(+++ සුජිත් හේවාජුලිගේ)
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කරන ලදැයි කියන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් තිදෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත.
මේ නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වා ඒ පිළිබඳ විස්තර වාර්තා ද ජනාධිපති ලේකම්වරයාට බාරදී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට ඊයේ පැවැසීය.
රාජ්‍ය දේපළ අවභාවිත කරන ලදැයි කියන සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් මේ නිලධාරින් තිදෙනාට විරුද්ධව චෝදනා එල්ල වී තිබෙන බව මැතිවරණ කොමිසම පවසයි.
මේ අතර ජනාධිපතිවරණ සමයේ දී රාජ්‍ය දේපළ අවභාවිත කරන ලදැයි කියන ආයතන කිහිපයක නිලධාරින් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නැයි මැතිවරණ කොමිසම ඒ ආයතන ප්‍රධානීන්ට මෙයට පෙරද දැනුම් දී තිබිණ. මේ අනුව සමෘද්ධි අධිකාරිය පමණක් ඊට අදාළ විස්තර වාර්තා මැතිවරණ කොමිසමෙන් දැනටමත් ලබාගෙන තිබෙන බව එහි නිලධාරීහු කියති.
රාජ්‍ය ආයතනවල මෙවැනි චෝදනා එල්ලවන අවස්ථාවලදී මැතිවරණ කොමිසමට කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්නැයි අදාළ ආයතන ප්‍රධානීන්ට දැනුම් දීම පමණකැයි පැවැසේ.
COMMENTS
බලමු ජනාධිපතිතුමා මොකද කරන්නේ කියලා.
19 කැලේට විසිකළහම ඔය ටිකත් නවතී. ඒකත් එක්කම රජයේ සේවකයෝ මොනවා කළත් ඒවා සද්භාවයෙන් හින්දා ඔවුන් නිදහස් බව කියන පනතත් සම්මත කර ගත්තාහම නෝ කතා නෝ සිනා.
ඔන්න පටන්ගත්තා මඩ බලකාය අදහස් ලියන්න. මෙතන අදහස් ලියන්නන්ගෙන් 99% ක්ම කුලීහේවායෝ.