
(අංජුල මහික වීරරත්න)
කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන පියයුරු පිළිකා සහ පියයුරුවල ඇති වන වෙනත් අසාමාන්‍ය ගැටිති හෝ වෙනස්කම් ඉතා මුල් අවධියේ දී ම හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා භාවිතා කරනු ලබන අතිනවීන මැමෝගැෆි යන්ත්‍ර (Mammography Machines) පහක් දිවයිනේ පිළිකා ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන ප්‍රධාන රෝහල් පහකට ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය ඇත.
ඒ අනුව කොළඹ ජාතික රෝහල, ගාල්ල කරාපිටිය ජාතික රෝහල, නුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ අපේක්ෂා රෝහල යන රෝහල් වලින් දෙන රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා මෙම මැමෝග්‍රැෆි යන්ත්‍ර ලබාදීමට නියමිත අතර, මෙම එක් මැමෝග්‍රැෆි යන්ත්‍රයක වටිනාකම රුපියල් මිලියන 153 කි. සමස්ත උපකරණවල මුළු වටිනාකම රුපියල් මිලියන 765 ක් වේ.
සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇත.
මෙම වැඩපිළිවෙළට අමතරව හදිසි අවශ්‍යතාවය මත ත්‍රිකුණාමලය හා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් සඳහා ද භාවිතා කරන ලද මැමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලබාදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
දැනට මැමෝග්‍රැෆි යන්ත්‍ර 16ක් දිවයින පුරා සක්‍රීය සේවයේ යොදවා ඇති අතර, මෙම නව යන්ත්‍ර ලබාදීමත් සමග එම ප්‍රමාණය 23 දක්වා ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම නලින්ද ලොකු සේවයක් කරගෙන යනවා. නමුත් ප්‍රචාරණය මදි, ලෙඩ්ඩුන්ට සේවය ගන්නත් ඔවුන්ට හරි හැටි ප්‍රචාරයක්, ක්‍රමවේදයක් එන්න ඕනේ. ආණ්ඩුවට ලැබෙන ලකුණු මදි...
මේවා තියෙනවද කියලා දන්නෙත් ඉස්පිරිතාල විතරයි. මේ වගේ දේවල් හැම ගමකම ප්‍රචාරය කරලා, මැදි වයසේ ගැහැණු අය මාස 6කට වතාවක් වත් ටෙස්ට් කරන්න rotation එකක් දාන්න ඕනේ...