( නිමන්ති රණසිංහ)
එයාර් බස් ගනු දෙනුවට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න මහතා සහ ඔහු බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
එක් අයකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 200 බැගීන් ශරීර ඇප මත මෙසේ මුදා හැරිණි.
මෙම සැකකරුවන්ගේ විදෙස්ගමන්ද තහනම් කළ අතර සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට ගොස් ප්‍රකාශයක් ලබා දෙන්නැයිද නියෝග කළේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන කටින්ද හිනා වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ...!
ඩොලර් ලක්ෂ විස්සක් පගාව ගහලත් ඇප? හොඳ වෙලාවට ඒ එක්ක අඹ ගෙඩි දෙකතුනක් තිබිලා අහු නොවුණේ. නැත්නම් අහිංසකයින්ට හිරගෙදර ලගින්න වෙනවනේ...
පුදුම නීතියක්, පුදුම ලංකාවක්.
මම දන්නා මනුසයෙක් අනුන්ගේ ඩෙබිට් කාර්ඩ් එකකින් රුපියල් 20000 අරගෙන අහුවෙලා , මාස 3 රිමාන්ඩ් එකේ හිටියා. ඊට පස්සේ දැන් නඩුව අවුරුදු 7 විතර අහනවා ඔහු හැම ඉරිදාවකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න ඕනේ පොත අත්සන් කරන්න. මට හිතෙන විදිහට ලංකාවේ ලොකු හොරකම් වලට ඇප කොන්දේසි ලිහිල් ඇති , හොරකන් කරනවානම් අඩුම තරමේ ඩොලර් මිලියනයක්වත් හොරකම් කරන්න ඕනේ , අර තොග බඩු කඩෙන් තොගයට ගන්නකොට බඩු මිල අඩු වගේ. සිල්ලර හොරුන්ට දඩුවම් වැඩිය.
අහිංසක ජෝඩුව බොහොම දුකෙන් හරි හම්බු කරගත් සල්ලි නේ, ඉක්මනට නිදහස් උනා, අපේ සුබ පැතුම්!
හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්... දනට පිනට ගෙදරදොරට දුන්නේ මං... හිතේ මනාපයෙන්...
හරි නම් මේ ගොල්ලන්ට ඇප දෙන්න අවශ්‍ය නැහැ. කෙළින්ම දඬුවම් කරන්න පුළුවන්... මොකද මේ ගොල්ලන්ට එයාර් බස් සමාගමෙන් පගාව දුන් බව සහ මොවුන් එම පගාව ගත්ත බව ගිණුම් අංක සහ සියලු විස්තර සහිතව යුරෝපයේ උසාවියක ඔප්පු වෙලා තියෙන්නේ.., ශ්‍රී ලන්කන් එක එමිරේට්ස් එකෙන් පාලනය කරන කාලේ ලාභ ලබන එකත් ලංකාවේ ආණ්ඩුවෙන් පාලනය වෙනකොට පසුගිය අවුරුදු 10 තුළ හැම අවුරුද්දකම රුපියල් කෝටි 1000 -3000 අතර මුදලක් පාඩු ලැබුවේත් මෙවැනි පුද්ගලයන් දේශපාලන ආශීර්වාද මැද හොරකන් කරපු නිසා, දේශපාලකයන් අපි රජයේ දේපල නැවත රජයට පවරාගත්තා කියමින් පාරම් බෑවේ රට්ට ආදරේ නිසා නොව තම හිතවතුන්ට සලකන්න. පසුගිය අවුරුදු 10ක් තුළ තිබුණු සියලුම ආණ්ඩු මේකට වගකියන්න ඕනේ...
මෙයාලට ඕවා ඵලදෙනවා නම් ඉතින් ලබන ආත්මේ තමයි. මේ ආත්මේ නම් අවුලක් වෙන්නේ නැහැ.
ඔය කියන පුතා සහ එයාගේ මාමා එකතුවෙලා ශ්‍රී ලන්කන් එකත් විනාශ කරලා, පියා ගැන රටේ මිනිස්සුන්ගේ තිබුණු සැලකිල්ල, කලකිරීමටත් පසුව කෝපයකටත් හරවලා ඡන්දෙන් පස්සේ ඔහුට මැද මූලනට පසුබසින්න සිදුවුනේ.. සමහරවිට ඡන්දෙන් පස්සේ නැවත කලඑළි බසින්න පුළුවන්...
අනේ, ඉතින් යන්තම් පැලක් අටවාගෙන දරුවන්ටත් උගන්නන්න හිතාගෙන කෝටියක් දෙකක් පගාගන්න ඇති. ඕකත් මහා දෙයක්ද? අනේ මෙයාලව ගෙදර අරින්න.