( අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභා ඡන්දයට පෙර මහ මැතිවරණය පවත්වන බවත් ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව අනිවාර්යෙන් විසුරුවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද (16) වැනිදා පැවැති පුවත්පත් කතුවරුන්ගේ සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව කීවේය.
තමාට කටයුතු කරගෙන යාමට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බවත් මේ පාර්ලිමේන්තුව තුළ එය කළ නොහැකි බවත් ජනාධිපතිවරයා කීවේය.
කල් දමනු ලැබූ මැතිවරණ සියල්ල පැවැත්වීම තමාගෙත් අගමැතිවරයාගෙත් අදහස බව කී ජනාධිපතිවරයා පළාත් සභා ඡන්දය පැවැත්වීමේ තීරණය ගනු ලබන්නේ පාර්ලිමේන්තුව විසින් බවද හෙතෙම පැවසීය.
මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන ලකුණකින්දැයි මාධ්‍යවේදීයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති රාජපක්ෂ මහතා එය සාකච්ඡා කර තීන්දු කරන බවද කීවේය. අගමැතිවරයා විසින් මැතිවරණ මැතිවරණය මෙහෙයවන ලබන බවත් බැසිල් රාජපක්ෂ මහතා එහි යාන්ත්‍රණය සකස් කරනු ඇති බවත් කී ජනාධිපතිවරයා තමාද ඊට සහය දෙන බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එක්කම හොර රැලත් එළවලා බුද්ධිමතුන්ට නාම යෝජනා දෙන්න.
අපේ ඡන්ද අයිතිය හොරාකාපු ජවිපය සහ එජාප නඩයට දුන්නා විසිවෙන්න. පාඩමක් උගන්නමු.
දැනට කරගෙන යන විදිහට ඉක්මණින් වැඩ කර නියම දිනට විනාඩියක්වත් පමා නොවී විසුරුවා හරින්න.
පසුගිය කාල වකවානුව තුළ ජනතාව දිගින් දිගටම 225 ප්‍රතික්ෂේප කලේ මෙදාපාරවත් මහා මැතිවරණයට උගත්, බුද්ධිමත් රටට වැඩක් කළහැකි පිරිසක් ඉදිරිපත් කරයි කියන චේතනාවෙන්..
අපරාදේ රනිල් අස්වුනේ. මාර්තු වෙනකම් හිටියා නම් එජාප රජයක් පිහිටුවන්න තිබුණා. හරින් වගේ අයට කිසි ඉවසිල්ලක් නැහැ.
වියත්මගේ ඉන්නා දක්ෂයෙක්... අගමැති අපේක්ෂක ලෙස නම් කරන්න. අපට ඔබතුමා ගැන බලාපොරොත්තුවක් තිබුණාට අනෙකුත් පැරණි දේශපාලකයන් ගැන කිසිම පැහැදීමක් නැහැ.
අන්තිමට පවුලේ ඉන්න අයගේම ආණ්ඩුවක් වෙලා නතර වෙයි වගේ. හොර දූශිතයන් සෙට් එක මෙයාව බලයට ගේන්න මොනතරම් කට්ටක් කෑවද? රටට ආදරේටද? ඔවුන්ගේ පැවැත්මට... දේශපාලකයින්ගේ කෙරුවාවල් වල තරම අපි නොදන්නවා නෙවෙයි. ජනතාව ගොනාට අන්දවපු එකයි සිද්ද වුනේ...
කිසිම දේශපාලන පළපුරුද්දක් නැති අය අනෙක් අයගේ අදහස් මත පිහිටා කටයුතු කිරීම පුදුමයක් නොවේ.
නාම යෝජනා දෙන අයගේ වෘත්තිය සහ අධ්‍යාපනික සුදුසුකම් හෙලිදරව් කරන්න.. ඉතුරු හරිය ජනතාව බලාගනියි.
ඔබතුමාට හිතවත් හමුදා නිලධාරියෙක් අගමැති ලෙස පත් කරන්න. අප සහාය දෙන්නම්...
ජනාධිපතිතුමනි මෙම කාරුණික ඉල්ලීම ඉටු කරන්න. කරුණාකර උගතුන් පාර්ලිමේන්තුවට එවන්න. අධ්‍යාපන සුදුසුකම් ඇති අය විද්වත් ප්‍රභූන් සහිත කමිටුවක් ඉදිරිපිට සම්මුඛ පරීක්ෂණයක් තබා ලිඛිත විභාගයක් පවත්වා, සාමාන්‍ය දැනුම, ගණිතය, ඉතිහාසය, විදෙස් රටවල් පිලිබඳව දැනුම පරීක්ෂා කොට පමණක් මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ දෙන්න. පසුගියදා කීප වතාවක්ම සෙංකෝලය උස්සගෙන දිවීම, පාර්ලිමේන්තුව තුල මැරවරයන් ලෙස හැසිරී මහජන දේපොළ විනාශ කිරීම සහ පරුෂ වචන භාවිතා කිරීම නැවැත්විය යුතුය. අතීතයේ පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන්ගේ විනය භාවය රකිමින් එවකට අපී පාසල් යන දරුවන් විදිහට දැකපු දෙය අද දකින්නට නැත. පාසල් යන දරුවෙකුට ආදර්ශමත් වන විදිහට හැසිරෙන පිරිසක් මේ සභා ගැබට පිවිසිය යුතුය. නුගත් මිනිසුන් මන්ත්‍රීවරු, ඇමතිවරු උනාම වැඩ කරන්නට වෙන්නේ උගත් සිවිල් සේවකයන්, ඉංජිනේරුවන්, ගණකාධිවරුන් සහ නොයෙක් ආයතනවල සමගය. එතකොට ලැබෙන ප්‍රතිපලය වැඩදායක නොවෙනු ඇත. අප රටේ තරුණ පිරිස බලාගෙන ඉන්නේ වෙනසක් සිදු වෙනවා දකින්නටය මෙම වෙනස මෙම මැතිවරණයෙන් ආරම්භ කල හැකිය. ඔබතුමාට මෙම කටයුතු හරියාකාරව කිරීමට දිරිය ලැබේවා
ඔව්, ඉක්මනින් විසුරුවලා ඡන්දයක් තියන්න. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න, නමුත් එළවා දැමිය යුතු පිරිසක් ඉන්නවා. එතැනත් සුද්ධ කරන්න අපිට ඕනෑ...
පුලුවන් තරම් නාමල් සහ ගම්මන්පිල වැනි චරිත ගොඩක් ඈතින් තියාගන්න. දැනටමත් ඔවුන් මෝඩවැඩ පටන් අරන් තියෙන්නේ. ඔවුන් නිසා ඡන්ද අඩුවෙන්න පුලුවන්...
ගරු ජනාධිපතිතුමනි, පළාත් සභා ඡන්දය නැවතත් මේ මහ පොළව මත පිහිටුවන්න උත්සාහ කරන්න එපා. ඒ සුදු අලියා මේ විදියටම වලදාමු. නැවත නොනැගිටින්නම... පළාත් සභා හරහා තමයි මේ රට බෙදන ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. පළාත් සභා වසාදමා ප්‍රාදේශීය සභාවලට වැඩි හැකියාවක් සහිතව ක්‍රියාත්මක වීමට ඉඩ සලසමු. ප්‍රාදේශීය සභා ජනතාවට ඉතාම ලඟින් වැඩකරන යාන්ත්‍රණයයි.
අනේ අපේ ලෝයර් බබාගෙනුත් අදහසක් ගත්තොත් හොඳයි නේද? පවුලේ ඉන්න උගත් අයනේ.. අනික පුතණ්ඩියත් සල්ලි කාරයෙකුලු...
නූගත් මිනිසුන් ඇමතිවරු වුණාම, සිවිල් සේවකයන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරවරුන් රට ගසා කනවා. මොකද ඇමතිගේ කනෙන් රිංගලා යන්න ඒ අයට පුළුවන්. මොනවා හරි ටෙක්නිකල් වචනයක් දාලා. අර ඉන්ටර්නෙට් එකේ තියෙන Yes...Minister නාට්‍යය බලන්න. ඇමතිවරු විෂය දන්නවා නම්.., ලේකම්ලාට කනින් රිංගන්න අමාරුයි.
බැසිල් ලව්වා සංවිධාන කටයුතු කලාට කමක් නැහැ, හැබැයි පරිපාලනයට නම් ගාව ගන්න එපා
ජනාදිපතිතුමා කියන විදියට ඔවුන්ට 2/3 බලයක් ලබාදීමට මිනිසුන් කටයුතු කළහොත් එය තරම් ලංකාවට කරන විනාසයක් තවත් නැතිවේවි.. කොහොමත් එතුමන්ට ලේසියෙන් බහුතර බලයක් ලබාගැනීමට හැකියාව ඇත. එතුමා කියූ ආකාරයට ප්‍රජාන්ත්‍රවාදී නීතිගරුක දුෂණයෙන් තොර රටක් හදන්නට ඇත්තටම උවමනාවක් තිබේනම් ඔය දැනට පොහොට්ටුවේ සහ එතුමා වටේ ඉන්න පල්හොරු සහ දුෂිතයන්ට නාමයෝජනා පවා නොදිය යුතුය.. කෙසේවෙතත් 2015 පෙර පැවතියාට වැඩ භයානක පවුලකට රටේ බලය ආර්ථිකය සහ නිතිය කෙන්ද්‍රවූ කාලයකට රට නැවත ගෙන නොයන්නට අපේ රටේ මිනිස්සුන්ට බුද්ධිය පහල වේවා..
මාර්තුවලදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියනම් සෑහෙන කට්ටියකට පෙන්ෂනුත් නැතුව ගෙදරටම යන්න වෙනව නේද?
කලක් පවතින යහපත් ස්ථාවර ආණ්ඩුක්‍රම ව්‍යවසථාවක් සම්පාදනය කිරීමට තරම් උගත්කම,දැනුම හා දක්ෂතාව ඇති තරුණ හා මැදිවියේ අපේක්ෂකයන් පත්කළා නම් ඉතාම වටිනවා. මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික අවධානය යොමු වේවා!
මේ දීගෙන යන සහන වල හැටියට මාර්තුවලදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නැත්නම් ලොකු අවුලක් වෙනවා.
මහ ඡන්දෙන් 2/3 පොහොට්ටුවට ආවොත් පළාත් සභා අහෝසි වෙනවා.
කෝ අර යහපාලන ආණ්ඩු කාලයේ ඡන්ද වෙලාවට තියන්නේ නෑ කියලා මැරෙන්න හැදුව අයියලා.
ඔබලාගේ ප්‍රජාතන්ත්‍රවාදය කෝ?
මෙයාගේ කතාවෙන් නම් පේන්නේ අර පොළොන්නරුවේ හාදයා වගේ මෙයා "නිර්පාක්ෂික" ජනාධිපති කෙනෙක් හැටියට ඉන්න සූදානම් නැහැ වගෙයි !
මට පෙන්නේ විද්‍යා දහවල හීනයක් දැකල වගේ .