IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රන්ජන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

( මනෝප්‍රිය ගුණසේකර )
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන  අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ  අධ්‍යක්ෂවරයාට   අද ( 14)  නියම  කර තිබේ .

 මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු සිය කාර්ය ඉටු කිරීමේදී  ඔවුන්ට අනීතීකව බලපෑම් එල්ල කළ බවට ඉදිරිපත්වී ඇති කරුණු පදනම් කරගනිම්න් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ  නීතීපතිවරයා එලෙස නියම කර ඇත.

 



අදහස් (11)

රන්ජන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

මුණසිංහ Tuesday, 14 January 2020 10:01 AM

මේකටත් කියන්නේ දේශපාලන පළිගැනීම් කියලද? හැබැයි තවත් කවුරු කවුරු මාට්ටු වෙයිද දන්නෙ නැහැ.

:       0       1

RaveendraTuesday, 14 January 2020 12:53 PM

නැහැ ජාන සහ ජාතකය පිළිබඳව රන්ජා පශ්චාත් උපාධියක් හදාරලා තියෙනවා. එබැවින් රන්ජාගේ ජාතකය රටටම දැනගැනුමට කරන උත්සාහයක්. හැබැයි ඉතින් රන්ජා ස්ත්‍රී රත්නය සමග වැඩිපුරම ගැවසෙන නිසා පිරිමි ඇසුවට කියයිද දන්නේ නැහැ..

:       0       0

eresh S kumara Tuesday, 14 January 2020 10:07 AM

මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු සිය කාර්ය ඉටු කිරීමේදී ඔවුන්ට අනීතීකව බලපෑම් එල්ල කළ බවට ඉදිරිපත්වී ඇති කරුණු පදනම් කරගනිම්න් රන්ජන් මහතා සහ බලපෑම් වලට යටත්ව නීතිය නැවීම සම්බන්දයෙන් මහාධිකරණ විනිසුරුවරුන් තුන් දෙනාත් වහා අත්අඩංගුවට ගත යුතුයි.

:       0       0

Mahee Tuesday, 14 January 2020 10:20 AM

කලින් හිටි නීතිපතිවරයෙක් පළාත් පාලන ඡන්දෙ කල්දාන්න පුළුවන් කියලා පාර්ලිමේන්තුවට වැරදි උපදෙස් දුන්නා කියලා මහා හා හූවක් ගියා. තවම පරීක්ෂණ පැවැත්වෙන නිසා මහබැංකුවේ වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එපා කියලා වත්මන් නීතිපති උපදෙස් දුන්නයි කියලා කරු ජයසූරිය කියලා තිබුණා. ඊට පස්සේ සී.අයි.ඩී. එක කියලා තිබුණු අපට එහෙම පරීක්ෂණයක් පවත්වන්න කියලා නීතිපති උපදෙස් ලැබිලා නැහැ කියලා. හ්ම්, මට මතක් වෙනවා ට්‍රම්ප් ජනාධිපති වුණු වෙලාවේ එහෙ නීතිපති වරිය ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති අනුමත කරන්න බැහැ කිව්ව නිසා තනතුර අහිමි වුණු හැටි...

:       0       0

max Tuesday, 14 January 2020 10:23 AM

අවුරුදු 4 1/2 ක යහපාලන ආණ්ඩුවේ නිරුවත, වැරදීමකින් හෙළිකළ ඔබට මේ අත්වෙමින් පවතින්නේ කළ පව් පලදීමයි. විරුද්ධ දේශපාලකයින්ට පමණක් නොව බුදුන් වහන්සේට පවා අපහාස කරමින්, සංඝයා වහන්සේලා තුට්ටු දෙකට දමමින්, නීතිය නවන්නට තම දේශපාලන බලය භාවිතා කළ කාඩ්බෝඩ් වීරයකු වශයෙන් ඔබ ඉතිහාසයට එකතු වනු ඇත.

:       0       0

හංසිකා කුමාරි ජයවර්ධන Tuesday, 14 January 2020 10:33 AM

රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම නිවැරදියි. හැබැයි මේ චෝදනාවට වඩා ඔහු අත්අඩංගුවට ගත යුත්තේ බුදුරදුන්ට අපහාස කිරීම, යශෝදරා දේවියට අවලාද කතා කීම, මරියා තුමියට අවලාද කතා කීම, සුදු ජාතිකයන් ඉදිරියේ අනාගත පරපුර වෙනුවෙන් ඉතා නිර්භීතව ජීවිතය පූජා කළ කිව්ලෙගෙදර මොහොට්ටාල චරිතයට පරිභව කිරීම යන කරුණු වලටයි.

:       0       0

krishantha Tuesday, 14 January 2020 10:34 AM

දුක සැප බෙදාගත්තට අත්අඩංගුවට. හරිම අසාධාරණයි. දේශපාලන පලිගැනීම්.

:       0       0

Senarath Tuesday, 14 January 2020 10:39 AM

ඉතාම හොඳ වැඩක්. මොහු කර ඇති ප්‍රකාශ ඉතාම නින්දිතයි. මොහුට කාගෙන් හෝ උපදෙස් ලැබෙන්න ඇති, ඔවූනුත් හරියටම සොයා බලා තවත් මෙවන් අපහාස ආගම් වලට සහ උසාවියට නොකරන්න දඩුවමක් ලබා දෙන්න ඕනේ. මොහු උසාවියට අපහාස කල එකට නඩු දැමීමෙන් වත් මට්ටු උනේ නැහැ.

:       0       0

Hafeel Tuesday, 14 January 2020 10:57 AM

මෙයාත් ලෙඩ නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු.

:       0       0

රවින් Tuesday, 14 January 2020 12:11 PM

පෞද්ගලික දුරකථන සංවාද, එම කරුණට සම්බන්ද දෙපාර්ශවයෙන් නැර අනිකුත් පාර්ශවයන්ගෙන් ලබාගත් පොදු ජනයා දත්( ප්‍රසිද්ධ තොරතුරු) තොරතුරු මත පමණක් වරදක් විය හැකිද? කරුණාකර නිතිය පිලිබඳ විශාරදයකු පෞද්ගලික දුරකථන සංවාද පිළිබඳව දැනට පවතින නීති රාමුව පැහැදිලි කරන්න. මෙය අපි හැමෝටම එදිනෙදා බලපාන ප්‍රශ්නයක් විය හැක. මෙරට සියලු දෙනා ජංගම දුරකථන භාවිතා කරන හෙයින් අතිශය වැදගත්ය .

:       0       0

Athula Wednesday, 15 January 2020 10:20 AM

එහෙම නම් සේරටම කලින් අත්අඩංගුවට මුලින්ම ගන්න ඕනේ හිටපු සහ ඉන්න අගමැති සහ ජනාධිපති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 392 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2172 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1649 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site