(නාලක සංජීව දහනායක)
රාජ්‍ය ඇමතිවරුන්ට විෂයන් හා කාර්යයන් නිල මට්ටමින්ම පවරාදීම සඳහා ඔවුන්ට අයත් විෂයන් සහ කාර්යයන් පවරමින් ගැසට් නිවේදන නිකුත් කිරීමට පියවරගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සියලූම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී ඇත.
එම ගැසට් නිවේදනය මගින් කැබිනට් ඇමතිවරයාට අයත් විෂයන් හා ආයතනවලින් කොටසක් රාජ්‍ය අමාත්‍යවරයාට පැවරීමට නියමිතය.
අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් නොවන රාජ්‍ය අමාත්‍යවරුන් සදහා සදහා විෂයන් සහ කාර්යයන් පැවරීමට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩල යෝජනාව අනුව එම ගැසට් නිවේදන නිකුත් කළ බවද ජනාධිපති ලේකම්වරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට දන්වා තිබේ.
ඒ ඒ අමාත්‍යංශවලට අදාළව රාජ්‍ය අමාත්‍යංශ සදහා වෙන්කර දියයුතු විෂයයන් හා කාර්යන්, ඊට අදාළ ආයතන හා අණපනත් සහිත ලේඛනයක්ද එම ලිපිය සමග අමාත්‍යංශ ලේකම්වරුන් වෙත යවා තිබේ.
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ 44 (5) වගන්තිය ප‍්‍රකාරව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයන් සහ කාර්යයන් පවරමින් එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගන්නැයි ද එම ලිපියේ සදහන් කර ඇත.
එමෙන්ම ඇමතිවරයා හා රාජ්‍ය ඇමතිවරයා ලවා ඉටුකර ගැනීමට අපේක්‍ෂා කරනු ලබන කාර්යයන් ඇත්නම් ඊට අදාළ ආයතන, විෂයන්, කාර්යයන් සහ අණපනත් ද උක්ත ගැසට් නිවේදනයට ඇතුලත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා එම ලිපිය මගින් අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම්දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්.. එමෙන්ම මොවුන්ගේ ප්‍රගතිය සමාලෝචනය කරන්න ඕනෑ. ඔවුන් අසාර්ථක නම් ඇමැතිකමෙන් ඉවත්කරලා, වෙන සුදුසු කෙනෙක් පත්කරන්නත් වගබලන්න ඕනෑ.
මෙවර පත්කොට ඇති ගෝඨාභයගේ කැබිනට් ඇමතිවරු 15 දෙනාගෙන් 9 දෙනෙකු දේශපාලනය හැර කිසිඳු විෂයයන් සහ කාර්යයක් හෝ අමාත්‍යංශයක වගකීමක් දැරීමට කිසිම සුදුසුකමක් නොමැත. නිසි අධ්‍යාපනයක් නොලැබූ, ඔවුන්ගේ රාජකාරිය පිළිබඳ කිසිඳු දැනීමක්, අත්දැකීමක් හෝ නොමැති හිස් මිනිසුන් රජයේ වගකිවයුතු ඇමතිවරුන් වශයෙන් පත්කොට උගත්, බුද්ධිමත් රජයේ නිලධාරීන් නූගත් ඇමතිවරුන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීමට සලස්වා ඇත.. මෙවැනි නූගත් ඇමැතිවරුන් රටට බලපාන තීන්දු තීරණ ගන්නේ කෙසේද? පළපුරුදු උගත්, රාජ්‍ය ඇමතිවරුන් සහ රජයේ නිලධාරීන් සුදුසුකම් නොමැති ඇමතිවරුන් යටතේ සේවය කිරීමට ලබාදී ඔවුන්ගේ අාත්මගරුත්වයත් නැතිකොට තිබේ. කප්පම්කරුවන් සහ උප්පැන්නය පවා වෙනස්කොට නීතියෙන් බේරීසිටින අයවලුන් ඔවුන් අතර සිටියි. වැදගත් උගත්, බුද්ධිමත් ඇමැතිවරුන්ට ඔවුන් සමග එකට කැබිනෙට් මණ්ඩලයේ සිටිය හැකිද?
ඒක හොඳා. නැත්නම් හැමදේටම හොට දානවා. බල්ලගේ වැඩේ බල්ලාටත්.., බූරුවාගේ වැඩේ බූරුවාටත් කරන්න ඉඩ ඇරියාම ඉවරයි. තම විෂය ගැන පමණක් අදහස් පළකිරීමත් අනිවාර්ය කළොත් තමයි වඩාත් සුදුසු. මාධ්‍ය සංදර්ශන ඉවරයකුත් නැහැ...
ක්‍රිෂාන්තගේ කතාව හරි.. පිටරට ඉන්න මිනිස්සු එවන සල්ලිවලින් තමයි රට දුවන්නේ. එ්නිසා ඔය බොරුවට බෙරිහන් දෙන අයට වඩා මෝඩයින්ගෙන් රටක් කරන්න බැරි බව මොලේ තියන මිනිස්සු දන්නවා. මේ පාරවත් ඔය මෝඩ හොරු රැල නැතුව හරි මිනිස්සු කට්ටිය පාර්ලිමේන්තු යැව්වොත් හරි.. නැත්නම් ආය අවුරුදු 5කට පස්සෙත් රට එක තැන...
මාර්තුවේ පාර්ලිමේන්තුව විසුරුවන එක ස්ථිර යැයි කීවා නේද? ජයසුන්දර මහත්තයා විෂයයන් බෙදා වෙන්කරලා ඒවාට අදාළ ආයතන මොනවද කියලා ලැහැස්ති වෙනකොට කාලේ හරි නේද?
ආයතන ප්‍රධානීන්ටත් වැඩකරන්න ඇමතිවරුන්ට ඉඩ දෙන්න කියලා කියන්න ඕනේ... නැත්නම් ඇමැතිවරු සභාපතිවරුන්ට වැඩ කරන්න දෙන්නේ නෑ..