( නිමන්ති රණසිංහ )
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය අද (19) නියෝග කළාය.
රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.




ඡායාරූප- රොමේෂ් ධනුෂ්ක සිල්වා
=======================================================================================
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අද (19) මීට සුළු මොහොතකට පෙර රැගෙන ආවේය.
හිටපු අමාත්‍යවරයා ඊයේ (18) රාත්‍රීයේදී ඔහුගේ නිවසේදී කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.
=======================================================================================
(නිමන්ති රණසිංහ)
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හෙට (19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළාය
අද රාත්‍රී 10.30 ට පමණ මෙම නඩුව අධිකරණය හමුවේ කැඳනු ලැබීය.
රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)





'
COMMENTS
පළමුවන චෝදනාව වෙන්න ඕනෑ... හැපුණාට පස්සේ නොනවත්වා ගිය එක.
මේ වගේ දේශපාලකයින්ට හෙන විතරයි මම ඉල්ලන්නේ. පළිගන්නේ නැහැලු. මේ මොකක්ද?
මී ලඟට නැව්පති...
මෙම සිදුවීම ඇත්තාක් නම් මෙයාට නිසි දඬුවම් හිමිවිය යුතුයි. දේශපාලන පළිගැනීම් නම් කරන්න එපා...
ඔන්න දැන් පළිගැනීම පටන් ගත්තා. දෙවියනේ අපි අලුත් ජනාධිපති කෙනෙක් පත් කරගත්තේ මේ පිස්සු වැඩ කරන්න නෙමේ. රට හැදිල්ල පැත්තක පළිගැනීම මුල්වෙලා. රජයේ සේවකයන් දහස් ගණනක් දැනටම පලිගැනීමට ලක්වෙලා...
සත්‍ය ලෙසම පළිගැනීමක්. මේ නිසා මෙතුමාට ලැබෙන ඡන්ද ප්‍රමාණයද වැඩිවීම වළක්වන්න බැහැ. පහුගිය රජයෙන් හොරු නොඇල්ලීම, මිනීමරුවන් නොඅල්ලා කල්ගැනීම නිසා හොරු වීරයෝ වුණා. ජනතාවගේ ගැලවුම්කරුවන් වුණා. ඒ සියල්ලේ ප්‍රතිඵල අද ආරම්භ වෙලා... මෙයා තවත් ඉදිරියට මීටත් වඩා කරයි. ඒ සියල්ල දෙස ගොළුවන්, බිහිරන් සේ ඉන්න අපට සිද්ද වෙයි.
යහපාලන රජයේ වැඩ පෙන්නලා තිබුණා නම් අද මෙහෙම වෙන්නේ නැහැ. හැමදේම විහිළුවකට අරගෙන ජාතික ආරක්ෂාව අනතුරේ දැම්මා. එක හොරෙක් ඇල්ලුවේ නැහැ. සිංගප්පූරු කාරයා බැංකුව කඩාගෙන ගියා. මින් පස්සෙවත් පක්ෂයෙන් කෙනෙකුව දාලා ඡන්දෙ ඉල්ලලා පැරදුණත් සිරිසේන උන්නැහේලා ඉදිරිපත් කරන්න එපා. ඒකෙන් වුණේ එජාපය පරාද වීමයි. කවුරු වැරැදි කරලා තිබුණත් ඒවට එවෙලේම දඬුවම් දෙන්න ඕනෑ. එහෙම කළොත් තමයි රටක් දියුණු වෙන්නේ.
හොඳ වැඩේ...
ඉතාම හොඳයි නීතිය හැමෝටම ක්‍රියාත්මක විය යුතුයි.
තරුණයාට සාධාරණය ඉටුකරනු..
ඔන්න දඩයම පටන් අරගෙන.
පහුගිය අවුරුදු පහේ එයාලට කරන්න බැරිවුණ වැඩ මේයාලවත් කරන එක ගැන මටනම් සන්තෝසයි . රනිල් මැතිතුමාට ගොඩක් සතුටුයි ?
මේකෙන් වෙන්නේ මෙතුමා තවත් ජනප්‍රිය වීම විතරයි.
ගතානුගතික දේශපාලනයෙන් වෙනස්ව නැවුම් සුපේශල පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ලංකාවේ ආරම්භ වී ඇත.
මේවා තමා ආන්ඩුව අප්‍රසදයට පත්වෙන වැඩ. සරත් පොන්සේකා නාට්‍යය රගදක්වලා අවුරුදු හතරෙන් ගෙදර ගියා. යහපාලනය ජොන්ස්ටන්, බැසිල් වගේ නාට්‍යය රගදක්වලා ගෙදර ගියා. මේ වගේ වැඩ එක්ක මේ ආන්ඩුවේ ආයුෂත් කෙටිකරගන්න වගේ යන්නේ. ජනාධිපතිතුමා හොද ගමනක් යන්න හදනවා ඒක වටේ ඉන්න කේවට්ටයෝ කීප දෙනෙක් වනසනවා.
සුපිරියි.. අපි පුල පුලා බලාසිටි දෙයක්.. මොවුන්ගේම පිලේ ඉන්නවා තවත් දත් දොස්තරලා එහෙමත් ඉක්මනින්ම අත්අඩංගුවට ගන්න. මොවුන් පසුගිය කාල වකවානුවේ මේ රට කෙලෙසුවා මදිවට අපේ රට ජාත්‍යන්තරව අපහසුතාවයට පත් කළා. අමු බේගල් වපුරලා ස්වාධීන ජනමතය විකෘති කරන්න ක්‍රියා කළා. මොවුන් හරිනම් පසුවදාම අත්අඩංගුවට ගන්නයි තිබුනේ.
ආරක්ෂක ලේකම් තුමා කිව්වා නේද පළිගන්නේ නැහැ කියලා ඒක අකුරට කරනවා ඔහොම යන්.
අපට ආරංචි වුනේ ඒ හැප්පුන වාහනේ කවුදෝ කෙනෙක් හිටපු නිසා මෙයා නොනවත්වා ගියා කියලයි. ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුනහම හැංගෙන්න අමාරුයි නොවැ, ඉස්සර කියමනක් තිබුනා 'එකක් කඩතොළු මකාගන්නට ගොසින් මට වුන කාරියා, දෙකක් කඩතොළු සදා දුන්නයි කම්මලේ ආචාරියා' කියලා.
කළකම් පලදෙනවා තාම පටන් ගත්ත විතරයි තව කට්ටිය ඉන්නවා එන්න.
මෙයාලාට හොද පාඩම් - දැන්වත් ඉගන ගනියි සතුරාට සැලකියයුත්තේ කොහොමද කියලා
පලි ගැනිමේ සමිප්‍රදාය නැවත නව මුහුනුවරකින් ආරමිභ වන බවක් පෙනේ
වහල් ආණ්ඩුවත් වැඩ බැරිකම වසා ගත්තේ මේ විදිහටමයි. මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න යටපත් කරලා වෙනත් මාතෘකා දෙනවා කතා කරකර ඉන්න.
මේ හැමදේම හරි කියමුකෝ එත් ලංකාවේ නීතියට අනුව 1000cc මෝටර් සය්කලයක් මහා මාර්ගයේ ධාවනය කරන්න පුලුවන්ද .
ඔහු බලපෑම් කර පොලිස් පරීක්ෂණ වෙනස් කර ඇත්නම් එය ලංකාවේ නීතියට හා පොලීසියට කරනලද බරපතල අපරාදයකි. එයින් ගම්‍ය වන්නේ බලය ඇති අයට නීතිය වෙනස් කල හැකි බවය.
ආණ්ඩුව බය වෙලා. පව් ! ඔච්චර බය නම් දේශපාලනය නොකර ඉන්න. නරි හූ හූ කිව්වාට සිංහයා බය නැහැ.
එතකොට මෙයාගේ අනිත් වැඩවලින්, මෙයා ගොඩද? කවදාද ඒවාට යුක්තිය ඉටුවන්නේ ? ගෝඨාභය ජනාධිපතිතුමනි, ඔබ රජය ශිලාචාර කරනා අතරේදී තවත් ක්‍රියාවක් කළ යුතුව ඇත. අනිකුත් දේශපාලකයන්වත්, වැලිකඩ බෝඩිමටවත් යවා, ඔවුන්වත් ශිලාචාර කරන්න. බැරි අයව දේශපාලනයෙන් ඉවත් කරන්න. සියලු ජරාපාලනයේ හොර රෑන සුද්ධ කළ යුතුය.
නීතිය ක්‍රියාත්මක වෙන එකනම් ගොඩක්ම හොදයි. හැබැයි ඒක වෙන්න ඕන විපක්ෂයේ ඉන්න අයට විතරක් නම් නෙවෙයි ආණ්ඩුවේ ඉන්න වැරදි කරපු අයටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනා. අන්න එතකොට රටේ සියලුම ජනතාව පිළිගනීවි සැබෑ නායකයෙක් අපිට ඉන්නවා කියලා.
දැන් නම් නීතිය නියමයි. පරණ ඒවත් ඇද ඇද හොයනවා. රට හොඳ පැත්තට යනවා.
තව පෝලිමක්ම ඉන්නව ඇතුලට යන්න.
ඉතිහාසයේ එකම දෙය නැවත නැවත සිදුවෙි. ඒ වරක නාඩගමක් ලෙසිනි. වරක ඛේදවාචකයක් ලෙසිනි මෙවැනි නාඩගමි මෑතක , 2010, 2015,2019
ඔය ආරම්භය... ඔහොම යන්
දවස් 14ක් ශුවර්...
2015 ප්‍රතිඵල... හිරේ ඉන්න ඕනෑ කට්ටිය අරලිය ගහ මන්දිරයේදී දකින සිහින තමයි මේවා..
හිතාගෙන ඉන්නේ හරි ලොකුවැඩක් කරලා කියලා! අහිංසක කොල්ලෙක්ගේ මුළු ජීවිතේම නැතිකරලා , අහිංසක දෙමව්පියන්ගේ බලාපොරොත්තු, සිහින විනාශකරලා දැන් බබා වෙන්න හදනවා.
නව ආණ්ඩුව වැරදි පාරක යාමක් මෙතන වෙන්නේ. මෙවෙනි දේශපාලන අරමුණු අතහැර, මහා බැංකු, වන විනාශය, ත්‍රස්තවාදය, ඇමරික ගිවිසුම, .. වැනි රටට අහිතකර දේ ගැන පරීක්ෂණ කල යුතුව ඇත්තේ. මෙහෙම ගියොත් මහා මැතිවරණයේදී 2/3 නොවේ 1/2 අහිමි වීමට ඉඩ තිබේ.
හරි වීරයෙක්...?
ගෝඨාභය චම්පිකට බයවෙලා.
ගෞරව උපාධියක් හම්බුනා වගේ හැසිරීම
මාංචු කුට්ටම උස්සල පෙන්නන්නේ හරි ආඩම්බරකමට.........
"ඔබට දැන් සතුටුද ?" වසර හතරකට පෙර තීන්දු කරායැයි කියන නඩුවක් සම්බන්ධයෙන්ද හිටපු ඇමැති පාඨලී මැතිතුමා රිමාන්ඩ් කළේ යන ප්‍රශ්නය හැම දෙනාගේම කුතුහලයට පත්වී තිබෙනවා. මගේ සීයා අහනවා රජය දඩ බල්ලන් ලිහා දැමුවද කියලා... ඒවාට පිළිතුරු දෙන්න සැදී පැහැදී සිටින රජයේ මාධ්‍ය ප්‍රකාශකයා අවදිවෙනතුරු ජනතාව බලා සිටි.
මට නම් පේන්නේ හුඟක් සන්තෝසෙන් මාංචු දාගෙන යනවා වගේ. අත් උස්සා ආඩම්බරයෙන් සිනාවෙන්නේ.
ගෝඨා ඔහොම යමු. කොන්ද කෙලින් තියාගෙන ඉන්න.
වැරද්දක් කර නොමැති නම් අපි කව්රුත් බියවිය යුතු නැත යන්න අපගේ හැගීමයි.
නීතියේ ආධිපත්‍ය.
රජකම් කලත් කළකම් පලදේ.
අපරාධයක් කරලා බේරෙන්න හරිම අමාරුයි. (ලංකාවේ මහා බැංකු මංකොල්ලය හැරුණු විට).
පරණ නඩු අලුත් කරලද?
ජනාධිපති තුමා කියපු විදියටම වැඩ.
මෙයාව ටිකක් ඇතුලේ තියන්න රට හදලා ගන්නකන්...
අවසාන ඡායාරූපයේ පෙනෙන විදිහට දම්වැල් කඩාගන්න වගේ හදන්නේ. ඔහොම යං...
මෙම අනතුර පිළිබද ජයාරූප හොදින් නිරීක්ෂණය කළහොත් පෙනීයන්නේ යතුරුපැදිය ගැටී ඇත්තේ වාහනයේ පසුපස (passenger side rear seat ) පැත්තේය. වාහනයේ ඉදිරිපස ගැටීමක් නොව පැත්තෙන් යතුරුපැදිය පැමිණ ධාවනය වෙමින් තිබුණු වාහනයේ ගැටීමක් බව පැහැදිලිය. ඔහු සිරගෙදරට යැවීම පිලිබදව අප කනගාටුවෙමු. සිරගෙදර යාමත් ලංකාවේ දේශපාලනයට සුදුසුකමකි.
අපි බලාපොරොත්තු වූ වෙනස සම්ප්‍රදායිකව සිදුවීම හරි කණගාටුවක්.
අපේ වීරයා ඔබ ජාතියේ නායකයන් වන බව දැන් විශ්වාසයි
මේක දේශපාලන පලිගැනීමක් ලෙස හදුන්වන්න බැහැ. මේ සිද්ධිය එදා ඉදලම ආන්දෝලනයට තුඩු දුන්නා. නීතිය නැමීමේ ප්‍රතිඵලයක් හැටියටයි තීන්දුව ලැබුනේ. සත්‍ය සිද්ධිය යටපත් වී තිබුන බව එදා මතය වී තිබුනා. එදා කළෙත් රාජපක්ෂලා පස්සේ වැඩිපුර පන්න පන්නා පලි ගැනීම. රාජිතටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. රනිල් ආණ්ඩුවේ චම්පික-රාජිත වගේ කීප දෙනෙක් ඉන්නවා-ඔක්කොම නෙවෙයි.
සාධාරණයට ස්තූතියි.
මෝඩ වැඩේ කරන්න එපා. කාලය සහ සම්පත් අපරාදේ විනාශ කරගන්නවා. ඇමරිකන් ග්‍රහණයෙන් රට මුදවාගෙන රටේ ආර්ථිකය දියුණු කරන්න.
වරදට දඩුවම. කවුරු වුනත් කමක් නැහැ.
මේ කට්ටිය රිමාන්ඩ් කරපුවහම වාහනේට යන්නෙම සපුමල් කුමාරයා යාපා පටුන ජයග්‍රහණය කරලා යනවා වගේ. ධජ පතාක ඔසවාගෙන. වැඩේ කියන්නේ එහෙම හිහින් පැය ගානක් යනකොට මෙන්න ලෙඩවෙලා.
සුපිරියි.... ජනතාව නොමග යවමින් සාධු චරිත ලෙස පෙනී සිටි අයට ලැබිය යුතු දඬුවම් ඒ ආකාරයටම ලැබේවා.
ඔන්න පලිගැනීම් ආරම්භ වුනා.
දේශපාලන පළිගැනීම් නවතනු...!!!
දක්ෂ උගත් දේශපාලකයෙක්... ඒත් රටේ නීතිය කාටත් පොදු විය යුතුයි. බයික් එක පිටිපස්සෙන් ඇවිත් හැපිලා තියෙන්නේ. කොහොම වුණත් ඇමැතිතුමා ඉදිරිපත් වෙලා නීතිය ක්‍රියාත්මක කරන්න සහයෝගය දුන්නා නම් මෙහෙම අමාරුවේ වැටෙන්නේ නෑ. ඒ වගේම අනිත් දේශපාලකයින්ටත් මේ වගේ සමානව නීතිය ක්‍රියාත්මක කරන්න.
පිරිත් නූල් මිටියයි, මාංචු යුගලයි. 225ටම මේ ඉරියව්වෙන් ඡායාරුප තියෙනවා. ඒකත් එක සුදුසුකමක්.
නියමයි තව එක්කෙනෙක් ඉන්නවා... ජයවේවා !!!
පසුගිය 17 වෙනිදා සිට මේ දක්වා සියලු සිදුවීම් අනාගත විශාල ලේ වැගිරීමක ආරම්භය සනිටුහන් කරනවා. 1988/1989 යුගයට එහා ගිය විශාල විනාශයක් මේ පලිගැනීම්, මර්ධනයට එරෙහිවීම තුලින් ඇතිවීම කිසිකෙනෙකුට නවත්තන්න බැරි වෙනවා. සිංහල, බෞද්ධ ජාතිවාදය උලුප්පා බලයට පැමිණි අය විසින්ම තමන්ව බලයට ගෙනා සිංහල , බෞද්ධ තරුණ ජීවිත දස දහස් ගණනක් විනාශ කරන කාලය වැඩි ඈතක නෑ.
වැරදි වැඩක් කළා නම් කවදාහරි පළදෙනවා
ලාංකීය දේශපාලනයේ නිකැළැල් චරිතයක් වන ඔබ සමග මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව පෙළ ගැසෙනු ඇත.
හොද වැඩේ රාජපක්ෂලාට එරෙහි උනාට ....අපේ රාජපක්ෂ උත්තමයට එරෙහි උන ඕන කෙනෙක් දේශද්‍රෝහී........
හිරේට යන්නෙත් දැන් වීරයෙක් වගේ....මොකද ඡන්දයක් ගන්න බලනවා හිරේට වැටුන එකෙනුත්.....
සුළු අනතුරක් කියලා කිව්වේ ඒ උනාට ......................
අපි මේවා බලාපොරොත්තු වුණා. රනිල්ට සහ ඔහුගේ මෝඩයන්ට පාලනය කළ නොහැකි වූ සතුරන් නැවත ඉස්මතු නොවී සිටිය යුතුය. දැන් ඔබේ සතුරන් ඉල්ලන ඕනෑම තැනක රැඳී සිටිමින් ඔබ කිරීමට අසමත් වූ දේ භුක්ති විඳින්න. මතක තබා ගන්න, අළු ගසාගෙන අළු වලින් ඉස්මතු විය යුතු නැත.
වරදක් කළානම් දඩුවම් හිමිවිය යුතුයි .........
සිංහයා වගේ අත් උස්සලා පෙන්නනවා...!!!!
ඉතිහාසේ පුරාවටම ආණ්ඩු මේවගේ මෝඩ චූන් දුන්නා. අලුත් ආණ්ඩුව පත්කළේ අලුත් විදියට හිතල පරණ මෝඩකම් නොකරන්න ...ඒත් !!! මේවයින් රට සුකිත මුදිත වෙනවා කියල ආණ්ඩුව හිතෙනවනම් සොරි තමයි !
රජකම් කලත් කල කම් පල දේ
පසුගිය ආණ්ඩුවේ අඩුවෙන්න්ම වැරදි කරපු කෙනාට ඇයි මෙච්චර කරදර ? ඇයි චම්පිකට මේගොල්ලෝ මෙච්චර බය...... 2025 ජනාධිපති වෙයි කියලද ?
මාංචු දාලා හිරේ යන්නෙත් පට්ට හපන් කමක් කරා වගේනේ !
දැන්වත් නිතිය ක්‍රියාත්මකවීම ගැන සතුටු වෙන්ඩ ඕන. සන්දීපට සාධාරනයක් වෙන්ඩම ඕන.
කොල්ලෙකුගේ ජීවිතය විනාශ කරා...............
සුපුරුදු ව්‍යාපාරය රාජපක්ෂලා පටන් අරන්. එයාලට අවනත නැති සිංහල බෞද්ධ නායකයන් පාගා දැමීම මුලටම අරන්. දෙමළ මුස්ලිම් නායකයන් වෛරයට පාත්‍ර කරලා මැතිවරණ වේදිකා දෙවනත් කරා. ඒවා දැන් අමතකයි. මොකද මහා මැතිවරනේදී එයාලා තලගොයි වෙනවනේ.
මොන හේතුවකටද මේ මාංචු දා ගත්ත හැම කෙනාම අත්දෙක උස්සලා ආචාර සමාචාර කරන්නේ? නිකන් වීර ක්‍රියාවක් කරලා ලෝක සූරතාවයක් දිනාගත්ත වගේනේ. මේක විහිළුවක් වගේ හරියට
තරුණයකු අනතුරට ලක්කිරීම නොවේ නේද හරි යෙදුම. මම හිතන්නේ එය තරුණයකු අනතුරට ලක්වීම යනුවෙන් නිවැරදි විය යුතුයි.
කරන කලට පවු මිහිරිය මි සේ .... විදින කලට දුක් .....
ඊළඟට කවුද යන්න ඉන්නේ...?
බොන්ඩ් හොරු නිදැල්ලේය. පාස්කු ප්‍රාහරයට වගකිවයුතු ඇමති නිදැල්ලේය. නීතීවිරෝධි මෝටර් සයිකලයකින් සිදුවූ රිය අනතුරක තීන්දුවද දුන් සිද්ධියක් අල්ලාගෙන බෞද්ධ නායකයෙක්ගෙන් පලිගැනීම අනුමත කළ නොහැක.
මෙතුමා වැරැද්දක් කළා නම්, අත්අඩංගුවට ගැනීම සාධාරණයි. තර්කයක් නැහැ. මේ අත්අඩංගුවට ගැනීම සිදු වෙලා තියන්නේ නීතිපතිගේ උපදෙස් අනුව. එ්කත් 2016දී සිදුවූ සිද්ධියකට. ඒ වකවානුවේ නීතිපති දෙපාර්තුමේන්තුව මොනවද කලේ? මේකේ ඉතා පැහැදිලියි.., එදත් සහ අදත් අපේ නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනයට යටත් වෙලා.
මේ මහ රෑ... දැන් වීරයෙක් වෙන්න හදනවා.
Rizvan, අසාධාරණ විදියට දේශපාලන පළිගැනීමකට මාංචු දැම්මම ලෝකෙටම පෙන්නන එක හොඳයි.
Rizwan ඔබ කියන්නේ මාර කතාවක් නේ. පොහොට්ටුවේ අය මෙහෙම කරන එක හොදයි. ඒ අය තමයි මේ ක්‍රමයේ නිර්මාතෘවරුන්...
පාඨලී චම්පික රණවක කියන්නේ දේශප්‍රේමී චරිතයක්. මාක්ස්වාදය ගැන මනා දැනුමක් තියන හොඳ පන්නරයක් සහිත දේශපාලකයෙක්... ඔක්කෝටම වඩා ප්‍රබල මානසික ශක්තියකින් හෙබි පුද්ගලයෙක්. එතුමා සතු මේ අතිප්‍රබල ආත්මය විනාශ කිරීමට කාටවත් බෑ...
වරදක් කළා නම් අනිවාර්යයෙන් දඬුවම් විඳිය යුතුයි. මේක හැමෝටම සමානයි.
ජනාධිපතිතුමා වැඩ කරන්නේ ඡන්දෙ කාලේ කියපු විදියටම බව දැන් නම් පේනවා.
දේශපාලුවන් තම ඇම්බට්ටයන්ව යහමින් ඇන්දවීමට, තමන් ගොන් බුරු වීරයන් බව පෙන්වීමට රජයකින් නොමිලේ පළදවන බ්‍රේස්ලට් ප්‍රදර්ශනය කිරීම මෙමගින් හොදින්ම පිළිඹිබුවේ. පසුගිය රජයේ වකවානුවෙත් වැලිකඩ ආපනශාලාවට ගිය හැම නිවට දේශපාලුවෙක්ම මෙලෙසම හැසිරීම එක්තරා විදියක " දේශපාලුවන්ගේ ගොන් " සම්ප්‍රදායක් විය යුතුය. මෙමගින් සාමාන්‍ය ජනතාවට තේරුම්ගත හැකි වන්නේ "අප රටේ දේශපාලුවන් යනු නියම හාරත බුරුවන් බවය ".
පාතාලේ මෙහෙයවන අයගේ හැටි ඔහොම තමා. පැරදිච්ච අනෙක් මානසික රෝගියාත් ඔය ඉන්නේ ගිහිල්ලා.
දන්නේ නැද්ද මෙතුමා රටට කළ සේවය ? නිකන් තුට්ටු දෙකේ කොමෙන්ට් දන්නේ නැතුව ඉන්න.
මෙතුමා අපේ රටේ දේශපාලන කරලියේ සිටිය යුතුම චරිතයක්. මෙතුමා නියත වශයෙන්ම උගතෙක්. රටේ අනාගතය දීප්ති කිරීමට අවශ්‍ය නිසි දැක්මක් ඇති දැවැන්ත පෞර්ෂත්වයක්. මොනවා කළත් මෙතුමා අපේ මාතෘ භූමියේ පළමු හෝ දෙවනු පුරවැසියා බවට පත්වීම වළක්වන්න බැහැ.
ඔය ගමන්ම තාජුදීන්ව මරපු කෙනාත් අල්ලන්න. ඒ අම්මත් විඳවනවා තවමත්.
"නජච්චා වසලෝ හෝති, නජච්චා හෝති බ්‍රාහ්මණෝ", ක්‍රියාවෙන් තමයි පින්වතුනි, කෙනෙක් වසලයෙක්ද හොඳ කෙනෙක්ද කියලා තීරණය වෙන්නේ. මෙයාට විතරක් නෙමෙයි මං මේ කියන්නේ, හොඳ පොරවල් වගේ පෙනී ඉන්න - ඔව් ඔව් ඒ කට්ටියටමයි.
මේක නියවන අය දන්නවද? ලංකාවේ නඩු වැටෙන වැරදි සහ නඩු නොවැයෙන වැරදි කියලා ජාති දෙකක් තියෙනවා. ඕනෙම දේශපාලකයෙක් අරන් බලන්න. ඔහු කරලා තියෙන වැරදි වලින් නඩු වැටිලා තියෙන්නේ මොනවටද කියලා.
රාජිත මහත්තයවත් ඉක්මණට පිළිවෙලක් කරලා දාන්නකෝ ඔය එක්කම...
මොන හේතුවකටද රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගන්නේ? දවල් වෙලාවක ගත්තා නම් නරකද? 2010 මතක් වුණා අපිට...
පසුගිය ජනාධිපතිවරණයේදී සජිත්ගේ පරාජයට හේතුවූ කීපදෙනෙක් ඉන්නවා. ඒ අතුරින් චම්පික, මංගල, රාජිත, රන්ජන්, බදුර්දීන් සහ දෙමල සංධානයේ කතා ප්‍රමුඛයි.
ලෝකයේ කිසිම දියුණු හෝ ශීලාචාර රටක රාත්‍රී කාලයේදී පොලිසිය නිවෙස්වලට කඩා වැදී මොනම දරුණුම අපරාධකාරයෙක්වත් අත්අඩංගුවට ගන්නේ නැත. එවැනි පොලිස් කඩාවැදීම් කරන්නේ අලුයම 6න් පසුව බව ජ්‍යාත්‍යන්තර සම්මුති ටොන් ගණනකට අත්සන් තබා ඇති අපේ රටේ පාලකයන් දන්නේ නැද්ද? පාඨලී චම්පික රණවක මැතිතුමා මේ විදියට මහ රෑම අත් අඩංගුවට ගැනීමට ඕඩර් දුන්න කෙනා කවුරු වුණත්, එතුමා අංගොඩ යවලා පොල්ගෙඩියක් තරම් ලොකු ඔළුගෙඩිය ඇතුලේ අල ගෙඩියක් තරම් පුංචි මොළ ගෙඩියක් තිබේද කියා බලන්න. අපේ සකල සිරින් පිරි සිරි ලංකාව ඒ අතින් ලෝක වාර්තාවක් යලිත් වරක් පිහිටුවා තිබේ ! ජයවේවා !!!
මෙයා විතරක් නෙවෙයි. ඇයි අර දැන් ඉන්න එක අමාත්‍ය වරයෙකුගේ පුතෙක්.., පොලිස් නිලාධාරියෙක්ට අනතුරක් කරලා මැරුවේ. උන්දැවත් ගන්න ජනපතිතුමෝ...
මම හිතන්නේ රනිල්ට මේකෙන් ඉගෙන ගන්න පාඩම් තියෙනවා ......
ඇමතිවරු යන්නේ ඔහොම. තව ටික දවසක් යද්දී එළියේ. ලොකු මිනිසුන්ට වෙනම නීතියක් කියලා හොදට තේරෙනවා. සැමට එක නීතියක් එනකන් රට හොද තැනකට ගන්න වෙන්නේ නැහැ.
පිටිපස්සෙන් ඇවිල්ලා තමන්ගේ වාහනේ හප්පපු ලියාපදිංචි නොකළ වාහනය හා රියදුරු බලපත් නොමැති රියදුරකු බවට නඩු තීන්දුවක් තිබියදී මෙවැනි දෙයක් සිදුවීම නීතියේ ආධිපත්‍යය විහිලුවකට ලක්කිරීමක් නොවේද? රාජ්‍යය දේපල සොරකම් කළ අය නිදහසේ සිටියදී මේක විහිළුවක්ම තමයි .
නීතිය සැමට පොදුයි. පුතානෝ ඒකවත් දන්නේ නැද්ද ?
අහිංසක කොල්ලෙක් අසරණ කරලා මහ වීර වැඩක් කරා වගේ අත් උස්සනවා.
මෙච්චර දවසක් නීතියෙන් බේරිලා යහපාලනය අස්සේ හැංගිලා හිටියේ....
"පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම" 2005 සිට 2019 දක්වා වැරදි කරපු සියල්ලන්ටම මේ වගේ දඬුවම් කරන්න.
ඒකාධිපතියා වැඩ පටන් ගත්තා විතරයි. මහ ඡන්දෙන් පස්සේ ඉතුරු වැඩත් බලාපොරොත්තුවෙන්න. ඔය පවුල ශ්‍රී ලංකාව සෝමාලියාවක් කරලා තමා නවතින්නේ.
වැරදි වැඩ කරලා වීරයෝ වගේ පෙන්නන්න හදනවා...
දැන් අපිට කියන්න තියෙන්නේ වෙනස සැපද කියලා. අපේ රටේ වගේ ජරාජීර්ණ දේශපාලනයක් තියෙන රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති...
එජාපයට ලැබුණු දේව ආශිර්වාදයකි. දැන් සජිත්ට උඩ පනින්න කියලා පාඨලී අගමැති අපේක්ෂක කරගත හැකිය.
මෙතුමා හොඳට ඉගෙන ගත්ත මනුස්සයෙක් කියලා අපි දන්නවා. ඒ වගේම මෙතුමා අසූව දශකයේ එක්තරා පල්ලියක බෞතීෂ්ම වෙලා කියලත් අහලා තියෙනවා. මෙතුමා ඇත්තටම සිංහල බෞද්ධයෙක් නම් අච්චර බෞද්ධයන්ට අසාධාරණකම් වෙද්දී මොකද කරේ...?
යකඩ මිනිහෙක් හදන්න වියදම් කළ කෝටි සිය ගණනට කව්ද වග කියන්නේ...?