
(අංජුල මහික වීරරත්න)
වෙසක් පොහොය දිනය නිමිත්තෙන් කොළඹ ප්‍රදේශයේ ඉදිකරන ලද තොරණ දෙකක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
බොරැල්ල මැගසින් එක්සත් වෙළෙඳුන්ගේ ශ්‍රී වෛශාක්‍ය සමිතිය විසින් ඉදිකරන ලද ‘සම්බුලා ජාතකය’ ඇතුළත් තොරණ ද අග්‍රාමාත්‍යවරිය අතින් විවෘත කළ අතර අනතුරුව ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ ඉදිකරන ලද ‘සමුද්‍ර වාණිජ’ ජාතක කථාව රැගත් තොරණ, අග්‍රාමාත්‍යවරිය පොල්තෙල් පහන දල්වා විවෘත කළාය.
මේ අවස්ථාවට මහාසංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නජිත් ඉන්දික, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, දිලිත් ජයවීර, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල,මැගසින් එක්සත් වෙළඳ සංගමයේ සභාපති පාලිත හේරත් මහත්වරු ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd