(ඩයනා උදයංගනී)
රජයේ විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේදී දැනට දිස්ත‍්‍රික් මට්ටමින් ඉසෙඩ් අගය වෙනුවට පාසල් පදනම් කරගත් නව විද්‍යාත්මක ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ඒ සඳහා අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට අදාළ විෂය කෙෂ්ත‍්‍රය පිළිබඳ ප‍්‍රවීණයින්ගෙන් යුත් විෙශ්ෂඥ කමිටුවක් පත්කිරීමට ද තීරණය කෙරුණු බව අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (12) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
මෙය මෙම වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් හඳුන්වා නොදෙන බව කී ඇමැතිවරයා 2020 වසරේ සිට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා වර්ධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අලහප්පෙරුම මහතා කීවේය.
ඡායාරූපය - ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පූර්ණ කුසලතා මතම බඳවාගත යුතුය. සෑම ළමයෙක්ම සමාන පුද්ගලික පන්තිවලින් විශ්වවිද්‍යාල වරම් ලබන නිසා...
සිසුන් දැන් පුද්ගලික පන්ති වලින් වැඩි අධ්‍යාපනයක් ලබා ගන්නා බැවින් පාසලේ නාමය පදනම් කර තෝරා ගැනීමට ඉක්මන් නොවන්න. පුද්ගලික අධ්‍යාපනය අභිබවා යන මට්ට්මකට පද්ධතිය පමුණුවා, ඉන් පසු ක්‍රමවත් වර්ගීකරණයක් කිරීම අවශ්‍ය ය. මෙවැනි අත්හදා බැලීම් නිසා සිසුන්, විශ්ෂයෙන් මුලින් ම ක්‍රියාත්මක වන 2020 සිසුන්ට අබ සරණ යාමට සිදු වේවි.
සෑම උසස් පෙළ සමත් සිසුවෙකුටම විශ්ව විද්‍යාලයට ගන්න ව නම් zcore තවදුරටත් අවශ්‍යද ?
සම්පූර්ණ කුසලතා මතම බඳවාගත යුතුය.
මෙරටේ අධ්‍යාපනය දේශපාලුවන් විසින් අනලා තියන තරම ඕනෑම කෙනෙකුට උදේ පාසලක් ඉදිරිපිටට ගියහාම දැක ගත හැකිය. ඉස්සර එවැනි දසුන් දැකගත හැකිවෙන්නේ පිටකොටුවේ සිටින නාටමිලාගෙන් හෝ කුඹුරු අස්වැන්න නෙලාගත් පසු ගොවින් කමතේ සිට බැත අටුවට ගෙනෙන විට පමණි. තව තවත් අනන්නේ නැතිව අනාගත ලෝකයට මුහුණ දෙන්න සුදුසු අයුරින් අධ්‍යාපනයේ වෙනස්කම් කළොත් තමා සුදුසු. ආණ්ඩු වෙනස්වන ආකාරයට අධ්‍යාපනය වෙනස් කරන්න ගියොත් මේ රට පිස්සන්ගෙන් හා නුගතුන්ගෙන් සරුසාර වේවි.
ප්‍රවේශමෙන් කළ යුතු වැඩක්. z ක්‍රමයත් නරක ක්‍රමයක් නෙවෙයි.
පාස්වෙන ඔක්කොම ළමයින්ට අවශ්‍ය උසස් අධ්‍යාපනය දෙන්න තරම් විශ්ව විද්‍යාල හදන්න බැරිද? විකාර නොකර - මෙයාලා පුටුව කඩලා අටුව හදනවා. එයාලා අටුව කඩලා පුටුව හදනවා..
මේ රට මන්දගාමී වී සංවර්ධනය ප්‍රමාදවීමට ප්‍රධාන හේතුවක් තමයි තමුන් විපක්ෂයේ සිටින විට ආණ්ඩුව ගේන සෑම යෝජනාවකටම විරුද්ධවිම රට ගැන නොසිතා රටේ සංවර්ධනය ගැන නොසිතා මැතිවරණයකට පෙර ආණ්ඩු පෙරළන්නම දැගලිම. ඒ කාලේ ජාතික පාසල් එපා ධවල පත්‍රිකාව හකුලගනු කියා රට පුරාම පෝස්ටර්.
ඒ ලෙවල් හොඳට පාස්වීම විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකමක් නොවේ. සම්මුඛ පරීක්ෂණයක් තියා එයිනුත් සමත් වෙන අය විශ්ව විද්‍යාලයට ඇතුළත් කරන්න. හැම හාල්පාරුවාම විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගත්තොත් ප්‍රශ්න ගොඩයි.
වසර තුන හතරක ධනාත්මක අධ්‍යාපන සංවර්ධනය එක රැයකින් වල පල්ලට. දේශපාලනයට ගිය රටක්. දැන් නම් ඉන්න හිතෙනම රටක්.
කෙනෙක් හොඳ ගුරුවරු සෙට් එකම මාරු කරලා දැම්මා... වැඩි හරියක් දැන් අලුත් ගුරුවරු. අලුත් කෙනා, දැන් ඒ ලෙවල් විභාගයටම කෙළවන්න තමයි හදන්නේ...
අපොස සාමාන්‍ය පෙළ හා උසස්පෙළ අසමත් වන දරු දැරියන්ටත් මේ එක්කම මොකක්හරි වැඩපිළිවෙලක් යොදන්න. මොකද හැමෝටම විභාග සමත් වෙන්න බැහැනේ. එවැනි අයට කාර්මික හෝ වෙනත් ක්ෂේත්‍රයන් හඳුන්වා දුන්නොත් යම් ස්ථාවරයට පැමිණීමට හැකිවේවි...
හැම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වෙනවා. ගුරු මණ්ඩලය විදුහල්පති යනාදී සාධක අනුව පාසලක තත්ත්වය කලින් කළ වෙනස් වේවි. මේ කියන විදිහට නම් ඔය Zස්කෝර් ක්‍රමයත් කළින් කල වෙනස් කළ යුතුයි. එහෙව් දෙයක් වේවිද? විශ්වාස නැහැ. කොටින්ම ආණ්ඩු වෙනස් වනවාත් එක්කම දරුවන්ගේ ඉරණමත් වෙනස් කරන්නට පෙළෙඹීම එතරම් නුවණට හුරු නැහැ...
ඩලස් මහත්තයෝ 2019 5 වසර ශිෂ්‍යත්වයේ ඉස්කෝල කඩයිම් ලකුණු කවදටද දෙන්නේ? ඉස්සෙල්ලම එ්කකරලා ඉන්නකෝ... 2020 ජනවාරි ඉස්කෝල පටන්ගන්න ඕනෑනේ. ඡන්දෙ නිසා ඒ වැඩ වුනේ නැහැ.
ඉල්ලන් කන්න යන්නේ. අහක යන නයි අස්සේ දා ගෙන කෑවෝ කියන්න.
දැන් හිතන්න ලංකා ටීම් එකක් බටහිර රටකට යනවා ක්‍රීඩා කරන්න... අපි හිතමු ක්‍රීඩකයින්ගේ ශරීර ප්‍රමාණය වැදගත් නොවන ජිම්නාස්ටික්, කඩුසටන් වගේ ක්‍රීඩාවක් කියලා... අපි දන්නවා ඒ ක්‍රීඩකයන් අතරෙන් ලංකා කණ්ඩායමට නියත පරාජයක් අත්වෙන්නේ... එ්ත් අපි කවුරුවත් කියන්නේ නෑ එ්ක අසාධාරණයි කියලා. උඹලා දුප්පත් රටක සිටියේ..., පව්නේ ගෝල්ඩ් මෙඩ්ල් එක ගනින් කියලා කියන්නේ නෑ. මනුෂ්‍යයින්ගේ අධ්‍යාපනික කුසලතාව මනින්නේ නැහැ. දුප්පත් ශිෂ්‍යයෙක් සහ ධනවත් පාසලක ශිෂ්‍යයෙක් විභාගයට එකම ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනවා නම් ධනවත් පාසලේ සිසුවාට වඩා දිළිඳු පාසලේ සිසුවාගේ කුසලතාව අඩු වුවත්, පාසලේ වත්කම් මත දිළිඳු පාසලේ ශිෂ්‍යයන් උස්සලා තියනවා නම් එ්ක වගේ තීන්දුවක් තවත් නැහැ. මේකෙන් වෙන්නේ පීඩනය උග්‍ර වෙන එකයි. දූෂණ වැඩි වෙන එක... අසාධාරණය තීව්‍ර වෙන එක.., දුප්පත් එ්ත් දක්ෂ ශිෂ්‍යයන් තමයි ධනවත් පාසල්වල දීප්තිමත් ශිෂ්‍යයින් වෙන්නේ... ඉතින් මෙතෙන්දී මේකෙන් කෙලවෙන්නෙත් දක්ෂයාටමයි.
ඔන්න ඔන්න ආයෙමත් අනන්නයි හදන්නේ. කවදා මෙම ඇනීම අවසන් වේවිද? ඇනීම නිසා අසාධාරණය ලක්වෙන නගරබද වගේම ගම්බද දරුවන් ගැන දුකයි දුකායි.
විද්‍යාත්මක ක‍්‍රම නෙමෙයි මුලින්ම සාමාන්‍ය පෙළ අගෝස්තු තියලා උසස්පෙළ දෙසැම්බර් තියලා ළමයින්ගේ වටිනා කාලයෙන් මාස් 8ක් අඩුකරගනිමු. එ්කෙන් ළමයට, දෙමවුපියන්ට සහ රටට වෙන සේවය සහ ආර්ථික ලාභය අතිමහත්. දිගුකාලීනව විශ්වවිද්‍යාල යන දරුවා අවුරුදු 21, 22 වෙනකොට එළියට එන ක්‍රමවේදයක් හදමු. ඒ ඉතිරිවෙන මුදලින් උසස්පෙළ සමත්වෙන සියලු දෙනාට සරසවිවරම් සහ ලංකාවට අවශ්‍ය ප්‍රමාණයට ගැලපෙන අයුරින් ඉංජිනේරුවන්, දොස්තරවරු සහ අනෙකුත් උපාධිධාරීන් බිහිකරමු...
ජනප්‍රිය පාසල් පොරය නැතිවෙලා යාවි මේක හොද වැඩක්.
පුද්ගලික පන්ති අවශ්‍ය නැත. ඒවායින් කරන්නේ ළමයිට හා දෙමව්පියන්ට අනවශ්‍ය බරක් දෙන එක සහ දෙමව්පිය සල්ලි විනාශ වෙන එක. පාසල් මට්ටමින් ප්‍රමිතිය තියාගෙන විභාග ඒ අනුව පවත්වුම හරි. 70 දසකය සහ එට කලින් ක්‍රම මතක් කරන්න. compromised version of those may be good . නැතිනම් ඔය පුදගලික පාසල් ආණ්ඩුවට හරවන එක
පාසල් අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න.
දැනට අනාගෙන තියෙන ක්‍රමවේදය තවත් ක්‍රමයකට අනන්න පොටක් වගෙයි මට නම් පෙනෙන්නේ. දේශපාලඥයෝ කවද්ද රටේ ප්‍රශ්න වලට සැබෑ විසඳුම් හෙව්වේ?
සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ කියලා විභාග දෙකක් අනවශ්‍යයි. එකක් තිබුනම ඇති. එම විභාගයේදී විෂය දැනුමට අමතරව පරිභාරික දැනුම සැලකිල්ලට ගන්න. අවශ්‍ය නම් විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයක් ඒ ඒ විශ්ව විද්‍යාල වලින් වෙනම තියා ගන්න අතීතයේ තිබුන වගේ. දිස්ත්‍රික් ක්‍රමය නැති කරන්න. කුසලතා අනුව ළමයි තෝරන්න. ප්‍රශ්නය ඉවරයි.
Z ස්කෝර් නම් සාමාන්‍ය ජනතාවට තේරුමක් නැත. පාසලෙන්ම උසස් අධ්‍යාපන ක්‍රමය මෙරට හඳුන්නාදීම විශ්ව විද්‍යාලයට ඇතුලත් වරම් ලැබීම දියුණු රට වල ඉතා සාර්ථක ක්‍රමයක්. එම පාසලෙන්ම ඔහු හෝ ඇය වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වේ.
මෙම යෝජනාව ගෙනෙන අයට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය ගැන කිසිදු අවබෝධයක් නොමැති බව තමයි පේන්නේ. අද උසස් පෙළ කියන්නේ සම්පූර්ණයෙන්ම ටියුෂන් මත යැපෙන විභාගයක්. උසස් පෙළ ළමයි පාසැල් යන්නෙත් නැහැ. ඉතින් කොහොමද පාසැල් අනුව වර්ගීකරණය කරන්නේ. අද ටියුෂන් නිසා නිදහස් අධ්‍යාපනය වලපල්ලට ගිහින්. ඒක ගැන හොයන්න. එත් උසස් අධ්‍යාපන ඇමති ටියුෂන් ගුරුවරයෙක් කොහොමද අලුත් හොද වෙනසක් බලපොරෝතතු වෙන්නේ.
සිසිර කියන එක ඇත්ත. උසස් පෙළ ඇඩ්මිෂන් අත්සන් කලට පස්සේ කිසිම පන්තියක ළමයි 10ක් වත් එන්නේ නැහැ. ඔක්කොම ටියුෂන් යනවා. එහෙම තියාගෙන පාසල් පාදක ක්‍රමයක් ගෙනෙන්න බැහැ. අනික සමහර ජාතික පාසල්වල උනත් හැම ගුරුවරයෙක්ම සමාන විදියට ගන්න බැහැ. පන්දමට ආපු ගුරු හොරු වැඩියෙන්ම ඉන්නේ නගරවල ජනප්‍රිය පාසල්වල. ඩලස් මහත්තය ප්‍රසිද්ධ කට ගහ ගහ ඉන්න මිසක් වැඩක් කරලා ප්‍රතිඵල පෙන්නන්න නොවෙයි.
ඔය තියන විදියට තියෙන්නේ දෙන්න. වැඩේ නාගන්නේ නැතුව.... ප්ලීස් ...
මගේ දෙයියෝ මොනවා හෝ කරන්න... හැමෝම අනලා තියෙන්නේ... රෑ දෙගොඩහරියක් වෙනකම් උපකාරක පන්ති ළඟ නිදිමරලම ඇතිවෙලා..
මේ එක්කම පාසල් වල තියන වැසි කිලි පද්දතියත් හදන්න. බොන වතුර පිරිසිදු කරන්න .
ප්‍රයිවට් කැන්ඩිඩේට්ස්ලා විශ්ව විද්‍යාලයට තෝරාගන්නේ කොහොමද?
මේක නම් නැති බැරි එක අධ්‍යාපනයෙන් පිටමං කිරීමේ වැඩක්.. පුද්ගලික උපකාරක පන්ති යන්න හැමෝටම සල්ලි නෑ. කරන්න දෙයක් නැතිකමට ළමයි දහස් ගණන් ඉන්න පන්තිවලට ළමයි යනවා... එ්ත් සල්ලි තියෙන මිනිස්සුන්ගේ ළමයි ගෙදරට ගෙනැල්ලා උගන්වන්නේ ලංකාවේ කිසිම පාසලක් ඉගැන්වීම ගැන සෑහීමකට පත්වෙන්න අමාරුයි... ජනප්‍රිය සහ ලංකාවේ ප්‍රමුඛතම පාසල්වලත් නිවැරදිව ඉගැන්වීම් වෙන්නේ නැහැ. ළමයි උපකාරක පන්තියෙන් තමයි ගොඩ දාගන්නේ.... නොදන්නා දේවල්වලට අතගහලා අමාරුවේ දාන්නා එපා.. මුලින්ම පාසල්වල හරියට උගන්වන්න අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න එපා මේක ආණ්ඩුවත් අපහසුතාවයට පත් කරවන කාගේ හරි ලණුවක්..
ආයෙත් පාසල් ටික අච්චාරුවක් කරන්න හදන්නේ. දැනට තියෙන ජාතික පාසල් 253 නිසා පාසල් බෙදීමකට ලක්වෙලා දරුවෝ දාගන්න පොර කනවා. මේ පුංචි රටේ පාසල් පද්ධතියක් කුමක් සඳහාද ? තිබෙන පාසල් දස දහස එක විදිහකට හදා ගන්න බැරි පාලන තන්ත්‍රයක් එදා සිට අද දක්වාම පැවතියේ. කන්නංගර මහතා නොහිටින්න මේ ටිකත් වලපල්ලේ. තාමත් බැරි උනානේ මේ අවුරුදු 72 ට හරි හමන් නිර්මාණශීලි උගත් අධ්‍යාපන ඇමතිවරයෙක් බිහි කර ගන්න. හැමදාම අත්හදා බැලීම් නිසා දරුවෝ අනාථයි. ඉදිරියේදී උගත් දරුවන් පිටරටින් ආනයනය කරන්න සිද්ධවෙයි මේ අධ්‍යාපනය නිසා.
පත්වන සෑම ආණ්ඩුවකම අභිමතය නම් තමන් විසින් වෙනසක් කළ යුතුය යන්නයි. රටකට වෙනසක් අවශ්‍ය නිසා ජනාධිපතිවරුන්, අමාත්‍ය මණ්ඩල වෙනස් කිරීමට යෝග්‍ය බැවින් ඒවා සදහා නිශ්චිත කාල පරිච්ඡේදයක් ව්‍යවස්ථාපිතව ඇති කර තිබේ. නමුත් එවැනි තාවකාලික දේ නොවන බොහෝ ස්ථිරසාර සාධක කෙරෙහි දීර්ඝ කාලීන විසදුම් මිස අහස්කූරු යැවීම හෝ මල් වෙඩි දැමම වැනි විකල්ප යෝග්‍ය නොවේ. පළමුව මෙවැනි දේ සදහා යොමු වීමට මත්තෙන් යෝග්‍ය අයෝග්‍ය බව සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් අවශ්‍යය වේ. දෙවනුව පවත්නා දේහි අඩුපාඩු තේරුම් ගැනීම හා ඉදිරියේ දී ඒවා වෙනස් කළ යුත්තේ කවර අරමුණු පෙරදැරි කරගෙන ද යන්න විමසිය යුතු ය. උදාහරණ වශයෙන් 2025 වන විට ශ්‍රී ලංකාවේ උසස්පෙළ අධ්‍යාපනයෙන් සමත් වන හා අසමත්වන දරුවන් සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදක් එම පිළිවෙතට අඩංගු විය යුතුය. ඉතා පැහැදිලිව පවසන්නේ නම් මේවා අතීතය, වර්තමානය හා අනාගතය සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුතුව සකස් කළ ‘‘ශ්‍රී ලංකාවේ ප්‍රාථමික / ද්විතීයික / විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්ති මාලාව“ අනුව සකස් විය යුතුය. එවන් ප්‍රතිපත්ති මාලාවක් සකස් කර දෙවනුව අනු කොටස් සංශෝධනය වඩාත් යහපත්ය.