(ක.ග.කරුණාරත්න)
ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක කොටුවීසිටි කුඩාදරුවන්, ගැබිණි මවුවරුන්, කාන්තාවන් ඇතුළු මගීන් 54 දෙනෙකු පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(21) අළුයම මුදාගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.
මගීන් රැගත් මෙම බස් රථය මාදුරුඔය සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටියදී පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ජලයෙන් යටවී තිබූ ප්‍රදේශයේදී ගංවතුරට හසුවී ගසා ගෙනගොස් ඇත.
පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේ මේ වනවිට ජල මට්ටමඅඩි 06 ක් පමණ දක්වා ඉහළ නැඟ තිබෙන බව පොලීසිය සඳහන් කලේය.
බස් රථය තුල ගංවතුරට කොටුවී සිටි පිරිස බේරා ගැනීම සඳහා පොලීසිය, යුදහමුදාව, සිවිල්ආරක්‍ෂක බලකාය ඇතුළු සහන කණ්ඩායම් මූලිකව ක්‍රියාකර තිබේ.
මේ අතර පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු 10 න් 08ක් අඩිදෙකක් දක්වා අද(21) විවෘත කළ බව වාරිමාර්ග නිලධාරීහු පැවැසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගින් දිගටම රටට මේ වෙන විපත් වලින් අපේ රට මේ ලෝකය ආරක්ෂා කරලා දෙන්න ඕනේ. සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් ලබන්නා වූ නත්තල සැනසීමෙන් ඔක්කොමල්ලාටම එකට ඉඳගෙන සමරන්නට වාසනාව ලැබේවා.
මොලේ කලඳක් වත් නැති අය වාහන එලෙව්වම ඔහොම තමයි. තැනක් නොතැනක් නැහැ රිංගනවා අරෙහෙන් දමනවා මෙහෙන් දමනවා (විශේෂයෙන් මේ කොළඹ). මේ වාහනේ ටයර් මට්ටමටත් ඉහළට වතුර තියෙද්දී ගියේ ඇයි ?
මේ වගේ අවස්ථාවක බස්රිය වතුරට දැම්ම එකයි වැරැදි...
මෙම රියදුරුට විරුද්ධව නීති මගින් කටයුතු කළ යුතුයි.
හැමෝටම නිකම් ගෙයකුත් ගන්න තිබ්බ අනිත් කෙනාට ඡන්දෙ දුන්නා නම්...
කොහොමත් ඔය බස් පදවන්නේ අම්බරුවොනේ.. මගීන් 50ක් 60ක් අරගෙන ඔය වගේ අවදානම් වැඩක් කරයිද නැත්නම්..!!!
අනතුරක් නොවුණු එක හොඳයි.
ප්‍රයිවෙට් බස් කාරයින් බලන්නේ බල්ලන් මරලා හරි සල්ලි හම්බ කරන්න. මේ රියදුරාට සහ බස් එකේ හිමිකරුට තදබල දඬුවම් දිය යුතුයි.
මේ විනාශයේ පටන් ගැනීම පමණයි. මුළු රටම විනාශ වුණා... ආණ්ඩුව පැරදුණා.. අලුත් ආණ්ඩුව වහාම එම දාගැබේ ප්‍රමාණය වෙනස් කළා. මේ විනාශය එදාම ලංකාවේ ජෝතිෂ විශාරදයෙක් කිව්වා.
රියදුරාගේ වරදක් නොවෙයි. මේ මගීන් බස් එකේ ගිය එකයි වරද... මේ රටේ කෙරෙන වැඩවල හැටියට තියෙන්නේ පොලු අරගෙන ගිහින් බස් එක කුඩු වෙනතුරු තඩිබාන්නයි..!!
රියදුරු බලපත්‍රය සදහටම අවලංගු කරන්න.
මට මේ ආණ්ඩුව සහ කපටිසූට්කාරයෝ ආරක්ෂා කරන්න කිසිම ඕනෑකමක් නැහැ. එ් එකෙක් ආගමක් ගැන ශාපයක් ගැන දාලා තියෙන බූරු කතා ඇහුවම හිනායනවා. ඔය ආගම් ශාප අමූලික බොරු, එ්ක ගැන හොඳටම දන්නේ දේශපාලකයින්.. ඔවුන් දන්නවා ආගම් ඉස්සරහට දාගත්තම ඕන දහජරා වැඩක් කළාම බේරෙන්න පුළුවන් කියලා, එ්ක ගිය ආණ්ඩුවේත් ඊට කලින් එවුනුත්, දැන් එවුනුත් එහෙම්මම කරනවා. මිනිස්සුත් නොදන්නවා වගේ ඉන්නවා. ඔය ශාප කතා ඇත්ත නම් මේ රටේ ජනගහනය හරිම අඩු එකක් වෙනවා. ඕවා හදා තියෙන්නේ හාවෝ වගේ මෝඩ අහිංසක මිනිස්සු බයකරලා අන්දලා තියාගන්න. කොයි ආගමටත් එ්ක සත්‍යයක්... හැම ආගමක්ම කියන්නේ බොරු...!
බස් රියදුරු බලපත්‍රය ගනිද්දී ඩ්‍රයිවින් විතරක් දැනගත්තාට මදි, අනතුරු ආපදා ගැන, ඒවායෙන් බේරෙන විදිහ, මූලික ප්‍රථමාධාර පුහුණුව අනිවාර්ය කරන්න ඕනෑ.. කොන්ක්‍රීට් පාලම් වුණත් ගංවතුරට ගහගෙන යනවා කියලා අත්දැකීම් තියෙන රටේ බස් එකක් ගහගෙන යන්න පුළුවන් කියලා නොතේරෙන තරම් මෝඩයින්ට රියදුරු බලපත්‍රය දීමේ විපාක තමයි මේ... මහරෑ වංගු කෙලින් කරලා පදින හැටි බලන්න, ජීවිතේට ආසාවක් තියෙන මිනිහෙක් ඒ වෙලාවේ පොඩි වාහනෙකින් ඩ්‍රයිවින් කරන්න හිතන්නේ නැහැ.
ගංවතුර ගලන ප්‍රදේශවල ජලය වියලි කලාපයට හරවන්න.