(අජන්ත කුමාර අගලකඩ)
ලංකා විදුලි බල මණ්ඩලයට ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන ලබාදීමේ ණය සීමාව රුපියල් කෝටි දසදහස දක්වා වැඩි කිරීමට කැබිණට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
ලංකා විදුලි බල මණ්ඩලය ඛණිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය ප්‍රමාණය මේ වනවිට රුපියල් කෝටි 8823 ක් පමණ වන අතර ලංකා විදුලි බල මණ්ඩලය මුහුණ දී ඇති බරපතල මූල්‍ය අරමුදල සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.
විදුලි බල මණ්ඩලය ඛණිජ තෙල් සංස්ථාවෙන් ලබාගෙන ඇති ඉන්ධන වලට ගෙවිය යුතු ණය මුදල ඉතා විශාල බැවින් කෙරවලපිටිය බලාගාරයට ඉන්ධන ලබාදීම ඛණිජ තෙල් සංස්ථාව පසුගියදා නතර කර තිබුණි.
මේ තත්ත්වය හේතුවෙන් අමාත්‍යාංශයේද අවසරයකින් තොරව පසුගියදා විදුලි කප්පාදුවක්ද සිදුකර තිබුණි.
අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව විදුලි කප්පාදුවක් සිදුකර ජනතාවත් රජයත් අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් ඊට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් රැස්විමේදී ප්‍රකාශ කර ඇත.
මේ අතර රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගැනීම සඳහා දැනට විදුලිය ලබාගන්නා පෞද්ගලික සමාගම් දෙකක ගිවිසුම් තවත් මාස හයකින් දීර්ඝ කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට අතීසාරෙට අබුඩය ගහනවා වගේ වැඩක්.
විදුලි බල මණ්ඩලය බරපතල මුල්‍ය ගැටළුවක් දක්වා ගියේ එහි පාරිබෝගිකයන්ගේ වරදෙන්ද , නිලධාරීන්ගේ සහ පාලකයන්ගේ වරදින්ද ? අමතක කරන්න එපා ,දේශපාලන වාසි වෙනුවෙන් දුප්පත් කම තුරන් කරන්න කියලා දුප්පත් ජනතාවට සහනාධාර ලෙස නොමිලේ විදුලිය දීලා හෝ තේරුමක් නැතුව අධික ලෙස සේවකයන් බඳවාගෙන මේ ප්‍රශ්නය විසඳන්න බැහැ.
මේ වගේ වැඩ වලටද ජනතාව ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නේ? ගමේ පොල් කඩන සයිමන් අයියට කිව්වනම් අනුමැතිය දෙනවනේ.