශයේ මුලින් ඇති කරේම ව්‍යවස්ථාවේ බලය තියෙන කොට නිරන්තරයෙන් ආණ්ඩු අස්ථාවර වෙන නිසා...19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බලතල නිසා ඒක වෙන හැටි නිරන්තරයෙන්ම දකින්න ලැබුණනේ.. රටක පාලන විධිවිදාන සකස් කරන්න ඕනෑ ඒ රටේ සංස්කෘතිය, මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, චර්යා රටා අනුවයි. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ 19 වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා කියන්නේ අපේ රට ලෝක බල කේන්ද්‍රියන්ට ලියලා දුන්නා වගේ තමයි... කේවල ඡන්ද ක්‍රමයක් තිබ්බා නම් තව විශ්වාස කරන්න තිබ්බා... ඒ තිබිලත් අතීතයේදී දිගු කලක් රට පාලනය කරේ සමගි පෙරමුණ රජය විතරයි. ආසියාතික රටවල මිනිසුන් තාමත් බ්‍රිතාන්‍ය වගේ පාලන රටාවකට සුදුසු වෙන විදියේ මානසික හැඩ ගැසීමක් නැහැ.. ආසියාවේ සංවර්ධිත තත්වයට ලඟා වන රටවල් පවා යම් ඒකාධිපති දේශපාලන රටාවක ප්‍රිය වන්නේ ඔය කියන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතල ගැටලු නිසයි. උදාහරණ ලෙස වයස අවුරුදු 90 වන මහතිර් මොහොමඩ්ව නැවත අගමැති ලෙස මලයාසියානු ජනතාව පත් කරගෙන තිබීමයි. අපේ රටේ පාලන බලය එහා මෙහා කිරීම හරියට දාම් බෝඩ් එකේ ඉත්තන් එහා මෙහා කරනවා වගේ ලේසි දෙයක්...
රටක කෝටි දෙක හමාරක් ජනතාවට කිසිම වැඩක් නොකර අවුරුදු හතර හමාරක් ගතකරපු ආණ්ඩුවක් තවත් මස හයක් රට අකර්මණ්‍යව තබාගැනීමට ව්‍යවස්ථාවෙන් ඉඩ සැලසෙනවා නම් ඒ ව්‍යවස්ථාව වෙනස් කළ යුතු නැතිද? සෑම වසර පහකටම වරක් ආණ්ඩු වෙනසක් සිදුවූ විටකදී මේ ආකාරයට මාස හය බැගින් රට අකර්මණ්‍යව තබන ව්‍යවස්ථාවක් වෙනස් කළ යුතු නැතිද?
අර අරලියගහ මන්දිරයේ හමුවුණු ෆයිල් එකේ නම තියෙනවද දන්නෑ.
19 සංසෝදනය කිරීමට ප්‍රථම, ඔය එක්සත් ජාතික පක්ෂයේ සිටින වයසක උදවිය අයින් වෙලා ගෙදර ගියොත් සුබයි. එයට අයත් වන්නේ කරු ජයසූරිය, කිරිඇල්ල, ඔවුන් ඔක්කොම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළයුතු කාලයයි මේ...
ගෝත්‍රික රැලක් ජීවත් වෙන රටකට අවශ්‍ය වන්නේ, ගෝත්‍රික පාලනයකි. පාලක පක්ෂයට විරුද්ධ වෙන සියලුම ගෝත්‍රික අයටත් වැසියන් සියල්ලන්ගේම හිස ගසා දැමීමයි කළ යුත්තේ. රාජාණ්ඩු පාලනයක් මිස වෙන විසඳුමක් ලංකාවට අවශ්‍ය නැත. තුනෙන් දෙක පමණක් නොවේ... හතරෙන් හතරම ලබාදී ඇතිකළ යුත්තේ එවන් ධර්මිෂ්ඨ පාලනයකි.
නාගානන්ද කට කැඩෙනකන් කීවේ ඕක තමා මහජනතාවගේ පරමාධිපත්‍ය ඒ අයට දීලා තියනකල් එකෙතුවෙලා හරි ඒ අයට ඕන දේ කරනවා
ඔය ව්‍යවස්ථාවට එකතුකරන්න මේ ටික, රිලවුන් සහ වඳුරන් මෙන් පැත්තෙන් පැත්තට පැනීම නතර කිරීම, නූගත් බුද්ධියක් නැති වාචාල දොඩොන අය පාර්ලිමේන්තුවට එවීම වැලැක් වීම. අගමැති ධූරය සහ ජනාධිපති ධූරය දෙවතාවකට සීමා කිරීම. පළාත් සභා වැසීම, පන්සල් පල්ලි වලට ලැබෙන මුදල් විමධ්‍යගත කොට දුප්පත් පන්සල් පල්ලිවල සේවයට යෙදීම. නැතිනම් අපට ආයෙමත් අබසරණ තමයි.
රටට මොනවද කලේ එකක් කියන්නකෝ.
ඒ වගේම ලක්මාල්, ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට ආපු පැරදුනු මන්ත්‍රී කෙනෙකුට වුනත් ගානක් දීලා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දෙ අරන් රටේ විධායක පාලකයා වෙන්න පුළුවනි. ඒ විතරක්ද? මුළු රටම ප්‍රතික්ෂේප කලත් අවුරුදු හතර හමාරක් බලයේ ඉන්න පුළුවනි.
19 වැනි සංශෝධනය ගෙන ආවේ ජනාධිපතිවරයාට තිබෙන අත්තනෝමතික විධායක බලතල ඉවත් කර ඉන් විශාල ප්‍රමාණයක් අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවටත් ස්වාධීන කොමිෂන් සභා වෙතටත් බෙදී යන අන්දමටයි. මේක තේරුම් ගන්න බැරි අයට මොනවා කිව්වත් පලක් නැත. පසුගිය ආණ්ඩුව වැඩ අවුල් කර ගත්තේ 19 වරදින් නොව එය ක්‍රියාත්මක කල මිනිසුන්ගේ වරදින්.
ඔය කරන්න යන ව්‍යවස්ථා වෙනසේදී කිසිම වැඩකට නැති මුදල් විනාශ කරන පළාත්සභා අහෝසි කරන එකත් කරන්න බැරිද? මෛත්‍රිපාල ඔක්කොම අනාගත්තේ ව්‍යවස්ථා අවුලක් නිසා නොව ඔහුගේ නොහැකියාව නිසාය, දැනට තිබෙන තත්වය අනුව ගෝඨාභය මහත්මයට කිසිම ප්‍රශ්නයක් නැතුව රට කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් ගොඩ නැගී තිබෙන බව පෙනේ, කවුරුත් ඔහුට අකුල් හෙලන්නේ නැත. 19 තිබෙන ස්වාධින කොමිෂන් සභා බලගැන්වීම වැනි දේවල් ඉවත් නොකළ යුතුය, ලබන වසරේ මාර්තු දක්වා ඔහුට කැමති විදිහකට රට කරගෙන යන්න පුළුවන්. දැනට කෙරෙන විදිහට ඇමති මණ්ඩලය නාස්තිය වැනි දේවල් අඩුකොට රට ඉදිරියට අරගෙන ගියොත්, ලබන වසරේදී මහා මැතිවරණේදී ජනතාව නැවත ඔහුට බලය දේවි.
ඔය මොනවා කලත් ලංකාව එරිලා තියෙන මඩ ගොහොරුවෙන් එලියට ගන්න සක්කරයා හරි වයිමා හරි එන්න ඕනා.
ඕන ගොනෙකුට පුලුවන්ද ?
මට නම් හිතෙන්නේ දැන් මේ ගොනා හැරෙන්නේ තැඹිලි පැළේට කියලයි.
ජන්දය දිනපු මනුස්සයන්ට ඕන විදිහට ව්‍යවස්ථාව වෙනස් කරන්න එපා.රටේ යහපත තකා ඔය දේවල් වෙන්න ඕන.