(නිමල කොඩිතුවක්කු)
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම, සිරබාරයේ සිටින සියලූම දෙමළ සිරකරුවන් නිදහස් කිරීම, උතුරු, නැගෙනහිර පළාත්වල ඉඩම් යළි දෙමළ ජනතාවට ලබාදීම ඇතුළු ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ කොන්දේසි මාලාව මෙවර මහමැතිවරණයේ තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වරන් මහතා පැවසීය.
දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර ඇති තම ප‍්‍රතිපතත්ති සමඟ එකඟ වන පාර්ශව හා සන්ධානගතව ඉදිරි මහමැතිවරණයට තරග කිරිමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.
දෙමළ මහජන පෙරමුණ, ඉලංගයි තමිල් අරසුකච්චි, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊ.පී. ආර්. එල්. එෆ් පක්ෂය ඇතුළු පක්ෂ පහක් එක්ව මෙම කොන්දේසි මාලාව ඉදිරිපත් කර ඇති බවත් විග්නේෂ්වරන් මහතා පැසීය.
එම ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානයේ පාර්ශව සමඟ ඉදිරි මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මේ අයට අනුව ත්‍රස්තවාදය කියන්නෙ නොවලැක්විය යුතු දෙයක්..?
ඕනෑම පුද්ගලයකුට දවල් හීන දැකීමේ අයිතියක් තියනවා. එත් පුදුමය කියන්නේ මේ තරම් සුළු ජාතීන්ට අයතිවාසිකම් නොලැබෙනවයි කියන රටක මෙතුමා ශ්‍රේෂ්ඨාධිකරණයක විනිසුරුවරයෙක් උනේ කොහොමද කියන ඒකයි.
නිකන් ඉන්න දෙමල මිනිස්සුන්න්ව අවුස්සලා ඉල්ලන් කන්න යන්නේ.
රටට වැඩකරන ඇමතිවරුන් නෙමේ. මෙන්න මේ ජාතිවාදියා වහාම අත්අඩංගුවට ගන්න රජය ඇයි බය? එන්න එන්නම මෙයා කරන ප්‍රකාශ ඇහුවම ඇගේ මාළු නටනවා.
උතුරු, නැගෙනහිරට වෙනම ඉඩම් බලතල ලබාදීම, පොලිස් බලතල ලබාදීම, උතුරු නැගෙනහිර එක්කර එකම පළාතක් කරන්න ඉල්ලන්නකෝ විග්නේශ්වරන්. බමුණුආරච්චි කියන විදිහට වැඩ කරන්න බැහැ. ඔයගොල්ලන්ගේ මිනිස්සු වගේ අපි කලබලේ වැඩකරලා වැඩ අනාගන්නේ නැත. අපිලා ටිකක් ටිකක් ඔබලාගේ රට අල්ලා ගන්නවා.
මේ ඉල්ලීම් කිසි දෙයකට එකඟ වෙන්න එපා කියල අගමැතිතුමාගෙන් ඉල්ලනවා.
ඔ කොන්දේසි සේරම ඉටු වෙනවා නම් ඉටු වෙන්නෝන මේ රටේ මධ්‍යම රජය හරහා මිස වෙනත් ආයතනවලින් නොවේ. ඒකත් 2/3 බලයෙන් සම්මත විය යුතුයි. ඕක කොහොමටත් වෙන්නම බැහැ. ඉතින් ඇයි මෙහම ජනතාව රැවට්ටන්නේ? දැන් පේනවනේ සම්බන්ධන්ට ලැබුණු වරප්‍රසාද. ජනතාව රවට්ටලා සැප ජීවිත ගත කරන්නේ.
හලෝ දැන් රට පාලනය කරන්නේ ඉස්සර හිටපු පඹයෝ නෙවේ. පරිස්සමට ඉන්න.
ඔය ඕන එකක් දාගන්න අනේ. ඔයාල නැතුව ආණ්ඩු පිහිටුවන්න පුළුවන් කියල දැන් ඔප්පු වෙලානේ තියෙන්නේ.
අර විද්යා පාසල් සිසුවිය කෙලස මරා දැමු මිනිහාවත් නිදහස් කරන්න ඕනද ?....
මේ නාකි ජාතිවාදින්ව ජනප්‍රිය කරන්නේ අපේම ප්‍රචාරක ජනප්‍රිය අංශ තමයි.
ඔලුවක් නැති කෙනෙක්.
ඔව් ඉතින් මස්සිනාත් කැමති එකේ.......
ත්‍රස්තවාදීන් කෙසේද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට සහය දක්වන්නේ?
මොවුන්ගේ මෙම ඉල්ලීම් වලට සහය දෙන බවට එක්සත් ජාතික පක්ෂය පසුගිය ජනාධිපතිවරණයේදීත් ප්‍රකාශ කළා. ඉතින් මහා මැතිවරණයේදීත් එය එසේ නොවේ යැයි කියන්න බෑ. මොවුන්ගේ ජන්දය නැතුව ගෝඨාභය මහතා විශිෂ්ට ජයක් ලබා ගත් සේම ඉදිරි මහමැතිවරණයේදීත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් බහුතර සිංහලයන් කැපවිය යුතුයි. ත්‍රස්තවාදය යනු වැලැක්විය යුත්තක් මිස නොවැලැක්විය යුත්තක් නොවන බව අප හොදාකාරවම වටහා ගත යුතුය. මන්ද අප එහි ආදීනව හොදින්ම භුක්ති විදි ජාතියකි.
ත්‍රස්තවාදින්ට අවශ්‍ය සියලු දේ ඉටු කර දීම, ත්‍රස්ත නායකයා කළ යුතුයි. නැතිනම් පවතින්නේ කොහොමද?
අනේ මෙයාලගේ පට්ටපල් බොරු. මේවා මුකුත් කරන්න උවමනාවක් නැහැ. දෙමළ තරුණයන්ව අවුස්සලා බලයට එන්න මේ හදන්නේ. දේශපාලකයෝ හැමෝම එහෙමයි. නැති ප්‍රශ්න ඇති කරනවා. තරුණ ළමයි තමා ගොඩක් මේවට රැවටෙන්නේ .
මෙතුමා මහේස්ත්‍රාත්වරයෙකු ලෙස අධිකරණ සේවයට එක්වී උසස්වීම් ලබා ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් විදිහටයි විශ්‍රාම ගියේ. කීර්තිමත් අපක්ෂපාති විනිසුරුවරයෙක් ලෙස නීතිඥ ප්‍රජාව අතරේ ගෞරවයක් දිනාගෙන සිටියා. විශ්‍රාම ගැනීමෙන් පසු දේශපාලනය නමැති අසූචි වලට බැහැලා ඒ දිනාගෙන තිබු ගෞරවය එහෙම පිටින් නැති කරගෙන දැන්.
දෙමළ සහෝදරයන්ට කියන්න තියෙන්නේ මෙවැනි නරියන්ගේ කීමට රැවටිලා නැවතත් මේ රටේ කෑලි කඩා ගන්න ලැස්ති වෙන්න එපා කියලයි. පහුගිය වතාවෙත් මේ රටේ සිංහල මිනිස්සුන්ටත් වඩා යුද්දෙන් පීඩා වින්දේ දෙමල අහිංසක මිනිස්සු. ඒ හින්දා නැවත ඒ තත්වේ ඇති නොවෙන්න වග බලාගන්න එක උගත් බුද්ධිමත් ද්‍රවිඩ තරුණයන්ගේ වගකීමක්.
මේ මිනිහ උගත් මිනිහෙක්ද?