(අජන්ත කුමාර අගලකඩ)
හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරන තාක්කල් පාවිච්චි කිරීම සඳහා විපක්ෂ නායක නිල නිවස පසුගිය ආණ්ඩුව විසින් විශේෂ කැබිනට් තීන්දුවක් මගින් ලබාදී ඇත.
කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි බී 12 නිල නිවස, විපක්ෂ නායක නිල නිවස ලෙස වෙන්කර ඇති අතර ආර්. සම්බන්ධන්මහතා මේ වන විටත් එම නිල නිවසේ පදිංචිව සිටී.
සම්බන්ධන් මහතාට පෞද්ගලික වන සේ මෙම නිල නිවස ලබාදී ඇති අතර ඊට අදාළ විශේෂ කැබිනට් සංදේශය එවකට ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයාවූ ගයන්ත කරුණාතිලක මහතා විසින් 2019 පෙබරවාරි මස 26 වැනිදා මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබ තිබේ.
කොළඹ 07 පිහිටි අක්කර එක හමාරක පමණ භූමි භාගයක මෙම නිල නිවස පිහිටා ඇති අතර එහි නඩත්තු කටයුතු සඳහා බංගලා භාරකරුවකු උද්‍යාන කරුවන් දෙදෙනකු, අභ්‍යන්තර නඩත්තු කම්කරුවන් දෙදෙනෙකු වශයෙන් සේවකයන් පස් දෙනකු යොදවනු ලැබ සිටින අතර ඔවුන්ට වැටුප් ගෙවීම හා නිල නිවස නඩත්තුව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබේ.
2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව සම්පන්ධන් මහතා විපක්ෂ නායකධුරයට පත්වීමත් සමග ඔහුට මෙම නිල නිවස ලබාදී ඇති අතර 2017 වසරේදී එහි අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් ලක්ෂ 350 ක මුදලක්ද රජයෙන් වැයකර ඇත.
2018 ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කිරීමත් සමඟ පිහිටවූ දින 52 ආණ්ඩුව වෙනස්වූ පසුව මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකධුරයට පත්වුවද විපක්ෂ නායක නිල නිවස දිගටම පාවිච්චි කරනු ලැබුවේද සම්බන්ධන් මහතා විසිනි.
සම්බන්ධන් මහතාට පහසුකම් සැලසීම හේතුවෙන් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා 2019 පෙබරවාරි 26 වැනිදා ඉදිරිපත් කළ විශේෂ කැබිනට් මණ්ඩල සංදේශය අනුව ඔහුට මෙම සුවිශේෂි පහසුකම් ලබාදී තිබේ.
සංහිඳියාව සඳහා සම්බන්ධන් මහතා දක්වන සුවිශේෂී දායකත්වය මත ඔහුට පහසුකම් සැලසීම රජයේ වගකීමක් බවත් සම්බන්ධන් මහතාට පෞද්ගලික වන සේ කතානායකවරයාගේ ඉල්ලීම මත මෙම නිල නිවස ලබාදිය යුතු බවත් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැතිවරයා සිය කැබිනට් මණ්ඩල සංදේශය මගින් අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර ඇති බව වාර්තාවේ.
නිල නිවසේ ජල බිල්පත් විදුලි බිල්පත් දුරකථන බිල්පත් හා නඩත්තු වියදම් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් දරනු ලබන අතර මෙම නිල නිවස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පාලනය යටතේ පවතින නමුත් එම අමාත්‍යාංශයෙන් කිසිදු විමසීමක් කර නැතැයිද දැන ගන්නට ඇත.
එම විශේෂ කැබිනට් තීන්දුව ප්‍රකාරව සම්බන්ධන් මහතාට KX-2330 සහ KO-6339 යන අංක දරණ මෝටර් රථ දෙකද වෙන්කර ඇති අතර ඒ සඳහා මසකට ඉන්ධන ලීටර් 600 බැගින්ද ලබාදෙනු ඇත.
මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසුව වැඩ බලන විපක්ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා මේ පිළිබඳව විමසමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකර ඇති අතර මෙය සම්බන්ධන් මහතාට දී ඇත්තේ විපක්ෂ නායක නිල නිවස ලෙසද යන්න එමගින් විමසා ඇත. එහෙත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඊට කිසිදු පිළිතුරක් එවා නැතැයිද පැවසේ.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හා ඔවුන්ගේ බිරින්දෑවරුන්ට රජයෙන් නිල නිවසක් ලබාදෙන නමුත් හිටපු විපක්ෂ නායකවරුන්ට හෝ පක්ෂ නායකයන්ට රජයෙන් නිල නිවාස ලබාදීමක් මෙතෙක් සිදුවී නැති බවත් සම්බන්ධන් මහතාට මෙලෙස විශේෂ වූ නිල නිවසක් ලබාදීම නරක පූර්වාදර්ශයක් බවත් රජයේ ඇමැතිවරු පෙන්වා දෙති.
විපක්ෂ නායක නිල නිවස සම්බන්ධන් මහතාට ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ලංකා ඉතිහාසයේ පක්ෂ නායකත්වයකට රජයෙන් නිල නිවසක් ලබාදී නැති බවත් මෙය පළමුවැනි අවස්ථාව බවත්ය.
මෙය නරක පූර්වාදර්ශයක් බව කී ඇමැති තෙන්නකෝන් මහතා පසුගිය රජය මෙම නිල නිවස සම්බන්ධන් මහතාට ලබා දුන්නේ කුමන පදනමින්ද යන්න ගැටලුවක් බවද කීවේය.
විපක්ෂ නායක නිල නිවස සම්පන්ධන් මහතාට මෙසේ ලබාදී ඇත්තේ කැබිනට් මණ්ඩල තීන්දුවක් වන බැවින් එය වෙනස් කළ යුත්තේද කැබිනට් මණ්ඩල තීන්දුවකින්ම බවද හෙතෙම සඳහන් කළේය.
එබැවින් තමා මේ පිළිබඳව ලබන සතියේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන බවද ඇමැති තෙන්නකෝන් මහතා කීවේය.
උතුරේ ජනතාව දුක්විඳිද්දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දෙමළ නායකයන් මෙලෙස කටයුතු කිරීම කිසිසේත් සාධාරණ නොවන බවද ඇමැති තෙන්නකෝන් මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම තමයි යහපාලු ආණ්ඩුව ලංකාවේ මිනිස්සුන්ගේ ඇස්වලට වැලිගහලා, දෙමළ ඩයස්පෝරාවට, මුස්ලිම් අන්තවාදීන්ට අවශ්‍ය විදිහට රට විනාශ කලේ...
හොඳවෙලාවට පුතාණෝ ගෙදර ගියේ... නැත්නම් රටෙන් කෑල්ලකුත් දෙනවා.
මේකට තමයි කියන්නේ මහජනයාගේ මුදල් "කජු ඇට කොස් ඇට වගේ" වියදම් කරලා කියලා...
කීයද ඔට්ටු..? ඔය මොනවා වුණත් මෙයා නම් කුදලාගෙන උසාවි ගෙනියන්නේ නැහැ...
ඔක්කොම ඇමැතිලා ඔහොම තමයි.
මෛත්‍රීපාලට නිකම් ගෙයක් දීමෙයි මෙතන නිකම් ගෙයක් දීමෙයි වෙනස මොකද්ද? (දෙකම වැරදි බව නම් ඇත්ත)
UNP ආණ්ඩුවක් කියන්නේ රටට හිතකර කිසිඳු දෙයක් කිසිඳු කලක නොකරපු ආණ්ඩුවක්, අන්න ඒ නිසාම මතය ජනතාවත් මේ මිනිස්සු කියන කරන හැම දේකටම විරුද්ධයි...
එජාප වහල්ලු මේ ගැන මොකද කියන්නේ කියලා බලමු. ඉතින් මේ අයට සිංහල බෞද්ධ ඡන්ද ලැබෙයිද? මොවුන්ට ඡන්දය දෙන්නේ සිංහල ජාතිද්‍රෝහීන්..
කොයි ආකාරයටද අර දඹුල්ල රජ මහා විහාරයේ නින්දගම්, ඉඩම් විකුණුවේ? බෙදුවේ? ඉතිහාසය ටිකක් තිත්තයි.
හැබැයි එහෙ ගිහින් කියන්නේ උතුරට දෙමල විතරයි සිංහල බැහැ කියලා. විග්නේශ්වරන්ගේ මල්ලි වගේ!
බදු මුදල් අවභාවිත කිරීම මේ අය කොළඹ ඉදන් උතුරේ කැලි ඉල්ලනේ.
ඇයි දෙයියනේ ... මතක නැද්ද ? අපිට නම් මේ කෙරුවාව මතකයි මොකද අපි මේකට විරුද්ධව කතා කළා ... විපක්ෂ නායකලා දෙන්නෙක් නඩත්තු කරන්නේ අහවල් පදනමකින් ද කියලා ... මේක තනිකරම රනිල්ගේ උවමනාවට සිදු වෙච්ච දෙයක්. ද්‍රවිඩ ඡන්ද පදනම රැක ගන්න මහජන මුදලින් ගහපු ගැටයක්. මොකද සම්බන්ධන් මුල ඉදන්ම උදව් කලේ රනිල්ට නිසා. එජාපෙ තව අවුරුදු 5ක් හිටිය නම් ලංකාව කියන්නේ ඉතිහාසේ සිතියම් වල තිබිච්ච දුපතක් විතරක් වෙන්නත් තිබුනා.
මේ අය කියන්නේ උතුරේ ඉන්න ඕනේ දෙමල විතරයි කියලා ලැජ්ජයි සිංහල අපෙන්ම කකා බිබී උතුරට ගිහින් ඒ මිනිස්සු අවුස්සනවා.
මොකක්ද මෙතන වැරැද්ද? අනෙත් මැති ඇමතිවරු සියළු දෙනාට වගේ විපක්ෂ නායක වරයාටත් නිල නිවසක් ලබා දිය යුතු නොවේද? අනෙක ඒ ලබාදී ඇත්තේ කැබිනට් මණ්ඩල තීන්දුවක් මත මිස අත්තනෝමතික ලෙස නොවේ. එසේනම් ප්‍රශ්නය විපක්ෂ නායක වරයා සුළු ජාතිකයෙක් වීමද?
රාජ්‍ය දේපල අවභාවිතය යටතේ දුන්නු අයට නඩු පැවරිය හැකිය.
මේ මිනිස්සු කොච්චර සුර සැප විදිනවද? හැම දෙයක්ම ගත්තම අසාදාරන දේවල්නේ... මොකක්ද මේ මොවුන්ගේ තියන සාදාරන කම. අපි කාව විස්වාස කරන්නද.
මම හිතන තරමට විපක්ෂ නායකයාට නිල නිවසක් හිමිවිය යුතුයි.
සියලු මන්ත්‍රී වරප්‍රසාද නැතිකළ යුතුයි. ඔවුනුත් සාමාන්‍ය ජනයාගේ නීතියට සහ වරප්‍රසාදවලට යටත්විය යුතුයි..
තව තව නෑදෑ පරපුරටත් ගෙවල් දීලා නැද්ද?