(විනීතා එම් ගමගේ)
කොරෝනා වයිරසය ශරීරගත වූ රෝගීන් සංඛ්‍යාව 101 යැයි රජයේ සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙතත් මේ වනවිට එම වයිරසය ශරීරගත වූ 500 කට ආසන්න පිරිසක් සමාජයේ ගැවසෙමින් සිටිතැයි විශ්වාස කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ලංකාදීපයට පැවැසීය.
ඇඳිරි නීතිය ඉවත් කරන අවස්ථාවන්හිදී සමාජ දුරස්ථකරණය තබා නොගැනීම නිසා මේ වනවිටත් අති විශාල පිරිසකට මෙම වයිරසය වැළඳී ඇතැයි සැක කළ හැකි බවත් ඉදිරි දින 14 අවසන් වන අප්‍රේල් 08 වැනිදා වන විට රටතුළ රෝගීන් සංඛ්‍යාව විශාල වැඩිවීමක් බලාපොරෙතාත්තු විය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.
දැනටමත් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන රෝගීන් සමග ස්පර්ශක සබඳතා පැවැත්වූ 19000 කට ආසන්න පුරවැසියන් පිරිසක් සෞඛ්‍ය අංශයන්හි ආරක්ෂක අංශයන්හි හා පරිපාලන අංශයන්හි නිරෝධායන නිරීක්ෂණය යටතේ රට පුරා විසිර සිටිතියි වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් සියලු පුරවැසියන් බලධාරින් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්නේ නම් ඉදිරි සති දෙක තුල දී සතුටුදායක ප‍්‍රවණතාවයක් අපේක්ෂා කළ හැකි යැයි ද ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු එක පාරටම ටවුමට එනවිදියට තමයි ඇඳිරි නීතිය අරින්නේ. ආණ්ඩුවට රටේ මිනිස්සු දවසෙන් හදන්න බැහැනේ. ප්‍රයෝගික විදියට මිනිස්සු සුළු ප්‍රමාණය බැගින් පාරට ගන්න. ඒවාට තමයි ප්‍රාදේශීය සභා තියෙන්නේ. උන් මොනවද කරන්නේ නේ දවස් වල? මධ්‍යම පළාත නම් අන්තිමයි
ඒ අතරේ සේරම දේවල් හමුදාවට බාර කරලා චීනයෙන් ලැබුන මුදල් කන්දරාව විතරක් අයියට බාර කරලා. බලන්නකෝ ශාන්ත ඒ වියත් ක්‍රියාදාමයේ අපුරුව.
මුදල් තෑගි දීලා හරි. ඔත්තුකරවන්ගේ මාර්ගයෙන් , මොවුන් ගැන තොරතුරු සොයා ගතයුතුයි.
මෙතන තියන ලොකුම භයානක කරුණ තමයි අපේ සෞඛ්‍ය අමාත්‍යංශය දැන් කියනවා ( අවශ්‍ය ප්‍රමාණයට මුක ආවරණ ලබාදීමේ නොහැකියාව නිසා ), ලෙඩේ තියන අය විතරක් මුක ආවරණ පැලදුවම ඇතිලු , අනිත් සාමාන්‍ය මිනිස්සු එය පැලදීම අවශ්‍ය නැතිලු.
මෙයාල බටහිර වෛද්‍යවරුන් වුනාට උපකල්පන මත වැඩකරන පිරිසක් විදියටයි පෙනෙන්නෙ.
මෙම 500 දෙනා මානසික රෝගීන් යැයි කිව හැකිය. මොවුන්ට එක්වරම සති දෙකක නිරෝධයනයත් සමගම මානසික ප්‍රතිකාරත් ලබාදෙන්න.
ඒක දන්නෙ නැතුවද මාස්ක් දාන්න එපා කියන්නෙ.
බරපතල තත්වය මේ 500 තමන් අසාදිත බව නොදැනීමයි...
අනතුරු ඇඟවීම හොඳ දෙයක්.... නමුත් කරුණු මත නොවී තර්ක මත පමණක් තීරණ ගත හොත් සමහරෙක්ට වටිනා දාර්ශණිකයෙක් වූ ඇරිස්ටෝටල් ලොවට කළ හාණිය හා සමාන හාණියක් විය හැකිය.
හැමෝම ලොකු ලේන්සුවකින් හරි පිරිසිදු රෙදි කෑල්ලකින් හරි මුහුණු ආවරණ හදාගන්න එක නුවණට හුරු වෙන රටවල නම් මුහුණු ආවරණ අනිවාර්යෙන් පළදිනවා... කඩේ නැතිවුණාට කමක් නෑ'....
මේකට මුලික හේතුව ගෙදර ගිහින් නිරෝධනය වෙන්න කියල රට ඉඳන් ආව මුස්ලිම් මිනිස්සු ගෙදර ඇරිය එක , ඔවුන් සිකුරාදා නොවරදවාම පල්ලි යන බව හැමෝම දන්නවා , ඉදිරියට මේ වරද නොකරමු . කොහොම නමුත් මේ කියන විදිහට තව 500 කට විතර රෝහල් වල ඇදන් ලැහැස්ති කරගන්න සිදු වේවි .