අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ නාරහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත අද (29) මාරුකර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා ඊයේ (28) හිටපු අමාත්‍යවරයා හමුවීමට ගොස් ඇති අතර, ඔහු එහිදී අමාත්‍යවරයා බන්ධනාගාර රෝහල වෙත යැවීමට නිර්දේශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් ඉතින් රඟපෑමක් විතරයි. විකට ජවනිකාවක් වගේයි. අරගොල්ලො බලයට අාවාම මේ ගොල්ලන්ව රකිනවා. මේ ගොල්ලන් බලයට ආවහම අර ගොල්ලන්ව රකිනවා. අන්තිමට බලපුවාම අල්ලපු හොරෙකුත් නැහැ. මේවා රටේ ජනතාව දැනගත යුතුයි. එදා ඉඳන්ම කලේ ඔය සෙල්ලම තමයි. මේ දෙගොල්ලන් ගොඩ ගියා... රට එතැනමයි. රටේ ජනතාව කබලෙන් ලිපට වැටුණා.
නියමයි..! දැන් මේ මන්ත්‍රිට බලාගන්න පුළුවන්... එයා සෞඛ්‍ය ඇමති වෙලා කරපු කෙරුවාව. කළකම් පලදේ...!
මේකත් ඉතින් රඟපෑමක් විතරයි. හරියට විකට ජවනිකාවක් වගේ. මේ ගොල්ලන් බලයට ආවහම ඒ ගොල්ලන්ව රකිනවා. ඒ ගොල්ලන් බලයට අාවහම මේ ගොල්ලන් රකිනවා. අන්තිමට අල්ලපු හොරෙකුත් නැහැ. දුන්නු දඬුවමකුත් නැහැ. මෙවා රටේ ජනතාව දැනගත යුතුයි. එදා ඉඳන්ම මේ දෙගොල්ලන් ගොඩ ගියා. රට එතැනමයි. රටේ ජනතාව වන අපි කබලෙන් ලිපට වැටුණා. මේවට වග කියන්න ඕන ජනතාව වන අපිම තමයි.
අහෝ ආජිත නොදිටි මොක්පුර...
ඒක හොඳයි. නැත්නම් ලංකා හොස්පිටල් එකේ බිලත් අපෙන්ම තමයි අයකරන්නේ (මහජන මුදලින්). මොකද මෙයා සයිටම් ණය අපේ සල්ලිවලින් ගෙවන්න වැඩ සැලසුවා. හරි නම් ඒවාටයි නඩු වැටෙන්න ඕනේ...
එල්ලන්න ඔනේ හිරගෙදර කොඩි ගහ මුදුනේ කාටත් පේන්න ..
කළු, මෙතුමා තමයි අවු 5ක් පමණක් දුන් පිළිකා බෙහෙත් ජීවිතය තිබෙනකල් දෙන්න. පටන් ගත්තේ, ලක්ෂ 4,5 අය කළ ස්ටෙන්ස් නොමිලේ දුන්නේ... දහස් ගණන් අය කළ අක්ෂිකාච නොමිලේ දුන්නේ... වෙළඳ මාෆියාව කඩලා බෙහෙත් ද්‍රව්‍ය 400ක විතර මිල අඩු කලේ. ඔබට ඒවා මෙතෙක් අවශ්‍ය නොවෙන්න ඇති. නැත්තම් ඔයත් බෙහෙත් මාෆියාවෙ පුරුකක් වෙන්නැති...
මේ සේරම පට්ට නාට්‍ය මේ දේශපාලක හැත්ත ලස්සනට මිනිස්සුන්ට එකතුවෙලා රවට්ටන්නේ ...!!! හැම ආණ්ඩුවක්ම ආව අලුත් අය සේරම කතාවෙලා එක එක විදිහට පිටපත් ලියලා අර ඡන්දෙ දුන්න අයට පොඩි සතුටක් දෙනවා ...!!! සිරා කළෙත් ඒකමයි ,ජේ ආර් කළෙත් ඒකමයි, චන්ද්‍රිකා කළෙත් ඒකමයි, ප්‍රේමදාස කළෙත් ඒකමයි, බණ්ඩාරනායක ඉඳලා සිරිමාවෝ කළෙත් ඕකමයි ...!!! දැන් ඉතින් දැක්කනේ අර චම්පිකව එළියට දැම්මා ...!!! දැන් රාජිතගේ මේ සීන් එක.. කරන තරමක් කලේ රටෙන් හොරා කාලා , පනින එක.. අපේම සල්ලි වලින් සිංගප්පූරු ගිහින් ගොඩවෙලා ආවා ..!!! අයි මේ අයට විතරක් අමුතුම නීති ...!!! මීට පස්සේ එක දේශපාලුවෙකුටවත් ඡන්දෙ දාන්න හොඳ නැහැ රටට ආදරයක් නැති ...!!!