(ඩබ්. ඒ. පියතිලක)
වසර 40ක කාලයක් සිට ගම්මාන 20ක පමණ ජනතාව ප්‍රතිකාර ලබා ගත් ඇළහැර දියබෙදුම ප්‍රාථමික රෝහල වෛද්‍යවරුන් නොමැතිකමින් රෝහල වසාදමා ඇතැයි ගම්වාසීහු කියති.
බාහිර රෝගී අංශයට සහ නේවාසික රෝගීන් රෝහලට බාර නොගන්නා අතර සායනය පමණක් අද (11) පැවැත්විණි.
මෙම රෝහලේ වෛද්‍යවරුන් හතරදෙනෙකු සිටිය නමුත් මේවන විට එක් වෛද්‍යවරයෙකුත්, හෙදියන් සිව්දෙනෙකුත් සහිතව කාර්යමණ්ඩලයේ 15දෙනෙකු පමණක් සිටින බවද එහි වෛද්‍යවරයෙක් පැවසීය.
මෙම රෝහලෙන් දිනකට 600ක පමණ ජනතාවක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බවද අසන්නම මහරෝහල වන පොළොන්නරුව මහ රෝහල ඇත්තේ කිලෝමීටර් 30 පමණ දුරකින් බැවින් ඔවුන් පීඩාවට පත්ව ඇති බවද ගම්වාසීහු කියති.
පසුගිය වසර දෙක තුළ රුපියල් ලක්ෂ 110ක මුදලක් වැය කර වෛද්‍යවරුන්ගේ නිල නිවාස ඇතුළු අංග සම්පුර්ණ රෝහලක් බවට මෙය පත් කර තිබේ. නේවාසික රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමට අංග සම්පුර්ණ වාට්ටු සංකිර්ණ දෙකක් සහිතව රෝගීන් 40කට ප්‍රතිකාර ලබා ගැනීමට පහසුකම් ඇති බවද ප්‍රදේශවාසීහු කියති.
පොළොන්නරුව ප්‍රදේශීය සෞඛ්‍ය අධක්ෂක වෛද්‍ය ඩී.එස්. ඒ. ජයසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ කීය.
“මෙම රෝහලේ වෛද්‍යවරු තිදෙනෙක් හිටියා. එක් වෛද්‍යවරයෙකු සේවය හැර ගියා. අනික් වෛද්‍යවරයාට ස්ථාන මාරුවීමක් ලැබුණා. එම ස්ථාන මාරුවීම මම අනුමත නොකළත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි එසේ කිරීමට මට සිදුවුණා. එක් වෛද්‍යවරයෙකුට දිවා රාත්‍රී දෙකම සේවය කරන්න බැරි නිසාත්, ප්‍රාථමික රෝහලක් ලෙස පවත්වාගෙන යන්නට බැරි නිසාත්, වෛද්‍යවරු පැමිණෙන තෙක් බාහිර රෝගී අංශය සහ නේවාසික රෝගීන් ඇතුළත් නොකර ගන්නා ලෙසට මම උපදෙස් දුන්නා. සායනය පමණක් පවත්වාගෙන යන ලෙස පැවසුවා ” යැයි කීය.
ඉදිරි දිනවලදි බාහිර රෝගී අංශය පමණක් පවත්වන බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.
වහාම මෙම රෝහලට වෛද්‍යවරුන් ලබාදීමට කටයුතු කරන්නැයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නව ආණ්ඩුව මහ මැතිවරණයෙන් පසු මෙම ප්‍රශ්නයට ස්ථීර විසදුමක් ගෙන දෙනු ඇත.
වෛද්‍යවරුන් දේශපාලනය කරන්න ගියාම තමන්ගේ යුතුකම් අමතක කරනවා. කරුණාකර දැන්වත් දේශපාලනය හෝ වෛද්‍ය වෘත්තිය යන දෙකෙන් එකක් තෝරාගන්න. මෙවැනි ප්‍රශ්ණ ඔබලාටම විසඳාගත හැකියි. මෙහි 'බලධාරීන්' කියන්නේත් ඔබලාම තමයි. රජය අපහසුවට පත් නොකරන්න.
ඉස්සර ඕවට මාරු කරන වෛද්‍යවරු ඒ මාරුව අවලංගු කර ගන්න ලොකු ලොක්කෝ පස්සේ ගියා. වෛද්‍ය පාදෙනිය සමිතියේ සභාපති හැටියට සාමාජිකයන්ගේ පැත්ත ගත්තා. දැන් ඉතින් පාදෙනිය මහත්තයා සෞඛ්‍ය ලේකම් වශයෙන් "Catch 22" තත්වේ ඉඳගෙන මොකද කරන්නේ කියලා අපි බලන් ඉන්නවා.
කමක් නෑ තාප්ප වල චිත්‍ර අදිනවනේ....
අවශ්‍යම දේ කරනවනේ. තාප්ප ජරා කරන එක. ලෙඩ්ඩු මැරුණට කමක් නැහැ
වෛද්‍යය විද්‍යාලෙන් පිටවෙන අය අනිවාර්යෙන්ම දුෂ්කර සේවයට යොමු කරන්න ඕන.
ඕක වැහුවට කමක් නෑ. සිංගප්පුරුවේ රෝහල් වැහුවොත් මරාගෙන මැරෙයි.
තාවකාලික විසදුමක් ලෙස පැරණි සහකාර වෛද්‍ය සේවය ඇති කළානම්............ ආපු ආපු ඇමතිලා පම්පෝරි දෙඩුවා මිස මෙවැනි ප්‍රයෝගික ප්‍රශ්න කෙරෙහි තම අවධානය යොමු කළානම් අද මේ ප්‍රශ්නය නැහැ. කොහොම උනත් දැන්වත් වැඩිපුර සිසුන් ප්‍රමාණයක් වෛද්‍ය විද්‍යාලවලට ඇතුලත් කරගන්න කටයුතු යෙදුවානම් ?
ලංකාවේ දේශපාලනය කරන හුගක් දෙනෙකුට වෙස් මූණු දාලා තියෙන්නේ. කොයි වෙලාවේ ෆියුස් එක යයිද දන්නේ නෑ.
සජිත්ට ගමේ මිනිස්සු ඡන්දේ දීලා තිබුනොත් මේ කපේදී ඔය රෝහල ගොඩ ගැනීම සිහිනයක් වන්නට බැරිත් නැහැ.
පහුගිය යහපාලන රජය සමයේ හැම දේකටම උගුර ලේ රහවනතුරු, ගිරිය කඩාගෙන බෙරිහන් දීපු, රජයේ වෛද්‍යය සංගමයේ "ඩොක්ටර් පාදෙනිය" මේ දරුණු ප්‍රශ්නයට විසදුමක් ලබාදෙන්න ඉදිරිපත් නොවුනේ මොකද කියා රටවැසියා අසනවා.
පසුගිය වසර 5ක කාලයක් රටේ රජතුමාත් ඔය පැත්තේ කෙනෙක් නේද?
සයිටම් වැහුවේ නැත්නම් ඔහොම වෙන්නේ නැහැ.
වෛද්‍ය විද්‍යාලවලින් පිටවන වෛද්‍යවරුන් සැළකිය යුතු ප්‍රමාණයක් රට හැර යනවා. විශේෂඥ වෛද්‍යවරු බහුතරයක් විදේශ පුහුණුවෙන් පසු ලංකාවට එන්නේ නෑ. සොච්චම් පඩියකට බැනුම් අහගෙන වැඩ කරන්නේ මොන මෝඩකමකටද? පිටරටකට ගිහිල්ලා සුපිරි වැටුපක් සමග දෙයියනේ කියලා ඉන්න පුළුවන්කම තියෙද්දී... ඔය ගමේ මිනිසුන්ට බැරියැ සිංගප්පූරුවට ගිහින් බෙහෙත් ගන්න.
බයවෙන්න එපා වෛද්‍ය සංගමය සංවිධානය වෙලා එක්කෙනෙක් මාසෙකට දවස ගානේ ඇලහැර ගිහින් ලෙඩ්ඩු බලයි.
අලුත් සෞඛ්‍ය ඇමතිනිවත් මෙයට විසඳුමක් දෙනකම් බලන් ඉන්නවා.
රෝහලකට පත් වීම් දෙන්නෙ සෞඛ්‍යය අමාත්‍යංශයෙන් මිසක් වෛද්‍යවරුන්ගේ හිතුමනාපෙට ඉස්පිරිතාල වලට යන්න බැරි බව අදහස් දාන අය අය දැන ගත යුතුය.
පර්යන්තයේ තියෙන රෝහල්වල නේද දොස්තරලා අනිවාර්යයෙන් සිටිය යුතු...? අද වෙලා තියෙන්නේ මහ රෝහල් වල පිරිලා පොඩි රෝහල් වල පුරප්පාඩු පුරවන එක නේද හොඳ? මහරෝහල්වල තදබදය අඩු කරන්න.
වෛද්‍යවරුන් සේවය හැරයාමට හේතුව ඉහත කමෙන්ට් වලින්ම වටහාගත හැකියි.
අර වෙදකමේ ගුණාත්මකභාවය පතා වර්ජන කරන දොස්තර අලුත්ගේ මහත්තයලාට බැරිද හුදීජනයාගේ ප්‍රයෝජනයට මේවා විවෘත කරන්න සහාය වෙන්න. එහෙම කළොත් අපි පිළිගන්නවා. ඒ ගොල්ලන් ටිකක් හරි මිනිස්සු ගැන හිතනවා කියලා...
දියබෙදුම ඉන්නේ ලාංකිකයන් නොවේද?
මේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ ප්‍රශ්නෙට ඔවුන්ගේ ජීවිතවලට ඊනියා සංගම් වගකියන්න ඕනේ. මොකද රජයේ එම්.බී.බී.එස් යන්න අකමැතියි. ගියත් එක පයක් මෙහෙ තියාගෙන ඉන්නේ. ඔය පළාත්වල මිනිස්සුනට අමිල සේවයක් කරා ඉස්සර හිටිය සහකාර වෛද්‍ය වරු. ඒ අයට නිග්‍රහ කරා "බාගෙට ඉගෙනගත් දොස්තරලා " කියලා. එහෙම කරලා ඒ අයව නැතිකරලම දැම්මා. ( මේ ප්‍රශ්නෙදි මියගිය කාලෝ පොන්සේකා මහත්තය සහකාර වෛද්‍යවරු වෙනුවෙන් පෙනී හිටිය වග එතුමාට ගෞරවයක් වශයෙන් සටහන් කරන්න ඕන )දැන් ඊනියා උපාධිධාරීන් එහාට යන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට ටිකක් තද විසඳුම ඕන. මොකද අනිත් රාජ්‍ය සේවකයෝ ඔක්කොටම දුෂ්කර සේවයේ ඉන්න පුලුවන්නම් දොස්තරලට විතරක් බැරිවෙන්න හේතුවක් නැහැ. මේ ලියන මමත් තරුණ කාලේ ඔය දුෂ්කර සේවයේ වසර 3ක් විතර හිටිය කෙනෙක්. දුෂ්කර උනත් ඕව හරිම සුන්දර පැති.
"එම ස්ථාන මාරුවීම මම අනුමත නොකළත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි එසේ කිරීමට මට සිදුවුණා". ඔන්න ඕක තමයි රටේ බොහෝ තැන්වල සිදුවෙන්නේ. රටේ පරිපාලනයට පුද්ගලික උවමනාවන් මත එක එකා තම තමන්ගේ වාසියට තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරලා තමන්ගේ පුද්ගලික උවමනාවන් ඉටු කරගන්නවා. අන්තිමේට ජනතාව තමයි පීඩා විඳින්නේ. මේ ක්‍රමවේදය නව ජනාධිපතිටවත් නව රජයටවත් නවත්වන්න පුළුවන් වුනොත් හොඳයි
කෝ අර පාදෙණිය ලොක්කා? උඩ පැනපැන මැරෙන්න හැදුවනේ සයිටම් එකේ ඉන්න වෛද්‍ය ශිෂ්‍යයන් ලෙඩ්ඩු මරනවෝ කියලා... දැන් මොකද කියන්නේ? එයාගේ මාෆියාව මොකද්ද කියලා ඒ කාලේ පාරට බැහැපු අම්මලා තාත්තලාට තේරෙනවද දන්නේ නැහැ දැන්වත්...