(බිඟුන් මේනක ගමගේ)
මහ බැංකු බැඳුම්කරයේ වෝහාරික විගණන වාර්තා තමා අතට ගෙන ඊට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොදු ව්‍යාපාර කාරක සභාවේ හිටපු සභාපතිවරයා හැටියට තමා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (8) පැවැසීය.
පොදු ව්‍යාපාර කාරක සභාව හැරුණු විට වෝහාරික විගණන වාර්තා විවෘත කිරීමට මුදල් ඇමැතිවරයාට පූර්ණ බලය ඇතැයි ද ඒ අනුව මුදල් විෂය භාරව සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය නම් එම වාර්තා නිරීක්ෂණය කර අවශ්‍ය ඊළඟ පියවර ගත හැකි යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී හඳුන්නෙත්ති මහතා අවධාරණය කර කීය.
වෝහාරික විගණන වාර්තා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් විවෘත කිරීමට පැය කීපයක් තිබියදී පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම නිසා බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වීමට තිබූ අවස්ථාව මඟ හැරී ගියේ යැයි කී හෙතෙම වාරාවසාන කිරීම දිනයකින් හෝ කල් ගියේ නම් අදාළ වාර්තාවල අන්තර්ගත කරුණු විමසා ගත යුතු පියවර සම්බන්ධයෙන් තීරණයක් ගත හැකිව තිබිණි යැයි පැවැසීය.
බැඳුම්කර ගනුදෙනුවේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය හිතෛශීන් ආරක්ෂා කරන බවට විශාල විවේචනයක් පැවැති පසුබිමක තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දෙන බවට වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දුව ඉටුකිරීමට අගමැතිවරයාට හැකි යැයි හඳුන්නෙත්ති මහතා කීය.
අදාළ වෝහාරික විගණන වාර්තා කෝප් කමිටු ලේඛනාගාරයේ ආරක්ෂිතව ඇතැයි ද නව කෝප් කමිටුවට එය පිරික්සා බැලිය හැකි යැයි ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
මාර්තු 2 වැනිදා වනවිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව ලැබෙන බැවින් නව කාරක සභාවක් පත්කර ඔවුන් මෙය විමර්ශනය ආරම්භ කිරීමට පෙර බොහෝවිට විය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම යැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැන්දම්මගෙන්ද ඔය පේන අහන්න කියන්නේ මහත්තයෝ..?
මේක මාරුවෙන් මාරුවට දෙගොල්ලන්ට භුක්තියට යන දේපලක්... දෙගොල්ලන් සාධාරණව බෙදාගන්නවා. කරදරවෙන්න කාරි නෑ.
මොන පිස්සුද? ඕවා මේ රටේ කවදාවත් වෙලත් නෑ, වෙන්නෙත් නෑ. ඕනෑම නම් සොක්කෝ දෙතුන් දෙනෙක්ට දඬුවම් ලැබෙයි...
අඹ ගෙඩියක් වගේ ලොකු වංචාවක් නොවේ මහබැංකු වංචා. ඒ නිසා ඔවුන් නිදොස්කොට නිදහස් වේවි...!!!
2005 සිට 2019 වනතුරු බැඳුම්කර, දූෂණ සොයන්න කඩිනමින් කෝප් කමිටුව ශක්තිමත් කරන්න...!!!
ඔයා අවුරුදු 4ක් ක්‍රිකට් බෝඩ් එකයි, ග්‍රාමීය බැංකුව වගේ පොඩි පොඩි ඒවා අල්ලගෙන ඉඳලා දැන් එකපාරටම කෑගහන්න එපා.
ඕක කෙරෙන වැඩක් නොවේ, රට පැනල ඉන්න බැදුම්කර හොරු මහා පක්ෂ දෙකේම ලොක්කෝ එක්ක හිතවත්.
2005 ඉඳන්ම හොයනවද?
මෙම සිද්ධියට අදාලව පරීක්ෂණ නිමවා දඬුවම් ලබදෙනතුරු මෙයට සම්බන්ධව චෝදනාවලට ලක්වූ රනිල්, රවී, මලික්, ආදී හිටපු සියලු මැතිඇමති වරුන්ට රටින් පිටවීම වළකාලීමට අවශ්‍ය කටයුතු කරන මෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු සියලු කෝප් කමිටු සාමාජිකයන්ගෙනුත්, මෙරට සියලු නීති නිලධාරින්ගෙනුත් රටවැසියන් ලෙස මෙයින් ඉල්ලා සිටිමු. මෙය අද හෙටම කළයුතු බරපතල කාරණාවක් ලෙස සලකා කටයුතුකරන ලෙස ඔබ සැමගෙන් නැවත ඉල්ලා සිටිමු. එසේ නොවුණහොත් අශ්වයා පැනගියපසු ඉස්තාලය වැසුවාක් මෙන් වනු ඇත...
2005 සිට 2019 දක්වා බැඳුම්කර වංචාවෙන් ලද පාඩුව කෝටි ලක්ෂ 5 ඉක්මවයි.. මේ මුදල් තරාතිරම නොබලා අයකර ගත්තා නම් ලෝකෙට ණය මුදලින් සියයට 60ක් විතර ගෙවිය හැකිය.