( ඉන්දිකා රාමනායක )
අත්අඩංගුවට ගනු ලැබු ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එන ලදී.
මොවුන් අද උදෑසන (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ බාරවීමෙන් පසු එම නිලධාරීහු අත්අඩංගුවට ගත්හ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් එක්තරා නාට්‍යයක්.
හොඳ වැඩේ. ඉක්මනින්ම නඩු අහලා ජීවිතාන්තය දක්වාම දෙන්න. හේතුව පොඩි පොඩි අල්ලස් වලටම අවුරුදු දහයකට වඩා දෙන නිසා ඊට අනුපාතිකව බලලා ශතවර්ෂ දහයක්වත් දෙන්න.
බොහෝම කණගාටුයි. ස්වාමිය සහ බිරිඳ මුහුනෙන් මුහුන බලාගෙන සිරගත වීම........මේ වගේ ඉහළ තනතුරක් ලැබිලත් ලැබුනු අවස්ථාවෙන් හොඳ ජීවිතයක් ගතකරන්න තිබුනා නේද ? කොච්චර සල්ලි තිබුනත් ආත්මගරුත්වය සල්ලි වලට ගන්න බෑ මේ තමයි ලංකාවේ ආයතනවල ඉහළම තනතුරු දරනකොට මුහුන දෙන්න සිදුවෙන දේ.....
මීට වඩා නම් දරාපු ප්‍රසිද්ධ මහාපරිමාණයේ හොර දුෂිත දේශපාලුවෝ පවා අද නිදහසේ, සුවසේ ඉන්නවා.
ඉවක් බවක් නැතුව වස්තුව දේපල රැස් කරා. එත් අද ඒ මුහුණුවල තිබෙන බය සහ සන්ත්‍රාසය. තන්හා ජායතී සෝකෝ තන්හා ජායතී බයන්.
වරදකරු වුනොත් ඔවුන්ගේ දේපොළ රාජසන්තක නොකලොත් අනාගතයේදී මෙවැනිදේ නැවත සිදුවෙනවා. අල්ලස් ගන්න අයගෙයි මත් කුඩු මුදලාලිලාගෙයි සියලුම දේපොළ රාජසන්තක විය යුතුයි. ඇමෙරිකාවේ මත් කුඩු වෙළෙන්දෝ අත්අඩංගුවට ගත්ත ගමන් දේපොළ සහ මුදල් රාජසන්තක වෙනවා.
එයාර් ලංකා යානා ගැනීමේදී ඩොලර් ලක්ෂ 20 අල්ලස් ගත් දෙදෙනා රිමාන්ඩ් වුනද මිග් යානා ගැනීමේ දී ඩොලර් ලක්ෂ 70 ක් ගසා කෑ කෙනාට අද මුක්තියද හිමි වෙලා කියලා කවුදෝ කියනවා ඇහුන. මොකද්ද අප්පා ඒ හරුපේ.
මාගේ මාතෘ භූමිය බේරා ගන්න සොඳුරු ආඥා දායකයෙක් බිහිවේවා!! මාගේ පරම පැතුම එයයි.
ලද දෙයින් සෑහීමට පත්වෙන්න පුරුදු වෙන්න ඕනි.
නාටකය: එදාවේල ටුවර්ස් “ප්ලෙන් කතාව” මේ දක්වා කතාව: “එයාර් ලන්කා හිටපු විධායක බිරිඳගේ සමාගමක් හරහා අල්ලසක් ගනී. ඔවුන් දෙදෙනා ඇල්ලීමට වරෙන්තු. පොලිසියෙන් ගෙදරට යද්දී, වරෙන්තු කරුවන් දෙදෙනා ගෙදරින් පැන යයි. පොලොසිය හිස් අතින් එයි” අද: “රහස් පොලිසිය වරෙන්තු කරුවන් අල්ලාගනී” සුමානයකින්: “වරෙන්තු කරුවන් උසාවියට. උසාවියෙන් රිමාන්ඩ් භාරයට. හදිසි අසනීප තත්වයක් නිසා වරෙන්තු කරුවන් බන්ධනාගාර රෝහලට” මාසයකින්: “වරෙන්තු කරුවන්ට ඇප” මාස 3 කින්: “වරෙන්තු කරුවකුගේ අසනීප තත්වයක් නිසා රට යෑමට අවසර ඉල්ලයි” මාස 6 කින්: “ඔප්පු කල හැකි කරුණු නොමැති නිසා වරෙන්තු කරුවන් නිදහස්වේ” අවසානය: “කැමරාවලට, පොලිසියට, අධිකරණයට පුඛ පෙන්නා වරෙන්තු කරුවන් ප්ලේන් එකේ නැගී අලුතෙන් ගත් එන්ගලන්තයේ නිවසේ පදිංචියට ලංකාව හැර යයි” ප්‍රේක්ෂකයින් උඩ පැන බල්ටි ගසා විසිල් පිඹියි. කරුණාකරලා ඊලග නාටකය පෙන්වන්න......