(හැටන් රංජිත් රාජපක්ෂ / මස්කෙළිය-ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය නගරයේ නවාතැන්පලක නවාතැන් ගෙන සිටි බාහිර පන්ති ගුරුවරයෙකු ඊයේ (03) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගත්බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
වත්තේගම පන්නිල ප්‍රදේශයේ පදිංචි සැකකාර බාහිර පන්ති ගුරුවරයා වයස අවුරුදු 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකුද සමග ඊයේ (03) රාත්‍රී ශ්‍රීපාද වන්දනාවේ පැමිණ නල්ලතන්නියේ සිට ශ්‍රී පාද වන්දනාවේ මඳදුරක් ගොස් තමන්ට යාමට නොහැකි බව පවසමින් එම පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා සමග නල්ලතන්නිය නගරයට ආපසු පැමිණ නල්ලත්නිය පොලිසිය ඉදිරිපිට පිහිටි නවාතැන්පොලකට ගොස් පියා සහ දියණියන් දෙදෙනා වශයෙන් එම නවාතැන්පලේ කලමණාකරුට පවසා කාමරයක් කුලී පදනම මත ලබාගෙන තිදෙනාම එම නවාතැන් පොලේ කාමරයේ රැඳී සිටියදි පොලිසිය වෙත ලද තොරතුරක් මත සැකකාර බාහිර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.
අවුරුදු 45 පමණ වයසැති සැකකාර බාහිර පන්ති ගුරුවරයා විවාහක අයෙකු බවත්, පාසල් ශිෂ්‍යාවන් දෙදෙනාද තවත් ශීෂ්‍යාවන් පිරිසක් සමග ශ්‍රී පාද වන්දනාවේ යන බව පවසා නිවසින් ඊයේ (03) උදෑසන පිටවී ඇත.
සැකකාර බාහිර පන්ති ගුරුවරයා ආගමික කටයුතු වල නියැලෙන අයෙකු බවත්, මිට ප්‍රථමද මෙම ශිෂ්‍යාවන් දෙදෙනා රැගෙන මෙම බාහිර පන්ති ගුරුවරයා සිගිරිය නැරඹීමට ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය විසින් කරන ලද මූලික පරික්ෂණ වලදී අනාවරණය වි ඇත.
නල්ලතන්නිය පොලිසිය භාරයේ සිටින ශිෂ්‍යාවන් දෙදෙනා මෙවර අපොස සාපෙල විභාගයට පෙනීසිටි ශිෂ්‍යාවන් දෙදෙනෙකු බවත්, එම සිසුවියන් දෙදෙනා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ගැනීමෙන් පසු එම සිසුවියන් දෙදෙනා දෙමව්පියන් වෙත බාරදී සැකකාර බාහිර පන්ති ගුරුවරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.
බාහිර පන්ති ගුරුවරයා වත්තේගම පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු කාලයක් තිස්සේ ඉංග්‍රීසි උගන්වන බාහිර පන්ති ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටින අයෙකු බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතේ අපේ පොතේ වටිනාකම දැන් අර හිමිට පෙනේවි...
තනිකරම දෙමව්පියන්ගේ වැරදි. තමන්ගේ දරුවන් යන එන තැන ගැන හොයලා බලන්න දෙමව්පියන් දැනගන්න ඕනේ... ගෑනු ළමයි පිරිසක් යනවා කිව්වහම අඩු ගානේ අනිත් ළමයි කවුද කියලවත් අහලා ඒ ගෙවල් වලට කතා කරන්න තිබුණනේ. දරුවන් වංචාකාරයින්ට අහු වෙන්නේ තනිකරම දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා...
හිමිවරු තමාගේ නියම මර්ගයේ ගොස් දේශපාලන කඩේ යාම නවතා දහම් දෙසීම අරඹන මෙන් ගෞරවයෙන් අයැද සිටිමි.
මෙතන පළමු වැරදිකාරයෝ දෙමාපියන්. දරුවන් යන්නේ කා එක්කද කියලා හොයලා බලන්න තිබ්බා. ඒ වගේම මේ අමතර පන්ති නිසා ගොඩක් දරුවන් නොමග යනවා.
ඇති යන්තම් හතේ අපේ පොත උගත් නිසා ඔහොම බේරුනා.
මේ ළමයින්ගේ මහා උන්දැලාට මඩු වලිගෙන් තලන්න එපෑ.
සමහරවිට බාහිර පන්තියක් කරන්න එක්කරගෙන යන්න ඇති...
මෙතන හතේ පොතේ ගැටලුව නෙවෙයි මේ ළමයින්ගේ දෙමාපියන් කෝ? ඉස්සර අම්මලා ගෑණු ළමයෙක් නාන්නවත් තනියෙන් යවන්නේ නැහැ.
හතේ පොත ගැන වැලපෙමින් හාමුදුරුවන්ට ඇඟිල්ල දික් කරන සැදැහැවතුන්ගෙන් අහන්නේ, ඔබතුමන්ලා විවාහවෙලා දරුමල්ලන් හැදුවේ මොන පොතෙන් අධ්‍යාපනය ලබලද?
මේ දරුවන්ගේ දෙමව්පියන් නැද්ද? ඉන්නවා නම් මුලින්ම ඔවුන්ව අල්ලලා හිරේ දාන්න ඕන. මේ වගේ කිසිම වගකීමක් නැතිව ගැහැණු දරුවන් හදනවට. පිරිමි දරැවෙක් වුනත් මෙහෙම ගමනක් යද්දි කොහෙද යන්නේ කාත් එක්කද යන්නේ කියලා හොයලා බලනවා නේද? මෙහෙමත් දෙමව්පියෝ.
අමතර විද්‍යා පන්තියක් ගැන කියා දෙන්න එක්ක ගෙනවත් ගියාද කියලා කවුද දන්නේ ?
දෙමව්පියන්ගේ අනු දැනුම නැතිව කොහොමද බාල වයස්කාර දැරියන් ගෙදරින් පිටවන්නේ ? ඔය ගොඩක් ආගමික කටයුතු කරන අය මානසික ලෙඩ්ඩු.
පාසලේදී පොතෙන් උගන්වන දේවල් වල ප්‍රයෝගික පන්තියක් සඳහා මේ ටියුෂන් ගුරුතුමා කළ දේ වැරදියි කියන්නේ කවුද ?
ගුරුවරයෙක් කිව්වට මට නම් පේන්නේ අනංගයෙක් වගේ. මේ දරුවෝ මෙවැනි අාකාරයට යවන දෙමව්පියන්ට මොලේ කළඳක්වත් නැතිව ඇති...