දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසමත්කමක් යැයි ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා ඇත.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ නොහැකි බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පවසා තිබේ.
එම සම්මුඛ සාකච්ඡාවේදී එම කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද පවසා ඇත.
“19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් අසමත්.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබුණොත් අපි එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාර්ථකව කළ හැක්කේ සහෝදරවරුන් දෙදෙනකුට පමණයි (සිනාසෙයි). රටක් සාර්ථකව පාලනය කරන්න නම් ස්ථාවරත්වය අවශ්‍යයි. සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව කාලයේදී එහෙම වුණේ නැහැ. ඔවුන් හැම තිස්සෙම ගැටුම් ඇති කරගත්තා. කිසිදු සංවර්ධනයක් වුණේ නැහැ. ස්ථාවරත්වය නැති නම් ආයෝජකයන් එන්නේ නැහැ.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පොරොන්දු වූ පූර්ණ බලතල ක්‍රියාත්මක කරන්න බැහැ. එය බහුතර ප්‍රජාවගේ, සිංහල ජනතාවගේ කැමැත්තට, ඔවුන්ගේ හැඟීම්වලට විරුද්ධයි. උතුර සංවර්ධනය කරන්න කිසිදු සිංහලයෙක් විරුද්ධ වෙන්නේ නැහැ. රැකියා දෙනවාට විරුද්ධ නැහැ. එහෙත් දේශපාලන ප්‍රශ්න වෙනස්.
පොලිස් බලතල වගේ ඒවා හැරෙන්න 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් කොටස් දැනටමත් ක්‍රියාත්මකයි. පොලිස් බලතල වගේ ඒවා අපට ක්‍රියාත්මක කරන්න බැහැ. ඒවාට තිබෙන විකල්ප ගැන කතා කරන්න මම කැමැතියි.” යැයි ද ජනාධිපතිවරයා පවසා ඇත.
055
COMMENTS
(තුනෙන් දෙකේ බලය ලැබුණොත්) ... 19 ඉවත් කරනවා කියන ප්‍රකාශය ඡන්ද වේදිකාවලදී එකම අපේක්ෂකයෙක්වත් කියපු බව අපට මතක නැත. එහෙම එකක් 16 වැනිදාට පෙර ප්‍රකාශ කළා නම් සමහරවිට පොහොට්ටුවේ ඡන්ද ගණන මීට වඩා අඩුවෙන බව සහතිකයි..! දිව්රුම් දෙන විටවත් අනුරපුර උතුම් පුදබිමේ සිට මේ ප්‍රකාශය නොකිරීමට තරම් ගෝඨාභය පරෙස්සම් වුණු බව දැන් අපට පැහැදිලි වෙනවා. මේවගේ රටට වැදගත් වන ප්‍රකාශයක් කරන්න ගෝඨාභය ඉන්දියාවට යනකම්ම හිටියේ මොන මගුලකටද කියා මගේ සීයා අහනවා. අගමැති රනිල් මැතිතුමාගේ දේශපාලන පළපුරුදුකම් ප්‍රයෝජනයට ගෙන රටට විධිමත් සේවයක් කිරීමට, ඔවුන් විසින්ම රටේ ඉහළම තනතුරට පත්කළ පොළොන්නරුවේ දේශපාලකයා ඉඩ දුන්නා නම්, අද අපේ ශ්‍රී ලංකාව මෙවැනි අසරණ තත්වයකට නොවැටෙන්නට තිබුණා...! "ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවාගන්න බැහැ", කියා අපේ පැරැන්නන් කිවුවේ කට කහනවට නොවෙයි. [19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාර්ථකව කළ හැක්කේ සහෝදරවරුන් දෙදෙනකුට පමණයි (සිනාසෙයි).] ඒ විතරක් නෙවේ... රටට (හිතකර මෙන්ම) අහිතකර දේවලුත් කිරීමට පවුල් සංස්ථාව ඉදිරියේදී පියවර ගන්නා බව නැගෙනහිරෙන් හිරු පායන්නාක් මෙන් පැහැදිලියි.
19 ඔයාලට ඕන නැති උනාට අපට අවශ්‍යයයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසමත්කමක් නොව එය පසුගිය වර්තමාන ජනාධිපතිවරයාගේ සහෝදරයා වූ මහින්ද රාජපක්ෂ 17 වැනි සංශෝධනය නැතිකොට 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලද්දේ "life time president" වීමට සිතාගෙනයි. 17 වැනි සංශෝධනයේ තිබූ සියලු ස්වාධීන කොමිසම් 18 වැනි සංශෝධනය මගින් බල රහිත කළේය. නැවත ජාතික රජය මගින් 17 වැනි සංශෝධනයේ වටිනාකම දන්නා සහ ප්‍රජාතන්ත්‍රය අගයන සියලුදෙනා 19 සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කොට බලාත්මක කරන ලද්දේය. සියලු ස්වධීන කොමිසම් යළිත් බල ගැන්වූයේය. යළිත් 19ය නැති කිරීමට රාජපක්ෂවරුන් උත්සාහ කරන්නේ නම් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසා ප්‍රජාතන්ත්‍රවාදය වචනයට සහ ව්‍යවස්ථාවට පමණක් සීමාකොට ඉතාම සූක්ෂමව ලංකාව මිලිටරිකරණය හෝ රාජපක්ෂකරණය කිරීමට ගන්නා උත්සාහයකි. වත්මන් ජනාධිපතිවරයාට 69 ලක්ෂයක් ඡන්දය ලබාදී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පවත්වාගෙන යාම සඳහා මිස ජනාධිපතිවරයාට වුවමනා ආකාරයට රට ගෙනයාම කියා සිතා සිටිනවා නම් එය වැරදි වටහා ගැනීමකි ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂ සහ දේශපාලකයන් 19 වන සංශෝධනය නැතිකර ගැනීමට යළිත් පාර්ලිමේන්තුව තුළදී අවස්ථාවක් ලබා නොදෙනු ඇත...
බලය ලැබුණට පස්සේ කියපු බොරු පොරොන්දු ඉෂ්ඨ කරන්න බැරිබව දැනුණාම දැන් ව්‍යවස්ථාවේ ඇදකුද හොයනවා. අයියත් කලේ ව්‍යවස්ථාවේ තිබ්බ ප්‍රජාතාන්ත්‍රික දේවල් අතුගාලා දාලා මැරෙනකම් බලයේ ඉන්න විදියට වෙනස් කරගත්ත එක තමයි. 19 තිබ්බ නැත්නම් මේ පාරත් ජනාධිපති අයියම තමයි කියලා මතක තියා ගත්තොත් හොඳයි...
හරි ඔය එන්නේ එළියට. මුළු පවුලටම ජීවිත අන්තය දක්වා රජ කරන්න පුළුවන්. ස්වාධීන කොමිෂන් ටික ඔක්කොම අහෝසිවෙන එකත් හොඳයිනේ... ඇමැතිවරු තව පත් කරන්න පුළුවන්. නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ කරන්න පුළුවන්. අගමැතිව එක පාරෙන් අයින් කරන්න පුළුවන්... අයියා හින්දා එ්ක නම් කරන එකක් නැහැ.
එතකොට ස්වාධීන කොමිෂන් සභා අහෝසියිද? නැවතත් විනිසුරන් පත්කිරීම ඇතුළු බලතල ජනාධිපතිට පැවරෙනවද? හැබැයි, අපේ පරමාධිකාරී බලය වෙනස් කරන්න බැහැ කියලයි අපි හිතන්නේ. ඒකට ඔතන ඉන්න අය 225 දෙනාගේ තුනෙන් දෙක මදි. ඒ අය ඕන දේකට අත් උස්සන අය නිසා ඒක නම් නිසැකවම ලැබෙයි. නමුත් ව්‍යවස්ථාව වෙනස් කරන්න නම් ජනමත විචාරණයක් අවශ්‍යයි. එහෙම දෙයක් ගැන කතා කරන්නේ නැහැ වගේ. පොල් පැලේට හැරෙන්නයි යන්නේ.
පොලිස් බලයට වඩා මධ්‍යම රජයට ඉඩම් බලය වැදගත් ය.
19 ඉවත් කලොත් බලාත්මක වෙන්නෙ 18, ඒකෙදි ජනාධිපති තනි ඒකාධිපතියෙක් වෙනවා, අසීමිත වාර සංඛ්‍යාවක් ජනපති වෙන්න පුළුවන්, සියලුම කොමිෂන් සභා අහෝසි වෙනවා. වෙන එකක් තියා ඔබතුමාව බලයට ගේන්න සාධාරණ මැතිවරණයක් තිබ්බ මැතිවරණ කොමිෂන් සභාත් අහෝසි වෙනවා, ඒකට මේ රටේ බහුතර ජනතාව කැමති ඇති කියලා මම හිතන්නෙ නැහැ. දැනට සහෝදරයො දෙන්නා ඉන්න නිසා ලෝභ නැතුව 19 ට අනුව වැඩ කරන්න,
අරක නැතුව මේක බැහැ ඒක නැතුව මේක බැහැ කිය කියා ඉන්න හොඳ නැහැ. කවදාවත් මේ රටේ ඡන්දෙකින් තුනෙන් දෙකේ බලයක් ලැබෙන්නෙ නැහැ, ඒ නිසා තියෙන බලතල එක්ක අයියත් ඉන්න නිසා හොඳ පාලනයක් ඇතිකරන්න.
18 ට මොකද වෙන්නේ.
මම නම් හිතන්නේ 19 අහෝසි කරන්න ඕනේ නැහැ. මොකද ඔබතුමාගේ පවුලේ ඕනෑතරම් සහෝදරවරු ඉන්නවනේ.. ඔහොම යන්...
මමනම් හිතන්නේ 19 අහෝසි කරන්න ඕන නැහැ. මොකද ඔබතුමාගේ පවුලේ ඕන තරම් සහෝදරවරු ඉන්නවනේ. ඔහොම යමු.
ඕවා ඉතින් හැමෝම කියන කතානේ 2/3 ගන්න!!!
ඒ එක්කම 18 අහෝසි කළා නම් හුඟක් වටිනවා මැතිතුමනි .
රෑ සිහිනයකි.
ඔව් සර්, ජේ.ආර් ගෙනාපු ඔය ව්‍යවස්ථාව රටට හෙනයක්.. අපිට ඕනෑ රජ කෙනෙක්, අනේ කුහුඹියනේ තොපටත් රජෙක් සිටින්නේ කියලා අපි ඉගෙන ගත්ත රටට රජෙක් ඕනෑ කියලා, අපි ගැන බලාගන්න පියෙක් වගේ රජෙක් ඕනෑ. ඉතින් ඔය බම්බු ව්‍යවස්ථාව අහෝසිකරලා රාජාණ්ඩුවක් ගේන්න. අපි එක පයින් සපෝර්ට්...
2/3 බලය ඉල්ලන්නේ 19 අහෝසිකර 18 බලාත්මකකර ගෙන ඒකාධිපති පාලනයක් වෙත යාමටයි. 19 වෙනි සංශෝධනය රටට හිතැති වුනෙත් ඒ නිසාමයි. මෙතෙක් ජනාධිපතිලා විදිහට ආපු අය කලේ, තම බලය අනිසි ලෙස වැඩිකර ගන්න කරන කූට උපක්‍රමයන්. ඒ අතින්, මෛත්‍රී හොඳයි. අඩුම 19 සංශෝධනය හෝ ගේන්න පුලුවන් වුණා. මෙවර සාධාරණ සහ ගැටුම් අඩුම මැතිවරණයක් පැවතුණේත් 19වැනි සංශෝධනයට පිං සිද්ධ වෙන්න. ජනතාව මෝඩයාට අන්දන්න ලෑස්ති වෙන්න එපා. ඔයාට ජනවරම දුන්නේ 19 අහෝසි කරන්න නෙමේ.
ඔය ව්‍යවස්ථාව අහෝසි කරලා රාජාණ්ඩුවක් ගේන්න. අපි එක පයින් සපෝර්ට්......පාරම්පරික දේශපාලනයට කොළ පාට කණ්නාඩියෙන් සත්‍ය පෙනෙන්නේ නෑ.
මෙයා රට බේරා ගැනීමට අවශ්‍යයි කියලා කිව්වම ගිහින් 2/3 අරන් දෙනවා. නිදහස මොනවට ද? තමන්ගේ හිස ගහලා දැම්මත් කමක් නැහැ. ඒ තරමටම ප්‍රාථමිකයි. ජනතාවගේ ඔලු විකෘති කරලා අවසානයි .
19 ට අත උස්සපු අය දේශද්‍රෝහීන්. අදූරදර්ශී, ආත්මාර්ථකාමීන් රටමත්, අපිත් ඝාතනය කළා. බැංකු කොල්ලකරුවන්ට, සිංහල බෞද්ධයට නිගරු කරපු අයට අනුග්‍රහය දෙන්න එපා.
ඕක අහෝසි කරොත් තමා ගිය පාර නටපු කෙලි ටික ආයෙත් නටන්ඩ පුළුවන් වෙන්නේ. ඕකට තමා දැන් වලිකන්නේ
19 අහෝසි නොකර 18 බලාත්මක කර රට පාවාදෙන්න පුළුවන් මේ සංශෝධන ඕනෑම කෙනකුට කියවා තේරුම් ගත හැකිය. කියවන්න. දැනුවත් වෙන්න. අන්තර්ජාලයේ ඇත. නැතිනම් ගැසට් පත්‍රිකා හෝ බලන්න. පාරම්පරික දේශපාලනය පැත්තක දමමු. එඩිතර හරි නායකත්වයක් පෙරට ගෙනෙමු.
19 වැනි සංශෝධනය නිසා ජනාධිපතිගේ බලතල සීමා කළා. රටේ මහා ඡන්දයෙන් බහුතරයේ කැමැත්තට එන පුද්ගලයෙකුට මීට වැඩ බලතල දෙන්න ඕනෑ. ස්වාධීන කොමිෂන් සභා තියෙද්දී අනික් බලතල ආපසු ජනාධිපතිට දිය යුතුයි...
වහල්ලුන්ගෙන් අහන්න වෙන්නේ දැන් සැපද කියලා තමයි. මේ මනුස්සයා ව්‍යවස්ථාවවත් දන්නේ නැතුව බොරු පොරොන්දු දී ඡන්දෙ ඉල්ලලා තියෙන්නේ බැලුවම. ඒකනේ දැන් කියන්නේ වැඩක් කරන්න බෑ 19 එක්ක කියලා.
බොහොම හොඳ අදහස. නමුත් ප්‍රවේසමින්. ඔබතුමා ඉන්න කම් හොඳා. නමුත් වෙන කෙනෙක් ඔතෙන්ට අවොත් රටටම හෙන ගහනවා.
අයිය මලෝට සැමදාම රජ වෙලා ඉන්න නම් 19 අහෝසි කරන්නම ඕන.
ඔබට සතුටුයිද දැන්...!
2/3 ගන්න නම් ඡන්දය දෙන්නේ නැහැ ඔය තියෙන ආණ්ඩු ක්‍රමය පවත්වා ගෙන යන්න. බලය වැඩි වුන ගමන් ආපු කාරණය අමතක වෙන්න පුලුවන්. ආණ්ඩු ක්‍රමය වෙනස් කරන්න කාලය නාස්ති කරන වෙලාවේ රටට යහපතක් කලා නම් හොඳයි. නැතිනම් පසුගිය ආණ්ඩු කරපු නාස්තිම කරයි.
19 ට අනුව ජනාධිපති කියන්නේ හරියට මේසේ උඩ තියෙන සැරසිල්ලක් වගේ.. නැතුවත් බැරි මෙලෝ දෙයක් කරන්නත් බැරි තනතුරක්.. දැන් බලමුකෝ අයියා මල්ලිට තුනෙන් දෙකක් ගන්න සහයෝගේ දෙයිද කියලා.. එතකොට නියම සහෝදරත්වය බලාගත්තැහැකි .. රනිල් ලොක්කට කියන තරම් මොලයක් තිබුණා නම් මෙච්චර ආච්චරුවක් කරගන්නේ නැහැනේ..
අපිත් ඔබටයි මේ පාර ඡන්දය දැම්මේ... අපි හරිම මෝඩ වැඩක් කරගත්තේ... ගමේ මිනිස්සු අපිට ගෝත්‍රිකයෝ කියලා බනින එක වැරදි නැහැ....!!! මහ මැතිවරණයේදී අපි ඔක්කොම ඡන්දය දෙන්නේ එජාපයට.. ඔබලා පරණ තැටියම වාදනය කරන්න ගත්තා නේද..? සුදු වෑන්...19 වෙනස් කරන්න. චීනාට රට අායෙත් විකුණන්න. ඒවා බැහැ මේ සැරේ...
කිසිම පක්ෂයකට තුනෙන් දෙක නොවේ 115කට වඩා දෙන්න හොඳ නෑ.. ඕනෑම රටක් තුළ හොඳ ප්‍රබල විරුද්ධ පක්ෂයක් සිටිය යුතුනිසා...
ඉස්සරහට අපි මේඩ් ඉන් චයිනාද? මේඩ් ඉන් ඉන්දියාද?
17,18 හො 19 නෙමේ මහජනතවට උවමනා. අපිට උවමනා සැනසිල්ලෙ ජීවත්වන්න, ජීවන වියදමේ හැටියට දරුමල්ලන් හදාගෙන කරන රැකියවට සරිලන වැටුපක් ලැබෙන, සියලු ජාතීන්ට නිවි සැනසිල්ලෙ ඉන්න රටේ ආරක්ශාව තිබෙන රටක්. ඔය සංශෝදන වලින් කවමදාකවත් මහජනතාවට යහපතක් උනේ නැහැ ජනාධිපතිතුමනි. එවායින් සැමවිටම සෙත සැලසුනේ පාර්ලිමේන්තුවේ සිටින අයටයි. ඔබතුමාට බහුතරයක් ඡන්දය දුන්නේ මේ ක්‍රමය වෙනස් කරනනයි. රටට, රටේ සිටින මහජනතාවට ගැලපෙන ව්‍යවස්ථාවක් හදලා ඒක හරිනම් මහජනතාවගෙන් සම්මත කරගන්න ජනාධිපතිතුමනි. ජනමතයකින් ඒක සම්මත උනොත් ඒක තමා හරී. නැතිව පාර්ලිමේන්තුවෙ 2/3 කොහොමත් ඔබතුමාලට ලැබෙයි. මොකද දැනටම කිරිඇල්ල මහතා කොල එලිය ප්‍රකාශ කරලා තියෙන්නෙ. මේ විදියට පාර්ලිමේන්තුවේ 2/3 බලයට ව්‍යවස්ථාව වෙනස් උනොත් මහජනයා ඔබතුමා කෙරේ තබපු විශ්වාසයට මොකද වෙන්නෙ.
19 සංශෝධනය සපුරා ඉවත් කර සුදුසු පියවර ගත යුතුයි. මේ තුළින් සිදුවූයේ ජනාධිපති හා පාර්ලිමේන්තු අතර උග්‍ර අර්බුද ඇති කිරීමක්. සමහර තීන්දු නිසා විධායකය සතු 3/2 රහිතව වෙනස් නොකළ හැකි නීති පවා වෙනස් වීම ඉදිරියේ අධිකරණය තුළ තීන්දු පවා ලැබීමට හේතු වේ. පළාත් සභා ඡන්දය අතර මැද සිර කිරීමට පහුගිය රජය කටයුතු කිරීම ජනතාවගේ අයිතියට කළ බලවත් අපහාසයකි.
19 තිබ්බා නැතා කියලා ලොකු වෙනස්කමක් නෑ. මොකද 19 තිබ්බා කියලා වෙලාවට ජන්දේ තිබ්බද ? නෑනේ.... එත් 13 නම් අහෝසි කළ යුතුමයි. 2/3 න් බැරිනම් ජනමත විචාරණයකින් හෝ..............
ලංකාවට විකල්ප දෙකයි තියෙන්නේ. එක්කෝ 13 තියාගෙනම විධායකය ශක්තිමත් කළ යුතුයි. නැත්නම් විධායකය ඉවත් කරලා 13 ඉවත් කළ යුතුයි.
19 සංශෝධනය ඉවත් කලොත් හෝ වෙනස් කලොත් ""දේශපාලන අනාථයෙක්" බිහිවෙනවා. මහින්ද මාමා මහන්සිවෙලා, එයා නැති කාලෙක රටේ ජනාධිපති පරම්පරාව රාජපක්ෂ පවුලෙන් පිට යාම වලක්වාගැනීම සඳහා නාමල්ට කරපු උත්සාහය වතුරේ යනවා නියතයි. කවුදෝ කිවුවලු යමක රස දැනුනාම ඒක අතහැර යන්න හිතෙන්නේ නැහැ කියලා! ඉතින් අනේ, ඒක ගෝඨාභයටත් වලංගුයි නේද?
ඒක හරියට නැග්ග ඉන්මගට පයින් ගහනවා වගේ , 19 නිසා තමයි ඔබට ඔතනට එන්න පුළුවන් උනේ කිසිම ප්‍රශ්නයක් නැතිව ඔබලාගේ බලය මිසක් වෙන මුකුත් සැලැස්මක් නැතිද රට හදන්න ඕනේ නම් මේ ක්‍රමය හොදටම ඇති.
බමුණා නියමෙට කඩේයනවා...