(අජන්ත කුමාර අගලකඩ)
රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනාගෙන් හරි අඩකට පමණ තවමත් විෂයන් හා කාර්යන් පවරා නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් ඇමැතිවරුන් අටදෙනෙකු පමණක් ඔවුන් යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් හා කාර්යන් ගැසට් නිවේදන මගින් පවරා ඇති බවත් ඒ අනුව රාජ්‍ය අනුමැතිවරුන් 19 දෙනෙකුට පමණ විෂයන් හා කාර්යයන් පවරා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩලස් අලහප්පෙරුම , ප්‍රසන්න රණතුංග , වෛද්‍ය රමේෂ් පතිරණ , ආචාර්ය බන්දුල ගුණවර්ධන , මහින්ද අමරවීර නිමල් සිරිපාල ද සිල්වා , ජනක බණ්ඩාර තෙන්නකෝන් යන කැබිනට් ඇමැතිවරුන් සහ පවිත්‍රා වන්නිආරච්චි කැබිනට් ඇමැතිවරිය ඔවුන් යටතේ සිටින රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් හා කාර්යන් පවරා ඇත.
ඒ අනුව විෂයන් හා කාර්යන් පැවරී ඇති රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න , වාසුදේව නානායක්කාර , ගාමිණි ලොකුගේ ,ශෙහාන් සේමසිංහ , ඉන්දික අනුරුද්ධ , දුමින්ද දිසානායක , රංජිත් සියඹලාපිටිය , කෙහෙළිය රඹුක්වැල්ල , අරුන්දික ප්‍රනාන්දු , කාංචන විජේසේකර , ජානක වක්කුඹුර , ලක්ෂ්මන් යාපා අබේවර්ධන , තිලංග සුමතිපාල ,දිලුම් අමුණුගම , සී.බී රත්නායක , මොහාන් ද සිල්වා, මහින්ද සමරසිංහ , ලසන්ත අලගියවන්න සහ විජිත බේරුගොඩ යන මහත්වරුන්ය.
රාජ්‍ය ඇමැතිවරුන්ට විෂයන් සහ කාර්යන් පවරා දෙන ලෙස දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඉකුත් දෙසැම්බර් මස 23 වැනිදා විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කර තිබිණ.
එම චක්‍රලේඛනය නිකුත් කර කාලයක් ගතවී ඇතත් තවමත් විෂයන් හා කාර්යන් පවරා දී ඇත්තේ රාජ්‍ය ඇමැතිවරුන් 19 දෙනෙකුට පමණක් බව පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ පැවරුවා කියලා මේ අය හරියට වැඩක් කරන අයද ? හුග දෙනෙක් නමට විතරයි.
වැඩ නැති උනාට කමක් නැහැ. පඩි හම්බ වෙනවනේ. පඩි විතරක්ද නිලරථ, නිල නිවාස දුරකථන, ඉන්ධන දීමනා මේ ඔක්කොම ලැබෙනවනේ එතුමන්ලාට.
කොහොමද බෙදාගන්නේ තණ්හාවට ඔක්කොම තියාගෙන
අපෝ කමක් නැහැ රෙස්ට් කරපුදෙන් පව් අසරණයන්ට පඩිය හම්බෙනවද දන්නේ නැහැ.
පොඩ්ඩක් ඉන්න. ඉස්සර වෙලා මේ අයට දෙන්න වැඩ හොයා ගන්න ඕන නේද?
ඔං අපේ අට පාස් කට්ටියගේ වැඩ. පවරන්නා හෝ පැවරියයුත්තා යන දෙපැත්තෙන් කොයි පැත්තේ හරි නුසුදුස්සෝ සිටින හැඩයි.
වැඩ නැතිවුනාට වාහනවලට ඉන්ධන නම් කෝටි ගණන් පාවිච්චි කරනවා.
වැඩ කරන අපේ විරුවා ...
මේකෙන් කියවෙන්නෙ අපි වගෙ පොඩි රටවලට මේච්චර ඇමතිලා අවශ්‍ය නැති එක. නායකයොවත්, ජනතාවවත් තේරුම නොගැනීම තමයි විනාශය..
වැඩ නැත්නම් මොකද මේගොල්ලන් පත් කරේ, මහජනයාගේ මුදල් විනාශ කරන්නද ? මොන ආණ්ඩුව ආවත් මෙහෙම තමයි. මජන මුදල් ගසා කාල සැප විඳිනවා.
මාස දෙකක් පසුවෙලත් මේ අයට වැඩ පැවරීමක් නොකෙරිමෙන් පෙනීයන්නේ මේ පුංචි රටට ඔපමණ විශාල ඇමති මඩුල්ලක් අවශ්‍ය නැති බවයි. ළඟ එන මැතිවරණයෙන් වැඩකලහැකි දක්ෂ කුඩා කණ්ඩායමක් පත්කරගන්න.
දීලා වැඩක් නෑ. මහ මැතිවරණය ෂුවර් නෑ.
ලංකාවේ ඇමති, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති ආදී වශයෙන් ඉන්නා පිරිස ඉන්නේ වැඩ කිරීමට නොව අපේ මුදලින් සැප සම්පත් භුක්ති විඳීමටත්, තම සනුහරෙටම සැලකීමටත්, පුළුවන් තරම් හම්බකර ගැනීමටත්ය. වැඩ කරන්නේ අමාත්‍යාංශවල ඉන්න විවිධ නිලධාරීන්ය. ඒ අනුව ඇමතිලා පත්කිරීමේ අරමුණ ඉටුවී තිබේ. එබැවින් සෙසු ප්‍රශ්න පැන නොනගී.
කවුරු ආවත් ඔච්චර තමයි. හැම කෙනාගෙම කයිවාරු විතරයි. අපි හැමදාම රැවටෙනවා.
වැඩ බැරි අයට විෂය භාරදීමෙන් ඇති පලේ කුමක්ද කියා මොවුන්ට පිංපඩි, යන වාහන ආදී සියලු දේ දීමට තීරණය කරලා තිබෙනවා වගෙයි ! පවරා දෙන ලෙස දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ... අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඉකුත් දෙසැම්බර් මස 23 වැනිදා විශේෂ චක්‍රලේඛනයක් ...] මේ නියෝග තුට්ටුවකටවත් ගණන් නොගෙන තිබෙන බව නම් ඉතාම පැහැදිලියි! "විපත් මග" නියමෙට ක්‍රියාත්මක වෙනවා නේද ?
වැඩ කරන්න වැඩ තියෙනවද කියලා දැනගන්න තියෙන හොඳම නිර්ණායකය තමයි පළාත් සබා.
වැඩ කරන්න වැඩ තියෙනවද කියලා දැනගන්න තියෙන හොඳම නිර්ණායකය තමයි පළාත් සබා. දැනට අවුරු ගණන් අක්‍රිය වුනත් ඔය යන්නේ අගේට පළාතේ වැඩටික. අහිංසක මහජනයාගේ මුදලුත් ඉතුරුයි.
ලංකාවේ කවදාවත් කිසිම ක්ෂේත්‍රයක දෙවෙනි පෙළක් හැදෙන්නෙත් නෑ. තරුණයන්ට වැඩක් කරන්න දෙන්නෙත් නෑ. 50 න් පස්සේ මුළු වැටුපම දීලා හැමෝම ගෙදර යවන්න ඕනේ. තරුණයන්ට නුතන තාක්ෂණික දැනුම එක්ක මේ දවස් ගානක් කරන ඒවා පැය කීපයකින් කරන්න පුළුවන්.