(රන්ජන් කටුගම්පල සහ නිමන්ති රණසිංහ)
ව්‍යාජ ලේඛන සකස් කර රුපියල් ලක්ෂ 21කට ආසන්න මුදලක් වංචා කරන ලදැයි ගණකාධිකාරිවරයකුට එරෙහිව පවරා තිබූ නඩුව විභාගයට ගැනීමෙන් පසු අදාළ චෝදනාවන්ට ඔහුව වරදකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශිෂී මහේන්ද්‍රන් මහතා, විත්තිකාර ගණකාධිකාරිවරයාට රුපියල් ලක්ෂ 19ක දඩ මුදලක් සහ වසර 367ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද (06) නියම කළේය.
මෙම විත්තිකරු අධිකරණය මග හැර සිටීම හේතුවෙන් විත්තිකරුට විවෘත වරෙන්තු නිකුත් කළ මහාධිකරණය විත්තිකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළේය. එසේම, එම විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත සහ බුද්ධි අංශයන් වෙත වහාම දන්වා යවන ලෙසට ද අධිකරණ ප‍්‍රධාන රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝගයක් නිකුත් විණී.
මෙවැනි වරදිකරන අනෙක් විත්කිකරුවන්ට මෙන්ම අනෙක් පුද්ගලයින්ට නැවත මෙවැනි වැරැද්දක් නොකිරීමට ආදර්ශයක් ලෙස මෙලෙස දඩුවම් නියම කරනු ලබන බව සදහන් කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.
මෙලෙස දඩ, සිරදඩුවම් සහ විවෘත වරෙන්තු නිකුත් වූයේ පුද්ගලික ආයතනයක ගණකාධිකාරීවරයකු වූ හික්කඩුව ලියනගේ නන්දසිරි නැමැත්තාටය.
විත්තිකාර ගණකාධිකාරිවරයාට එරෙහි චෝදනා 19ක් ඉදිරිපත් කර තිබූ අතර, පළමු චෝදනාවට වසර 7ක බරපතල සිරදඩුවමක් නියම කළ අතර ඉතිරි චෝදනාවන්ට වසර 20 බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළේය. ඒ අනුව, අදාළ චෝදනාවන්හි දඩුවම් එකට කි‍්‍රයාත්මක වී වසර 367ක සිරදඩුවමක් බවට පත්විණී.
වර්ෂ 2000 සිට 2001 අතර කාලය තුළදී කී‍්‍රඩා උපකරණ අලෙවි මධ්‍යස්ථානයක සේවකය කරමින් සිටියදී රුපියල් 21,99130.66ක මුදලක් ව්‍යාජ ලේඛණ සකස් කර වංචා කරන ලදැයි නිතිපතිවරයා මෙම විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ, මේක පුදුම අවනීතියක්නේ... කෝටිගණන් හොරාකන දේශපාලකයන් නිදොස් කොට නිදහස්... මේ මනුස්සයා අවුරුදු 367ක්. අඩුම තරමින් මේ තරම් කාලයක් ජීවත් වෙයි කියලා හිතන්නවත් පුළුවන්ද? පුදුම තීන්දු... කෝ මේ රන්ජන්..? ඔයයි මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ...
සිල් රෙදි සිද්ධියටවත් ඔච්චර දුන්නේ නෑනේ. නිකන්ම මනුස්සයෙක් නිසා මෙහෙම වුනා කියලා හිතෙනවානේ..
කෝටි ප්‍රකෝටි වලින් හොරකම් කරපු අයට ආණ්ඩුවෙන් ආරක්ෂාව දෙනවා
ලක්ෂ 21ට මෙච්චර නම් මහබැංකුවට කොච්චර වෙයිද?
අපරාදේ.... මහ බැංකුවටම වැඩේ දුන්නා නම්, කේ.පී. වගේ ත්‍රස්තයින්ට ආයුධ දුන්නා නම් මේ දඬුවම් මොනවත් නැතුව සතුටින් ඉන්න තිබුණා.
ඉන්න හිතෙනවද දාලා දුවන්නද කියලා හිතුණා..!!!
අධිකරණ නීතියට වඩා මෙහිදී දේශපාලන නීතියක් බලපා ඇත්ද කියා පරෙස්සමෙන් විමසා බැලුවොත් නරකද? මෙතරම් දීර්ඝ නඩු තීන්දුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ දීපු පළමුවැනි අවස්ථාව මෙයද?
මේ අධිකරණයෙන්ම තමා සතියකට පෙර විමල් වීරවංසගේ නඩුව දින නියමයක් නැතිව කල් දැම්මේ...
මේ මනුස්සයා කරලා තියෙන්නේ වරදක්. ඒකට නිසි දඬුවමක් හිමිවෙන්න අවශ්‍යයි. ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි ලක්ෂ 21ක් හොරකම් කරාට අවුරුදු 367ක් හිර දඬුවම්. ඒකත් පුද්ගලික ආයතනයකින්... රටේ මිනිස්සුන්ගේ සල්ලි කෝටි ගණනින් හොරකම් කරන දේශපාලුවන් නිදොස් කොට නිදහස් කරන, මිනීමරුවන්ට ජනාධිපති සමාව ලැබෙන රටක සාමාන්‍ය මිනිස්සුන්ට ලැබෙන මේ දඬුවම් අසාධාරණයි කියලා හිතෙනවා...
ගෙදරින් එළියට බැහැලා තියෙන්නේ ගැනිගෙන් ගුටිකාලද කොහෙද..? නඩුව දාපුකෙනා වන්දිත් ලැබෙන හින්දා සමාව දෙන්න කැමති වුණොත් මොහුව නිදහස් කරන්න පුළුවන් නේද...?
කට්ටිය බොහොම කලබල වෙලා... මතක නැද්ද සති කීපයකට ඉස්සෙල්ලා වංචා සහ මිනීමැරුම් චෝදනා ඇති කෙනෙක් පත්කළා..
අවුරුදු 367ක් යනකම් මේ මනුස්සයා දිව්‍ය ලෝකෙට ගිහින් නැත්නම් අපායට ගිහින් ඉඳි...
මිනිසුන්ට එක විදිහක්, ලොකු ලොක්කන්ට එක විදිහක්... පුදුම නීතියක්... ප්‍රකෝටි ගණන් හොරකන් කළ අය එළියේ. ලංකාවේ නීතිය වෙනස් කරන්න ඕනෑ කාලේ ඇවිත් තියෙන්නේ...
අවුරුදු 367 මෙයාට කන්න බොන්න දෙන්න වෙන්නෙ, එලියෙ ඉන්න අපි.
නීතිය මාරයි. මාරම සනීපයි. ලියන්න ඕනේ අදහස් සේරම කට්ටිය එකතුවෙලා ලියලා තියෙනවා. අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ. ප්‍රායෝගික නැති නඩු තීන්දුවක්. එච්චරයි.
මිත්‍රයිනි, මේ දඬුවම දීලා තියෙන්නේ ඔහුට නොවෙයි අපට... අවුරුදු 367ක් කන්න දීපල්ලකෝ අපි..
අධිකරණ අපේ රටේ දූෂිත තත්වයට පත්වෙලා... එතන ඉන්න බොහොමයක් නිලධාරීන් දේශපාලකයන්ටත් වැඩිය දූෂිතයි.
වරදට දඬුවම සාධාරණයි. නමුත් මේ රටේ එළිපිට සිද්ධවෙන දූෂණ, වංචා වලටත් අධිකරණයේ කොඳු නාරටිය කෙලින් විය යුතුයි නේද?
මේවට අපිටනම් දෙකොනින්ම හිනා යනවා. සුනාමියෙන් මිලියන ගණන් ගසා කාපු අයට මේ නීතිය වලංගු නෑ. අපේ රටේ දුෂිත දේශපාලුවන්ට එක නීතියක්. සාමාන්‍ය ජනතාවට තව නීතියක්.
මට ඕනෑ ගාන මම දාන්නේ... අනිත් අයට ඒකෙන් වැඩක් නැහැනේ...
අල්ලගන්න ඕනෑ මොනවා කරන්නත්..! තාම ඌගේ නැට්ටවත් අල්ලාලා නැහැනේ.
ටොපියක් හොරාට කෑවත් කිසියම් හෝ දඬුවමක් දිය යුතු කාලයක් තමයි ඇවිත් තියෙන්නේ. ඒත් මේ දඬුවම නම් සැර වැඩියි. කොහොම වුණත් අපි අධිකරණය විවේචනය කරන්නේ නැහැ..