IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


එජාප පිල් දෙක දෙපැත්තට අදී

( +++ අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව අර්බුදය තවත් උග්‍රවී ඇති අතර විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පිල සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (30) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද වර්ජනය කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම නියෝජනය කරන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා, ඉම්තියාස් බාකීර් මාකාර් යන මහත්වරුන් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින්, සජිත් පිල එම රැස්වීම වර්ජනය කර ඇත.

මේ අතර, එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ රැස්වූ අතර, අලුතින් පිහිටුවීමට යෝජිත එජාප සන්ධානයේ නායකත්වයට විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට ද එහිදී තීරණය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා සන්ධාන නායකත්වයට පත්කිරීමට අමතරව, ඉදිරි මහ මැතිවරණයේ අගමැති අපේක්‍ෂකත්වය සහ මහ මැතිවරණය මෙහෙයවීමේ නායකත්වය ද ඔහුට ලබාදීමට ද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයේ තවදුරටත් කටයුතු කරනු ඇත.

සජිත් ප්‍රේමදාස මහතා සන්ධාන නායකත්වය බාරගන්නේ ද නැද්ද යන්න තීරණය කර, සතියක් ඇතුළත පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැන්විය යුතු යැයි කී කිරිඇල්ල මහතා එසේ නොකළොත් වෙනත් විකල්පයක් වෙත යෑමට සිදුවන බවද පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් හතර දෙනකු ඉන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි නොවූවද බහුතර සභික පිරිසක් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂයේ සම්පූර්ණ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සංඛ්‍යාව 59ක් බව කී කිරිඇල්ල මහතා ඉන් 37ක් පමණ ඊයේ පැවැති කෘත්‍යාධිකාරී රැස්වීමට සහභාගි වූ බව සඳහන් කළේය.

කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් හය දෙනකු පෞද්ගලික හේතු මත රැස්වීමට සහභාගිවීමට නොහැකි බව වේලාසනින්ම දැනුම් දී තිබූ බවත් ඒ අනුව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි නොවූයේ 16 දෙනකු පමණක් බවත් ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන බ්‍රහස්පතින්දා නැවත රැස්වීමට තීරණය කළ බව කී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා එදිනට සජිත් ප්‍රේමදාස මහතා නව පත්වීම් බාර නොගතහොත් සංධාන නායකත්වය සඳහා වෙනත් නමක් යෝජනා කිරීමට තීරණය වූ බවද පැවැසීය.

මේ අතර සජිත් ප්‍රේමදාස පාර්ශ්වය නියෝජනය කරන ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු වන මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම මහත්වරුන්ද පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වූ බව දැනගන්නට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා ඇත්තේ තමා ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටිය ද රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සහ විදේශ ප්‍රතිපත්තිය කොතරම් සත්‍යයක්දැයි මේ වනවිට වැටහී තිබෙන බවය.

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම් කරන්නේ විවිධ සමාජ කණ්ඩායම් නියෝජනය වන අයුරින් බව කී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඉමිතියාස් බාකීර් මාකාර් සහ චන්ද්‍ර ගන්කන්ද මහත්වරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට යළිත් පත් කර නැත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර නොතිබූ නිසා බවද සඳහන් කළේය.

රෝසි සේනානායක මහත්මිය කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කරන ලෙස පක්‍ෂ කාන්තා සංවිධානය යෝජනා කර නැති හෙයින් ඇය කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කර නැතැයි ද ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

සරත් ෆොන්සේකා සහ අජිත් පී. පෙරේරා මහත්වරුන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් ඉවත් කර ඇත්තේ විනය විරෝධී ප්‍රකාශ නිසා බවද ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’යට අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා-
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තම සගයන් හතර දෙනකු ඉවත් කිරීම ගැන විරෝධය පළකරමින් තම කණ්ඩායම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කළ බව පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකාර් යන මහත්වරුන් සහ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීම නිසා තම කණ්ඩායම කෘත්‍යාධිකාරී මණ්ඩලය වර්ජනය කළ බව හරීන් ප්‍රනාන්දු මහතා කීය.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය 2019 දෙසැම්බර් 31 දායින් අවසන් වූ අතර නැවත වරක් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කළ බවට දැනුම් දෙන ලිපි සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා, ඉමිතියාස් බාකීර් මාකාර් සහ රෝසි සේනානායක මහත්ම මහත්මීන් වෙත නිකුත් කර නොතිබිණි.

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට පත්විය යුතුය යන මතවාදය නියෝජනය කරන කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට රැස්වීම සඳහා ආරාධනා කර තිබුණේ ‘එපා වාහෙට හොදි බෙදන්නා වගේ’ යැයි කී හරීන් ප්‍රනාන්දු මහතා මෙය ‘ගේමක්’ බවද සඳහන් කළේය.

මේ පාර්ලිමේන්තු සතිය නිසා මා සිටියේත් බදුල්ලේ, වෙනදා නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයට වේලාසනින් ආරාධනා කරනවා. මෙවර මට කිව්වේ 29 වැනිදා හවස. මේ අයගේ අරමුණ රවී කරුණානායක සන්ධානයේ මහා ලේකම් කිරීමටයි. එතකොට ඒ අයට අවශ්‍ය විදියට ජාතික ලැයිස්තු, නාම යෝජනා හදාගන්න පුළුවන්. මේක ගේමක් කියන්නේ ඒකයි යනුවෙන් ද හරීන් ප්‍රනානදු මහතා ‘ලංකාදීප’යට සඳහන් කළේය.

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘ලංකාදීප’යට පැවැසුවේ පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගන්නා තීරණ දෙස බලා ඉදිරි පියවර තීරණය කරන බවයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය මැතිවරණයට මුහුණ දීම සඳහා පිහිටුවන පොදු සංධානයේ නායකත්වය සහ මැතිවරණ නාම යෝජනා දීම සඳහා පිහිටුවන පොදු සංධානයේ නායකත්වය සහ මැතිවරණ නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වය එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දීමට පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බවයි.

කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟත්වය ඇතිව පොදු සන්ධානයේ  මහලේකම්වරයා නම් කිරීමේ බලය ද ප්‍රේමදාස මහතාට පැවරෙන බව ද මහලේකම් නිවේදනය කරයි.



අදහස් (6)

එජාප පිල් දෙක දෙපැත්තට අදී

ravi Friday, 31 January 2020 05:59 AM

ඒ.ජා.ප. යට අලුත් මුහුණුවරක් දෙන්න නම්... පරණ හොරුන්ව මේ පක්ෂයෙන් එලවා දැමිය යුතුයි.

:       0       0

ලුම්බිණි Friday, 31 January 2020 07:28 AM

රනිල් වික්‍රමසිංහ කවදා හරි යන්නේ එක්සත් ජාතික පක්ෂය නැති කරලා. මේ කොන්ත්‍රාත්තුව ඔහුට දෙන්න ඇත්තේ වෙන කවුරු හරි. රනිල් වික්‍රමසිංහ කියපු විදියට එයා අයින් වෙන 2025 වෙන කොට එකත්සත් ජාතික පක්ෂයක් නැහැ. ඒක හොඳටම පැහැදිලියි.

:       29       328

නැහැමෝල් වීරවන්ෂොට් Friday, 31 January 2020 08:26 AM

රනිල් අවුල් තමයි. හැබැයි රනිල්ගේ අවුල රනිල් විතරමයි. සජිත් ලොකු පුටුවකට පත් වුනොත් ලොකුම අවුල වෙන්නේ ආර්යාව. ශිරන්තිලා මොනවද කියල හිතෙයි. දැක්කනේ ජනාධිපතිවරණය කාලෙත් හැමෝවම පෙරලගෙන ඉස්සරහට පනින හැටි. සජිත් පැත්තකට උනහම රනිල්ට පස්සේ නායකත්වය ගන්න පුළුවන් හොඳ කෙනෙක් එයි කියල හිතනවා.

:       1220       74

GuneFriday, 31 January 2020 10:02 AM

රනිල්ගෙන් පස්සේ පක්ෂයේ නායකත්වය ගන්න මහින්ද දැනටමත් පුහුණුකරනවා නාමල්ව. 2025 දී රනිල් අයින් වෙනකොට නාමල් පක්ෂය බාර ගනියි. ගිවිසුමේ හැටි එහෙමයි.

:       0       523

Mahee Friday, 31 January 2020 09:38 AM

මේ ගොල්ල අහල තියෙනවද දන්නේ නෑ අපේ පිරුලක් තියෙනවා "ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්" කියල. ඒක ත්රුම් ගන්න තරම් උවමනාවක් මේ දෙපිළටම තියෙනවා කියල පේන්නේ නම් නෑ.

:       0       0

ඒකනායක Friday, 31 January 2020 11:06 AM

මේක ගේමක් කියන්නේ ඒකයි..., යනුවෙන්ද හරීන් ප්‍රනානදු කියා සිටියි. ඔබ හිතන ආකාරයට එය ගේමක් නම් සජිත්ගේද සහයෝගය ගේමට ලැබී තිබේ. නොඑසේනම් ගේමකට හසුවීමට හෝ එය හඳුනා ගැනීමට පවා සජිත් නොමේරු අසමත් කෙනෙකි. ගොඩක් හිතන්න බැරි යමක් සැලසුම් කිරීමට නොහැකි සෙට් එක හැමදේටම කියන්නේ ගේමක් කියාය. ගේම ඉල්ලා සිටියේ සජිත්ගේ කණ්ඩායමයි. දැන් ගේම ලබාදී තිබේ. රනිල්ට විරුද්ධව ගේම් ගසන්නට ගොස් පක්ෂයෙන් එළියට විසිවෙන්න එපා...

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site