(විනීතා එම් ගමගේ)
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූලවම අහෝසි කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවැසීය.
ඉදිරියේ දී රටේ ක‍්‍රියාත්මක වන්නේ නීත්‍යනුකූල ආයතන පමණක් බවත් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය කිසිසේත්ම නීත්‍යනුකූල නොවන ආයතනයක් බැවින් එය කිසිසේත්ම පවත්වාගෙන යා නොහැකි යැයි ද සදහන් කළේය.
පසුගිය රජයෙන් ආරම්භ කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සිදුකරනු ලැබුයේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් සිටි කමිටුවක් විසින් තෝරාදෙනු ලබන තැනැත්තන්ට නඩු නිර්මාණය කර පැවැරීම යැයි ද හෙතෙම කියා සිටියේය.
මහින්දානන්ද අලූත්ගමගේ මහතා මේ අදහස් පළ කලේ විදුලි බල අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා දැන් එම ආයතනයට නඩු නොඑන බැවින් රටේ ඇති නීත්‍යානුකූල ආයතන වන පොලිසිය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, ඇතුළු රාජ්‍ය ආයතන විසින් අපරාධ පිළිබද කටයුතු කරනු ඇතැයි ද පැවැසීය.
මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇති අපරාධ විසදීම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන බවද ඒ හරහා ඒවා විසඳුන් ඇතැයි ද ඉදිරියේ දී එවැනි ආයතනයක් මේ රටේ නොතිබෙනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ හඬපටි එලියට ආවනම් ඒවත් අරවට නොදෙවෙනි ඒවා වෙයි කියලා හිතෙන්නේ මට විතරද?
ඔව් ඉතින් නැත්තන් කෙරුවාවල් අහුවෙන්නේ, වෙන කාගේවත් ඒවා නෙවෙයි නේ නේද?
වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද. සිංහලයෝ කරගත්ත මෝඩ වැඩේ අමාරුකම ජුනි මාසෙ වෙනකොට වගේ දැනේවි. අන්තිමේදි ජන්දෙ දිපු අයවත් හොයාගන්න බැරි වේවි.
ඒක හොදයි ඒක හොදයි හොයන්ඩ කලින්, නේද?
සහතික ඇත්ත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබ්බම ඇති. CID එකේ නිර්පාර්ශීය භාවය හා ස්වාධීනත්වය ගැන දැන් අපට ඉර හඳ වගේ විශ්වාසයි.
හරි සතුටුයි නේද?
කෝටි ගාණක් මහජන මුදල් වියදම් කලාට අල්ලපු හොරෙක් නෑ. නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ
අපිට පුළුවන් නම් අපි ඔය වැඩකට නැති 225 ඉන්න ගොන් මඩුව අහෝසි කරනවා , මැතිවරණෙ ළග නේද ? අපි ඔයාලට කරන දේ පෙන් වන්නම් . ඔයාලගේ නාටක හැමදාම ජනතාව බලන්න සුදානම් නෑ. හැමෝම කරන්නේ අපිව ගොනාට අන්දන එක.
නීතියේ ආධිපත්‍යය රජවෙන වගයි. එෆ් සී අයි ඩී ය නීත්‍යනුකුල නොවන ආයතනයක් නම් ඒ කියන්නේ ශ්‍රී ලංකා පොලිසියම නිත්‍යානුකුල නැහැ කියන එකයි. ඒ විදිහට ගත්තොත් කිසිම දෙපාර්තමේන්තුවක අලුතින් ශාඛාවක් පිහිටුවන්න බැහැ? දැන් ඉතින් ඇතට විසිවෙන බරපතල නඩු අහුලන්න, යට ගැහෙන පරීක්ෂණ වාර්තා දැමීමට කුණු කූඩ හදන්න එහෙම අලුතින් කීපදෙනෙක් බඳවා ගන්නත් වෙයි නේද?
ඔව් එතකොට ඔයාලගේ හඬපට එලියට ඒම නවතිනවනේ !
අප්පේ මෙයාට තියෙන සතුට. මහ මැතිවරනෙන් පස්සේ තව එව්වා බලාගන්න පුළුවන් වෙයි. ජනාධිපති මොකද මෙව්වට කරන්නේ කියලා බලමුකෝ.
අපිට සභ්‍යත්වයක් තියෙනවනෙ මේ 225 ට නැති වුනාට...