(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිමිව තිබෙන බලතල, වගකීම් සහ ධූර කාලය ආදී සියලූ ක‍්‍රියාපටිපාටියන් ඇතුළත් පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධනය වහාම සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට අද(15) දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ඉහත දැනුම් දීමට අනුව දැනට පවතින පක්ෂ ව්‍යවස්ථාවේ නායකත්වයට අදාළ පරිච්ඡේවල විශාල සංශෝධනයන් ඉදිරියේදී කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව නායකත්වයට පැවරී තිබෙන බලතල සහ වගකීම් කාලයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අරමුණ වී පවතී.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණුද සැලකිල්ලට ගෙන පක්ෂ නායකත්වයට හිමිවෙන බලතලෙ, වගකීම් සහ ධූර කාලය සංශෝධනය විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙයට පෙර ප‍්‍රකාශ කර තිබුණි.
මෙයට අමතරව පක්ෂ නායකත්වයේ බලතල සහ කාර්යභාර්යයේ වියයුතු වෙනස්කම් පිළිබ`දව තරුණ මන්ත‍්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස් සියල්ල සැලකිල්ලට ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට ලබාදුන් උපදෙස්වල වැඩිදුරටත් ස`දහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කට බය හිතිලා ඊළගට එන කෙනා මෙයාගේ රෙකෝඩ් එක කඩයි කියලා.
අවශ්‍ය එකම සංශෝධනයයි. පක්ෂ නායකයා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඡන්දයෙන් තෝරාගන්න එක. ජේ.ආර් වෙනස් කරන්න කලින් තිබුන ක්‍රමය ගේන්න.
බයිලා ගහන්නැතුව ගිහින් මොලේ පරීක්ෂා කර ගන්න.
දැන් මගේ කාලය ඉවරයි. ඊළඟට එන අයට මං කරපු සෙල්ලම් දාන්න දෙන්න බෑ. අවුරුදු 2ක් විතර හිටියාම ඇති. ඊට පස්සේ තව කෙනෙකුට දිය යුතුයි. එහෙම නොකළොත් අකිලට ගන්නත් බැරුව යනවා.
කරුණාකර ගෙදර යන්න.
යන්න අදහසක් නෑ වගේ. හොඳම දේ එයාට බෝඩ් එක තියාගන්න කියලා අලුත් පක්ෂයකින් ඡන්දෙට එන එක...
මේ පක්ෂය දැන් විහිළුවක් වේගෙන යන්නේ..., පරණ එක්කෙනක්ටවත් රට ගැන කිසිම හැඟීමක් නැහැ.
තවත් කාලේ කන්නේ නැතුව රනිල් මහත්තයෝ යන්න කරුණාකරලා. කරදරයක් වෙන්නේ නැතිව...
දැන් යන්න.
තණ්හාය ජායතී ශෝකෝ...
මෙයා නම් කල්මරන්න සූරයා...
දෙයියන්ගේ නාමෙන් දැන්වත් ඉවත්වෙලා සජිත්ට තැන දෙන්න. ඊළඟපාර ඡන්දෙදී රනිල් නායකත්වයේ හිටියොත් එජාප මිනිස්සු ඡන්දය වර්ජනය කරයි. හැමදාම කළේ කොමිටි දාලා එකඑකා ගෙට දාලා කල්මැරීමයි. එහි ප්‍රතිඵලය වුණේ දවසින් දවස පක්ෂය විනාශ වීමයි. හොරා ඇල්ලුවේ නැහැ. ඒ නිසාම හොරු වීරයෝ වෙලා ඡන්දෙත් දිනුවා. බැඳුම්කර හොරු ආරක්ෂා කළා. ප්‍රශ්නවලට විසඳුම් දුන්නේ නැහැ. ඒ සියල්ලට රනිල් වගකිව යුතුයි.
එන ඡන්දෙදීත් කෙලවෙනකම් ඔහේ කල් මරමින් සිටියි.
ඔය පට්ටම සජිත්ට දීලා ඔයා යන්නකෝ... පක්ෂයට වගතුවක් නැත්තෙත් ඔයා හින්දා.
කොහොමද කල් මරන්න ගහන ගේම්? මෙයා මේක දාලා යන්නේ නැහැ.. මළාට... පක්ෂ නායකත්වය සජිත්ට දුන්නොත් ඉර අනික් පැත්තෙන් පායනවා සිකුරුයි.
එක්සත් ජාතික පක්ෂය මීලග මැතිවරණය සඳහා පෙරමුණු 3 සූදානම් කළයුතුයි. මෙම පෙරමුණු 3ම සටන්වදින්නේ එක අරමුණකින් විය යුතුය. එම පෙරමුණු ඔවුනොවුන් කිසිම අාකාරයක විවේචනය නොකළ යුතු අතර පක්ෂ නායකත්වය නිහඬ පිළිවෙතක් අනුගමනය කර තිරය පිටුපස සියලු කටයුතු කළයුතුය. 1. සජිත් ඔහුගේ ගම් මට්ටම සහ බිම්මට්ටමට කතාකරමින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යායුතුය. 2. කරු ජයසූරිය භික්ෂූන් වහන්සේලා සමග කතිකාවක් ඇතිකර ගැනීමට කටයුතු කළ යුතුය. 3. ඉදිරි මහමැතිවරණයේදී ප්‍රබල හඬක් නැගීමට හැකි උගත්, බුද්ධිමත් කාන්තාවක් පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරකට පත්කොට මධ්‍යම පන්තියට, කාන්තාවන්ගේ ඓතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගීමට ඉදිරිපත් වුවහොත් බහුතර අාසන ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව පවතී. දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ දැනට සිටින සුදුස්සා බව මම සිතමි.
එහෙම තමයි වෙන්න ඕනේ... හිටපු පක්ෂ නායකයාගේ අනුමැතියෙන් හා හිටපු පක්ෂ නායකයට අවශ්‍ය ලෙස වර්තමාන නායකයා ක්‍රියාකළ යුතුයි වගේ සංශෝධනයක් ගෙන ආ යුතුයි.
තව ඔළුගෙඩි මාරුවකට අරාඳින්න බව නම් පේනවා.
අපේ රටේ දේශපාලුවන් ගැන නම් කියලා වැඩක් නැහැ. කෝලම් මඩුවක් වෙලා එකාට එකා කුලල් කා ගන්නවා. බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ. පක්ෂය ශක්තිමත් කරන්න කාටවත් වුවමනාවක් නැහැ. මෙහෙම ගියොත් මොනවයින් මොනවා වේවිද කියලා හිතාගන්නවත් බැහැ.
සිරිසඟබෝ රජතුමා හිස දන්දුන්නා වගේ මෙයත් තමන්ට තියෙන තනතුරු දන් දිදී යනවා. අනේ වාසේ...!
එක්සත් ජාතික පක්ෂය තුළ නායකයන් ඇත. නමුත් ආකර්ශනීය නායකයන් නොමැත..!
මෙයා යන්නේ නැත්නම්... නව එක්සත් ජාතික පක්ෂය ගොඩ නගා අලි දෙන්නා හෝ ඇතා ලකුණින් සජිත් පෙරට පැමිණිය යුතුයි...
රනිල් ඔයා දැන් යන්න...
රටේ ජනතාවගේ කැමැත්ත නොමැතිව සංසෝදන ගහ ගහ රටේ විධායක බලතල පවරගන්න ගිහින් අන්තිමේ රටේම මිනිස්සුන්ට එපා වුනා. පක්ෂේත් නැතිකළා. දැන් පක්ෂ සාමාජිකයින්ගේ කැමැත්ත නැතිව තියෙද්දී නායක කමේ එල්ලිලා ඉන්න, පරණ ක්‍රමේටම, සංසෝධන ගෙනෙන්න හදනවා. ඕක පක්ෂයක්ද? නැතිනම් කාගේවත් බුදලයක්ද? පව් අර සාමාජික මුදල් ගෙවල සාමාජිකයෝ වෙලා ඉන්න මිනිස්සු.