ඇමැති ඩලස්ගේ නියමයෙන් පරීක්ෂණයක්.ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම් සම්බන්ධ කඩිනම් වාර්තාවක් ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන්ට නියෝග කර තිබේ.
ඉකුත් ඔක්තෝබර් මස 07 වැනි දින සිට නොවැම්බර් මස 26 වැනි දින දක්වා කාලය තුළ මැතිවරණ නීතිය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාසල්වලට දරුවන් ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් 1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා නිකුත් කරන ලද ලිපි 427ක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
ඇතැම් ලිපිවල අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ව්‍යාජ අත්සන් යොදා ඇති බව ද මේ වන විට හෙළිවී ඇතැයි ද එහි සඳහන් වේ.
COMMENTS
ලොක්කොනම් කොහොමහරි බේරෙයි. ළමයි ටික අනාත වෙයි.
මේක 1970 ගණන් වල ඉඳලම තියෙන දෙයක් නේ.
අනේ මේ..., මේක අනාදිමත් කාලයක ඉඳලා තිබෙනවා. කොළඹ විශාකාවට නොගිය දේශපාලු නෝනලාගේ ළමයින් විශාකාවට යද්දී, දීප්තිමත් ආදී සිසුවියන්ගේ ළමයින් වෙනත් පුද්ගලික පාසල්වල... ඒ උදවියට පුළුවන්කමකට නෙවෙයි වැදගත්.. රස්සා කරන ගමන් ඉස්කෝල ගැන නඩු කියන්න වෙලාවක් නැතිව මිසක්...
පාස්කු ප්‍රහාරය සමග දින නියමයක් නැතිව කල්දැමූ පොර්ට් සිටි ව්‍යාපෘතියේ ඉඩම් විකිණීම ආරම්භ කිරීමේ මහා උත්සවය හෙට සවස පැවැත්වේ. ගාලු මුවදොර පිටියේ සිට කලාතුරකින් දක්නට ලැබෙන මහා මල්වෙඩි සංදර්ශනයක් නැරඹිය හැකිය.
දෙමාපියන්ගේ වැරැද්දනේ.., අැයි ජනපතිවරණ සමයේ පාසල්වලට සිසුන් ගන්න ලියුම් ඉල්ලන්න ගියේ...?
මෙය සිදු වෙමින් පවතින කාලයේ මම කමෙන්ට් එකක් දැම්මා. ඩිස්ලයික් සෑහෙන්න තිබුනා. දැන් මොකද කියන්නේ ?
මේ ගොල්ලෝ දැන් උපාසකලා වෙලා හිටපු අයගේ හොරකම් ගැන කියනවා. මේ අය පැරදුණාම අනිත් අය ඇවිත් මේ අයගේ හොරකම් ගැන කියනවා. මේ නාඩගම අවුරුදු 70ක්ම වුණා. ඉස්සරහටත් මෙහෙම තමයි. හැබැයි කවදාවත් දඬුවම් විඳපු, හිරේට ගිය දේශපාලුවෙක් නෑ. සොක්කෝ ටිකක් අල්ලලා හිරේ දාවි. මේවට තමයි නරිනාටක කියන්නේ...