IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රාජ්‍ය ඇමතිවරුන්ට වැඩ පවරන්න උපදෙස්


(නාලක සංජීව දහනායක)

රාජ්‍ය ඇමතිවරුන්ට විෂයන් හා කාර්යයන් නිල මට්ටමින්ම පවරාදීම සඳහා ඔවුන්ට අයත් විෂයන් සහ කාර්යයන් පවරමින් ගැසට් නිවේදන නිකුත් කිරීමට පියවරගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සියලූම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී ඇත.

එම ගැසට් නිවේදනය මගින් කැබිනට් ඇමතිවරයාට අයත් විෂයන් හා ආයතනවලින් කොටසක් රාජ්‍ය අමාත්‍යවරයාට පැවරීමට නියමිතය.

අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් නොවන රාජ්‍ය අමාත්‍යවරුන් සදහා සදහා විෂයන් සහ කාර්යයන් පැවරීමට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩල යෝජනාව අනුව එම ගැසට් නිවේදන නිකුත් කළ බවද ජනාධිපති ලේකම්වරයා අමාත්‍යංශ ලේකම්වරුන්ට දන්වා තිබේ.

ඒ ඒ අමාත්‍යංශවලට අදාළව රාජ්‍ය අමාත්‍යංශ සදහා වෙන්කර දියයුතු විෂයයන් හා කාර්යන්, ඊට අදාළ ආයතන හා අණපනත් සහිත ලේඛනයක්ද එම ලිපිය සමග අමාත්‍යංශ ලේකම්වරුන් වෙත යවා තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ 44 (5) වගන්තිය ප‍්‍රකාරව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විෂයන් සහ කාර්යයන් පවරමින් එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගන්නැයි ද එම ලිපියේ සදහන් කර ඇත.

එමෙන්ම ඇමතිවරයා හා රාජ්‍ය ඇමතිවරයා ලවා ඉටුකර ගැනීමට අපේක්‍ෂා කරනු ලබන කාර්යයන් ඇත්නම් ඊට අදාළ ආයතන, විෂයන්, කාර්යයන් සහ අණපනත් ද උක්ත ගැසට් නිවේදනයට ඇතුලත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා එම ලිපිය මගින් අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම්දී තිබේ.



අදහස් (14)

රාජ්‍ය ඇමතිවරුන්ට වැඩ පවරන්න උපදෙස්

Asanga Wednesday, 25 December 2019 10:40 AM

හොඳ දෙයක්.. එමෙන්ම මොවුන්ගේ ප්‍රගතිය සමාලෝචනය කරන්න ඕනෑ. ඔවුන් අසාර්ථක නම් ඇමැතිකමෙන් ඉවත්කරලා, වෙන සුදුසු කෙනෙක් පත්කරන්නත් වගබලන්න ඕනෑ.

:       13       152

ක්‍රිෂාන්ත ඕස්ටේලියා Wednesday, 25 December 2019 02:10 PM

මෙවර පත්කොට ඇති ගෝඨාභයගේ කැබිනට් ඇමතිවරු 15 දෙනාගෙන් 9 දෙනෙකු දේශපාලනය හැර කිසිඳු විෂයයන් සහ කාර්යයක් හෝ අමාත්‍යංශයක වගකීමක් දැරීමට කිසිම සුදුසුකමක් නොමැත. නිසි අධ්‍යාපනයක් නොලැබූ, ඔවුන්ගේ රාජකාරිය පිළිබඳ කිසිඳු දැනීමක්, අත්දැකීමක් හෝ නොමැති හිස් මිනිසුන් රජයේ වගකිවයුතු ඇමතිවරුන් වශයෙන් පත්කොට උගත්, බුද්ධිමත් රජයේ නිලධාරීන් නූගත් ඇමතිවරුන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීමට සලස්වා ඇත.. මෙවැනි නූගත් ඇමැතිවරුන් රටට බලපාන තීන්දු තීරණ ගන්නේ කෙසේද? පළපුරුදු උගත්, රාජ්‍ය ඇමතිවරුන් සහ රජයේ නිලධාරීන් සුදුසුකම් නොමැති ඇමතිවරුන් යටතේ සේවය කිරීමට ලබාදී ඔවුන්ගේ අාත්මගරුත්වයත් නැතිකොට තිබේ. කප්පම්කරුවන් සහ උප්පැන්නය පවා වෙනස්කොට නීතියෙන් බේරීසිටින අයවලුන් ඔවුන් අතර සිටියි. වැදගත් උගත්, බුද්ධිමත් ඇමැතිවරුන්ට ඔවුන් සමග එකට කැබිනෙට් මණ්ඩලයේ සිටිය හැකිද?

:       156       512

AbeyratneWednesday, 25 December 2019 02:59 PM

ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙකුට තියෙන අමාරුව මොකක්ද? අපේ රටේ වැඩ අපි කළා නම් රටේ ඉන්න බැරිව පැනලා බෝට්ටුවේ ගිය අය රට පාලනය කරන හැටි කියලා දෙන්න එනවා...

:       672       108

ලලිත්Wednesday, 25 December 2019 05:06 PM

අබේරත්න මහත්මයා, ක්‍රිෂාන්ත කොහේ හිටියත් කොහොම ඕස්ට්‍රේලියා ගියත් කියලා තියෙන්නේ තිත්ත ඇත්ත නොවේද? ඇමෙරිකානු පුරවැසි හෝ ග්‍රීන්කාර්ඩ් හිමි බැසිල්ට, ගෝඨාට, ඩලස්ට, ගම්මන්පිලට තියෙන දේශප්‍රේමී අමාරුවම තමයි. කොහේ හිටියත් ලාංකික අපටත් තිබෙන්නේ ...

:       134       314

Upul Thursday, 26 December 2019 03:28 AM

අබේරත්නලා... ඡන්ද කාලෙ රට ඉන්න අයටත් ඡන්දෙ දෙන්න එන්න කියනකොට පිටරට අය හොඳයි.. දැන් නරකයි.

:       0       2

lelwalaThursday, 26 December 2019 07:42 AM

අවුල් වගේ පේන අය ඉන්නවනේ. මැද පෙරදිග වලින් නම් ඕනෑතරම් ලංකවාට මුදල් එවනවා. ඔය ලොකු රටවල් වල ඉන්නවා කියන අයට නම විතරයි. ලංකාවට එවන්න මුදලක් ඉතිරිවෙන්නේ නැත.

:       0       13

MaheeWednesday, 25 December 2019 03:11 PM

ජෝසෆ් දී මෙල්ඩර් කිව්වා වගේ "රටකට ලැබෙන්නේ ඒ රටේ ජනයාට ගැලපෙන ආණ්ඩුවකි". ඒ අනුව, තකතීරුවන් වැඩි රටකට තකතීරුවන් සිටින ආණ්ඩුවකුත්, බුද්ධිමතුන් වැඩි රටකට බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත්, ආණ්ඩුවකුත් ලැබෙනු ඇත. අපට සුදුසු කට්ටිය අපට ලැබී තිබේ.

:       0       205

චින්තක Wednesday, 25 December 2019 04:48 PM

ඔබ පළකර ඇති අදහස 100%ක් සත්‍යයයි. මේවා පෙනිපෙනී, දැකදැකත්, බඩුමිල අහස උසට, හාල් මිල අහස උසට ගියත් විපක්ෂයට කම් නැත. එතන ඇත්තේ රජයේ නොහැකියාව, මහජනතාව වෙත ගෙනයනවට වඩා ලොකු වැඩකි. එනම් විපක්ෂය තුළ තනතුරුවලට බලු පොරයකි. එකිනෙකා විවේචනය කරගනිමින් පාක්ෂිකයා නන්නත්තාර කරමින් සිටියි. වර්තමාන රජය බලයට පැමිණි පසු පරිසරවේදීන්ගේ කරුණු පෙන්වාදීම් වලට පවා පයින් ගසා වැලි ප්‍රවාහනයට තිබූ තහනම ඉවත්කරන ලදී. පසුගිය රජය මගින් පනවා තිබූ වැලි ප්‍රවාහන තහනම ඉවත් කර ඇති ප්‍රධානතම අරමුණ නම් පොහොට්ටු පක්ෂයේ ඇති බහුතරයක් වූ ප්‍රාදේශීය සහ පළාත් සභාවල සිටින්නාවූ සියලු දූෂිතයින්ට මීළඟ මහා මැතිවරණයට සහ පළාත් සභා මැතිවරණයට මුදල් එකතු කිරීමට සූක්ෂමව ක්‍රියාත්මක කරන ලද බඩගෝස්තරවාදී උප්පරවැට්ටියකි. මේවට විරුද්ධව ගම්වැසියන් විරෝධය පාද්දිත් ඔවුන්ට නායකත්වය දීමට විරුද්ධ පක්ෂයක් නොමැත. සමහරෙක් බලු පොරයක නියැලී නායකත්වයට ප්‍රහාර දෙමින් සහ " voice cut " දෙමින් තුන්වන පන්තියේ පලරහිත වැඩ කරමින් සිටියි. පරිසරවේදීන්ද නිදාගෙන සිටියි. බඩුමිල ඉහළ ගොස් ඇති අවස්ථාවේ මාධ්‍යය කියා සිටින්නේ ගොවියට හොඳ මිලක් කියාය...

:       0       15

දේසප්‍රියWednesday, 25 December 2019 05:40 PM

මොලේ උඩ ඉන්න වහලුන්ට ඕවා තේරෙන්නේ නැහැ. පෙරහැරේ යන එකාට වැඩිය බලන් ඉන්න කෙනාට තමයි හරි වැරදි පේන්නේ...

:       0       127

RaveendraThursday, 26 December 2019 04:18 AM

ක්‍රිෂාන්ත ඕස්ටේලියා අප නම් විස්වාස කරන කරුණුවලට කිසිකෙනෙකු අකමැති වෙනු නියතයි. නමුත් එය සදහන් කල යුතුමය. කිසියම් හෝ දවසක ශ්‍රී ලාංකිකයන් වන අප සියලුදෙනාටම " " පාක්ෂිකයන් " යන වචනය අර්ථශුන්‍ය කිරීමට හැකිනම් එදාට අපගේ මාතෘභූමිය දියුණුවීම ආරම්භ වනු ඇත.

:       0       3

රවින් Wednesday, 25 December 2019 04:55 PM

ඒක හොඳා. නැත්නම් හැමදේටම හොට දානවා. බල්ලගේ වැඩේ බල්ලාටත්.., බූරුවාගේ වැඩේ බූරුවාටත් කරන්න ඉඩ ඇරියාම ඉවරයි. තම විෂය ගැන පමණක් අදහස් පළකිරීමත් අනිවාර්ය කළොත් තමයි වඩාත් සුදුසු. මාධ්‍ය සංදර්ශන ඉවරයකුත් නැහැ...

:       0       17

jayantha Wednesday, 25 December 2019 06:38 PM

ක්‍රිෂාන්තගේ කතාව හරි.. පිටරට ඉන්න මිනිස්සු එවන සල්ලිවලින් තමයි රට දුවන්නේ. එ්නිසා ඔය බොරුවට බෙරිහන් දෙන අයට වඩා මෝඩයින්ගෙන් රටක් කරන්න බැරි බව මොලේ තියන මිනිස්සු දන්නවා. මේ පාරවත් ඔය මෝඩ හොරු රැල නැතුව හරි මිනිස්සු කට්ටිය පාර්ලිමේන්තු යැව්වොත් හරි.. නැත්නම් ආය අවුරුදු 5කට පස්සෙත් රට එක තැන...

:       0       78

sam Wednesday, 25 December 2019 09:09 PM

මාර්තුවේ පාර්ලිමේන්තුව විසුරුවන එක ස්ථිර යැයි කීවා නේද? ජයසුන්දර මහත්තයා විෂයයන් බෙදා වෙන්කරලා ඒවාට අදාළ ආයතන මොනවද කියලා ලැහැස්ති වෙනකොට කාලේ හරි නේද?

:       0       32

sampath Thursday, 26 December 2019 10:06 AM

ආයතන ප්‍රධානීන්ටත් වැඩකරන්න ඇමතිවරුන්ට ඉඩ දෙන්න කියලා කියන්න ඕනේ... නැත්නම් ඇමැතිවරු සභාපතිවරුන්ට වැඩ කරන්න දෙන්නේ නෑ..

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 381 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site