( මනෝප්‍රිය ගුණසේකර )
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අද ( 14) නියම කර තිබේ .
මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු සිය කාර්ය ඉටු කිරීමේදී ඔවුන්ට අනීතීකව බලපෑම් එල්ල කළ බවට ඉදිරිපත්වී ඇති කරුණු පදනම් කරගනිම්න් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ නීතීපතිවරයා එලෙස නියම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් කියන්නේ දේශපාලන පළිගැනීම් කියලද? හැබැයි තවත් කවුරු කවුරු මාට්ටු වෙයිද දන්නෙ නැහැ.
මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු සිය කාර්ය ඉටු කිරීමේදී ඔවුන්ට අනීතීකව බලපෑම් එල්ල කළ බවට ඉදිරිපත්වී ඇති කරුණු පදනම් කරගනිම්න් රන්ජන් මහතා සහ බලපෑම් වලට යටත්ව නීතිය නැවීම සම්බන්දයෙන් මහාධිකරණ විනිසුරුවරුන් තුන් දෙනාත් වහා අත්අඩංගුවට ගත යුතුයි.
කලින් හිටි නීතිපතිවරයෙක් පළාත් පාලන ඡන්දෙ කල්දාන්න පුළුවන් කියලා පාර්ලිමේන්තුවට වැරදි උපදෙස් දුන්නා කියලා මහා හා හූවක් ගියා. තවම පරීක්ෂණ පැවැත්වෙන නිසා මහබැංකුවේ වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එපා කියලා වත්මන් නීතිපති උපදෙස් දුන්නයි කියලා කරු ජයසූරිය කියලා තිබුණා. ඊට පස්සේ සී.අයි.ඩී. එක කියලා තිබුණු අපට එහෙම පරීක්ෂණයක් පවත්වන්න කියලා නීතිපති උපදෙස් ලැබිලා නැහැ කියලා. හ්ම්, මට මතක් වෙනවා ට්‍රම්ප් ජනාධිපති වුණු වෙලාවේ එහෙ නීතිපති වරිය ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති අනුමත කරන්න බැහැ කිව්ව නිසා තනතුර අහිමි වුණු හැටි...
අවුරුදු 4 1/2 ක යහපාලන ආණ්ඩුවේ නිරුවත, වැරදීමකින් හෙළිකළ ඔබට මේ අත්වෙමින් පවතින්නේ කළ පව් පලදීමයි. විරුද්ධ දේශපාලකයින්ට පමණක් නොව බුදුන් වහන්සේට පවා අපහාස කරමින්, සංඝයා වහන්සේලා තුට්ටු දෙකට දමමින්, නීතිය නවන්නට තම දේශපාලන බලය භාවිතා කළ කාඩ්බෝඩ් වීරයකු වශයෙන් ඔබ ඉතිහාසයට එකතු වනු ඇත.
රංජන් රාමනායක අත්අඩංගුවට ගැනීම නිවැරදියි. හැබැයි මේ චෝදනාවට වඩා ඔහු අත්අඩංගුවට ගත යුත්තේ බුදුරදුන්ට අපහාස කිරීම, යශෝදරා දේවියට අවලාද කතා කීම, මරියා තුමියට අවලාද කතා කීම, සුදු ජාතිකයන් ඉදිරියේ අනාගත පරපුර වෙනුවෙන් ඉතා නිර්භීතව ජීවිතය පූජා කළ කිව්ලෙගෙදර මොහොට්ටාල චරිතයට පරිභව කිරීම යන කරුණු වලටයි.
දුක සැප බෙදාගත්තට අත්අඩංගුවට. හරිම අසාධාරණයි. දේශපාලන පලිගැනීම්.
ඉතාම හොඳ වැඩක්. මොහු කර ඇති ප්‍රකාශ ඉතාම නින්දිතයි. මොහුට කාගෙන් හෝ උපදෙස් ලැබෙන්න ඇති, ඔවූනුත් හරියටම සොයා බලා තවත් මෙවන් අපහාස ආගම් වලට සහ උසාවියට නොකරන්න දඩුවමක් ලබා දෙන්න ඕනේ. මොහු උසාවියට අපහාස කල එකට නඩු දැමීමෙන් වත් මට්ටු උනේ නැහැ.
මෙයාත් ලෙඩ නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු.
පෞද්ගලික දුරකථන සංවාද, එම කරුණට සම්බන්ද දෙපාර්ශවයෙන් නැර අනිකුත් පාර්ශවයන්ගෙන් ලබාගත් පොදු ජනයා දත්( ප්‍රසිද්ධ තොරතුරු) තොරතුරු මත පමණක් වරදක් විය හැකිද? කරුණාකර නිතිය පිලිබඳ විශාරදයකු පෞද්ගලික දුරකථන සංවාද පිළිබඳව දැනට පවතින නීති රාමුව පැහැදිලි කරන්න. මෙය අපි හැමෝටම එදිනෙදා බලපාන ප්‍රශ්නයක් විය හැක. මෙරට සියලු දෙනා ජංගම දුරකථන භාවිතා කරන හෙයින් අතිශය වැදගත්ය .
එහෙම නම් සේරටම කලින් අත්අඩංගුවට මුලින්ම ගන්න ඕනේ හිටපු සහ ඉන්න අගමැති සහ ජනාධිපති...