ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය, මැතිවරණයට මුහුණ දීම සඳහා පිහිටුවන පොදු සන්ධානයේ නායකත්වය සහ මැතිවරණ නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (30) තීරණය කළේය.
කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟත්වය ඇතිව පොදු සන්ධානයේ මහලේකම්වරයා නම් කිරිමේ බලය ද ප්‍රේමදාස මහතාට පැවරිණි.
රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කටයුතු කරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේක්ෂකත්වය ලැබුනත් කල්පනාවෙන්.....ඇන ගන්නේ නැතුව...............
මට නම් පෙනෙන්නේ රහස් සාකච්ඡා තියලා සූදානම් වෙන්නේ වෙනත් දේකට වගේ? අර උපනායක කට්ටියක් අරන් ගිහින් අඩුව පුරවලා එදා 2/3 හදලා දීලා අවුරුදු තුනකින් අපහු උන්නු තැනටම ආවා... පස්සේ උපනායක මෛත්‍රී කට්ටියක් අරන් ඇවිත් ජනාධිපති ඡන්දෙන් දිනලා තියෙද්දිත් කියන කියන පදේට නට නට 2/3 හදලා දීලා අවුරුදු තුනකින් මහා ඝෝෂාවක් දාලා තරහවෙලා උන්නු තැනටම ගියා. මෙදාපාර උපනායක සජිතුත් මහා ගැටළුවක් තරහක් පෙන්නලා ඡන්දෙන් පැරදුණාට පස්සේ කට්ටියක් අරන් අනික් පැත්තට පැනලා 2/3 හදලා දෙන්න වගේ යන්නේ. ඒ ගැන අර රනිල් එක්කලා තිබුණු සතරකන් මන්ත්‍රණයේදී විස්තර ඇතිව කියන්න ඇතිනේ. එ්ත් විධායක බලතල අායෙත් ජනාධිපති අතට දෙන්න නම් යන කට්ටිය කැමති නැහැ කියනවා නේද? එ්කනේ ගෝඨා කොහොම හරි ඡන්දෙන් තනියම 2/3 හදාගන්න වලිකන්නේ. මේ දුරදක්නා නුවණ හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට...
එයාව දුම්මල ගැහුවත් පන්නන්න බැරිය. සැමට අබ සරණයි..!!!
අනිවාර්යෙන්ම රටකාපු සෙට් එක ඡන්දය පරදිනවා. සජිත් අඬනවා, දොඩනවා, මැසිවිලි නගනවා රනිල් නායකකම දුන්නේ නැතිනිසා ඡන්දය පැරදුණා කියලා. රනිල් ෆුල් ෆන් එකේ යූඑන්පී නායකකමේ ඉඳගෙන කඩේගිය අයට වැරැද්ද පටවල තව අවුරුදු දහයක් නායකකම කරගෙන යනවා. සජිත් දිගටම රනිල්ගේ පැරදීමේ සෙල්ලම කරගෙන යනවා.
කැඳහැලියේ අධිපති කීවානම් මීට වඩා හොඳයි. රනිල්ට ඕනෑ වුණෙත් මේ මල කරදරේ මේකෙන් අයින් කරගන්න. කාටවත් ප්‍රශ්නයක් නෑනේ දැන්. තමන්ම ඉල්ලන් කෑවා. සජිත් පුළුවන් නම් ගැලවෙන්නකෝ... මේ ගැටයෙන්. ඇත්තම කිව්වොත් රනිල් කියන්නේ වර්ල්ඩ් ක්ලාස් මාස්ටර් මයින්ඩ් පොරක්... සාමාන්‍ය පොළවත් නැතුව මිනිහෙකුට හැප්පෙන්න නෙමේ හිතන එකත් අපරාදේ... රනිල්ට රටක් පාලනය කරන්න බෑ..!!. හැබැයි ලාංකීය දේශපාලනයට රනිල්ගේ නායකත්වය අනිවාර්යයෙන් අවශ්‍යයි!!.
කොහොමත් පරදින එකේ ඇති ඔයින් ගියා... අතක් පයක් නොකැඩී කිව්වලු...
ඉතිං අගමැති අපේක්ෂකත්වයත් තියාගන්නකෝ.. ඇයි බයද තිස්වෙනි වතාවටත් පැරදෙන එකට...?
මහමැතිවරණය අවසානයේ සජිත්ගේ දේශපාලනයේ අවසානය ළඟා වන බවයි .
ඊළඟට පළාත් සභාවල මහ ඇමති අපේක්ෂක කමත් ඉල්ලයි.
එක්සත් ජාතීන්ගේ නායකයා දුරදක්නා තීරණයක් බැවින් රනිල් රැඳී සිටියේය.
ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනේම කියලා මැරෙන්න හැදුවා. ඒක දුන්නා. පැරදුනා. දැන් ජනාධිපති වෙන්න ගිහින් පැරදිච්ච මිනිහා එනවා අගමැති වෙන්න. දිනන්න පුළුවන්ද ? බෑ. මෙයා රාජපක්ෂලාගේ කොන්ත්‍රාත් එකක් ඉෂ්ඨ කරන්නේ. හොඳ වෙලාවට පක්ෂ නායකකම නොදුන්නේ. දුන්නොත් ඒකේ දැන් තියෙන ටිකත් ඉවරයි. සජිත් තමයි අවුරුදු ගානක් තිස්සේ නායකයට ගහලා ගහලා ඔය පක්ෂෙට තිබ්බ ගරුත්වය නැති කරලා දැම්මේ.
රනිල් මාස්ටර් මයින්ඩ් කියන්නේ කොහොමද දන්නේ නැහැ. 25 අවුරුද්දක් තිස්සේ යුද්දේ තියා ඡන්දයක් දිනා ගන්න බැරි කෙනා දුන්නු දෙපාරම රට කෑවා. මෙයාව හරියන්නේ ඒ වගේ මීහරක්ටම තමා.
පාර්ලිමන්ට් ජෝක්ස්.
රට කෑව එජාපය මේ පාරත් ගෙදර යවමු.
එජාපය ඇතුලේ පුළුවන් තරම් භේද ඇතිකරලා, සිය හයිය පෙන්වා, ජනාධිපතිවරණය සඳහා ඒකාධිපති විදියට නාම යෝජනාවත් උදුරාගෙන, එජාපක්ෂය තුළ යාහැකි උපරිම මට්ටමට නැග දැන් ජයපැන් බොන සජිත්, දෑත් බැඳගෙන හිටියොත් ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය වලපල්ලට යන එක නියතයි...!! ඔහුට දැන් පැවරී තිබෙන්නේ අතිවිශාල වගකීමකි. ශක්තිමත් "රජයක්" බිහිකිරීමට බැරි නම්, රාජපක්ෂ පාලනයේ "එහෙයියෙක්" නොවී අවම වශයෙන් කොන්දක් තිබෙන විරුද්ධ පක්ෂයක් බිහිකිරීම ඔහුගේ පරම බලාපොරොත්තුව මෙන්ම හැකියාව විය යුතුයි. මහජනයා ඔහුගෙන් පතන්නේත් ඇදවැටී තිබෙන, විශිෂ්ට නායකයින් රැසක් බිහිකළ එජාපය නැවත දෙපයින් නගා සිටුවීමයි..
සමාවෙන්න. එජාපය අගමැති සිහිනයක්...
මේ සැරෙත් රජ කෑමක් කනවා.
සජිත් කවදාවත් මේ රටේ නායකයා වෙන්නේ නැහැ. ඒ තරම් වගකීමක් ඔහුට දරන්න බැහැ.
සජිත් කියන්නේ ආත්මාර්ථකාමී කෙනෙක්... කුමන්ත්‍රණ කාලේ රනිල්ටවත්, පක්ෂයටවත් උදව් කෙරුවේ නෑ. කට ඇරියොත් මෝඩ කතාවක් තමයි කියන්නේ...
එළඹෙන මහමැතිවරණයෙන් කොහොමත් එජාපයට දිනන්න බෑ. මහමැතිවරණ පරාජයෙන් පස්සේ මේ කියන සන්ධානයත් ඉවරයි. ඒ කියන්නේ මහමැතිවරණයෙන් පස්සේ සජිත්ට මේ දුන්නු අගමැති අපේක්ෂකත්වය හා සංධාන නායකත්වය කියන දෙකම නැතිවෙනවා. ආයේමත් පරණ විදියටම රනිල් නායකයායි...
දැන් මැතිවරණ සන්ධානේ නායකත්වය ලැබුණු හින්ද සජිත්ට කරන්න තියෙන්නේ ඔය යන්න බැරි නයකතුමාව කොළඹින් පිට ප්‍රදේශයකින් තරඟ කරන්න දාන එකයි. එතකොට බලාගන්න පුළුවන් එතුමාගේ ජනප්‍රියත්වය. මොකද කොළඹ කට්ටිය එජාපයෙන් පොල් ලෙල්ලක් ඉදිරිපත් කළත් ඡන්දෙ දෙනවා.
"කැබැල්ලෑවගේ ගෙට උරුලෑවා රිංගගත්තා වැනිය" එහෙම නැත්නම් "ඔටුවට ඔලුව දාගන්න ඉඩ දුන්නාම ඇඟම ගෙට රිංගවා ගත්තා වැනිය" වගේ යල්පැනගිය උපහැරණ දැන් අපේ පොත්වලින් ඉවත් කරන්න කාලය ඇවිත්... දැන් කියන්න ඕනෑ "සජිත් නායකත්වයට රිංගුවා වැනිය" කියලයි.
පුලුවන්නම් මහ ඡන්දෙන් ආසන 40 ක් අරගෙන පෙන්නන්න. වැඩ බැරි ටාසන්................
ඇති යන්තම්.
සජිත් ඔයා රනිල්ගේ ලණු කන්න එපා. එජාපය එක නැත්තට නැති කරපු මහල්ලෙක් වගේ ඉන්න කපටි මිනිසුන් පන්නලාම අලුත් සන්ධානයේ නායකත්වය ගන්න. ඔය රනිල්ගේ කැපිලි තියාගෙන ජනාධිපති ඡන්දෙදී ලක්ෂ 56 ගත්ත එක විශාල දිනුමක්... ඔය එන පාර්ලිමේන්තු ඡන්දෙදී රනිල්ව දාලා ගියොත් විශාල දිනුමක් ගන්න පුළුවන්. ඒක මුළුරටම දන්නා සත්‍යයක්...
මෙතුමාට ලැජ්ජාව කියන දෙයක් නම් ඇත්තේම නෑ. පක්ෂය පරදින්න පරදින්න නායකත්වය ආරක්ෂා කරගන්න බලනවා. තරුණ හැකියාවක් ඇති නායකයින්, කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් අය කී දෙනෙක් ඉන්නවද? තව දුරටත් නූල් සූත්තර අදින්නේ නැතිව නම්බු පිටින් ගෙදර යන්න.
ඔය යන විදිය දෙගොල්ලන්ටම හරි යයි මයේ හිතේ .