ඉකුත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්ගේ ගනුදෙනු සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපි ගොනු කට්ටලයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හමුවී ඇත.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා අරලියගහ මන්දිරයේ නිල රාජකාරි ආරම්භ කරද්දී මෙම ලිපි ගොනු හමුවී තිබේ.
එම ලිපි ගොනුවල ඇති කරුණුවල සත්‍යතාව සම්බන්ධයෙන් සැකයක් නැතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු හතර හමාරක් අරලියගහ මන්දිරයේ සිටියේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසුව පසුගිය අඟහරුවාදා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැති අතර බදාදා මහා සංඝරත්නයට දානයක් ද පිරිනැමිණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමෙන් පසුව පිරිසුදු කිරීමේ කටයුතුවල නිරත වූ සේවකයන්ට එම ලිපි ගොනු හමු වී තිබේ. එම ලිපි ගොනු පිළිවෙළකට ඇසුරුම් කර තිබූ බව ද වාර්තා වෙයි.
ඇතැම් අමාත්‍යවරුන් කරන ලද ගනුදෙනු, ඇතැම් අය මුල් වූ හෝ සම්බන්ධ වූ හෝ සහ ඇතැම් අය ප්‍රවර්ධනය කරන ලද හෝ ගනුදෙනු සම්බන්ධ තොරතුරු එම ලිපි ගොනුවල තිබී ඇත.
එහි සෑම අමාත්‍යවරයකු සම්බන්ධයෙන්ම ලිපි ගොනු තිබී ඇතැයි ද වාර්තා වේ.
උදාහරණයකට ටෙන්ඩර් ගිවිසුම් සම්බන්ධයෙන් නම් ඊට අදාළ දේශීය පාර්ශ්ව, ඔවුන්ගේ ලිපින, දුරකතන අංක ආදිය එම ලිපි ගොනුවල තිබී ඇතැයි ද කියැවෙයි. එමෙන්ම ටෙන්ඩර්වල මිල ගණන් පිළිබඳ තොරතුරු ද එහි තිබී ඇත.
මෙම ලිපි ගොනු සකස් කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යැයි ද දැනගන්නට ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කරන්නේ කුමක්දැයි පිළිබඳව ද මේ වනවිට ප්‍රශ්නයක් ඇති වී තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ ලිපි ගොනු සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර අදාළ පියවර ගැනීමට පෙර ඒවායේ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කරනු ඇතැයි තවත් ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබිණි.
055
COMMENTS
අප්පට සිරි, යහපාලනේ දෝරෙගලලා නොවැ.. දැන් මේ අය නටවන්න අපේ සර්ලාට පුළුවන්... ආයේ ආණ්ඩු පෙරලිලි බොරු..!
ඔබතුමා ගැන පහුගිය කාලේ බරපතල චෝදනාවක් තිබුණා ෆයිල් අතේ තියාගෙන බ්ලැක් මේල් දේශපාලනය කරනවා කියලා... ඒ ඔක්කොම හරියන්න මේ සැරේ ඔක්කෝමලා ඇතුළට දාන්න. එ්ක යුද්දේ දිනලා දුන්නාට වැඩිය ලොකු පිනක්...
කවුරුත් කලබල වෙන්ට ඕනේ නැහැ. ඔය රාජපක්ෂවරු හොඳට කෙලෙහි ගුණ දන්නා අයයි.
ඔව් වැරැද්දක් කර ඇත්නම් ගනුදෙනු සකසා ඇත්තේ රනිල් මහත්මයා නම් අල්ලලා හිරේට දාන්න. මොකද විපක්ෂයේ හොරු පරිස්සම් කරකර අවුරුදු 5ක් කාලේ කෑවට අපිටත් ඕනේ රනිල් මහත්මයා යනවා දකින්න තමයි.
පරණ ෆයිල් වගේ නොවේවා... අලුත් ෆයිල් නොඇරේවා...!!!
ගජමිතුරෝ නාටකය පෙන්වීමට සූදානම්...
අජිත් පී පෙරේරලාගේ නම් කොහොමටවත් වෙන්න බැහැ.
දැන් ඉතින් දිගටම මේවාගේ සංදර්ශන බලන්න වෙනවා. හොඳයිනේ...
ඕක 2/3 හදාගන්න කරන උප්පර වැට්ටියක්....
මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර සත්‍ය හෙළිකිරීම අත්‍යාවශ්‍යයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ෆයිල් එක අමතක වීමක් කියලා කියන්න නම් බැහැ. එක්කෝ වුවමනාවෙන්ම දාලා ගියා අහුවෙන්න කියලා. නැත්නම් මහින්ද අමාරුවේ දාන්න බොරු ෆයිල් එකක් හදලා තියලා ගියා. ඔය දෙකෙන් එකක් විය යුතුයි.
බොහොම හොඳයි. මහ පරිමාණ වංචා විමර්ෂණ කොමිසමේ වාර්තාවෙන්ම පටන්ගමුකෝ...!!!
පරණ ෆයිල් වගේ නොවේවා. අලුත් ෆයිල් නොඇරේවා..!!!
උඹේ ෆයිල් අපට එපා... අපේ ෆයිල් උඹට එපා.. බලන් ඉන්න වහල්ලුන්ට, චුන් එකක් ගන්න කියලා, මගඩි නැටුම නටමු ඉතින්, දොන් තක දොන් දොන් තක දොන්...!
එතුමා කලින් දවසක කිව්වනේ මා ළඟ ෆයිල් තියෙනවා කියලා ඇමතිවරුන්ගේ... ඒ ෆයිල් ගොඩ එක්කම මේ ෆයිල් එකත් තියා ගනීවි. ෂුවර් එකටම ඔය ෆයිල් එකේ බොන්ඩ් ඩීල් එක ගැන, සිංගප්පූරුවේ යාලුවා ගේන්න කලින් එක්කෙනා අපිට පෙනෙන්න අත්සන් කරපු ෆයිල් එහෙම, බොන්ඩ් ඩීල් අංකයෙන් සල්ලි ලැබුණු කට්ටිය ගැන ෆයිල් එහෙම නම් නැතිව ඇති...
එක්තරා දූපතක ඉන්නවා හොරුන් විසින් හොරුන්ට චෝදනා කරන, හොරුන්වම රජ කරවන, හොරුන්ගෙන්ම හොරා අල්ලන්නෙයි කියන, නැවතත් ඉන්න හොරු වෙනුවට අලුත් හොරු බලයට පත් කරන අපූරු කට්ටියක්...
ඔබතුමා බලයේ හිටපු කාලෙත් ඔහොම ෆයිල් තමුන් ළඟ තියෙන බව කිව්වා වගේ මතක ඇතිනේ... සමහරවිට බහිරවයා ගිලින්න ඇති... පවුලේ අය කියලා නිකම් උන්නේ නැහැනේ...
ඕක අනිවාර්යයෙන්ම හිතාමතා කරලා තියෙන්නේ... සජිත්ගේ වැඩ ගැන තමයි ගොඩක්ම ෆයිල් තියෙනවා ඇත්තේ. පුතානෝට හතරගාතෙන් යන්න සැලසුම් කරන්නත් ඇති.
මේක ඩීල් එකක්. දැන් බ්ලැක් මේල් කරලා ගන්නවා ඒ පැත්තට. ඊට පස්සේ 2/3 හදාගන්නවා. ආයෙත් මහින්ද ජනපති 2025...
අපි මෝඩයන් නොවේ. මෙය කැබිනෙට්ටුවේ අවසන් සාමාජිකයින්ට බිය උපදවන කරුණකි.
අප්පේ, ඔය ෆයිල් වලට සම්බන්ධ අයගේ නම ප්‍රසිද්ධ කරන්න... එසේ කළොත් ඔබතුමාගේ කතාව විශ්වාස කරන්න පුළුවනි. නැතිනම් ඕක බොරුවක්... ඔය වගේ කතා මීට පෙරත් අහලා තිබෙනවා.
මේක දෙවරක් ජනපති වෙලා හිටපු පුද්ගලයෙක් කියන බොළඳ කතාවක් නොවේද ? හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවැනි තුට්ටු දෙකේ වැඩක් කරලා, ෆයිල් ටික මහින්දගේ අතට පත්වීම සඳහා මේසයක් උඩ හෝ අල්මාරියක තබා අරලිය ගහ මන්දිරයෙන් පිටවී ගියා කියන කතාවෙන් මහින්ද කියන්න හදන්නේ, රනිල් මැතිතුමාගේ "සිහිය හොඳ නැති" බව කියන්න වුනත්, ඔතැන වෙන මොකක් හෝ සෙප්පඩ විජ්ජාවක් දමා, හෙන්චයියෙක් ලවා රනිල්ට මඩ ගැස්සවීමේ කුමන්ත්‍රණයක මුල බව ඕනෑම කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන්. ඕයවගේ ඉල්ලන් කන කතා ප්‍රචාරය කරලා මහින්ද නිකම්ම හෑල්ලු වෙනවා....
2010-2015 ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ දූෂණ පිලිබඳ තොරතුරුත් මෙතුමා ළඟ තියෙනවයි කියලා මෙතුමාගේම මුවෙන් මෙතුමා ප්‍රසිද්ධියේ පැවසුවා. මෙතුමා කරන්නේ ඔය දූෂණ ලිපිගොනු එකතු කරගෙන ඉන්න එක විතරක් වගෙයි අපට නම් පේන්නේ. එනිසා ඔය පසුගිය ආණ්ඩුවේ දූෂණ ලිපිගොනු වලිනුත් වැඩක් නැහැ, මෙව්වා නිකන් විගඩම් විතරයි ඩීල් දේශපාලනයේ.
හුරේ... මේ පාරත් යූඇන්පියේ පනහක් හැටක් ආණ්ඩුවේ!
පරණ සෙල්ලම් පටන් අරගෙන. මහලොකුවට කියවන්නේ නැතුව මහජනතාවට වැඩක් කරන්න, නිදහසට කාරණා අවශ්‍ය නෑ. අනුන්ගේ කුණු පෙන්නලා තමුන්ගේ පව් වහගන්න ලැස්ති වෙන්න එපා. දැන් අපිට මේවා අහලා අහලා තිත්ත වෙලා තියෙන්නේ
අනිත් අය බලේ ඉන්නකොට මේ අයගේ දූෂණ හොයනවා, මේ අය බලේ ඉන්නකොට අනිත්අයගේ දූෂණ හොයනවා , හැබයි ඔය කාගේ ඒවා හෙව්වත් මේතාක්කල් කිසිම දූෂිතයෙක් හිරේ ගිය පාටක් නම් නැහැ. මේවා ඔක්කොම දෙගොල්ලම ජනතාව රවට්ටන බොරු නාට්‍ය ජවනිකා..
මේ වගේ නළුවෙක් මම ලොවේම දැක නැහැ
මේකත් කැළණි පන්සලට නාගලෝකෙන් ධාතු ලැබුණු වගේ වැඩක්...
කලින් පාර කළා වගේ දෑත් ශක්තිමත් කරන්න ඔබතුමා ළඟට ගත්තා කියලා ගන්න. කලින් වතාවේ ඉන්න තැන නැති වුනේ ඔය ශක්තිමත් කරන්න කියලා ගත්ත අය කරපු දූෂණ නිසා කියලා අමතක කරන්න එපා. නව ජනාධිපතිතුමාට ශක්තියක්, මහජන ප්‍රසාදය වැඩිවන ආකාරයට කටයතු කරන්න වග බලාගන්න...
හරි පුදුමයිනේ.., රනිල් හිටපු මැති ඇමැතිලාගේ වංචා දුෂණ ෆයිල් ටිකම අමතක කරලා ගිහිල්ලනේ. මේවා රනිල්ගෙයි, මහින්දගෙයි කුමන්ත්‍රණයේ අතුරු ප්‍රතිඵලයක්ද කියලා හිතෙන්නේ නැද්ද?
අන්න හරි.
අලි බබා සහ හොරු 40 ආණ්ඩුව කාලෙත් ෆයිල් වගයක් තමුන් ලග තියෙනවා කියලා රාවයක් තිබුනා. ඒවා බහිරවයා ගිලින්න ඇති නේද ? අපි නොදන්න දේශපාලුවෝ.....
ගනුදෙනු ඇතුළත් ලිපිගොනුවක් තිබෙනවානම් ඒ ගනුදෙනු නීති විරෝධි නම් නීතිමය ලෙස ක්‍රියා කරන්න. එයයි විය යුත්තේ. එවිට කිසියම් දවසක ඔවුන් බලයට ආවොත් ඔවුන් ඔබලාට විරුද්දව තිබෙන ගනුදෙනු ඇතුළත් ලිපිගොනු එලියට අදීවී. ජනතාව හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ එයයි.
කලබල වෙන්න එපා, කවුරු කවුරුත් බෙදා හදාගෙන තමයි සියලු දේවල් කරන්නේ ඔය කාර්ඩ් බෝර්ඩ් කොළ කෑලි පමණි