IMG-LOGO

සිසුවියන් දෙදෙනෙකු සමග නවාතැන් ගෙන සිටි ගුරුවරයා අත්අඩංගුවට

(හැටන් රංජිත් රාජපක්ෂ / මස්කෙළිය-ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)                      

පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු සමග නල්ලතන්නිය නගරයේ නවාතැන්පලක නවාතැන් ගෙන සිටි බාහිර පන්ති ගුරුවරයෙකු ඊයේ (03) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගත්බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

වත්තේගම පන්නිල ප්‍රදේශයේ පදිංචි සැකකාර බාහිර පන්ති ගුරුවරයා වයස අවුරුදු 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකුද සමග ඊයේ (03) රාත්‍රී ශ්‍රීපාද වන්දනාවේ පැමිණ නල්ලතන්නියේ සිට ශ්‍රී පාද වන්දනාවේ මඳදුරක් ගොස් තමන්ට යාමට නොහැකි  බව පවසමින් එම පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා සමග නල්ලතන්නිය නගරයට ආපසු පැමිණ නල්ලත්නිය පොලිසිය ඉදිරිපිට පිහිටි  නවාතැන්පොලකට ගොස් පියා සහ දියණියන් දෙදෙනා වශයෙන් එම නවාතැන්පලේ කලමණාකරුට පවසා කාමරයක් කුලී පදනම මත ලබාගෙන තිදෙනාම එම නවාතැන් පොලේ කාමරයේ රැඳී සිටියදි පොලිසිය වෙත ලද තොරතුරක් මත සැකකාර බාහිර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

අවුරුදු 45 පමණ වයසැති සැකකාර බාහිර පන්ති ගුරුවරයා විවාහක අයෙකු බවත්, පාසල් ශිෂ්‍යාවන් දෙදෙනාද තවත් ශීෂ්‍යාවන් පිරිසක් සමග ශ්‍රී පාද වන්දනාවේ යන බව පවසා නිවසින් ඊයේ (03) උදෑසන පිටවී ඇත.

සැකකාර බාහිර පන්ති ගුරුවරයා ආගමික කටයුතු වල නියැලෙන අයෙකු බවත්, මිට ප්‍රථමද මෙම ශිෂ්‍යාවන් දෙදෙනා රැගෙන මෙම බාහිර පන්ති ගුරුවරයා සිගිරිය නැරඹීමට ගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය විසින් කරන ලද මූලික පරික්ෂණ වලදී අනාවරණය වි ඇත.

නල්ලතන්නිය පොලිසිය භාරයේ සිටින ශිෂ්‍යාවන් දෙදෙනා මෙවර අපොස සාපෙල විභාගයට පෙනීසිටි ශිෂ්‍යාවන් දෙදෙනෙකු බවත්, එම සිසුවියන් දෙදෙනා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ගැනීමෙන් පසු එම සිසුවියන් දෙදෙනා දෙමව්පියන් වෙත බාරදී සැකකාර බාහිර පන්ති ගුරුවරයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නල්ලතන්නිය පොලිසිය පැවසීය.

බාහිර පන්ති ගුරුවරයා වත්තේගම පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු කාලයක්  තිස්සේ ඉංග්‍රීසි උගන්වන බාහිර පන්ති ගුරුවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටින අයෙකු බව පොලිසිය පැවසීය.



අදහස් (20)

සිසුවියන් දෙදෙනෙකු සමග නවාතැන් ගෙන සිටි ගුරුවරයා අත්අඩංගුවට

Karthini Saturday, 04 January 2020 05:27 AM

හතේ අපේ පොතේ වටිනාකම දැන් අර හිමිට පෙනේවි...

:       4121       2905

මුණසිංහSaturday, 04 January 2020 06:43 AM

හතේ නෙවෙයි දහතුනේ පොතේ තිබුණත් මේ වගේ දේවල් නවත්වන්න හැකිවේ යැයි හිතන්න බැහැ. මේවා නොදැනුවත්කමින් සිදුවන දේවල් නොව හිතාමතාම කරන දේවල් බවයි පෙනෙන්නේ...

:       70       774

HiranSaturday, 04 January 2020 06:45 AM

ඒ පොත කියෙව්වා නම් 11 වසරෙදි නෙමේ 7 වසරෙදි තමයි යන්නේ...

:       722       555

කපිලSaturday, 04 January 2020 10:21 AM

අැයි .? ඔයාට වගේ හැමෝටම නෑ

:       1       2

lasanthaSunday, 05 January 2020 04:19 AM

ඒ පොත කියවලා නැතුව කව්රුවත් කිව්වා පලියට අදහස් දක්වන්න එපා. උම්බෑ සද්දයක් එනවා එතකොට.

:       27       43

samSaturday, 04 January 2020 07:22 AM

මමත් ඒක ගැන කියන්න තමයි ආවේ!

:       145       34

DilanSaturday, 04 January 2020 07:39 AM

ලිංගික අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි. නමුන් ඒ තුළින් පමණක් මේ අපරාධ මඩින්න බෑ. ලිංගික අධ්‍යාපනය තුළින් දරුවන් නොදැනුවත්ව ලක්වන ලිංගික හිංසන වලින් බේරාගන්න පුළුවන්. නමුත් මේ දැරියන් මෙසේ හැසිරුණේ නොදැනුවත්ව විය නොහැකිය.

:       3       135

Champa Saturday, 04 January 2020 06:30 AM

තනිකරම දෙමව්පියන්ගේ වැරදි. තමන්ගේ දරුවන් යන එන තැන ගැන හොයලා බලන්න දෙමව්පියන් දැනගන්න ඕනේ... ගෑනු ළමයි පිරිසක් යනවා කිව්වහම අඩු ගානේ අනිත් ළමයි කවුද කියලවත් අහලා ඒ ගෙවල් වලට කතා කරන්න තිබුණනේ. දරුවන් වංචාකාරයින්ට අහු වෙන්නේ තනිකරම දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා...

:       0       101

De Saturday, 04 January 2020 07:49 AM

හිමිවරු තමාගේ නියම මර්ගයේ ගොස් දේශපාලන කඩේ යාම නවතා දහම් දෙසීම අරඹන මෙන් ගෞරවයෙන් අයැද සිටිමි.

:       670       1528

Ruhunu Saturday, 04 January 2020 08:14 AM

මෙතන පළමු වැරදිකාරයෝ දෙමාපියන්. දරුවන් යන්නේ කා එක්කද කියලා හොයලා බලන්න තිබ්බා. ඒ වගේම මේ අමතර පන්ති නිසා ගොඩක් දරුවන් නොමග යනවා.

:       0       30

Aris Saturday, 04 January 2020 10:19 AM

ඇති යන්තම් හතේ අපේ පොත උගත් නිසා ඔහොම බේරුනා.

:       0       0

sampath Saturday, 04 January 2020 11:10 AM

මේ ළමයින්ගේ මහා උන්දැලාට මඩු වලිගෙන් තලන්න එපෑ.

:       0       12

කපුරුහාමි Saturday, 04 January 2020 12:19 PM

සමහරවිට බාහිර පන්තියක් කරන්න එක්කරගෙන යන්න ඇති...

:       0       4

Sunil gikiyanage Saturday, 04 January 2020 12:37 PM

මෙතන හතේ පොතේ ගැටලුව නෙවෙයි මේ ළමයින්ගේ දෙමාපියන් කෝ? ඉස්සර අම්මලා ගෑණු ළමයෙක් නාන්නවත් තනියෙන් යවන්නේ නැහැ.

:       0       11

මෝ Saturday, 04 January 2020 12:53 PM

හතේ පොත ගැන වැලපෙමින් හාමුදුරුවන්ට ඇඟිල්ල දික් කරන සැදැහැවතුන්ගෙන් අහන්නේ, ඔබතුමන්ලා විවාහවෙලා දරුමල්ලන් හැදුවේ මොන පොතෙන් අධ්‍යාපනය ලබලද?

:       1       36

සංජීව Saturday, 04 January 2020 02:32 PM

මේ දරුවන්ගේ දෙමව්පියන් නැද්ද? ඉන්නවා නම් මුලින්ම ඔවුන්ව අල්ලලා හිරේ දාන්න ඕන. මේ වගේ කිසිම වගකීමක් නැතිව ගැහැණු දරුවන් හදනවට. පිරිමි දරැවෙක් වුනත් මෙහෙම ගමනක් යද්දි කොහෙද යන්නේ කාත් එක්කද යන්නේ කියලා හොයලා බලනවා නේද? මෙහෙමත් දෙමව්පියෝ.

:       0       32

සත්‍යපාල Saturday, 04 January 2020 07:40 PM

අමතර විද්‍යා පන්තියක් ගැන කියා දෙන්න එක්ක ගෙනවත් ගියාද කියලා කවුද දන්නේ ?

:       0       1

vidya Sunday, 05 January 2020 03:12 AM

දෙමව්පියන්ගේ අනු දැනුම නැතිව කොහොමද බාල වයස්කාර දැරියන් ගෙදරින් පිටවන්නේ ? ඔය ගොඩක් ආගමික කටයුතු කරන අය මානසික ලෙඩ්ඩු.

:       0       42

Nandalal DE SILVA - France Sunday, 05 January 2020 08:07 AM

පාසලේදී පොතෙන් උගන්වන දේවල් වල ප්‍රයෝගික පන්තියක් සඳහා මේ ටියුෂන් ගුරුතුමා කළ දේ වැරදියි කියන්නේ කවුද ?

:       36       17

Kumar Sunday, 05 January 2020 03:18 PM

ගුරුවරයෙක් කිව්වට මට නම් පේන්නේ අනංගයෙක් වගේ. මේ දරුවෝ මෙවැනි අාකාරයට යවන දෙමව්පියන්ට මොලේ කළඳක්වත් නැතිව ඇති...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 220 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site