(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන මාර්තු 20 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) තීන්දු කළේය.
මෙම පෙත්සම් සියල්ල ලබන මාර්තු 17 , 18 , 19 යන තෙදින සළකා බැලීමටද ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
විජිත් මළල්ගොඩ , මුර්දු ප‍්‍රනාන්දු , එස්.තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් යුතු සිව් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද කැඳවිණි.
එමෙන්ම අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන පුද්ගලයින්ගේ වෙනස්කම් සිදුවී සිදුවි තිබෙන හෙයින් ඒවාද සංශෝධනය කර ඊළඟ නඩු දිනයට පෙර ඉදිරිපත් කරන්නැයිද විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කරන ලදී.
මරණ දඬුවම ලැබූ සිරකරුවන් අතරින් ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි සිව්දෙනෙකු තෝරා එල්ලා මැරීම නීතියට පටහැනි බවත් , එලෙස එල්ලා මැරීමට ගෙන ඇති නියෝග තීරණය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් පිරිසක් සහ සිවිල් ක‍්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියම කළේය.
මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත්තේ දැනට මරණ දඬුවම නියමව සිටින එස්.ගනේෂ් , මොහොමඞ් මිතාර් , හනීෆා ප‍්‍රහීම් නවාස් , එස්.ඒ සුරේෂ් කුමාර්,සුබ‍්‍රමනියම් ප‍්‍රනියමූර්ති ,කේ.එච්.ගමගේ චන්ද්‍රදාස ,එච්.කේ ජයතිලක , එන්.ඒ නිශාන්ත අල්විස් යන නැමැත්තන් සහ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය , මහාචාර්ය සී.ගුණරත්න , ආචාර්ය කළණ සේනාරත්න යන සිවිල් ක‍්‍රියාකාරීන් විසිනි.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ , ජනාධිපති ලේකම් උදය ආර් .සෙනෙවිරත්න , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.ඇම්.ජේ.ඩබ්ලිව් තෙන්නකෝන් , ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්ම මහත්මීන් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම් වල මෙසේද සඳහන් වේ.
ශ්‍රී ලංකාව මරණ දඬුවම ක‍්‍රියාත්මක නොකරන රටක් වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ කිහිපවරක් ප‍්‍රතිඥා දී ඇත.
මේ වනවිට මරණ දඬුවම නියම වූ 1600ක් සිටින බව බන්ධනාගාර සංඛ්‍යාලේඛනවල සඳහන් වේ.
මේ අතර ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය චෝදනා වලට වරදකරුවී මරණ දඬුවම ලැබූ සිරකරුවන් සිව්දෙනෙකු එල්ලා මැරීමට අස්සන් කර ඇති බවට ජනමාධ්‍ය මඟින් ප‍්‍රසිද්ධ කෙරිණි. එහෙත් මේ පිළිබඳ පැහැදිලි තොරතුරු මෙතෙක් ප‍්‍රසිද්ධ කර නොමැත.
මෙම ක‍්‍රියාව ශ්‍රී ලංකාව අස්සන් කර ඇති අන්තර් ජාතික ප‍්‍රඥප්තීන් උල්ලංඝණය කිරීමකි. මෙලෙස මරණ දඬුවම ලැබු සිරකරුවන් අතරින් සිව්දෙනෙකු තෝරා මරණ දඬුවම නියම කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.
එබැවින් මෙම ක‍්‍රියාව තුළින් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ එම්.ඒ .සුමන්තිරන් , ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප‍්‍රනාන්දු යන මහත්වරුන් පෙනී සිටියහ.
නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.
පෙත්සම් ලබන දෙසැම්බර් 09 වැනිදා යළි කැඳවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඇයි මත්ද්‍රව්‍ය ජාවාරම් කරන හා වෙනත් වැරැදි කරන අය අල්ලන්නේ? නඩු අහන්නේ? පෙරකදෝරුවන්ට හා නඩුකාරයන්ට හම්බ කරන්නද නඩු අහන්නේ? එතකොට මේ රටේ ජීවත්වෙන වැරැදි නොකරන මිනිස්සුන්ට ඔය කියන මූලික අයිතිවාසිකම් නැද්ද? හිරේ දැම්මහමත් වැරැදි වැඩ ආරක්ෂා සහිතව කරනවා නම් එයාලා නඩත්තු කරන්නෙත් මේ රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලිවලින් නම් නීතියක් මොකටද?
ඉතින් කොහොමද මේ රට හදන්නේ? හොර තක්කඩි කුඩ්ඩන් ටික සහ ඒවා ගැන ඒ අය මේ වගේ හුරතල් කරනවා නම්... ලංකාවේ තමයි මේ වැඩකට නැති නඩු අැහිලි තියෙන්නේ... වෙනත් රටවල නම් මේ වගේ තකතීරුවන්ට ගැලවීමක් නැහැ. නඩුත් නැහැ. කෙලින්ම පනිෂ්මන්ට් එක දෙනවා. අනේ මෙහෙමත් නඩු අැහිලි...
එහෙනම් අධිකරණ වලින් දෙන දඬුවම් වලින් මරණ දඬුවම ඉවත් කරන්න ඕනෑ. නැත්නම් එල්ල මැරීම වෙනුවට බෙල්ල කපලා මරන එක ඇතුළත් කරන්න ඕනෑ.
මේ රටෙන් මරණ දඬුවම ඉවත් වෙනවා නම් හොඳයි. එය සියලු ආගම්වලට අනුව වරදක්... ඒ වගේම ශිෂ්ඨ මනුෂ්‍යයෙක්ට අනුමත කරන්න බැරි දෙයක්.... වරදකට දඬුවමක් ලෙස ඇසට ඇසක් න්‍යාය කියන්නේ ම්ලේච්ඡ ගෝත්‍රික නීතියක්, ඒ ලෙසින් අපරාධකාරී මිනීමරුවෙක් මේ ලෙසින් මරා දමන විට එකම වරද දෙවරක් සිදුවෙනවා. අපරාධකාරයෙක්ට උරුම ශිෂ්ඨ සිවිල් සමාජයෙන් කොන්කර දැමූ ජීවිතයක්.. දැන් ඉන්දියාවේ සිදුවුණු සාහසික අපරාධයෙන් පසු සැකකාරයන් 4 දෙනෙකු වෙඩි තබා මරා දැමුවා. එ්ත් හිතන්න ඒ සැකකාරයන් ඇත්තටම නිවැරදි අය නම්? සැබෑ වරදකරුවන් නීතින් ගැලවිලා...! ඒනිසා කිසිඳු විටෙක මරණ දඬුවම අනුමත කරන්න බැහැ. මේ ළඟදීත් ඇමෙරිකානු අධිකරණයකින් අවුරුදු 36ක් සිරගත වී සිටි මිනිසුන් 3 දෙනෙක් නිදහස් කළා. ඒ වරදකරු වෙනත් අයෙක් බව හඳුනාගැනීමෙන් පසුව, සිතන්න මෙතැනදී මරණ දඬුවම දුන්නා නම් නිරපරාදේ අසරණයන් මැරුම් කනවා..! ඒ විතරක් නොවේ. සැකකරුවන්ගේ ඥාතීන්ට ජීවිත කාලයටම අපවාදයත් හිමිවෙනවා. ඉතින් මගේ ප්‍රාර්ථනය ලංකා පොළවෙන් මේ ම්ලේච්ඡ දඬුවම් ක්‍රමය ඉවත්වේවායි යන්නයි..
ඕවා කෙරෙන වැඩද? ඉස්සෙල්ලම එල්ලන්න වෙන්නේ සමහර ඉහළ දේශපාලනඥයින්. පක්ෂ විපක්ෂ දෙකේම... මතකයිනේ එතනෝල් කන්ටේනරේ මුදාගන්න අගමැති ලේකම් කෙනෙකුත් මැදිවුණු කාලයක් තිබුණා.
මිනීමැරුම් වලට වැරදිකරුවන් වෙලා එල්ලුම් ගස් යවන්න නියමවෙලා ඉන්න අය නිදොස් කොට නිදහස් කිරීමේ අණපනත් ගෙනෙන්නේ ඡන්දෙන් පස්සේ වෙන්න ඇති. දැන් ඔය මහා සංඝ රත්නයෙනුත් ඒවගේ ඉල්ලීම් එන්නේ ඕනෑතරම්.
කියනකොට එහෙමයි. කරනකොට මෙහෙමයි. අනේ මෙහමත් රටක්.
කරුණාකරලා ලබන මහා මැතිවරණය පවත්වන දිනයේදී කුඩු මුදලාලිලාට මරණ දඩුවම දියයුතුද ? පළාත්සභා අවශ්‍යද වැනි කරුණු සම්බන්ධව ජනමත විචාරණයක් පවත්වන්න එතකොට ජනතාවගේ කැමැත්ත දැනගන්න පුළුවන් .