එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙසින් පිළිගැනීමට සිදුවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (27) පැවසීය.
කතානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමිනි.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරවුල් පක්ෂය ඇතුළත සිට විසඳා ගත යුතු බව කතානායකවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

COMMENTS
ජය වේවා! චන්ඩිකමෙන් නොව ඉවසීමෙන් වැඩ කිරීමේ ප්‍රතිඵලය.
ඔබතුමා තමයි අපිටත් ඕනෑ... ජයවේවා..!!!
සාදරයෙන් පිළිගනිමි.
එහෙනම් ඊළඟට පවත්වනු ලබන සියළුම මැතිවරණවලදී එක්සත් ජාතික පෙරමුණට අත්වන පැහැදිළි පරාජය පිළිගන්නත් දැන් ඉඳන්ම සූදානම් වන්න.
ශ්‍රි ලංකාවේ නිත්‍ය විපක්ෂනායක !
ආණ්ඩුව කැමැති මෙයා ඉන්නවට..
තමන් හිතනදේ පමණක් හරි කියලා හිතාගෙන ක්‍රියා කරනවා වගේ පෙනෙන අජිත් මහත්තයලා ප්‍රධාන කණ්ඩායමේ අවධානය පිණිසයි. දුම්මල ගහලාවත් එලවා ගන්න නම් බැරි බවයි පෙනෙන්නේ...
හුරේ ... ! කමෝන් ... රනිල් හාමු...එහෙම තමයි වෙන්න ඕනෑ. නියමයි...!
ඔයා තමයි සර් එකම සුදුස්සා... ජයවේවා..!!!
නියමයි ,ඔහොම යමු කාව පත් කලත් රටට ආදරය කරන පිරිස වැඩියි ඉපදෙන්න ඉන්න දරුවන්ට ජාති වාදයෙන් තොර රටක් ඕන, පක්ෂ බේදයෙන් තොරව ඒ ගැන අපි හිතමු.
කථානායකවරයා කළ දේ හරි නමුත් පක්ෂය නියම තැන නියම තැනැත්තාට දිය යුතුයි...
මම සතුටුයි අහවල්තුමාගේ පුතා පහුගිය කාලේ කියපු කතාවලින් එතුමාගේ බුද්ධි මහිමය අපි තේරුම් ගත්තා.
සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට පැවරුනත් එතුමා එය භාර නොගෙන බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව එය සජිත් ප්‍රේමදාස මහතාට පැවරිය යුතුයි. ඒ වගේම පක්ෂ නායක ධුරයද සජිත්ටම පැවරිය යුතුයි. එසේ නොකළොත් ඊලඟ මැතිවරණයේදී යුඑන්පී ඡන්දදායකයින් ලක්ෂ ගණනින් ඡන්ද පොළට නොයාම නිසා යුඑන්පී එකට ඡන්ද දස ලක්ෂයකට අඩු ගණනක් ලැබෙනු ඇත. ඉන්පසු යුඑන්පීඑකට මතක වස්ත්‍ර පූජා කිරීම හැර වෙන කළහැකි දෙයක් නොවනු ඇත. මෙසේ වීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම පොහොට්ටුව මෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වී අතරමං වන යුඑන්පී ඡන්දදායකයින්ට නව මගක් විවෘත කොට දිය යුතුය.
මෙයාත් මහින්ද මහත්තයත් එක්කෝ අගමැති, එක්කෝ විපක්ෂනායක.
නැතුව නැතුව....... හුරේ ......මම ආපහු විපක්ෂේ .....
මේක තමයි කොහොමත් තිබුණු ප්ලෑන් එක.. ජීවිතේ අදාල කාලවල කළයුතු දේවල් කලේ නැතුවම කාට වුණත් මේ වගේ කුණු කතාවලට මුහුණ දෙන්න වෙනවා.. මොකද දැන් මෙයාට දරු මුනුපුරෙක් එක්ක සතුටින් ඉන්න කියලා ප්‍රශ්නයකුත් නැහැනේ.. ඉතින් පාර්ලිමේන්තුවේම මැරිලා යන්න තමයි.. අනික නහින දෙහින අයටත් කියන්න තියෙන්නේ ඒකම තමයි. බල තණ්හාව කියන්නේ පිළිකාවකටත් අන්ත ලෙඩක්.. ඒකට බෙහෙත් නැහැ..
ඉහලම ප්‍රතිලාභ ඇති, අඩුම වගකීම් ඇති සුපිරිම තනතුරක් මේක.
ඔහු කැමතිම තනතුරු තමයි ඕක.. 1994 සිට 25 වසරක් පක්ෂයට මෙලෝවැඩක් නොකරපු රටට මෙලෝ වැඩක් කරලා නැහැ.
රට වනසන අයව දුම්මල ගහලාවත් එළව ගන්න බැරි ගැටලුව තමයි ලංකාවට තිබෙන්නේ.....
එකම කාසිය දෙපැත්තට පෙරළෙනවා. ජරා ජීර්ණ වුන දේශපාලනය කවදා හරි මගට යාවිද? කවුද කිව්වා වගේ රේල් පාර එකයි. දුම්රිය විතරමයි වෙනස. මේ ඔක්කොම හැමදාම සතුටින්. අපි හැමදාම දුකින් හුල්ලනවා.
මට මෙතුමා ගිය ඉස්කෝලෙට දවසක් යන්න බැරි වුණානේ.. ඉතා සූක්ෂම සහ දුරදක්නා දේශපාලකයෙක්.. තමන්ගේ හිමි ස්ථානය රැකගත්තට දෙවනපෙළ වැඩවලට මෙතුමා පලි නැහැ..
කරු කැමති මෙය ඉන්නවා නම්... එතකොට ඔක්කොම සම සම නේ... නැත්නම් එයාටත් ලැජ්ජයිනේ..
සජිත්ගේ බුද්ධිය කතාකරන විදියෙන්ම අපි හොඳට මැන ගත්තා. රනිල් පැරදුණත් දාහෙන් සම්පතයි... පුතානෝට වැඩියෙන්. නවීන් හරි, රුවන් විජේවර්ධනව හරි පක්ෂයේ නායකත්වයට ඔසවා තැබිය යුතුයි.
එජාප තරුණ, විප්ලවකාරී, කඩාකප්පල්කාරී කල්ලියක් තමයි මැර බලයෙන් වගේ රනිල් මහතා එලවන්න බලන්නේ. අපරාදේ ජනාධිපතිවරණයට ඉල්ලන්නවත් දුන්නේ නැහැ.
හැබැයි මේ තීරණයේ ප්‍රතිලාභියා ආණ්ඩුව තමයි. නායකයත්වය වෙනස් නොකළත් එජාප එකට යනඑන මං නැතිවෙයි.
මහින්දගේ ප්ලෑන් එක! ගෝඨාට තවත් ඡන්ද..!! මමත් මින්පසු දූෂිත මහින්දට දෙනවා. රනිල් UNP සමග මියගියාවේ... !!!
බුදු අම්මෝ...!!! 30 වතාවක්ම පැරදිලා තවමත් ඉන්නවා.
කතානායක වෙනස් කිරිමට කාලය ඇවිත්. කරු සහ රනිල් හොඳ එකතුවක් නොවේ. ඔවුන් දිය යටින් ගිනි ගෙනයා හැකි පිරිසකි.
රටේ නැති ප්‍රශ්න ඇතිකරලා .... කෑදරකම තමයි.
මොන මළ කරුමයක්ද මේ...? දුම්මල ගහලා යක්කුන්ව එලෙව්වත් මෙයා මේ තරමට රටත් කාලා, පක්ෂයත් කාලා පිටපිට ඡන්දත් පැරදිලා එ්ත් යවාගන්න බැරි හැටි...
එජාපය නැතිකළේ මොනවද කලේ පක්ෂයට? බේදභින්න කළ එක විතරයි. අපි හිතුවේ උගත්කම නිසා මොනවා හරි දෙයක් රටට කරයි කියලා. කෝ කළාද? සුරන්ගනා කතා කියකියා අවුරුදු හතරක්ම කාලා දැම්මා. අවසානයට මොකද වුනේ.... ආපහු විපක්ෂ නායකවෙලා ඉන්නවා. ලැජ්ජා නැතිකමද? බල තණ්හාවද. දැන්වත් ඔය නූල් සුත්තර වැඩ නතර කරලා ජීවිතේ ඉතිරි කාලය ගෙව්වොත් නරකද?
අලුත් බෝතලයක් නම් ලැබුණා... එ්ත් ඇතුලේ පරණ වයින් මනේ තියෙන්නේ
එක්සත් ජාතික පක්ෂය කියන අභිමානවත් පක්ෂය විනාශ කිරීම නම් මතු ආත්ම වලදීද ගෙවීමට සිදුවනු ඇත.
සජිත් හම්බන්තොට ගියදා ඉඳන් ආසනය පරාදයි.
අනේ ඉතින් තව කීවතාවක් ඔහොම ඉන්නද?
සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට පැවරුණත් එතුමා එය බාර නොගෙන බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව එය සජිත් ප්‍රේමදාස මහතාට පැවරිය යුතුයි. ඒ වගේම පක්ෂ නායක ධුරයද සජිත්ටම පැවරිය යුතුයි. එසේ නොකළොත් ඊළඟ මැතිවරණයේදී යූඑන්පී ඡන්දදායකයින් ලක්ෂ ගණනින් ඡන්ද පොළට නොයාම නිසා යූඑන්පී එකට ඡන්ද දස ලක්ෂයකට අඩු ගණනක් ලැබෙනු ඇත. ඉන්පසු යූඑන්පී එකට මතක වස්ත්‍ර පූජා කිරීම හැර වෙන කළහැකි දෙයක් නොවනු ඇත. මෙසේ වීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම පොහොට්ටුව මෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වී අතරමං වන යූඑන්පී ඡන්දදායකයින්ට නව මගක් විවෘත කොට දිය යුතුයි...
රනිල් ඉන්නකම් මහින්දට වාසියි.
සජිත් දැන් ඔබතුමා කියනවා කියපු දෙය කරන්න කියලා. මේ යන ගමනින් නම් ඔබතුමාට කවදාවත් ගොඩ එන්න බැරිය.
මේ අය කවදාහරි මැරෙන්නෙත් පාර්ලිමේන්තුව ඇතුලේමයි...
බලන්න නයනි එ්කෙත් හැටි.. ජය වේවා.. ජය වේවා..!!
2025න් පසුවත් රනිල් මහතාම විපක්ෂ නායකයා විය යුතුයි.
පරිණත දේශපාලනයේ ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි රනිල් කියන්නේ... ලංකාවට පමණක් නෙමෙයි ජාත්‍යන්තරයේත් රාජතාන්ත්‍රික මට්ටමින් ඔහුව පිළිගැනෙනවා. එහෙම පිරිස් හරි අඩුයි අපේ රටේ දේශපාලන කරලියේ... නමුත් මේ තනතුර දෙන්න එජාපයේ කිසිවෙක් නැති ගානයි... මෙතුමා ඇරෙන්න මගේ නම් හැඟීම... සජිත් තව ටිකක් තටු ගසලා වැඩේට බැස්සොත් අගෙයි.
රනිල් සැබවින්ම නිහතමානී මෙන්ම බුද්ධිමත් නායකයෙක්. ඔහුට යම් දැක්මකුත් තියනවා. හැබැයි මිනිසුන් අතර කරන දේශපාලනයට ඔහු සුදුසු නැහැ. ලංකාවේ කෙරෙන ජනප්‍රිය දේශපාලනයට ඔහු සුදුසු නැහැ. ඔහුගේ ලිබරල් චින්තනය ලංකාවට ගැලපෙන්නේ නැහැ. මැතිවරණවලට ඉදිරිපත් වෙන්න බැරි නායකයෙක් පක්ෂයකට ඕන නැහැ. ඉතා ප්‍රබල පක්ෂයක්ව තිබුණු යූ.එන්.පී. ය අද වැටිච්ච තත්වයට ඔහු අනිවාර්යයෙන්ම වගකියන්න ඕන. ඉතා දුර්වලව සිටි රාජපක්ෂලා ශක්තිමත්ව නැගී සිටීමටත් ඔහු වගකියන්න ඕනෑ. අලුත් පරම්පරාවට කතා කරන්න දන්නෙම නැහැ. බිම් මට්ටමේ පාක්ෂිකයින්ට කතා කරන්නත් දන්නේ නැහැ. යු.එන් පි. යට නැවත ගොඩ එන්න නම් ඔහු යන්නම ඕනේ. හැබැයි ඔහු වෙනුවට විකල්පය ලෙස සජිත් දකිනවා නම් එකත් ලොකුම මෝඩකමක්. ඔහුට රටට තියා පක්ෂයටවත් නායකත්වයක් දෙන්න දැක්මක් නැහැ. පක්ෂයේ අසමගියට ඔහුත් වගකියන්න ඕනේ. පක්ෂය ඇතුලේ විනයක් නැති විටක, රටක විනයක් හදන්නේ කොහොමද? මේ නිසා රටට ශක්තිමත් විපක්ෂයක් නැතිවේගෙනයි එන්නේ. රාජපක්ෂලා දෙවෙනි වතාවටත් වරද්ද ගන්නේ එතැනින් තමයි. ඔවුන් නිවැරදි කරන්න කව්රුවත් නැහැ. ජේ.වී.පි. යනු හුදෙක් ප්‍රායෝගික නැති විකල්පයක් පමණයි.
එ්ක බොහොම හොඳයි. පාර්ලිමේන්තුවේ ගෞරවය රැකෙන්නත් ඕනේ නේද? විපක්ෂ නායකයා නීතිඥයෙක් කියලාවත් සැනසෙන්න පුලුවනිනේ. නැතිනම් උගත් අයට අපහාස කරන්න පුළුවන්යැ.
කවදාකහරි එජාපයට වෙන්නෙත් ශ්‍රී ලංකා එකට වුන වැඩේ