(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කළ පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුල සංජීව මදනායක සහ ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු යන අයයි.
ඉකුත් නොවැම්බර් මස 10 වැනිදා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ මෙම සැකකරුවන් දෙදෙනා විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක දී පුද්ගලයන් පැහැරගෙන යාම වධහිංසා පැමිණවීම ඝාතනය කිරීම රත්රන් හා යුරෝ මුදල් සොරකම් කිරීම යන අපරාධ පිළිබඳ අනාවරණය කළේ යැයි මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදු කර තිබුනේ සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායක කුමුදු ප්‍රදීප් සංජීව මහතා විසිනි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයින් පසු කිසිවෙක් සුදු වෑන් ගැන කතා නොකරනු ඇත.
එතකොට අර කිඹුලට කරපු අපහාසය...?
පව්, දැන් ඉතින් දාගත්තු බොරු රැවුල ගිනිගත්තා නේද?
මේක නම් වෙන්නම ඕනේ. ඇයි රාජිතව අත්අඩංගුවට නොගත්තේ? අවුරුදු 5ක් බලයේ ඉඳන් නීතිමය පියවර ගන්න අසමත් වෙමින්, ඡන්ද කාලේට මඩ ගහන එකට වෙන්නම ඕනෑ...
Hafeel සමග මාත් එකඟයි.
අප කිසිවෙකුට අපහාස කරනවා හෝ තවකෙකුට කඩේ යනවා නොවේ. උපන් මව්බිමට විනකරන තම රට ජාත්‍යන්තරය ඉදිරියේ පාවාදෙන සෑම මෘගයකුටම පක්ෂ පාට කුමක් වුවත් ඇඩ්රස් නැති වෙන්නම දිය යුතුය. මෙම සුදු වෑන් නාඩගම මෙන්ම සුවිස් තානාපති කාර්යාලයේ වූ හානිය පිළිබඳව "සත්‍ය තොරතුරු" සියලුම පුරවැසියන් දැන ගැනීමට කැමැත්තෙමු. එහිද කුමක් හෝ රටේ නම කැත කිරීමට නාඩගමක් නටා ඇති බව හැඟෙන බැවින් තම මව්බිම පාවාදුන්නේ ඒ ළදැරියද, වයසක අම්මාද අදාළ නැත...
ඔන්න කනෝ පිනුම්... දැන්වත් පෙනෙනවද වැඩ කෙරෙන්න ඕනෑ හැටි?
දන්න කෙනෙක් කියන්නකෝ මේ සුදු වෑන් වලින් උස්සලා කිඹුලන්ට කන්න දාපු කෙනෙක්ගේ නමක්...
මමත් 62ලක්ෂයේ කෙනෙක්, මෙයා එදා දිනුවට පස්සේ අතේ රෝල් කරලා කිව්වා ඩුබායි බැංකු ගිණුම් අද පෙන්නනවා, හෙට පෙන්නනවා, තාජුදීන් කේස් එක ගැන... කෝ ඒවා?
අප සුදු වෑන් දැක්කේ යහපාලන ආණ්ඩු කාලේ රයන් උස්සන්න ආ වෙලේ. එතෙක් අප කිසි කලෙක ඔය කියන සුදු වෑන් දැකලා නැහැ.
මේක හරියන්නේ නැහැ... මේ දෙන්නව සුදු වෑන් එකකින්ම උස්සන්න ඕනෑ නටපු නාඩගමට...
ආයුධ පෙන්නන්න අරන් යන්න.
නාට්‍යයේ නළුවෝ විතරක්නම් අත්අඩංගුවට ගත්තට වැඩක් නැහැ. ප්‍රධාන අධ්‍යක්ෂකවත් අත්අඩංගුවට ගන්න ඕනා.
බොරු ප්‍රචාර ඇරපු නිසා මේ දෙන්නව අත් අඩංගුවට ගත්තා. දැන් ගන්න.
මෙය සිදුවිමට පමාවුනා වැඞියි. ස්විස්ටර්ලන්ත සිදුටිමක් රගදැක්වුනේ ඒනිසායි.
බොරු සුදු වෑන් භීතිකාවට නැවත මිනිසුන් මුලා කල නොහැක. ළඟදීම තව නාඩගමක් පටන් ගනු ඇත
සුදු වෑන් ගැන බබා පාට දාන අයගේ දැනගැනීම පිණිසයි. පෝද්දල ජයන්ත සී.අයි.ඩී. එකට දීපු කට උත්තරේ තියෙනවා තමන්ව සුදු වෑන් එකකින් පැහැරගැනීම ගැන. ඒක ගැන නම් අද වෙනකන් කවුරුත් කතා කළේ නැහැ. ඒවා ගැන ඉහතින් ලියපු මහත්වරුන්ට අමතකයි.
කිඹුල් සංහතියට වහා සාධාරණය ඉටු කරනු.