( +++ අංජුල මහික වීරරත්න)
කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සහ පත්කළ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ දෙදෙනා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ සාමූහික විනය කඩ කිරීමේ චෝදනාව මත යැයි දැනගන්නට තිබේ.
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ අතර අලුත් සාමාජිකයින් පත් කිරීමෙන් පසු අද (30) පස්වරු 3ට සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී නව කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතව ඇත.
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව පත්කිරීම් සිදු කළාදැයි පිටකෝට්ටේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (29) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසුවේ ‘එක්කෙනෙක් දෙන්නෙක් ඇරුනම පරණ අයම පත් කළා” යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන එක්කෙනෙක් විගනකාධිපතිටත් බැනලා ෆුට් නෝට් දාපු එකටවත් සැලකුවේ නෑ නේද? දුකද? ඔහොම තමයි ලෝකේ හැටි.
දාල යන්න කැමති නැති නායකයාව විවේචනය කරපු දෙන්නව අයින් කරලා
මට අකිල, රවී වාගේ අය හිටපුවාම හොඳයි.
ඔව් ඔව් පක්‍ෂය තවත් වලපල්ලට දාන්න පුළුවන් ඔක්කොම ටික කරන්න.
තමන්ට තර්ජනයක් වෙන හැමෝටම මේ ආනිසන්සේ තමයි.
පක්ෂයට තියෙන ලොකුම කොඩිවිනය රනිල් වික්‍රමසිංහ. මෙතුමා පක්ෂයට, පාක්ෂිකයාට, රටට කළ දෙයක් සාපේක්ෂව ඇත්තෙම නැත. පක්ෂය ගොඩගත හැකි අනාගත නායකත්වයක් පේනතෙක් මානයක නැත. දෙවෙනි පෙළ නායකත්වයක් බිහිකිරීම පසෙකලා පක්ෂ නායකත්වයට කුලල් කාගෙන පක්ෂය විනාශ මුඛයට රැගෙන ගිය පුද්ගලයින් පක්ෂයෙන් නෙරපා හැරිය යුතුය. දැන් නම් ගොඩගන්නට බැරි තරමටම අවුල්ය. බලාපොරොත්තු කඩවූ එජාප පාක්ෂිකයා දැන් දැන් ගෝඨාභය වටා එක් රැස් විය යුතුය. වෙනත් විකල්පයක් නැත.
එජාපෙ රනිල්ට හැරමිටියක් වෙලා.
දැන් සිරිකොතේ කයිවාරුව විතරයි. ඒ නිසා හොඳම දේ ඔය ටික සිරිකොතේම තියලා රටට වැඩක් කරන්න පුළුවන් පිරිස අලුත් ගමනක් ආරම්භ කරන එකයි. මොකද ඔය පක්ෂය රනිල්ගේ බුදලයක්නේ .එයාගේ උගත් කමින් රටට වැඩක් උනේ නැ. ඒක පාවිච්චි කළේ තමන්ගේ වාසියට බලය රඳා පවත්වා ගන්න පමණයි. අපිත් හැමදාම උගතා උගතා කියල බලන් ඉන්නවා. මෙලෝ රහක් නෑ. අවුරුදු කීයක්ද ? බල තණ්හාව විතරයි.
රනිල් නායකත්වයේ ඉන්න තුරු එක්සත් ජාතික පක්ෂයට අපි ඡන්දෙ දෙන්නේ නැහැ. දැන් ඔබතුමා නම්බු පිටින් ගෙදර යන්න. බල කෑදරකම නිසා හැමදාම පරදිනවා.
උද්දච්ච ෆුට් නෝට් ඔස්තාර්ට මේ මොකද වුනේ හැබෑට?
පාක්ෂිකයන් දැන් කරන්න තියන්නේ රනිල්ව එළවන එක මිස ඡන්ද දිනන්න නොවේ. මේ වැඩේ සාර්ථක කළා නම්, ඉදිරි කටයුතු සේරම සාර්ථක වේවි... ඔහුව එළවන්න තිබුණු හොඳම අවස්ථාවක් ඔබලා මගහැරියා. රනිල්ට එරෙහිව විශ්වාසභංගයේදී ඔහුව පරද්දලා, සජිත් හෝ සුදුස්සෙක් අගමැති කළා නම්, අද තත්වය වෙනස් වෙන්න තිබුණා. එහෙම වුණා නම් අද රනිල් වටේ ඉන්න ඔහුගේ ගොලොයෝත් වෙනස් වෙලා, ඔහුව පහසුවෙන් පක්ෂ නායකත්වයෙනුත් පන්නන්න තිබුණා. මේ රටේ මිනිස්සු අද රනිල්ව විශ්වාස කරන්න නැහැ. නමුත් ඔබලා ඔහුව අර විශ්වාස භංගයේදී විශ්වාස කළා නේ. අවසානයේ මොකද්ද වුණේ..?
අනේ අනේ යූඑන්පී එකට ගිය කලක්... සදාකාලික විපක්ෂනායක තුමා ඩීල් මෑන් අපි හිතුවේ ක්ලීන් මෑන් කියලා යන්න බැරි නම් අපවත් වෙන්න පක්ෂේ කන්නේ නැතුව...
ෆෝන්සේකා තරම් චොර උන හමුදාපති කෙනෙක් තවත් නැහැ. ලංකාවේ කිසිම හමුදාපතිවරයෙකුට නොලැබුණ ගෞරවයක් ජනතාවගෙන් ලැබුණා. ඒත් ඒ ඔක්කොම ෆෝන්සේකා විසින්ම නැති කරගත්තා. ලැජ්යි ෆෝන්සේකා මහත්තයා.
ලැබූ ජය සාමකාමිව සමරන්න...
එ.ජා.ප. ය මැරිලා.. හුඟාක් කල්.., ඒ නිසා කවුරු එළියට දැම්මත්.. කවුරු ඇතුලේ හිටියත් කිසිම තේරුමක් නැහැ. ඉතින් මේ දෙන්නටයි අනිත් අයටයි එකතුවෙලා අලුත් පක්ෂයක් බිහි කරගන්නයි තියෙන්නේ.. හැබැයි "රනිල්ට මෙතනට පැමිණීමට ඉඩ නොතැබිය යුතුයි ".
රනිල් වික්‍රමසිංහට වඩා සේවයක් ෆොන්සේකා රටට කරලා තියෙන බව හැමෝම මතක තබා ගත යුතුයි.
මේ දෙන්නට නව කොරෝනා වෛරස් එක බෝවෙලා ද දන්නේ නෑනේ ?
ඔය කවුරුවත් සරත් ෆොන්සේකා මහතාගේ වටිනාකමට සම කරන්න පුළුවන්ද? එතුමාට අපි ගරු කරනවා.
ෆොන්සේකා ඔය පක්ෂයේ නායකයා කළා නම් මිනිස්සුන්ට සෙතක් වෙනවා. නැත්නම් රනිලුත් එකයි, සජිතුත් එකයි. කාගේ හරි වලිගේ එල්ලෙන්න බලන්නේ...
නොපෙනෙන හස්තයක් මඟින් ෆොන්සේකාට පාඩමක් උගන්වන්න යනවා කියලයි මට පෙනෙන්නේ. බින්දුවටම බස්සලා විධායක බලතල පාවිච්චි කරලා ෆීල්ඩ් මාර්ෂල්කමත් ගලවලා දායි වගේ.
ඇයි ෆොන්සේකා රට බේර ගත්තට, කෙනෙක් ඇයි එයාට කෙනෙහෙලිකම් කරන්නේ? එකක් තේරෙනවා... එකාට එකෙක් සමගියක් නැහැ. ඉතින් මේ අය කොහොමද රට හදන්නේ..?
අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති බව රටේ බුද්ධිමතුන්ට හෝ නීති විශාරදයින්ටවත්, පුවත්පත් වලටවත්, නැතිනම් අධිකරණයටවත් තේරෙන්නේ නැතිද? අපට මැතිවරණයට පක්ෂ සාමාජිකත්වයකින් තොරව ඉදිරිපත් වීමේ අයිතිය නැතිකරලා. පක්ෂ නායකයා තේරීමට හෝ කෘත්‍යාධිකාරි මණ්ඩලය වැනි විධායක සභාව තේරීමට හෝ පක්ෂ මහලේකම්වරයා තේරීමට හෝ පක්ෂයෙන් මැතිවරණවලට ඉදිරිපත්කරන තරඟකරුවන් තේරීමට හෝ පක්ෂ සාමාජිකයින් හවුල්කර නොගන්න පක්ෂ වලට මැතිවරණවලට ඉදිරිපත්වීමට අවස්ථාව දීලා, රටට සේවයක් කරන රාජ්‍ය පාලනයේ පළපුරුද්දක් ඇති නායකයෙකුට මහජනයා සියයට සියයක්ම කැමැත්ත පලකළත් රටේ දිගින් දිගටම ජනාධිපතිවරයා වීමේ අයිතිය නැති කරලා, එහෙත් දිගින් දිගටම මැතිවරණ වලින් ප්‍රතික්ෂේප වන පක්ෂ නායකයින්ට හෝ අයදුම්කරුවන්ට යලි යලිත් මැතිවරණවලට ඉදිරිපත්වීමේ අයිතිය තහවුරු කරලා, රටේ උත්තරීතර විධායක බලය හිමි නායකයා කෙලින්ම ජනතා ඡන්දයෙන් තොරා පත්කර ගැනීමේ අයිතිය නැතිකරලා එය මුදලට ගත හැකි එමෙන්ම පක්ෂ නායකයා විසින්ම නම්කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් පත්කරගන්න අගමැතිවරයෙකුට පවරලා, රටේ මහජනයා කෙළින්ම පත්කරගන්න ජනාධිපතිවරයා රූකඩයක් කරලා, මොකක්ද මේ වෙන්නේ..?