( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ , නිමන්ති රණසිංහ )
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනය කරන බව දැනුම් දී ඇතැයි නීතිපති අද (4) ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා මෙම දැනුම සිදු කරනු ලැබුවේ බැඳුම්කර වංචා සිද්ධිය පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේදීය.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී නඩුවේ 10 වැනි විත්තිකරු වන අජාන් ගාර්දිය පුංචිහේවා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විනිසුරු මඬුල්ල සිතාසි නිකුත් කළේය.
තවද පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් මහතා වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට මෙම මස 06 වැනිදා සිට ලබන ජනවාරි 06 වැනිදා දක්වා සිංගප්පූරුවට යාමට අවසර ලබා දුන්නේය.
ඒ අනුව ඒ මහතාගේ විදෙස් ගමන් බලපත‍්‍රය රුපියල් ලක්ෂ 25 බැගින් පෞද්ගලික ඇප 2ක් මත මුදා හැරීමට ද නියම කෙරිණි.
මෙම නඩුව සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ දැනට අධිකරණය මඟ හරිමන් සිටින අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට රජය යොමු කළ ලිපි ලේඛන සිංගප්පූරු දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බවයි.
එසේම ලේඛන රැසක් පවතින හෙයින් වැඩිදුරටත් අධ්‍යනය කිරීම සඳහා කාලය අවශ්‍ය බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව රජයට දන්වා තිබෙන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියේය.
ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සිංගප්පූරු නීතියට අනුකූල දැයි සොයා බලා එරට අධිකරණයෙන් සුදුසු නියෝගයන් ලබා දෙනු ඇතැයි ද හෙතෙම අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව සියලූ කරුණු සලකා බැලූ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය මෙම නියෝග ලබා දෙන ලදී.
2015 පෙබරවාරි 27 වැනිදා සිදුවූ බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 10.055ක වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස ව්‍යපහරණය කිරීම , කුමන්ත‍්‍රණය හා ඊට ආධාර අනුබල දීම මඟින් පොදු දේපල පනතේ 5(1) වගන්තිය යටතේ වරදක් කර ඇතැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරන ලදී.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු නියෝජ්‍ය මහ බැංකු අධිපති පී.සමරසිරි, පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එහි අධ්‍යක්ෂක වන අර්ජුන් ඇලෝෂියස්, එස්.කේ ගුණවර්ධන, රංජන් හුළුගල්ල, ඒ.ජී.පුංචිහේවා යන නැමැත්තන් මෙහි විත්තිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීයේට තුනටත් විනාස කරන්නනේ හදන්නේ ඔය
දැනට දැනගන්නට තිබෙන මාධ්‍ය තොරතුරු අනුව මෙයට සම්බන්ධයයි සැලකෙන තවත් අය විදේශගත වීමේ සුදානමක් තිබෙන හෙයින් විසදුමක් එන තුරු ඒවා තාවකාලිකව හෝ තහනම් කිරීම නුවනට හුරුයි.
අල්ලාගෙන ඇවිල්ලා කේ පීගේ දඬුවමම දෙන්න.
මේ වංචාවට සම්බන්ධ අය පමණක් නෙවි ලංකාවේ නුදුරු අතීතයේ සිද්ධ වෙලා තිබෙන සියලුම මහා පරිමානේ වංචා සහ ආන්දෝලාත්මක ප්‍රාණ ඝාතන සහ පැහැරගැනීම් අතුරුදහන් කිරීම් ආදී දේවල් වලට සම්බන්ධ පක්ෂ බේද වලින් තොර "ප්‍රභූ" කියන කිසිම කෙනෙකුට කිසිම දඬුවමක් විඳින්න වෙන්නේ නැහැ. ලංකාවේ මෑත යුගයේ දේශපාලන සම්ප්‍රදාය එයයි. මේවා සියල්ලක්ම ජනතාව පිනවන්න කරන දේවල්.
මේගොල්ලෝ කලින් කට්ටියගේ හොරු අල්ලනවා. කලින් කට්ටිය මේ අයගේ හොරු අල්ලන්න ගියා අන්තිමට අල්ලපු හොරෙකුත් නැහැ, අහපු නඩුවකුත් නැහැ, ඉතින් උදයන්ගවත් මේ විදියටම අල්ලන්න දැනුම් දෙන්න, තමන්ගේකම නෙමේ මෙතන තියෙන්නේ ඕන නීතිය. කාටත් පොදුයි කියලා පෙන්වන්න ඕන, ප්‍රභාකරන්ගෙන් රට බේරා ගත්තු දා පටන් පාලකයෝ කෙරුවේ මාරුවෙන් මාරුවට හොරා කාලා, බොරුවට නඩු කියනවා කියමින් රට ආපස්සට යන එක විතරයි. ලෝකේ අනිත් රටවල මෙන් හොරාකන පාලකයින්ව හිරගෙදරට යවන්න නීති තද කෙරුවනම් ඉවරනේ, මෙයට කිසිම පාලකයෙක් කැමති නැහැ. ඒ නීතිය ගේන්න. කවදාවත් මේ හොරුන්ව ලංකාවට ගේන්නේ නැහැ, ඒක වෙන්නෙත් නැහැ, මොකද පාලකයෝ ලෙඩට බෙහෙත් ගන්නේ ලංකාවෙන් නෙමේනේ. යන්නේ සිංගප්පුරු , ඒවා මතක් වෙන්න ලෙඩ වෙන්න ඕන
අර්ජුන්, උදයංග, ජාලිය වික්‍රමසුරිය වැනි පුද්ගලයන් ගෙන්වලා වැරදි හෝ නිවැරදි කර රටේ නීතියේ ආධිපත්‍ය පෙන්වන්න.
රටක රජවිය යුත්තේ පුද්ගලයන් නොව නීතියයි. ජනතාව විසින් සම්මත කරන ලද නීතියයි. දියුණු රටවල පුද්ගලයාට ඉහලින් නීතිය තිබෙන නිසා නීතියේ ආධිපත්‍යය පවතිනවා. නීතියෙන් ගැලවෙන්න බැහැ. අපේ රටේ පවතින්නේ පුද්ගලයන්ගේ ආධිපත්‍යයයි. ඒ නිසා නීතියෙන් ගැලවෙන්න පුළුවන්. මේ අදහස්වල නම් සඳහන් කවුරුත් නීතියට ඉහලින් ඉන්න පුදගලයන් සමග සම්බන්ධ අය. ඒ නිසා මොවුන් කවදාවත් නීතියට අහුවෙන්නේ නෑ. ඒ ඔක්කොම ඉවසන්න පුළුවන් කියමුකෝ. ඒත් ඒ වැඩේ හරියි කියල හුරේ දාන වහල්ලුත් ඉන්නෙක තමයි ඉවසන්න බැරි.
ජනතාව ගොනාට අන්දවන්නේ නැතුව ඉතා ඉක්මනින් නිතිය බලාත්මක කරවලා රටේ සිද්ධ වෙන හා සිදුවුණා වූ සියලුම දුෂිත ක්‍රියාමාර්ගයන් දොස්/නිදොස් කලයුතුයි
අයිතිකාරයා නැති මාලිගාවේ ඉන්න හොරාවත් අල්ලන්න. ඔට්ටුයි බෑ....!
දැක්කද අපේ ආණ්ඩුවක් එන්න ඕන හොරු අල්ලන්නත්, හරි සතුටුයි කියන්න, යූඇන්පී හොරුන්ගේ කාලේ මලකඩ කාලා තිබුණු නීතියේ දැති රෝද හෙමින් හෙමින් කැරකෙන්න පටන් ගන්න හැටි දැකලා දැන් හොරුන්ට තරු විසිවෙලා ඇත්තේ.., ගෝඨාභය සර්ට ලෝකෙම ගරු කරනවා. ඉල්ලීමක් කළොත් නොසලකා හරින්නේ නැහැ.. පෞරුෂය කියන්නේ එ්කට..!
අවසානයේ වෙන්නේ නිදොස් කොට නිදහස් වෙනවා. මහජන මුදල් නාස්තියි. බදු ගෙවන සාමාන්‍ය ජනතාවට තමයි අදත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ...
මංගලගේ ගෝලයෝ සෙට්එකම අදහස් දාලා...
වෙනස සැපද?