(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් ජිවිතාන්තය දක්වා සිරදඬුවම් විදින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට බන්ධනාගාර නිලධාරීන් පහරදුන් බව ලිඛිත පැමිණිල්ලක් කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට කළ ලිපිය හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ වන ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා මහත්මිය විසින් විවිධ පැමිණිලි අංශය වෙත ඉදිරිපත් කර ඇතැයි පොලිස් නිලධාරියකු පැවසීය.
බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු විසින් එම පහරදීම සිදුකළ බවත් ඒ හේතුවෙන් දින තුනක කාලයක් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබූ බව එම ලිපියේ සඳහන් වේ.
එම ලිඛිත පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන ආරම්භ කළ බවත් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ජිවිතාන්තය දක්වා සිරදඬුවම් විදින රැඳවියන් කිහිප දෙනෙකුගෙන් මෙන්ම ජිවිතාන්තය දක්වා සිරදඬුවම් විදින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුතාගෙන් ද ප්‍රකාශ ලබාගත් බව පොලිස් නිලධාරීයකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රන් අම්මණ්ඩිගේ කොටි රත්තරන් හොරකම " හොරුත් එක්කම අල්ලාගත්තේ මෙයයි. කලක් පොලිසියේ හිටපු දීප්තිමත්ම නිලධාරියෙක්.නමුත් ඔහුත් අවසානයේදී වංචා,දුෂණ,මිනි මැරුම් කිරීමට පෙළඹුණා. දැන් හොරුන්ගේ කාලයයි..
කාගේ වුවමනාවටද මේ දේ කෙරුවේ කියලා හොයලා බලන්න. සිල්රෙදි පොරොවාගත් කට්ටියගේ... වුවමනාවට වූ දෙයක් වෙන්න ඇති ආණ්ඩුව වෙනස් වූ දවසක ඇත්ත එළිවෙයි. හිරකූඩුවේ ඉන්න මිනිහාට ගහන්නේ මෝඩයෙක් මිසක් චණ්ඩියෙක් නෙමේ. අත්අඩංගුවට අරන් ජීවිත කාලයම දඬුවම් දුන්නා දැන් මොකටද මේ සෙල්ලම් දමන්නේ...? රජකම් කෙරුවත් මේ ජීවිතේ දඬුවම් ලැබුනේ නැතිනම්. මරණින් පසු අපායට දඬුවම් විඳ මැරුණාම හොඳ ආත්මයක් ලබයි... කට්ටිය හිතන් ඉන්නේ ඕන පවක් මල් වට්ටියක් දීලා පිරිකරක් දුන්නම ඉවරයි කියලා..
මෙයා හිටපු දක්‍ෂ නිලධාරියෙක්. අන්‍තිමට ලද පිනට පයින් ගසා වැඩකට නැති වැඩ කරන්න පෙලඹුනා. ඒත් මේ ලෙස සිරකරුවන්ට පහර දීම රටේත්, ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් නීතිරීති බරපතල ලෙසම උල්ලංඝනය කිරීමක්. මෙම නිලධාරීන් රටේ අපරාධ නීතිය අත් අඩංගුවට ගෙන දඬුවම් පැමිනවිය යුතුයි. වහාම සේවය අත් හිටුවා රාජ්‍ය සේවයෙන් පන්නා දමනු. වාස් ගුණවර්ධනද දැන්වත් ධාර්මිකව ජීවත් වීමට හිත හදාගත යුතුය.
වැඩියෙන්ම බණ අහන, පිරිත් අහන, මස් මාළු නොකන, මාසෙට දවසක් සිල් ගන්න එකම රට... නමුත් අපේ රටේ කිසිම දෙවි කෙනෙක් නැහැ.. ඉස්සර කාලේ දෙවිවරු හිටියා. ඒ සේරමලා රහත් වුණා. ඇත්තටම දෙවියෝ ඉන්නවනම් මේ හිට්ල්ර්ලට එකතැන කුණු වෙන්න දෙන්න ඕන... මිනිස්සු රවටන එකටයි, දෙවියන් රවටන එකටයි.
මේවාටත් දියුණු රටවල වගේ කැමරා යොදවන්න ඕනෑ. හිටපු පොලිසියේ කෙනාට මෙහෙම ගැහුවා නම් සාමාන්‍ය මිනිස්සුන්ට සලකන විදිය හිතාගන්න පුලුවන් නේද?
මොනවා වුණත් මේ මනුස්සයා එළියේ ඉන්න ඕනෑ. පුතාගේ වැරැද්දට තාත්තාව ඇතුළට දාපු එක වැරදියි.
සිරකරුවන් පමණක් නොව සියලුම රජයේ සේවකයින්ද මනුෂ්‍යයින්ය. ඔවුන් හැසිරෙන්නේ මනුෂ්‍යන් මෙනි. බොහෝවිට අමනුෂ්‍යයන් මෙනි. නීති රීති සහ සම්මතයන් තිබෙන්නේ මිනිසුන්ගේ ඒ දඩබ්බර තිරිසන් හැසිරීම් පාලනය කිරීමටයි. නමුත් හයිය ඇති එකාට ඒ නීති රීති හා සම්මතයන් නැවිය හැකිය. තම පුතාගේ පුද්ගලික වුවමනාවන් ඉටුකිරීම සඳහා එසේ නීතිරීති සහ සම්මතයන් නැවූ වාස් පවුලේ සියලු දෙනාම දැන් දඬුවම් විඳිති. එය විය යුතු දෙයයි. නමුත් ඊටත් වඩා නීතිය නැවීමට හයිය ඇති අය දඬුවම් විඳින්නේ කලාතුරකිනි. ගත යුතු පාඩම නම් "නීතිය නවනවා නම් ආපහු දිග නොහැරෙන ලෙසටම නැවිය යුතුයි..."
කට්ටිය අඩන හැටි දැක්කම හදිස්සියේ එල්ලුම් ගහ නියම වුනොත් මොකෙන් මොකක් වෙයිද කියලත් හිතෙනවා. අපි අස්වැන්න නෙළා ගන්නේ අපි වපුරපු දේවල් වලින්. අපිට තියෙන්නේ අනුන්ගේ ජීවිත දිහා බලල පාඩම් ඉගෙන ගන්න.
ත්‍රිවිධ හමුදා, බන්ධනාගාර වැනි සන්නද්ධ අංශ කොහොමත් පොලීසිය සමග එදිරිවාදිකමක් තියනවා. විටින් විට හමුදා පොලිස් ගැටුම් ඇතිවන අවස්ථා පහුගිය කාල වාර්තා වුණා. පොලිස්කාරයෙක් හිරේ ගියවිට හිරකාරයෝ ගහනවා. සමහරවිට වාස් ජේලර්ලට ඩී.අයි.ජී පාට් දාන්න යන්න ඇති. එළියේ මොන ලොක්කා වුනත් හිරේදි නිකම්ම නිකම් නොම්බරයක් විතරයි කියනවනේ.