(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයා බව කියන රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් නැමැත්තා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාක් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ(30) ඔහුට විරුද්ධව නියෝගයක් නිකුත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සතියේ මෙන්න තව නාඩගමක් තිරගත වුන වගයි. ඔහොම යමු....
මහ මැතිවරණය පැවැත්වෙන තෙක් සාමාන්‍ය ජනතාවගේ මනස දූෂණය කිරීම සඳහා මේ ආකාරයේ පූර්ව සැලසුම් කළ නාට්‍ය හා පූර්ව සිදුවීම් තවත් සිදුවීමට නියමිතය.. .
පහුගිය ආණ්ඩුවත් මේකමයි කළේ. රෝහල් ගත වෙනවා, ඇප දෙනවා. වැරැද්දක් තියනවා නම්, ඇයි මහාධිකරණයේ නඩු පවරන්න බැරි?
හෙට නිදහස ලබනවා..............
හපොයි හපොයි ! මහා විනාශයක් අත ළඟ. බාල වර්ගයේ බෙහෙත් වර්ග වල හිඟයකට අත වනනවා වාගේ පේන්නේ.
තෝරු, මෝරු එළියේ....හාල්මැස්සෝ ඇතුළේ......
අලුත් ආණ්ඩුවත් අනාගන්න වගේ හදන්නේ............
නිෂ්පාදක, සංස්කරණ ශිල්පියා, සංගීත ශිල්පියා ඇතුළු මෙකී නොකී සියලු දෙනා ඇතුලේ නමුත්. නාට්‍යයේ අධ්‍යක්ෂවරු එළියේ.
හාමුට ගහන්න බැරි නිසා වලව්වෙ බල්ලට ගහනවා.
මගේ රටට දළදා හාමුදුරුවන්ගේ පිහිට ලබේවා ! යම් දිනක නීතිය හරි ආකාරව ක්‍රියාත්මක කළ හැකි සාදාරණ නායකයකු බිහිවේවි. හදවතින්ම පතමි. ජනතාවටද එම යුගය වන විට බුද්ධිය පහළ වේවා ! රටේ ජනතාව ගැන ඉතාම කණගාටුවක් දැනේ. ඒ අයට කාගේනම් සරණක්ද ?
මේ හාල්මැස්සෝ අල්ලලා මොනවා කරන්නද? දෙයියෝ සාක්කි......
මොකද්ද දන්නේ නෑ රෝහල ඔහු ඇතුල් කරන..... ?
තව නාට්ටියක් තමයි. මේ ඔක්කොම අපිව මෝඩයන්ට අන්දනවා.