IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවට අතුරු තහනම් නියෝගයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉකුත් ඔක්තෝබර් මාසයේදී පිළිකා නාශක එක් බෙහෙත් කුප්පියකට වැඩිපුර මුදල් ගෙවා මිළදී ගැනීමේ ක‍්‍රියාවලියකට එරෙහිව වෙනත් ඖෂධ සමාගමක් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය වහාම එකී මිළඳී ගැනීමේ ක‍්‍රියාවලිය අත්හිටුවන ලෙසට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අතුරු තහනම් නියෝගයක් නිකුත්  කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සම සලකා බලමින් මෙම නියෝගය ලබා දෙන ලදී.

සීමාසහිත මාර්ක්ස් හෙල්ත් කෙයාර් නැමැති සමාගමක් විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව , එම අමාත්‍යාංශ හිටපු ලේකම් වසන්තා පෙරේරා , ජාතික ඖෂධ නියාමන අධිකාරිය හා පිළිකා නාශක ඖෂධයේ සැපයුම්කරු වන සීමාසහිත ෆාර්මේස් (පෞද්ගලික) සමාගම නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම සම්බන්ධයෙන් අතුරු නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ මෙම පෙත්සම ඉතාම හදිසි කරුණක් සේ සලකා ඉක්මනින්ම විභාග කොට අවසන් කර තීන්දුව ලබා දීමට කටයුතු කරනා බවය.

එසේම පෙත්සම සම්බන්ධයෙන් යම් විරෝතාවන් ඇත්නම් ඒවා ලබන 31 වැනි දිනට පෙර අධිකරණ්‍ය හමුවේ ගොනු කරන්නැයිද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවයට නියෝග කළේය.

පෙත්සම්කාර සමාගම සිය පෙත්සමෙන් පෙන්වා දී  ඇත්තේ ‘‘බිවෙයිෂූමැබ් ’’^ BEVAEIZUMAB  &  නැමැති පිළිකා නාශක ඖෂධ එක් කුප්පියක් රුපියල් 28,500ක්  බැගින් සැපයීමට තම සමාගම ටෙන්ඩර් පතක් ඉදිරිපත් කළද එය ප‍්‍රතික්ෂේප කරමින් රුපියල් 35,000 ක් බැගින් වගඋත්තරකාර ‘‘ ෆාර්මේස් ’’ සමාගමෙන් එකී ඖෂධය මිළඳී ගැනීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් කටයුතු කළ බවයි.

තවද මාස කිහිපයක් ඇතුළත එම බෙහෙත් කුප්පි 1848ක් එක් අවස්ථාවකදීත් , තවත් අවස්ථාවකදී බෙහෙත් කුප්පි 2127 ක්ද අධික මිළට මිළඳී ගෙන ඇති බවත් පෙන්වා දෙන පෙත්සම්කාර සමාගම වැඩිදුරටත් සිය පෙත්සමින් පෙන්වා දෙන්නේ එමඟින් රජයට දෙකෝටි පනස් අට ලක්ෂ තිස් හත්දහස් පන්සියක (රුපියල් 2,58,37,500 )  රාජ්‍ය මුදලක්  නිකරුණේ වැය කොට ඇති බවය.පෙත්සම්කාර සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතා , නීතීඥ පුලස්ති රූපසිංහ හා නීතීඥ චින්තක ප‍්‍රනාන්දු යන මහත්වරුන් පෙනී සිටියහ.



අදහස් (8)

රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවට අතුරු තහනම් නියෝගයක්

Hafeel Thursday, 02 January 2020 12:23 PM

බලනකොට විශේෂිත මහාධිකරණයක් පමණක් මදි. රාජිතට පමණක් වෙනම විශේෂිත මහාධිකරණයක් පිහිටු වෙන්න ඕනෑ.... කරපු විනාශයට. අහිංසක දුප්පත් රෝගීන් එක්ක කරන සෙල්ලම්. එයාට නම්, මහජන මුදලින් සිංගප්පූරු යන්න පුළුවන්...

:       237       1031

NishanFriday, 03 January 2020 02:40 AM

මිලදී ගැනීමේ පටිපාටිය ගැන දැනුමක් නැති වීම ගැන කණගාටුයි.

:       96       1

Mahee Thursday, 02 January 2020 12:30 PM

මම කොහොමවත්ම රාජිත හරියි කියන්නේ නෑ. නමුත් මේ නඩු දාපු සමාගම මාස ගණනක් තිස්සේ සද්ද නැතුව ඉඳලා දැන් මේ හදිස්සියේ වැඩිමිල ටෙන්ඩරයක් ගැන මතක් වුනේ කොහොමද? අනික බෙහෙත් වගේ දෙයක් ගන්නකොට තත්ත්ව පරීක්ෂණය ඉතාම වැදගත්... අඩුමිලට වඩා උසස් තත්වයයි තීරක සාධකය වෙන්නේ. මට නම් පේන්නේ රාජිත ගහෙන් වැටුණු වෙලාවේ ගොනෙක් අනින්න සූදානම් වෙනවා වගෙයි.

:       618       366

RamalThursday, 02 January 2020 12:58 PM

මේක හදිසියේ දාපු නඩුවක් නෙමේ. කාලයක් තිස්සේ තිබිලා දැන් විභාගයට ගැන්නූ නඩුවක්...

:       152       404

senaThursday, 02 January 2020 01:24 PM

රාජිත සල්ලි අරගෙන කඩේ ගිහින් බෙහෙත් ගෙනාවේ නැහැනේ.. මොකක් හරි තාක්ෂණික කමිටුවකින් දීපු නිර්දේශයකට අනුවනේ රාජිත ඕක අනුමත කරලා ඇත්තේ...

:       411       243

samanThursday, 02 January 2020 01:30 PM

කලබල වෙන්න එපා සහෝදරයා.. අධිකරණය මෙම කරුණු ඔක්කොම සලකා බලයි. තීන්දුව දුන්නට පස්සේ අවශ්‍ය නම් ඉහළ උසාවියේ ඇපෑලක් දාන්න. යූ.එන්.පී. ආණ්ඩුව කාලේ මේ කොම්පැණිය මේ කරුණු ඉදිරිපත් කළා නම් එයාලාට සාධාරණයක් වේවි කියලා හිතනවද? රාජිත එ්කට ඉඩදෙයිද?

:       118       355

ජගත් වික්‍රමාරච්චි ප්‍රංශය Thursday, 02 January 2020 06:28 PM

රාජිත කියන්නේ ඔයිට කලිනුත් බෙහෙත් වංචාවකට අහුවෙලා මන්ත්‍රීකමත් නැති කර ගත්ත කෙනෙක්.. බබෙක් නොවී හොරකම් කරලා හොඳට හුරුපුරුදු කෙනෙක්.. රාජිත වගේ අයට මීට පස්සේවත් ඡන්දෙ නොදී ඉන්න මිනිස්සු වගබලා ගන්න ඕනෑ...!!! අනික මේ රාජිතට තාමත් කඩේ යන අය ඉන්නවනේ...

:       0       14

Dil PereraThursday, 02 January 2020 03:41 PM

මෙතන කොමෙන්ට්ස් දාපු අයගෙන්, අතීතයේ පාඨකයින් ලෙස අපේ අත්දැකීම නම් මහී සහ සේන යන නාමික පුද්ගලයින්..., රටේ ජීවත්වන ජනයාට නොව, දුර්දාන්ත ජරාපාලනයට "හෝල්සේල්" කඩේ යන්නන් බවයි. ස්වාධීන අධිකරණය මෙම පැමිණිල්ල විමර්ශනය කොට, වරදක් වී ඇත්නම්, චූදිතයින්ට දඬුවම් ලබාදෙයි. අපට තියෙන එකම ප්‍රශ්නය, මේ චූදිතයන් පුද්ගලික රෝහල් - 2020 වසරට අලුතින් ඉදිරිපත් කොට ඇති, හොරුන්-දූෂිතයින් සිරගෙවල් වලින් සහ රිමාන්ඩ් බාරයෙන් නිට්ටාවටම සුව කරන්නාවූත්, වෛද්‍යවරුන් නොව - අති දක්ෂ නීතීඥයින් සුවකරන්නාවූත් "හොරු වෙනුවෙන් අපි" නම්වූ නවතම පුද්ගලික රෝහල් සැත්කම තුලින්, යම් හෙයකින් දූෂිතයන් නිට්ටාවටම සුව වන බෙහෙත් ලබාගනීද යන්නයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31668 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14131 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11111 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 188 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site