(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව චීනයේ වූහාන් නුවර රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (31) දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් චීනයේ වූහාන් බලා පිටත්ව ගියේය .
අද (31) දින පස්වරු 3.45 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1422 දරණ විශේෂ ගුවන් යානය වූහාන් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
එම ගුවන් යානය ඒ.- 330 - 243 එයා බස් වර්ගයේ ගුවන් යානයකි .මෙම ගුවන් යානය අද (31) දින රාත්‍රී 11.23 ට චීනයේ වූහාන් ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, ඔබතුමාට අපගේ ගෞරවය සහ මේ සඳහා දායකත්වය දුන් සැමට...
එ්ක හොඳයි, මේ කොටුවෙලා ඉන්න අපේ ළමයි ගෙනෙන්න ප්‍රමාද වෙන්න වෙන්න ඉදිරි මැතිවරණයේ ප්‍රතිඵල භයානක වෙන්න ඉඩ තියෙනවා. දැනටම අරගොල්ලන් මේ ලෙඩේ විකුණගෙන ඡන්ද කඩාගන්න පටන් අරන්, එහෙම වුණොත් චීන්නු ලංකාවේ කරන්න ඉන්න ව්‍යාපෘති සේරම බකල් යනවා. අරයා ඇවිත් යාලු ප්‍රජාව එක්කල වැඩකරන්න ගනී කියලා කල් ඇතුව චීන තානාපතිතුමාට පැහැදිලි කළා නම්, මීට කලින්ම ඔය ගුවන් යානයට අවසර ගන්න තිබුණා...
තෙරුවන් සරණයි. කවුරුදැයි නොදන්නා නමුත්... ලාංකික ඔබ සැම නිරුපද්‍රිතව ආපසු එනතුරු අප බලා සිටිනවා.
අපේ ගුවන් සේවය රැක ගනිමු. ඔය රට යන ඇති හැකි අය අපේ එකම පාවිච්චි කරන්න..
එතකොට අර කවුද JVP කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කිව්වා නේද මේ ළමයව ගේන්න එපා අපිටත් රෝගේ බෝ වෙයි කියලා. අපේ පෙර පිනකට ගෝඨා වගේ නිර්භීත නායකයෙක්ට රට ගියේ... මේ වගේ අවස්ථාවකදී කඩයකට ගියානම්... පව් අර ළමයි වුහාන් වලම කන්නත් නැතිව මැරෙනවා..
යහලුවනේ, ටිකක් ඉවසන්න. මේක ඇත්තද බලමුකෝ. තවම අපේ ළමයි අපේ රටට ආවේ නැහැනේ. ඉස්සෙල්ලා බලමු මේ ගියයි කියන යානයට එහෙ ගොඩ බස්සන්න ඉඩ දේවිද කියලා. අපි ඇමෙරිකාව වගේ ශක්තිමත් රටක් නොවේනේ. ඒගොල්ලන්ට බැහැයි කීවානම් බලෙන් හරි ගොඩ බැහැලා තමන්ගේ කට්ටියව අරගෙන එන බව දන්නනිසා තමයි චීනා ඒගොල්ලන්ට " හා "කිවේ. සමහරවිට තව දවස් 5 න් විතර අපේ ළමයි අපේ රටට ආවොත් මට සතුටුයි.
අයියෝ අපි ඉවරයි. කොරෝනා ගෙනල්ලා අපිව මරන්නද හදන්නේ ?
අපේ රටේ ඡන්දදායකයන්ගේ හැසිරීම කොහොමද කියලා දාලා තියෙන් කමෙන්ට් වලින් මනාව පැහැදිලි වෙනවා. අනේ සකල සිරින් පිරි සිරි ලංකාව.
ගුවන් යානය ඇතුලේ එක ආසාදිත මගියෙක් හිටියොත් අසාදිත නොවුණු අනිත් අයට මොකද වෙන්නේ කියලා අපේ උගත් දැනුවත් මහත්වරු මේ වෙනකොටත් විසදුම් සොයාගෙන ඇති.
මේ වගේ වෙලාවක තමා කාර්යක්ෂම රජයක අවශ්‍යතාවයත්, ඒ වගේම රටක ඉන්න බුද්ධිමත් ජනතාවගේ හැසිරීමත් වැදගත් වෙන්නේ. මේකටත් දේශපාලනය ගාවා ගැනීම ගැන කණගාටු වෙනවා. චීනයේත් ලංකාවේ සමහර අය වගේ ආකල්ප තිබුන අය හිටිය නම් ආණ්ඩුවත් පෙරළලා, වූහාන් තහනම් කලාපයක් කළාට ඊට විරුද්ධව පෙළපාලිත් ගිහිල්ලා. චීන ජනතාව වෛරසයට එරෙහිව එකාමෙන් නැගිටින හැටි මුලු ලෝකයටම ආදර්ශයක්!!!!!!!
අනේ හොඳයි... මෝඩ සැලසුම් එක්ක ප්ලෑන් එක පුරෝලාම කොරෝනා අරගෙන එමු. මේ ළමයි සෙට් එක පාර්ලිමන්ට් එකේ නවත්තන එක තමයි වඩා හොඳ. 225ටම බැරියැ හොඳින් බලාගන්න.