(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණවලට තම පාර්ශ්වය ද එකඟ බව එම පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
තම පාර්ශවයට අවශ්‍ය වූයේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයකින් මහ මැතිවරණයට තරඟ කිරීම බව කී මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ද එම තීරණය ලැබී ඇතැයි සඳහන් කළේය.
පක්‍ෂ නායකත්වය ද සජිත් ප්‍රේමදාස මහතාට ලබාගැනීමට තම පාර්ශවය උත්සාහ කළ නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් නොවන්නේ නම් එය ලබාගත හැකි ක‍්‍රමයක් පක්‍ෂ ව්‍යවස්ථාවෙහි නොමැති බව ද හෙතෙම කීවේය.
නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේ දී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේදිකා දෙවනත් වෙන්න කෑ මොර දුන්නට ඔහෙලාට බෑ රනිල් මහත්තයව තම්බන්න. නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කියන්නේ ඔන්න ඔය වගේ දේවල් වලට නලින් බණ්ඩාර.
පෙරළුණු පිට හොඳයි නේද? වැදි බණ...
ලද දෙයින් සතුටු වීම හොඳ ලක්ෂණයක්... ජය මෙන්ම පරාජය දරා ගැනීමත් හොඳ ලක්ෂණයක්. ඒ වගේම රටේ දියුණුවට සැවොම එක්වී වැඩ කිරීමටත් උත්සාහ කළ යුතුයි. පැරදුණා කියලා පස්ස ගහන්නේ නැතිව. එතකොට රට පෙරටම..
දැන් ඉතින් වෙන කුමක් කියන්නද? සිත නිවන කතා මිස
මේ මොන බොරුද?
UNP යකඩ කැබැල්ලට මෙදාපාරත් හෙනගහනවා..
මේ අය දැන්ද පක්ෂ ව්‍යවස්ථාව කියෙව්වේ..? මෙච්චර කලක් අර මිනිහට ඉර හඳ තරු පෙන්නලා ඒ මනුස්සයව ගස් නග්ගලා අන්තිමේදී බිමට ඇදලා දැම්ම සජිත් අනුන්ගේ දිරච්ච ලණු නොකා තාත්තා වගේ තමන්ගේ කාලය එනතුරු නොහිටියොත් දේශපාලනයෙන් අතු ගෑවෙනවා සිකුරුයි.
මේ කට්ටියගේ වැඩ නිසා පක්ෂයේ බේද භින්න ඇති වුණා. කට්ටියක් තරුණ නායකත්වයක් ඉල්ලනවා. ඉල්ලන තරුණ අයට කට විතරයි තියෙන්නේ ඔලුවක් නැහැ. ආණ්ඩුවට ඕන දේවල් කරගත්තා. පක්ෂය ඇනකොටා ගන්න කොට. මහජනතාව තමයි දුක් වින්දේ...
බෙරිහන් දුන්නේ මහවැඩ්ඩෝ කියලා හිතාගෙන නේද? දැන් තමුන් කවුද කියලා දැන ගත්තද? සජිත්ට පක්ෂ නායකත්වය නොලැබුණොත් තමුන් දේශපාලනෙන් සමු ගන්නවා කිව්වා නේද? එහෙනම් දැන් සමුගන්නවකෝ. ලැජ්ජා නැද්ද? සජිත් විපක්ෂ නායක නෙවෙයි, අගමැති අපේක්ෂක වුණත් එජාප නායක නොවෙයි. සජිත් ඔතන ඉන්නකල් තමාලා පක්ෂයේ ඉන්නකල් තමාලගේ පක්ෂය වල පල්ලටම තමයි.
ගෝඨාගේ පිළිවෙල ජනතාවට අල්ලලා යනවා. ඊළඟ ඡන්දෙට මිනිස්සු බලන්නේ විල්පත්තුවට මහබැංකු වංචාවට මේ රජය ගන්නා පියවර ගැනයි. රන්ජන් නිසා. පක්ෂයේ භේද නිසා, බෞද්ධ විරෝධී, අන්‍යාගමික හා සුළුජන කොටස්වල නීතිවිරෝධී අකටයුතු අැස් අැර නොබැලීම නිසාත් පක්ෂයට වූ හානිය නිසා මේ වතාවෙත් බලය ලබාගන්නවා බොරු... පෝර ටික දීලා වි 50 කලොත් සජිත් හම්බන්තාෙටින් කුජීතවෙලා යයි..
සජිත් මහතා කරපු එක නිර්මාණාත්මක ව්‍යාපෘතියක් තියනවා නම් කියන්න.
සජිත් එකඟ වුනා කියන්නේ අජිත්ව දොට්ට දාපු එකටත් එකඟයි කියල නේද ? මදැයි අජිත්ට වෙච්ච දේ. සජිතුත් තමන්ගේ නියම පාට පෙන්නුවා නේද ? අජිත්ට හොඳයි ගමනක් යනකොට වලහෙක් මුණගැහුණු යාලුවෝ දෙන්නගේ කතාව සිහි කරානම්.
ලෑස්ති වෙලා ඉන්න. අපි ඔයාලට වෙලාව ආවාම දෙන්න ඉන්නේ දුවන්න. ආයේ යූ.ඇන්.පී එකේ ඉඳලා අල කළ එකේ කන්දත් නැතිවෙන්න. සජිත්ටත් ඒක කියලා දීලා ලෑස්තිවෙලා ඉන්න සෙට් එකම.
සජිත් පෙරහරේ යාවි. අජිත් කොටන් අදින්න ගිහින් අල්ලපු අත්තයි පයගපු අත්තයි දෙකම කැඩිච්චි.