( නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ආර් බී නෙළුම්දෙණිය මහතා අද(24) නියෝග කර තිබේ.
නීතීපති උපදෙස් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මෙමනියෝගය නිකුත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ පැවැත්මට බොරු කියා රට පාවාදෙන මෙවැනි අයට දඬුවම් දිය යුතුයි.
සුබ නත්තලක්.
නත්තල් තැගි
මේ සංදර්ශන අපිට අමුතුවෙන් බලන්න තරම් අලුත් දේවල් නෙවෙයි. පෙති මාරු වෙනකොට සිද්ද වෙන දේවල්...
එතකොට දැන් මෙයාගේ උසාවියේ තියෙන පෙත්සමෙන් බලපෑමක් නැද්ද? ඔයාලා නම් ඇතුලේ ඉන්න ඕනේ මිනිස්සු තමයි. එ්ත් මේ පවතින ක්‍රමය ඇතුලේ ඔයාලා ඔයාලගේ වටේ ඉන්න මානවකයින් ටිකක් ගෙන සද්දයක් දාලා පොරවල් වගේ එළියට එන්නේ. එ්ක තමයි තියෙන දුක...
පාඨලීව අත්අඩංගුවට ගැනීම ගැන මම දෙගිඩියාවෙන් හිටියේ... ඒක වැරදියි වගෙත් පෙනුණු නිසා. මෙන්න ඒකටත් එක්ක. අත් දෙකම උස්සලා හරියි කියනවා...
2018 ජාතික නිදහස් දින උත්සවයේදී මෙයා කිව්වේ.. ඒ අවුරුද්දේ (2018) දී තමයි හිරේ ඉන්නේ අවුරුද්දයි කියලා. දැන් කොහොමද? කොට්ටයි, මෙට්ටයි අරගෙන යන්න...
සාධාරණ මිනිස්සු බලන් හිටපු දෙයක්...
දෙවෙනි නාට්‍යය පටන් අරන්. හැබයි ඉතින් මේ මනුස්සයා එපා කරපු චරිතයක් නිසා නාට්‍යය හිට් වෙයි ටික කාලෙකට හරි.
දත් දොස්තරගේ වැඩ ඉවරයි...!!!
සුදු වෑන් ගැන ඇත්ත හිලිදරව් කරාට ගරු රාජිත ඇමතිතුමා අත්අඩංගුවට ගන්නේ.? පුරවැසියන් සියලුදෙනා රාජිත සමගයි.
තමන් කැපූවලේ තමන්ම වැටෙනවා.
උපදේශක පුතු චතුර..ඔබ කොහෙද? එන්න... වීරයා එනතුරු වැලිකඩ බලා සිටී.
නත්තල් සීයේ බොහොම ස්තුතියි.
මුලින්ම රාජිත ඊට පස්සේ අරාජිත දැන් නම් පරාජිත.
සුපිරි තීරණයක්. රාජ්‍ය බලය අවභාවිත කරමින් ජනතාව මුලා කිරීමත් රට අරාජික කිරීමට හේතු සම්පාදනය කිරීමත් නිසා මොහුව අනිවාර්යයෙන් නීතිය හමුවට පැමිණවිය යුතුයි.
පහුගිය කාලෙ උසාවි මග හැරල නීතිය නවපු ඒවාට බාල බෙහෙත් ගෙනත් රෝගීන් අමාරුවෙ දාපුවට වගේම නැවු ගත්තු හැටි වගේ හැම දෙයක් ගැනම පරීක්ෂණ කරලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි.
රාජිත ඇල්ලුවම හාල්, ලුණු, එළවලු මිල අඩු වෙනවද? මේවා ආණ්ඩුවට විරුද්ධව එන ජනතාව මුලා කරන්න කරන බොරු වැඩ..
කරන කලට පව් මීරිය මී සේ... විඳින කලට පව් දැඩිවෙයි ගිනිසේ...
සුදු වෑන් කතාවට විතරක් නෙමෙයි, බාලබේත් ගැන.., නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන කිව්ව බොරුව ගැන, ස්විස් තානාපති කාර්යාලයේ නාටකය ගැනත් වරදකරුවෙක් වෙන්න ඕනෑ.
සුබ නත්තලක් රාජිත...
දැන් ඉතින් තමන්ගේ දත් තමන්ටම ගලවාගන්න අවස්ථාවක් හම්බ වුණා.
නියමයි. ඇතුලේම තියාගන්න. එළියට දාන්න එපා...
දැන් කියාවි මේකත් දේශපාලන පළිගැනීමක් කියලා.
කෑමෙන් හොඳ කෑමක්... සුබ නත්තලක් වේවා..!!!
කරන කලට පව් මිහිරියි මි සේ.........විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ........
අපි බලාගෙන ඉන්නේ කිරිබත් කන්න, රබන් ගහන්න.
මොහු කලිනුත් වැරදිකරුවෙක් වෙලා දඩුවම් ලබපු කෙනෙක්. ඕනෙම දෙයක් කටින් ගහලා යට ගහන්න දක්ෂකමක් තියෙන ඒ වගේම ඕනෙම බොරුවක් කිසිම ලැජ්ජාවක් නැතිව කරන දේශපාලුවෙක්.
කලකම් පලදෙනවා කියන්නේ මේකට තමා.
කිරිබත් උයාගන්න තවම වෙලාව ඇවිත් නැහැනේ.
රනිල් ලොක්කට කිව්වනම් අගමැතිත් එක්ක කලු කෝපි බීලා මොනව හරි කරාවි.
හදිස්සියට කිරිබත් හදන්න වෙලා නෑ.
රාජිත දේශපාලනයට සුදුසු නැත. කරුණාකර වෛද්‍ය ලෙස නම භාවිතා නොකරන්න. අපි ඒ වගේ මිනිහෙකුට ගරු කරන්නේ නැහැ...
මෙදාපාර කිරිබත් කන්න බෑ. හාල් ගිනිගණන් කොහොමහරි කිරිබත හැදුවත් ලුණු මිරිසක් කොටා ගන්න ළුෑණු ගෙඩියක් නැහැ...
හැමදාම නත්තල් නැතිබව හැමදෙනාම වටහා ගත යුතුයි.
නන්දිකඩාල් වලට ගැහුවට වඩා සතුටුයි.
මෙදාපාර අපිටත් නත්තල්
බොරුවෙන්, වංචාවෙන් බෙහෙත් මාෆියාවෙන් ධනය හොයන මේ දේශ ද්‍රෝහීන් මේ රටෙන් තුරන් කල යුතුය.
කව්ද දන්නේ ඔය සුදු වෑන් සිද්ධිය ඇත්තක්ද කියලා...? කලින් ආණ්ඩුවේ අත්අඩංගුවට ගත්තු අයට වගේ නීතිය ක්‍රියාත්මක වෙයිද බලමු.