IMG-LOGO

රිය අනතුරින් 4ක් මරුට

(චන්දන උඩුවාවල)

මහනුවර
මැණික්හින්න මල්පාන ප්‍රදේශයේදී අද (08) සිදුවූ රියඅනතුරකින් 4 දෙනෙකු මියගොස් තිබේ. අද අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් මියගිය සිවුදෙනාගේ මෘතශරීර මැණික්හින්න රෝහලේ  තැන්පත් කර ඇත. දිගන ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක වැඩකළ පුද්ගලයින් සිවුදෙනෙකු බව මැණික්හින්න පොලිසිය සඳහන් කරයි.

කැබ් රථයකින් දිගන සිට මැණික්හින්න දෙසට යමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇත.



අදහස් (19)

රිය අනතුරින් 4ක් මරුට

Ranjan Saturday, 08 February 2020 09:07 AM

බීමත්කම සහ අධිකවේගය මරුවෙත ලඟාවීම ගැන දුක්වෙන්න එපා.

:       3       172

SunilSaturday, 08 February 2020 10:02 AM

සහතික ඇත්ත. මේ අය අන් අයව මරන්නේ නැතුව තම දිවි නසා ගත්ත එක බොහොම හොඳයි.

:       3       137

ravi Saturday, 08 February 2020 09:17 AM

බලාගෙන ඉන්න අයට මෙව්වා හොඳ පාඩම්..

:       1       92

පිටිගල මිලානෝ Saturday, 08 February 2020 11:24 AM

ඉන්දියන් කසිකබල්වල යනකොටවත් හෙමීට යන්න. පේනවනේ වාහනේ මොනතරම් ශක්තිමත් සහ ආරක්ෂාකාරීද කියලා...?

:       1       249

samSaturday, 08 February 2020 12:04 PM

පිටිගල, බොලේරෝ ඉන්දියන් වුණාට ශක්තිමත්... මෙච්චර වේගෙන් ජපන් නෙවේ ජර්මන් එකක් ගිහිල්ලා ගල්ගොඩේ වැදුණත් කුඩුම තමයි.

:       121       12

banda Saturday, 08 February 2020 01:09 PM

කන මදයෝ වගේ බීලා අධික වේගයෙන් යනකොට මේවා සිද්ද වෙනවා. පාරේ යන වෙනත් අසරණයකුට කරදරයක් නොවීම ගැන අපි සතුටු වෙමු.

:       0       115

Jayantha Saturday, 08 February 2020 01:38 PM

මේ මොකක්ද මේ වාහනේ..?

:       1       34

Ananda Saturday, 08 February 2020 11:54 PM

කණගාටුයි. මත්දුව්‍ය පානය කිරීමෙන් පසු රිය ධාවනයේ ආදීනව දැන දැනත් විනාශවීම.

:       0       30

මුණසිංහ Sunday, 09 February 2020 01:08 AM

අපේ අය කවදාවත් පාඩම් ඉගෙන ගන්න අය නෙවේ. මොකද මේක අති භයානක පළවැනි අනතුර නෙවේ. පාරවල් කාපට් කළාම මෙවැනි අය හිතන්නේ ඒ හදන්නේ වේගයෙන් යන්න කියලා. විනයක් ඇති රියදුරන්ටත් අද පාරක හරියට යන්න නැහැ. මම නම් හැමදාම කියන්නේ රථ වාහන පොලිසියේ මැදිහත්වීම මීට වඩා වැඩි විය යුතුයි. රියදුරු විනය බලෙන් හදන්නයි වෙලා තියෙන්නේ.

:       0       53

අනුරSunday, 09 February 2020 05:35 AM

මුණසිංහ, ඇත්ත ඔබ කියන දේ හරි.

:       0       1

athuraSunday, 09 February 2020 06:22 AM

සහතික ඇත්ත.

:       0       2

janaka Sunday, 09 February 2020 04:33 AM

මේ ප්‍රශ්නයට වක්‍රාකාරව බලපත්‍ර පුහුණු කරන අයත් වගකියන්න ඕන. වාහනයක් ගියර් දමන්න ඉගැන්නුවහම හරි කියල හිතන් ඇති. සල්ලි කඩාගෙන හොර ලයිසන් අරන් දෙනවා. විනයක් ඇතිව පදවන්න. වාහන පැදවිම කියන්නේ ලොකු වගකිමක් කියන එක. උගන්වලා සල්ලි ගන්න. තමන්ගෙන් ඉටුවෙන්න ඕන වගකිම පැහැර හැරියම ඔහොම තමා. ගල් ටිකක් බීලා ගියර් ඔක්කොම දමලා පෑගුවහම ගල් ගොඩ උඩින් තමයි යන්නේ. නිවන්සුව ලැබේවා ! ජාති ජාතිවත් මෙවන් අකල් මරණයක් නොවේවා !මෙලොව බිහිකළ අම්මාවරුන්ගේ හිතේ දැල්වෙන ගිනිදැල් නිවේවා !

:       1       305

Asanka Sunday, 09 February 2020 05:34 AM

මේ ඉන්දියානු මහේන්ද්‍ර බෝලේරෝ කබලක් නේ , පේනවා නේද චැසිය පවා ඇදවෙලා තියනවා. මේ කැබ් රථයක් නෙවේ. මේක සැහැල්ලු ට්‍රක් රථයක්. මේ වාහනේ දිගට සාපේක්ෂව පළල අඩුයි. ඒ නිසා බොඩි රෝල් එක ඉතා වැඩියි. වංගුවකදී පෙරළෙනවා. පෙනෙයි මේවා ඩිෆෙන්ඩර් වගේ හදාගෙන උඩින් යන්න පුළුවන් කියල හිතාගෙන මේ තරුණ කොල්ලෝ අපරාදේ වියදම් කරන හැටි ලක්ෂ 7,8. මේ වාහනේ යන්න පුළුවන් නීතියේ හැටියට රියදුරු හැර 1 මගියෙකුට පමණයි. කරුණාකරලා මේ වසංගතයත් තවත් ත්‍රීවිල් වසංගතයක් වීමට පෙර නීතිය අවදිවෙන්න.

:       0       12

Dhammika Sunday, 09 February 2020 05:34 AM

බොහෝ අනතුරුවලට මුල වාහනේ අවුලක් නොවෙයි. පදවන කෙනාගේ අවුල. ලංකාවේ අඩි දහයක් ගන්න පුළුවන් නම් වාහල බලපත්‍ර ගන්න පුළුවන්. ඊට පස්සේ ගොන් ගතිය හින්දා අනික් අයට පේන්න වාහන එළවනවා.

:       0       32

Thirimaanna Sunday, 09 February 2020 05:35 AM

මේ බොලෙරො තව මිනි වසංගතයක් වෙලා. මේක පදින සමහරු හිතන් ඉන්නේ ඒ අය ප්‍රාඩෝ හරි මොන්ටෙරෝ එකක් හරි එළවනවා කියලා. පාරේ යන්නෙ ඒ විදිහට.

:       0       2

අයගම Sunday, 09 February 2020 05:35 AM

මෙ ආකාරයට තරුණ ජීවිත විනාශවීම කණගාටුයි. අනික දෙමාපියනුත් මේවට වගකිව යුතුයි. රජය ද රියදුරැ බලපත්‍ර දීම අවුරැදු 21 දක්වා වැඩිකළ යුතුයි. සියලුම පුද්ගලික රියදූරැ පාසල්වලටද නීතී වැඩිකල යුතැයි. පෝරණුවෙන් පාන් බානවා වගේයි දැන් රියදුරු බලපත් නිකුත් කරන්නේ. නිසි පුහුණුවක් නැහැ.

:       1       7

Edirisingha Sunday, 09 February 2020 05:36 AM

රේස් යන්න ඕන නම් වාහනේ ගැනත් සැළකිලිමත් වුනොත් හොදයි.....

:       0       1

Nuwan Sunday, 09 February 2020 05:36 AM

මම මේකෙ Ncap Crash Test එක බලලා තියෙනවා. ආරක්ෂාව බිංදුවයි. හැප්පුන ගමන් පපඩම වගේ දෙකට නැමෙනවා. අහස උසට බදු ගහලා වාහන වලට නොවටිනා මිළක් නියම කරලා තියෙන රටක මේ වගේ ඉන්දියන් පපඩම් විතරයි අපේ මිනිහෙක්ට යන්තම් හරි ගන්න හැකියාවක් තියෙන වාහන වෙලා තියෙන්නේ. තමන්ගෙ හොද්ද බොර කරගෙන පොඩි මිනිහගෙ වාහන සිහිනය බොද කරපු කාලකන්නි දේශපාලුවන්වත් ආදරෙන් මතක් කරමු.

:       6       7

upul peiris Monday, 10 February 2020 04:19 AM

ආරක්ෂාව මේ වාහනේ කොහොමත් නැහැ. මෙච්චර මරණ වෙන්නේ එ්ක නිසා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 230 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 575 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site