(ශි‍්‍රනාත් ප‍්‍රසන්න ජයසුරිය)
තමාට කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අපරාධයක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට පැමිණ අද (28) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මරණීය තර්ජන එල්ල වී ඇති හෙයින් තමාට ආරක්ෂාවක් ලබාදෙන ලෙසට ශානි මහතා ඉල්ලීමක් කළ බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ශානි අබේසේකර මහතාට මරණීය තර්ජන එල්ල කළ බවට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් රහස් පොලිසියට හා පොලිස් බුද්ධි අංශ වලට ද දැනුම් දී ඇති අතර මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලීමක් කරන බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
ශානි අබේසේකර මහතා වින්දිතයින් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට මෙම පැමිණිල්ල කිරීමට ප‍්‍රථම මේ ගැන වැඩබලන පොලිස්පතිවරයාට ද පැමිණිලි කර ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක මහතා සමඟ අධිකරණයේ නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සංවාදයේ යෙදුණු බව කියන සිද්ධියක් මුල්කරගනිමින් ශානි අබේසේකර මහතා මීට සති කිහිපයට පෙර වැඩ තහනමට ලක් කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා යු එන් පී එක කියන දේ කරලා තියෙන්නේ.
ඔය විදියේ තර්ජන ඔබට විතරක් නෙමෙයි බොහොමයක් දෙනාට දේශපාලකයින්ද ඇතුළුව තිබෙනවා තනතුරෙන් අයින්වුනාට පස්සේ. ඒ බලය තියෙද්දී තමුන් කරපුවගේ ප්‍රතිඵල නිසා. මොකද එළියේ ඉන්නවට වඩා බන්ධනාගාරයේ නැතිනම් බන්ධනාගාර රෝහලේ ඉන්න එක හොඳයි කියල හිතුනද?
එක එක්කෙනාගේ පුද්ගලික කෝන්තර හින්ද මේ මනුස්සයෙන් පලිගන්න මැරෙන්න සලස්සුවොත් රටේ සාධාරනය බලාපොරොත්තු වෙන ජනතාව විදියට අපි නිකන් ඉන්නේ නැති බව මේ ආණ්ඩුවටත් , ඔය පාතාලයන්ටත් මතක් කරන්න කැමතියි.
රන්ජන් වෙන්නැති
ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කිව්වලු
මෙයා පහුගිය ආණ්ඩුවේත් පොලීසියේත් සායම ඇරියා.
කතාව ඇත්ත නමුත් මේ ගැන හොයන එකත් ඒ අතරතුර අවශ්‍ය ආරක්ෂාව දෙන එකත් හොඳයි.
මරණ ටර්ජන එල්ල කරපු කෙනා කියන්න බැරි අය ටෙලිෆෝන් නොම්මර දුන්න නම් හොයන්න තිබුනනේ.
කඩේ යනවා, වලන් හෝදනවා, දැන් මරනවලු, අනේ මන්ද නාටක කවද ඉවර වේවිද කියලා.
දේශපාලකයින්ගේ පදේට නටන්නේ නැතුව රාජකාරිය සාධාරණව කරගෙන උන්නා නම් මේ දේවල් වෙන්නේ නැහැ. මේ මහත්මයට විතරක් නෙමෙයි දැනට ඉන්න දේශපාලකයින්ට කඩේයන නිලධාරීන්ටත් ඉදිරියේදී වෙන්නේ මේ දේම තමයි...
රජයේ සේවකයෙක් නේද?