දමිත් වික්‍රමසේකර - සන්ඬේ ටයිම්ස්
රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇත.
අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල සුළු සේවක කාර්ය මණ්ඩල සඳහා සේවකයන් බඳවා ගැනීම මඟින් තම ආධාරකරුවන්ට රැකියා ලබාදීමට දේශපාලනඥයන්ට ඉඩ ලැබී තිබිණි.
සුළු සේවක, කම්කරු, කාර්යාල සහායක සහ මුරකරු යන රැකියා සුළු සේවක කාර්ය මණ්ඩලවලට අයත් විය. එම බඳවා ගැනීම් කිසිදු පාලනයකින් තොරව සිදුවන බව අනාවරණය වී තිබේ.
ඉදිරියේදී එවැනි බඳවා ගැනීම්, විශේෂයෙන්ම සුළු සේවක කාර්ය මණ්ඩල සඳහා බඳවා ගැනීම් කරන්නේ නම් එසේ කළ යුත්තේ මහ භාණ්ඩාගාරයේ උපදෙස් මත යැයි මුදල් අමාත්‍යාංශය සියලු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවලට උපදෙස් දී තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට අදාළ උපදෙස් දී ඇති බව ද මහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. බඳවා ගැනීම් සිදුකිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් එම අවශ්‍යතාව මහ භාණ්ඩාගාරයට දැනුම් දිය යුතු බව ද ඔවුන්ට දැනුම් දී ඇත.
රාජ්‍ය ආයතනවල අතිරේක සේවකයන් අඩු කිරීමත් රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල වෙනුවෙන් කරන වියදම් අඩු කිරීමත් මෙම ක්‍රියාමාර්ගයේ අරමුණ වී ඇතැයි ද එම නිලධාරියා කීවේය.
එමෙන්ම යෝජිත ක්‍රමවේදයට අනුව බඳවා ගැනීම් සිදු වන්නේ ද නැද්ද යන්න සොයා බැලීම සඳහා මහ භාණ්ඩාගාරය ද නිරීක්ෂණ ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද ඔහු පැවැසීය.
“මෙම ක්‍රමවේදය මඟින් සමානව රැකියා බඳවා ගැනීම සිදු කෙරෙනවා. මේ ක්‍රමය තුළින් එක් ඡන්ද කොට්ඨාසයකට හෝ දිස්ත්‍රික්කයට හෝ රැකියා බෙදී යෑම සිදුවෙන්නේ නැහැ.” යැයි ද හෙතෙම කීවේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නියෝගය දී ඇති අතර හෙතෙම පසුගිය සතියේදී ‘බහුකාර්ය සංවර්ධන කාර්ය බළකායක්’ ස්ථාපිත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇත. තෝරාගත් පිරිස්වලට විවිධ ක්ෂේත්‍රවල ඊට ගැළැපෙන පුහුණුව ලබාදෙමින් රාජ්‍ය ආයතනවල පුරප්පාඩු පිරවීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව ද වාර්තා වේ.
කැබිනට් පත්‍රිකාවට අනුව කාර්ය බළකාය යටතේ 1,30,000කට ආසන්න පිරිසක් පුහුණුව ලැබීමට නියමිත අතර මාස හයකට පසුව ඔවුන්ව සේවයට බඳවා ගැනීමට නියමිතය. මෙම පිරිස තෝරාගනු ලබන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා හෝ අට වසර හෝ දක්වා ඉගෙන ගත් අයගෙන් බව ද පැවැසේ.
මෙම බහුකාර්ය සංවර්ධන කාර්ය බළකාය ලබන ජනවාරි 15 වැනිදා වෙනමම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතය.
පොදු කාර්ය නඩත්තු කිරීම, පාසල්වලට සහාය දීම, රෝහල්වල කටයුතු පවත්වාගෙන යෑමට සහාය වීම, ගම්වැසියන් වනජීවී තර්ජනවලින් ආරක්ෂා කරගැනීම, ආරක්ෂක අංශවල සහ පොලිසිවල කටයුතුවලට සහාය වීම යනාදී කටයුතු සඳහා පුහුණු කරන මෙම සේවකයන් යෙදවීමට නියමිතය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමු නව ජනපතිතුමනි... අපේ රට පැතූ වෙනස ඔබට ළඟාකර දිය හැකි බව අපි විශ්වාස කරමු..
ලබා දුන් චන්දයට අගයක් ලැබීම ගැන ඉතා සතුටුයි
ඉතා හොද වඩ පිලිවලක්. වසර 70 කට පසු රට යන්නෙ හරි මග.
රජයේ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගන්න අනුමත පරිපාටියක් තියෙනවා. රජයේ අනුමත සේවක සංඛ්‍යාව තුළ පමණයි බඳවා ගත හැක්කේ. ඇමතිලා හෙන්චයියන් බඳවා ගත්තා වුණත් අනුමත සේවක සංඛ්‍යාව තුළ නම් රජයේ අරමුදල්වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඇයි? අයවැයෙන් ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇති නිසා... නමුත් ඒ අනුමත ප්‍රමාණයෙන් පිට 130,000ක බලකායක් පිහිටුවනවා කියන්නේ දැන් තියෙන සේවක සංඛ්‍යාව 130,000කින් ඉක්මවනවා කියන ඒක නේද? කොටින්ම දැනටමත් අතිරික්තයක් තියෙන රාජ්‍ය සේවයට තවත් මහා පිරිසක් එකතුවෙනවා කියන ඒක නේද?
සුළු සේවකයන් පමණක් නොවේ... සියලුම රජයේ සේවකයන් බඳවා ගැනීම් නතර කළ යුතුයි. දැනටමත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ සියලුම මට්ටම්වල අතිරික්ත සේවකයන් ඇත. ලෝකයේ රටවල් වලින් ජනගහනයට අනුපාතිකව වැඩිම රජයේ සේවකයන් සිටින්නේ ශ්‍රී ලංකාවේය.
පොහොට්ටුවට දීලා තිබුණු රස්සා ටිකත් නැති කරගත්තා. පැතූවෙනස ලැබෙමින් පවතී. සතුටු වෙන්න. තව දෙන්න. ඒ අයට සැප ගන්න. අනේ ඉතින් ලක්ෂ 69නේ ඉතින් නේද? බත් කන හරක්...
කවුරු කොහොම කිව්වත් පොඩි මිනිහා ගැන බලන්නේ යූ.එන්.පී. රජයකින් විතරයි. සජිත් දිනුවා නම් අද ඔය වගේ රස්සා දීලා විරැකියව අඩුකරනවා. කොහෙද ඉතින් පවුල් පාලනයක්නේ ඉල්ලුවේ. ඔය ලැබෙන්නේ යසයි. ඔහොම යමු අගමැති සජිත් වුණාම ඔය සෙල්ලම් ඉවරයි.
හුරේ .. දැන් ඇමතිතුමාටවත් රස්සාවක් දීගන්න බැහැ. අපි මොකටද ඇමතිට කඹුරන්නේ... ඔක්කොම දැන් පරම්පරාව යටතටනේ. වෙනස සැපයි..
පහුගිය අවුරුදු 40ක් විතර ගත්තම බලය ලැබුණු හැම දේශපාලඥයෙක්ම කලේ මේ සක්කිලි වැඩේ.. ඒක පක්ෂ, පාට භේදයකින් තොරව සිදුවුණා විතරක් නෙමෙයි, එයින් රාජ්‍ය සේවය බල්ලට යන්නත් හේතු වුණා. සුදුසුකම් නැති වෘත්තීය පුහුණුවක් නැති වගේම කරන්නට කිසිම රාජකාරි කාර්ය භාරයක් නැති සේවක අතිරික්තයක් හැම රාජ්‍ය ආයතනයකම ගොඩගැහිලා ..වරාය, දුම්රිය, ලංගමේ විතරක් නෙමෙයි පහුගිය කාලේ දැනගන්න ලැබුණු විදියට නාඋල අධ්‍යාපන කාර්යාලයට රියදුරෙක් අනුයුක්ත කර තිබුණා හිටපු අධ්‍යාපන ඇමති විසින්... නමුත් මේ කාර්යාලයට වාහනයක් නැහැ වගේම ඔහු වෙනත් කිසිම රාජකාරියක් කලෙත් නැහැ. තමන් ආවේ රියදුරු පත්වීමකට යයි කියමින්.. මේ අපිට දැනගන්න ලැබුණු දේවල්.. නොදැන තව කීයක් කතා ඇතිද..?
බලාගෙන යනකොට අද ඉඳලා මහ භාණ්ඩාගාරයත් කම්කරු දෙපාර්තමේන්තුවේ ශාඛාවක් කරලා වගෙයි..! දැන් ඉතින් දේශපාලකයන්ගේ නිවෙස් ඉදිරිපිට දිග රස්සා පෝලිම් නැතිවෙයි.
බදවා ගන්නවිට සුලු සේවකයෝ උනාට පසුව ඒ අය තමයි ආයතනවල මහ සේවකයෝ වගේ වැඩ කළේ. කළේම තමන්ට පත්වීම දුන් දේශපාලකයාට කඩේ යන ගමන් රජයෙන් පඩි ගත්තා. ආයතනයේ අනෙක් අය ගැන කේලම් කීවා.
ඕවා කෙරෙනකන් විස්වාස නැහැ.
මේ රටේ හැම කෙනාටම තනතුරු ගන්න බෑ. ඒත් ජීවත් වෙන්න රජයෙ රැකියාවක් බලාපොරොත්තුවෙන මනුස්සයො ඉන්නවා. ඇමති ගොල්ලො මිනිස්සුගාවට ඇවිල්ලා කියන්නෙ මොනාද, ගමට වැඩ කරන්නම්, ජොබ් අරන් දෙන්නම් කියලා. ඉතින් ඒ පොරොන්දු ඉෂ්ඨ කරන්න බලේ තියෙන්න ඕනෙ. එහෙනම් ඊළඟ පාර ඒවා ගැන කටක් ඇරලා කතා කරන්නෙ නැතිව ඉන්න ඕනෙ. එහෙම වුණොත් මිස්සුන්ගෙ ඡන්දෙ නෑ. කොටින්ම දේශපාලනේ කියන්නෙ මාළුවෙක් ගත්තාම උගෙ මැදකොටස කාලා ඔලුවයි නට්ටයි මිනිස්සුන්ට කන්න දෙන නරි වගේ..
බහුකාර්ය සංවර්ධන නිලධාරීන් බඳවාගැනීම හොඳයි.
මේක අසාදාරනයි සාමාන්‍යපෙල අටපාස් අයට ජොබ් දුන්න සාමාන්‍ය පෙල සමත් උසස්පෙල අසමත් අයට ජොබ් නෑ සාමාන්‍යපෙල අසමත් උනානම් හොදයි කියල හිතෙනවා.
බහුකාර්ය ගත්තු එක නිසා උසස් පෙළ සමතුන්ට තැනක් නැති වුණා. ඒකට වග කියන්න ඕනෑ ගොඨාභය රාජපක්ෂ මහතා. උගත් පිරිස් නැතුව අරක්කු ගංජා කාරයින් ගත්තාට ඒ අය ඉවත්කර අර්ධ රාජ්‍ය සේවකයින්ගේ රැකියා ස්ථීර කරන්න ඒ අයගේ අධ්‍යාපන මට්ටම බලා සුදුසු ස්ථානවල සේවයේ පිහිටුවන්න.
අර්ධ රාජ්‍ය සේවකයින් ස්ථීර නොකර අට පාසල් අය ගැනීම අසාධාරණයකි. උසස් පෙළ අය අර්ධ රාජ්‍ය සේවයේ ඉන්නවා... ඒ අයට කාර්යාල සහායක හා කම්කරු රැකියා ලබාදී ස්ථීර කරන්න...
මොන මගුලටද උසස් පෙළ? සාමාන්‍ය පෙළ සමත් අය සිටියදී අට පාස් අය රැකියා වලට ගත්තේ... ගොඨාභය රාජපක්ෂ කලේ කිසිදු සාධාරණ වැඩක් නොවේ. ඕවා තමයි දේශපාලන තීරණ කියන්නේ. අපි ඉගෙනගෙන ආණ්ඩු හදලා අට පාස් අය රජ කරවලා...!
මට රැකියා දෙන්න මම දුප්පත් කෙනෙක්
ඕවා කෑමට...!