(නිමන්ති රණසිංහ)
තමා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් ලබාදුන් වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 26) මෝසමක් ඉදිරිපත් කිරීමට පැමිණියද යළි එය ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.
හිටපු අමාත්‍යවරයාගේ නීතීඥවරු විසින් එම මෝසම ඉදිරිපත් කිරීමට සූදානම් වූවද යළි එය ඉවත් කරගැනීමට ඔවුන් කටයුතු කර තිබිණි.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා විවෘත පසුගිය 24 වැනිදා වරෙන්තු නිකුත් කර තිබිණි.
අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තුව අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායමක් ඊයේ (25) දවස තුළ හිටපු අමාත්‍යවරයා සිටින බවට විශ්වාස කරනු ලැබූ ස්ථාන කිහිපයකටම ගොස් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි කර ඇති බවත්, ඒ කිසිදු ස්ථානයක ඔහු නොසිටි බවටත් එම නිලධාරීන් වාර්තා කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙන්ම සිංගප්පුරු ගිහින් වගෙයි.
කිසිම වටිනාකමක් නැති ප්‍රවෘත්ති...
අනේ මන්දා, මේ ගොල්ලෝ හොරා, පොලිස් සෙල්ලම් කරකර ඉන්නවා. රටේ බඩු මිල අහස උසට නැගලා මිනිස්සුන්ට කන්න විදියක් නෑ. එහෙන් ගංවතුර, නාය ගිහින් ඉන්න හිටින්න තැන් නැතිවෙලා. ගොවිතැන් විනාශවෙලා. මේ අයට ඒවායේ වගක්වත් නෑ.
අශ්වයාට පැනලා යන්න දීලා ඉස්තාලය වැහුවා වගේ වැඩක්ද මන්දා කළේ...?
චණ්ඩියා හැංගිලා..
මා හිතාගෙන හිටියේ උසාවි වරෙන්තුවලින් වහං වෙන්න ගොලුබෙලි කටු අස්සේ රිංගන්නේ පාතාලේ උන් විතරයි කියලා.
සී.අයි.ඩී. එකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටින තැන හොයාගන්න බැරි තරමට දුර්වල වෙලා. රටක් වශයෙන් අපි කොතැනද ඉන්නේ? මෙයාලා ත්‍රස්තවාදියෙක් හොයා ගන්නේ කොහොමද මෙහෙම වෙලා?
ඉන්දියාවට පැනලා යන්න ඇති බෝට්ටුවකින්... ඒ පැත්තේ උදව් කරන අයත් ඇතිනේ ගොඩක්...
කට ඇරියොත්, මහා ලොකුවට කියනවා රට, රටේ ජනතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරන්නත් සූදානම් කියලා. නමුත් මේ ගොල්ලන් වගේ බිය ගුල්ලෝ කොහොමටත් රටේ දේශපාලනයට සුදුසු නැත. මේ ගොල්ලන් හමුදාවේ හිටියොත් කොහොම වේවිද?
මෙහෙම කෙනෙකුටද රටේ සෞඛ්‍යය බාර දීලා තිබුණේ?
කොන්ද පණ නැහැනේ...
අයියෝ කිඹුලා බය වෙලා.
හොයාගත්තු කෙනාට දෙන තෑග්ගේ වටිනාකම කීයද?
හිටියේ හරියට සිංහයෙක් වගේ.. බලන් ගියාම බයගුල්ලෙක්නේ..
හැංගිලා කාලයක් ගිහින් ආයේ එන්න එපා අපිට පව් දෙන්න.
සුදු වෑන් ගැන ෆේස්බුක් කමෙන්ට්ස් දාපු ඔක්කොම අහවල් පනතේ අහවල් වගන්ති කඩ කිරීම නිසා අත් අඩංගුවට ගන්නවා... පරිස්සම් වෙලා හිටපල්ලා
පාර්ලිමේන්තුවේ ඡන්දෙ ඉවරවෙනකම් ඔය ජෝක් තියේවි? ගිය ආණ්ඩුවේ වැඩ වගේම තමයි මේකත්... අශ්වයා පැන්නට පස්සේ ඉස්තාලේ වහනවා.
මේවා පටන්ගත්තේ වර්තමාන ජනාධිපති නඩුවලට බයේ. ඒ පාරේ තමයි දැන් අනිත් අයත්.
මේ බොරුව කවුරු රවට්ටන්නද? බොරු රංග පෑමක්! බැසිල් ගේ හරි මහින්ද ගේ හරි සැකැස්මක්.
හෆීල් මහත්තයෝ, සමහර අය රට බේරාගන්න යුද්ධ කරන්න බයේ ඇමරිකාවටත් පැනලා ගිහිල්ලත් තියනවා.
කොහෙද දන්නේ නැහැ නේද හැංගිලා ඉන්නේ? මෙහෙම හැංගිමුත්තන් කරන්න හොඳම තැන යූ-ටර්න් ජනාධිපති මන්දිරේ.
මේ අය ඇතුළු විවිධ අංශ වල අය පසුගිය කාලේ ජයටම ලංකාවේ රජ කළා. නළු නිලි ගායක නඩ, දේශපාල ඉත්තෝ, හමුදාවේ, පොලිසියේ, නිතිය යුක්තිය පසිදලන අධිකරණ ක්‍රියාවලියේ හැම අංශයකම , ක්‍රිකට් ටීම් එකේ, රාජ්‍ය නිලධාරින් , ජනමාධ්‍ය අංශවල මුල් බැසගත්තා, එහි අතුරු පලේ උගත් ධනවත් මුස්ලිම් විරුද්ධවාදීන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයට පාස්කු දින කිතුනු බැතිමතුන් විශාල පිරිසක් බිලිවීමයි.
ලංකාවේ යුක්තිය පසිඳලන අධිකරණ ක්‍රියාවලින් තාම ක්‍රියාත්මක වෙන්නේ.. කිතුණු මූලධර්මවාදී කල්ලියකින් මේ වෙනසක් පේන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිත් රිදවාගත් අය මොවුන්ගෙන් පළිගන්න තීරණය කළා. එච්චරයි..
මිනිහෙක් වගේ නීතියට මූණ දෙන්න. නීතියට මුහුණදෙන්න වුණාම බයේ දුවලා ගිහින් හැංගෙනවා.
"සමහර අය රට බේරාගන්න යුද්ධ කරන්න බයේ ඇමරිකාවටත් පැනලා ගිහිල්ලත් තියනවා" අනේ ඔහේ දන්නා යුද්දේ? දන්නා මගුලක් කතා කරන්න හලෝ? පැරදිලා පස්සත් බිම ඇනිලා ඒ වුණාට කටේ නරිවාදම ගිහිල්ලා නැහැ
මම නම් හිතන්නේ කොහේහරි තානාපති කාර්යාලයක ඇති. සුවිස් තානාපති කාර්යාලයට ගියානම් උසාවියට, CID එකට යන්ට එන්ට ට්‍රාන්ස්පෝර්ට් ගන්න පුළුවන්. මුහුණ වහන්ට ඕනෙනම් චීත්ත කෑල්ලකුත් ඉල්ලගන්ට තිබුණා.
හරියට කාළගුනේ වගේ නිරිත දිග මෝසම් සුළඟ වගේ එහාට දානවා මෙහාට දානවා.