(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට අද ( 12 ) දහවල් පැමිණ සිටි යුවළකට කොරෝනා රෝග ලක්ෂණ යැයි ඇති වූ සැකයක් මත වැඩිදුර පරීක්ෂණ සදහා ඔවුන් කුරුණෑගල මහරෝහලට යැවීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ කපිල මල්ලිමාරච්චි මහතා කීය .
මෙම දෙදෙනා ආරච්චිකට්ටුව අඩිප්පල වෙහෙරකැලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් හා 25ක් වන සහෝදරයෙක් සහ සහෝදරයෙකි .
ඔවුන් ඉතාලියේ හා ඩුබායි රටේ සේවයට ගොස් මෑතක දි ශ්‍රී ලංකාවට පැමිණි බවත් හදිසියේම දෙදෙනා රෝගාතුරවීම නිසා ඔවුන් අද ( 12 දා ) දහවල් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බවත් ඇති වූ සැකයක් මත ඔවුන් දෙදෙනා විශේෂ වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරිම සඳහා රඳවා ගන;ත් බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
වැඩිදුර පරීක්ෂණ සදහා ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවීමට සුදානම් කර ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන්කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට
Ajantha Thursday, 12 March 2020 07:34 AM
එන විදිහ හොඳ නෑ. අපේ රටේ මිනිස්සු කොහොම මේකට මූන දෙයිද කියලා හිතා ගන්න බෑ. ලේසියෙන්ම ඩෙංගු මර්ධනය කරන්න පුලුවන් උනත් ඒකවත් හරියට නොකරන මිනිස්සුනේ ඉන්නේ.
මමThursday, 12 March 2020 08:42 AM
හරියටම හරි, විනය, හික්මීම, හැදියාව, වගකීම 'ජානගතවම' නැති ජාතියක් ඉන්න රටක්. රටේ පවතින කුමන හෝ වාසනාවකින් හුඟක් කරදර වලින් බේරිලා ඉන්නේ. මේකට මොනව කර ගනීද දන්නෙ නැහැ. ජන්ද කාලෙනේ. අපේක්ෂක මහත්තුරු රෝගීන් ගෙදරත් තියාගන්න හදයි.....
Bamunuarachchi Thursday, 12 March 2020 09:21 AM
ආණ්ඩුව මහා ලොකුවට පම්පෝරි ගැහුවා කටුනායකින් ලංකාව ඇතුලට කිසිම කොරෝනා රෝගියෙකුට එන්න දෙන්නේ නැහැ කියලා. මුකවාඩම් ඕන නැහැ කිය කිය ඇමතිලා කයිවාරැ ගැහුවා. දැන් ඔයා කරලා තියෙන්නේ. එළිවුනේ නැති කී දෙනෙක් රටට ඇතුල්වෙලාද දන්නේ නැහැ. අර මුල්ම මනුස්සයාට බෝවෙලා තියෙන්නේ මෙහාට ආව ඉතාලි කාරයන්ගෙන් නේ. එතකොට ඒ ඉතාලිකාරයෝ ලෙඩේ තියාගෙන ලංකාවට කොහොමද ආවෙි? ඉතාලියෙන් එන ලංකාවේ මිනිස්සු නිරෝධායන කියලා කඳවුරැ වල තියාගෙන ඉන්නවා. එතකොට ඉතාලිකාරයන්ට ඒ නීතිය නැද්ද? මේ ආණ්ඩුව තරම් පිස්සු නටන ආණ්ඩුවක් මේ කපේදී දැකලා නෑ. ආපු දවසේ ඉඳලා කරන්නේ පිස්සු වැඩ. රටේ ජනතාවට දෙවි පිහිටයි.
Nimal ... Thursday, 12 March 2020 11:00 AM
පිස්සුද මල්ලී ? බයිලා කෙළියට පිස්සු නටන්නේ නෑ මෙයාලා. හැබැයි ඡන්දෙට කෙලියි ඔය අස්සේ.
පිටිගල මිලානෝ Thursday, 12 March 2020 02:16 PM
වෙනත් රටවල් මෙන් පමානොවී පිටරට වල ඉඳලා එන සියල්ලටම තහනමක් පනවන්න. මෙය මාසයක් ක්‍රියාත්මක කර බලන්න. ඉතාලියටත් වැරදුණු තැන මෙතන කියලා දැන් පිළිගන්නවා. දුෂ්කරයි.. නමුත් කළ යුතුයි, මේක හදිසි අවස්ථාවක්...!
SamanthiSaturday, 14 March 2020 09:41 AM
පෙබරවාරි මාසයේ මුලදී ඔයාලා කිව්වේ ඕස්ට්‍රේලියාවේ හැදුණාට ඉතාලියේ නම් හැදෙන්නේ නැහැ කියලා.