(නිමන්ති රණසිංහ)
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මෙතක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිස් ආරක්ෂාව යටතේ ලංකා පෞද්ගලික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් නීතිපති නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද (27) අධිකරණයට කරුණු වාර්තා කළේය.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස කරුණු දැක්වීය.
ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍ය උමා ශංකර් මහතා විසින් අමාත්‍යවරයා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එහි සඳහන් පරිදි අධික රුධිර පීඩන, ආතතී යන රෝගී තත්ත්වයන්ට රාජිත සේනාරත්න මහතා භාජනය වී ඇති බැවින් ඔහුගේ සමීපයට යා නොහැකි බවත් සොලිස්ටර් ජනරාල්වරයා කරුණු දක්වමින් සඳහන් කළේය.
රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා කීවේ සිය සේවා දායකයා අත්අඩංගුවට ගෙන ඇති බවට ප්‍රචාරයක් පවතින බවයි.
කරුණු සලකා බලමින් එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ පොලීසිය අධිකරණයට කරුණු දක්වනවාම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නැති බව එය එසේ සිදුවී ඇති බවයි.
එහිදී අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ බී වාර්තාව වැඩි දුර අධ්‍යනයක් අවශ්‍ය බව පැවසූ මහෙස්ත්‍රාත්වරිය නඩුව විනාඩි 25 කට කල් තැබුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ දැන් නඩුකාරයෝ නීතිපති පොලීසිය, සී.අයි.ඩී. ය ඔය ඔක්කොම මෙහෙයවන්නේ එක්කෙනෙක් නේ. අනිවාර්යයෙන්ම කියන දේ කරන්න වෙනවා. නැත්නම් රාජිතට කලින් සුදු වෑන් තමයි යන්න වෙන්නේ. මේ රට හදන්න අපේ රටේ මිනිස්සුන්ගේ මොල හෝදන්න ඕනේ. අපේ රටේ මිනිස්සු ඡන්දෙ දීලා බලන් ඉන්නේ කාටද ගහන්නේ? කාවද හිරේදාන්නේ කියලා බොහොම අඩු මානසික තත්වයක ඉන්න මිනිස්සු සහ දේශපාලකයෝ...
වේදිකාවේ කියවමින් කෑමොර දෙන "බූරුවන්ට" අවසානයේ සෑදෙන ලෙඩවල් වලින් ආතතිය, අධික රුධිර පීඩනය වැනි "බෝවන" රෝග බව මනාවට ඔප්පු කර ඇති අය වැඩිපුරම සිටින්නේ දියවන්නා ඔයේ හරක්ගාලේ බව මෙමගින් මනාවට පැහැදිලි වේ.
ලොසැටර්න් Losartan 100mgක් විතර දීලා රිමාන්ඩ් එකට දාන්න.. නැත්තම් අපිට ප්‍රෙෂර් එක හැදෙනවා..
දහසක් වැරදි ඇති. එහෙත් එතුමා බෙහෙත් මිල සෑහෙන්න අඩු කළා. අක්ෂි කාච මිල අඩු කළා. ඉන් ප්‍රතිලාභ ලද විශේෂයෙන් වැඩිහිටි අය බොහොමයි. කලබලයක් නොවී, ක්‍රියා මාර්ග ගන්නවා නම් හොඳ දෙයකි.
ආතතිය වැඩි වෙලාලු. ලඟට යන්න බැහැයිලු.